ඉතින් යාලුවනේ ඔන්න ඉතින් තවත් උපසිරසියක් අරගෙන මම ආවා. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක ඉතින් තෙලුගු චිත්‍රපටියක්, 2007දී තමයි නිකුත් වුනේ. චිත්‍රපටය නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ලස්සන ආදර කතාවකට හිමිකම් කියන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කොමඩි චිත්‍රපට ග…

Desamuduru (2007)

ඉතින් යාලුවනේ ඔන්න ඉතින් තවත් උපසිරසියක් අරගෙන මම ආවා. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක ඉතින් තෙලුගු චිත්‍රපටියක්, 2007දී තමයි නිකුත් වුනේ. චිත්‍රපටය නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ලස්සන ආදර කතාවකට හිමිකම් කියන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කොමඩි චිත්‍රපට ගණයටද අයත් වෙනවා. ඊට අමතරව ලස්සන ගීත කිහිපයකට වගේම සම්මාන ගණනාවකටම මේ චිත්‍රපටිය හිමිකම් කියනවා. මේ චිත්‍රපටියේ IMDB මීටරය 6.0 කට කරකැවිලා තියෙනවා

චිත්‍රපටිය ගැන තවත් කියනවනම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ තෙලුගු සිනමාවේ කව්රුත් දන්නා කියන නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වන Allu Arjun විසින්. එයා ගැන ඉතින් තෙලුගු සිනමා රසිකයින්ට අමුතුවන් කියන්න ඕන නෑනේ. Arya 2, Julayi, Badrinath, Parugu, Happy, Iddarammayilatho, Vedam, වගේම මෑතකදී නිකුත් වුන Race Gurram වගේ චිත්‍රපටි වලින් ඔයාලා එයා ගැන දැන ගන්න ඇතිනේ. මේකත් ඒවා වගේම එයාගේ සුපර් හිට් වෙච්ච චිත්‍රපටියක්. එයාට අමතරව Biriyani, Oh My Friend, වගේ චිත්‍රපටි වලට වල රංගනයෙන් දායක වුනු Hansika Motwani තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරන්නේ මේක තමයි එයාගේ පලවෙනි චිත්‍රපටිය.

චිත්‍රපටියේ කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදන සහ අධ්‍යක්ෂනය Puri Jagannath විසින් සිදු කර තිබෙනවා. එයාගේ නිර්මාණයන් ගැනත් ඉතින් කියලා වැඩක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. එයාගේ ලිස්ට් එක මෙතන දාන්න ගියොත් මෙතන කැත වෙන නිසා.., අපි දැන් කතාව මොනවගේද කියලා පොඩ්ඩක් බලමු.

කතාව පටන් ගන්නේ මිනිහෙක්ට හොඳටම තඩිබාමින් ඔහුගෙන්  තවත් කෙනෙක් ඉන්න තැන බලෙන් විමසන දර්ශනයකින්, ඔවුන් විමසන්නේ බාලා ගොවින්ද් කියලා කෙනෙක් ඉන්න තැන ගැන. බාලා ගොවින්ද් කියන්නේ මාධ්‍ය වේදියෙක්, එයා එක්තරා අපරාධයක් ගැන රූගත කරන්න ගිය අවස්ථාවක ඔහුගේ අතින් කෙනෙක්ට නැගිට ගන්න බැරි වෙන්නම ගුටි කන්න සිද්ද වෙනවා, ඒ තමයි මුරුගේෂන්, මුරුගේෂන් කියන්නේ මැර පවුලක කොල්ලෙක්, ඉතින් ඔහුගේ දෙමව්පියන් බාලා ගොවින්ද් මරන්න හැමතැනම හොයනවා. තමන්ගේ ජිවිතයට තර්ජනයක් තියෙන නිසා බාලා ගොවින්ද් තවත් වැඩසටහනක් රූගත කරන්න වෙනත් දුර පළාතකට යනවා ඉතින් එහිදී තමයි ඔහුගේ ආදර කතාව පටන් ගන්නේ.

