Watch Trailer

No One Gets Out Alive (2021) Sinhala Subtitle | අත්භූත පෙට්ටගම… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Sa…

ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Santiago Menghini විසින්. ඒවගේම තමයි රංගනයෙන් Cristina Rodlo l Marc Menchaca l David Barrera l Jeff Mirza l Mitchell Mullen l David Figlioli දායක වෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය හට පාදක කරගෙන තියෙන්නෙ නව කතාවක්. ඒකෙ නමත් චිත්‍රපටයෙ නම වගේමයි. නව කතාවෙ නිර්මාතෘ වෙන්නෙ Adam Nevill ය. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඇම්බර් කියන්නෙ මෙක්සිකෝවෙ ජීවත් වෙන කෙල්ලෙක්. ඇය තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිතා තමන්ගෙ අසනීප වුනු අම්මව අවුරුදු ගනණාවක් තිස්සෙ බලාගන්නවා. හැබැයි අන්තිමේදී අම්මා නැතිවෙනවා. ඉතින් මෙයාට දැන් කාත් කවුරුත්වත් නැහැ. ඉතින් ඇය තීරණයක් අරගන්නවා ඇමෙරිකාවට යන්න. හැබැයි මෙයා ඇමෙරිකාවට ඇතුළු වෙන්නෙ හොරෙන්. කොහොමහරි මෙයාට දැන් ID එකක්වත් නැහැ. පොලිසියට අහු වුණොත් හිරේ තමයි ලගින්න වෙන්නෙ. ඉතින් මෙයා කාටවත් අහුනොවී ජීවත් වෙනවා. ඒවගේම තමයි රස්සාවකුත් කරනවා. මෙයා ඒ කරන ගමන් ID එකක් යහළුවෙක් මාර්ගයෙන් හදාගන්න බලනවා. කොහොමහරි මෙයා ඉන්න ස්ථානය ID එකක් නොමැති වීම නිසා පන්නනවා. පස්සෙ මෙයාට දකින්න ලැබෙනවා අඩුවට තියෙන ගෙයක්. ඉතින් මෙයා වැඩ කරන ගමන් එකේ නවතිනවා. හැබැයි මේ ගේ හරිම අමුතුයි. රෑට අමුතු සද්ද ඇහෙනවා. මිනිස්සු පේනවා. මැරිච්ච අයව. ඒවගේම තමයි පෙට්ටගමකුත් තියෙනවා. නිකන්ම නිකන් එකක් කියලා තමයි පේන්නෙ. නමුත් එහෙම නැහැ. ඒත් මොකක්ද ඒ ? මොකක්ද මේකෙන් වෙන්නෙ? කොහොමද ඒක මෙතනට ආවේ? ඒ දේවල් දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත් සඳහා අදාළ වේ.

7,955 downloadsDownload No-One-Gets-Out-Alive-2021.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,955 downloadsDownload Subtitles23 KB

22 comments

  1. Anjana

    පුලුවන් නම් La brea tv series එකෙ සිංහල සබ් ගෙන්න තාම එක එපියයි ඇවිත් තියෙන්නෙ

  2. Anonymous

    මචන් ලිපිය පොඩ්ඩක් අවුල් වගේ
    ඔහොම ලිව්වම බලන්න හිතෙන්නේ නෑ
    හොද ෆිලුමක් නම් අපරාදේ ඉතින්
    හිතිච්ච දේ කිව්වේ හොදෙයි

    1. Ravindu Rukshan

      ලිපි නම් හදිසියෙ ගහන ඒවා, IMDb/Trailer රිවිව් එහෙම කියවල ගන්න.

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ලිපි කොච්චර අවුල් වුනත් අපට වැඩක් නෑ.

    Horror, Mystery, Thriller නම් අතහරින්නේ නැ. පරණ නම් පට්ට. 70, 80, 90 දශකවල නම් මොන මඟුලක් උනත් කමක් නෑ. ඉංග්‍රීසි හා විදෙශ් භාෂා තමයි ඉතිං.

    1. Anonymous

      උබට මොන මගුලක් වුනත් බලන්න වෙලාව තිබ්බට හැමෝටම එහෙම නෑ ගොඩදෙනෙක් ෆිල්ම් බලන්නේ ජොබ් කරනගමන්,අධ්‍යාපන කටයුතු කරන ගමන්..ඒ නිසා උම්බෑ නොකිය හිටපන් ලැජ්ජයිනේ

  7. sheranga

    thank u bro

  8. indika 75

    thanks..

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. නිපුන්

      La brea episode 4 එක ඉක්මනට ඕන

  10. Kantha_DLA

    Request:
    Rise of the Footsoldier: Origins (2021)

  11. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Malith Samarawickrama

    Thanks bro sub ekata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  16. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  17. Arawinda Sunimal

    thanks ravidu rukshan

  18. Dewadithya

    Thanks for Sub!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.