ඔන්න හරියටම අවුරුදු දෙකක විතර නිහැඩියාවකින් ආයෙත් ආව ලස්සන ෆිලුමක් අරගෙන ඔයාල ගාවට. වැඩි කතා ඕනෙ නෑ. අපි බලමු මේ මොකද්ද කියල. ඔයාල දන්නවනෙ හොලිවුඩ් සුපිරි නළු හැරිසන් ෆෝර්ඩ් (ඉන්ඩියනා ජෝන්ස්). එයා රගපාන ෆිලුමක් තමයි මේක.පරණයි තමයි ඒත් සුපිරියි.රෝමන් පොලන්ස්කි තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්…

ඔන්න හරියටම අවුරුදු දෙකක විතර නිහැඩියාවකින් ආයෙත් ආව ලස්සන ෆිලුමක් අරගෙන ඔයාල ගාවට. වැඩි කතා ඕනෙ නෑ. අපි බලමු මේ මොකද්ද කියල.
ඔයාල දන්නවනෙ හොලිවුඩ් සුපිරි නළු හැරිසන් ෆෝර්ඩ් (ඉන්ඩියනා ජෝන්ස්). එයා රගපාන ෆිලුමක් තමයි මේක.පරණයි තමයි ඒත් සුපිරියි.රෝමන් පොලන්ස්කි තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ . වෝනර් සහෝදර සමාගමේ බෙදා හැරීක් විදිහට 1988 දි තමයි මේක තිරගත කරල තියෙන්නෙ.
කතාව ගැන ටිකක් කිව්වොත්, ඩොක්ටර් රිචඩ් වෝකර් (හැරිසන් ෆෝර්ඩ්) එයාගෙ නෝනත් එක්ක පැරිසියට එනවා සෞඛ්‍ය සම්මේලනයකට සහභාගි වෙන්න. මේ දෙන්නා දෙවෙනි වතාවට තමයි පැරිස් වලට එන්නේ. පලවෙනි පාර එන්නේ දෙන්නා මදුසමයට. ප්‍රංශ භාශාවත් එච්චර දන්නත් නෑ. ඉතිං මෙදා පාර ඇවිත් ඔවුන් නැවතිල ඉන්න හෝටලේට ගියාට පස්සෙ දැනගන්නවා එයාර්පෝට් එකේ දි නෝනගෙ බෑග් එක මාරු වෙලා වෙන එකක් ගෙනත් කියල. දැන් බර බරේ නෝනා අදින්න වත් එකක් නෑ කියලා . කොහොම හරි ඩොක්ටර් නාන්න යනවා . ඒ අතරෙ කෝල් එකක් එනව.ඒක ගන්නෙ නෝන.ඊටපස්සෙ ඩොක්ටර්ටත් නොකියා නෝනා යනවා. ඩොක්ටර් නාගෙන ඇවිත් කෑම කන්න නෝනා එනකල් බලන් ඉන්නවා .හුගාක් වෙලා හිටියත් එන්නෙ නෑ. ඊට පස්සෙ තමයි ඩොක්ටර් ට රත් වෙන්නෙ .නෝනා ගැන හොයන කොට ඒ වෙලා වෙ රාජකාරි යෙ හිටපු දොරටුපාලයා කියනවා ඇය හෝටලය ට ඇය හොයාගන ආව පුද්ගලයෙක් එක්ක ගියා කියලා .කතාව ගැන ඔච්චරයි කියන්නෙ.ඩොක්ටර්ගෙ නෝනට මොකද වුනේ.මාරුවෙලා ආව බෑග් එකේ මොනවද තිබුනෙ.ඇය මිනිහෙක් එක්ක පැනල ගියා ද, නැත්තං ඇය පැහැර ගත්තාද,ඩොක්ටර්ට එයාගෙ නෝනව හොයාගන්න පුළුවන් වෙයිද. තව ප්‍රශ්න ගොඩයි.
Imdb ප්‍රේක්ෂක මනාප 6.9ක් මේ ෆිලුමට ලැබිල තියනවා. Rotten tomatoes අගය 78% ලැබි ලා තියෙනවා .එහෙනම් චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් යන්නයි මේ සූදානම.
මේ ටිකත් කියන්නම ඕනෙ. ඉස්සර වගේ නෙවෙයි නොවැ උපසිරසියක් කරන්න චිත්‍රපටක් වෙන් කරගන්නත් හරි අමාරුයි . ඒ තරමට ලොකු පිරිසක් මේ කාර්යට යොමු වෙලා ඉන්නවා .ඒක ගොඩක් ලොකු සතුටක්. 2014 මම බයිස්කෝප් පවුල ට එකතු කරගත් රොයිලි අයියා ,හසන්ත අයියා ,සමීර (කරු/චතු) ඇතුලු ඇඩ්මින් මන්ඩලයේ හැමෝටම ස්තුතිය පුද කරන්නත්,ම විසින් උපසිරසි ගන්වපු නිර්මාණ රසවිඳ සියලුදෙනාටත් ස්තුතිවන්ත වෙනවා .
මා මේ අවසන් අදහස් දැක්වීම කලේ උපසිරසිකරනයෙන් සමුගන්න කාලය හරි දෝ කියලා මට හැගුනු නිසා. ඒ ගැන රසික ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා .ජය වේවා හමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
Frantic.1988.720p.BluRay.x264- YTS.AG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,102 downloadsDownload Frantic-1988.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0214-e1423501422128.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-05
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
15 comments
Sanindu Lakkitha
Udara Damith B/K
ඇයි එහෙම කරන්නේ
මන් අහනේ එච්චරයිKaushan_P_Herath
පිස්සුද බන් දිගටම කරහන්
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. සමුගන්න එපා. ඔයාලා වගේ අයට පිංසිද්ද වෙන්න තමයි අපි වගේ අය දෙයියනේ කියලා පිලුමක් බලන්නේ. ඔයාලා කරන්නෙ ලොකු සේවයක්. ඔබේ වටිනා කාලය අපි නෙුවෙන් වැයකර ඔබ කරනා සේවයට ස්තුති කරන්න වදන් නෑ. ඉවත් වෙන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා.
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraඅසිත
Unknown (2011) filuma wage ne
Elama saho thankspraveen bagaya
sub akata thanx bro.now downloading................
hasith
patta filumak wage tnx kolla
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ.
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Dulanga
Thanks
Lakshansilva18
Thanks for Subtitles
Requests:-
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil's Advocate (1997)
In the name of the father (1993)
Primal Fear (1996)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
K Pax (2001)
The Lincoln Lawyer (2011)
five fingers (2006)
Advertisement

|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
අම්මෝ සහෝ බය හිතෙන කතා කියන්න එපා.. කට්ටිය කොච්චර වැඩි උනත් ඔයාලා පරන සාමාජිකයෝ..ඒක නිසා ඉදලා හිටලා හරි අපි වෙනුවෙන් සබක් කරන්න..
තවත් ෆිලුමක් අරන් ඒවි කියලා බලපොරොත්තුවෙන් ඉන්නවා..!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~