ඔහුට එහිදී හමු වෙනවා සන්‍යාසීන්ස් කට්ටියක්, ඒ කිව්වේ හැම දේම අතහැරලා කැලේකට වෙලා භාවනාවට යොමු වෙලා ඉන්න කාන්තාවන් පිරිසක්. ඒ අතරේ හිටපු වෛශාලි කියන තරුණියක් වෙත මෙයාගේ හිත යනවා. ඉතින් මෙයා වෛශාලිව සෙට් කරගන්න ගොඩක් මහන්සි වෙනවා ඒත් වෛශාලි ඔහුට කැමති වෙන්නේ නෑ, ( ඒ ගොල්ලෝ ඉතින් කොහොමත් එහෙමනේ ) මොකද ඇය යම් කිසි ආගමක් වෙනුවෙන් කැප වෙලා ඉන්න නිසා ඒ අතරේ මුරුගේෂන්ගේ මැරයෝ පිරිස බාලා ගොවින්ද් ඉන්න ප්‍රදේශය වෙත පැමිණෙනවා. නමුත් ඔවුන් බාලා ගොවින්ද් අඳුර ගන්නේ නෑ, ඒත් ඔවුන් වෛශාලිව පැහැර ගෙන යනවා. ඒක බාලා ගොවින්ද්ට වගේම හැමෝටම හිතා ගන්න බැරි අමුතුම ප්‍රශ්නයක් වුනා,

ඉතින් බාලා ගොවින්ද් මේ ප්‍රෙහේලිකාව කොහොම විසඳාවිද? වෛශාලි බාලා ගොවින්ද්ට ආදරය කරාවිද? වෛශාලිට මුරුගේෂන්ගේ දෙමව්පියන් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? මුරුගේෂන්ගේ දෙමව්පියන් බාලා ගොවින්ද්ට මොනවා කරාවිද? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඔයාලට චිත්‍රපටිය බලාගෙන යනකොට හම්බ වේවි. මෙහි බාලා ගොවින්ද් ලෙසින් Allu Arjun රංගනයේ යෙදෙන අතර වෛශාලිගේ චරිතයට Hansika Motwani විසින් පණ පොවනු ලබනවා.

එහෙනම් යාලුවනේ තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියක් සමගින් ඔබව හමුවෙන තුරු ඔබට ජය…!

Desamuduru (2007) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

30A978F02288482DCA62D07B0380F178D6B82702 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,410 downloadsDownload Desamuduru-2007.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

5,410 downloadsDownload Subtitles58 KB

28 comments

  1. kasun

    supiri machoo..thankz

  2. Kulanjana Maduranga

    meka nm supirima filumak......subata thanks THARAKA saho.thawa telugu film tikak bassamu ne.obata jaya....

  3. Gs

    thanx.....

  4. THAMAL KAVINDA

    PATTA FILM EKAK BR. SUB EKATA THNKZ

  5. Eranda

    Thanks machoo :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. “චූටී මල්ලි”

    මාත් බලන්න ඔනි
    තෙලිඟු ඒවායෙ මරු ගතියක් තියෙ බන්
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  8. inusha maduranga

    niyamay sahoo.. allu arjunge film okkoma wage mama balala thiyanawa.supiri.....

  9. nuwan

    thank you so much................!

  10. Sach

    සබට තුති සහෝ !!!!!

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Pradeep

    Sabata Godak Thanks saho,
    Digatama sub denna Thanks :B

  13. Yushen

    thankzzzzzzzzzzzz.....a......lot...

  14. bee

    patta patta tnx

  15. hara

    thanx bro

  16. Chami.S

    Thanks...

  17. yasitha

    allu arjun hari ram charan hari innawa nam atherala kohomada...allu ge meka witharai maga aruneth..
    ubata pin machan..gindara filmak wage..aniwa bemak thama..issarahata wadi wadiyen thelugu tamil films deepan kollo..thnx

  18. shan

    thanks machan

  19. Chami

    Thank you very much...

  20. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!
    ඔන්න අද බැලුවා මේක.. එල

  21. සුපුන් සුදාරක

    තාරක සහෝ සබට තැන්ක් යූ වේවා…..

  22. silent$

    thanx bro !!!!!!

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. yashiru+ayashmantha

    varudu+move+ake+sub+akath+dennako

  26. Tharaka Lahiru

    tnq

  27. සාරංග

    Tnx for the sub !

  28. indika 75

    thanks..