සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර…
සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර රැකියාවක් නැහැ. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා රුපලාවන්‍ය දේවල් ගැන දන්නවා කියලා. මේ නිසා මෙග් වතාවක් යනවා මෙයාගේ බිස්නස් එක තවත් කම්පැනියකට හදුන්වලා දීලා රැකියාවක් අරගන්න. නමුත් මෙයා මෙතනදී කරන්නේ වෙනින් රටක නිපදවපු රුපලාවන්‍යකරණයට අවශ්‍ය කරන දේවල් වල ඒ රටේ බෝතල්වල අලවලා තියෙන ලේබල් ගලවලා මේ බඩු අර හමුව දාගත්ත කම්පැනියට අරන් ගිහින් තමන්ගේ නිෂ්පාදන වගේ එයාලට ඉදිරිපත් කරන එකයි. අරන් ගියාට එයාගේ හොර වැඩ අහුවෙලා එයාව එතනදී එලවලා දානවා. ඉතින් දවසින් දවස රැකියාවක් නොකර ඉන්න මෙග් ගැන හොයලා බලන්නේ කේට්. අහ්හ් මේ දෙන්නා ඉන්නේ ගොඩනැගිල්ලක කාමර පෙළක තියෙන එකම කාමරයක. ඒත් මෙග් නිතරම කරන්නේ බීලා වෙරි වෙන එකයි නිතරම වාගේ කේට්ට අරක බැහැ මේක බැහැ කිය කිය හැල්ලුවට ලක් කරන එකයි.
දවසක් මහා රෑ මෙග්ගේ තීරණයට අනුව එයා බලෙන්ම කේට්වත් එක්කගෙන ලොන්ඩ්‍රේල් වලට යනවා. මෙග් කියන්නේ තනිකරම කාමුක ආශාවන් පිරි ඉතිරිලා ගියපු කෙනෙක්. මේ දෙන්නා ලොන්ඩ්‍රේල් වලට යන්න ගුවන් යානයට ගොඩ වුනාම එතනට ඇවිත් මේ දෙන්නාගේ මැද්දෙන් ඉදගන්නව කොල්ලෙක් රයන් කියලා. මෙග් වගේම කේට් දෙන්නා රයන්ට ඇල්ම බැල්ම දාන්නත් පටන් ගන්නවා හරියට එයා තමයි මේ ලෝකේ ඉන්න අන්තිම පිරිමියා වගේ. ඔන්න ඔතනින් තමයි හොද යාලුවෝ වෙච්චි මෙග් හා කේට් අතර යුද්ධේ පටන් ගන්නේ. දෙන්නට දෙන්නා කරට කර ඉදලා කොහොමහරි රයන්ව දාගන්න එක තමයි මේ දෙන්නගේ එකම ඉලක්කය වෙන්නේ. රයන් නිසා මේ දෙන්නා නොකරන දෙයක් නැහැ හැබැයි මේ දෙන්නා තාමත් මේ රයන් ගැන දන්නේ නැහැ. දන්න එකම දේ රයන් කියන්නේ වෙඩිමකට යන්න තමන්ගේ පියාසැරියට ගොඩ වුන කොල්ලෙක් කියල විතරයි. වෙනින් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ නිසාමයි මේ මෙග් හා කේට් දෙන්නට අන්තිමේදී වැඩ වරදින්නෙත්. බේවොච් වලදී ඇලෙක්ස්සැන්ඩ්‍රාගේ වෙනින් මොනාද හෙල්ලෙන ඒවා බලපු අයට මේ ෆිල්ම් එකෙන් සජීවී සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
සාමාන්‍යයෙන් ඔයාලගේ කොමඩි චිත්‍රපට වෙනදට ගේන කෙනා නම් නෙවෙයි අද මේක අරන් එන්නේ. කවුරුත් බාර අරගෙන නැති නිසයි කරන්න ඕන කියලා තීරණය කරලා මේක ඉල්ලගෙන කලේ. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නේ 2017 අගෝස්තු 3’වැනිදා. Shameless කතාමලාවට වගේම Jurassic Park III (2001) චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුනු William H. Macy තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. තිර රචනය සදහා දායක වෙලා තියෙන්නේ David Hornsby හා Lance Krall යන දෙදෙනා අතින්. රංගනයෙන් දායක වෙන අය ගත්තොත් Kate Upton තමයි මේ චිත්‍රපටයේ “මෙග්” ගේ චරිතයට දායක වෙන්නේ. මෙයාගේ හතරවන චිත්‍රපට දායකත්වය වෙන්නේ මේක. The Other Woman (2014) චිත්‍රපටය එහෙම බැලුවා නම් දකින්න ඇති වැඩ කොහොමද කියලා. ඊළගට ඉතින් හැම කෙනෙක්ම දන්න Baywatch (2017), San Andreas (2015), True Detective කතාමලවටද, The Choice (2016) වගේ චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා ගණනාවකට රංගනයෙන් දායක වුනු Alexandra Daddario තමයි මේ චිත්‍රපටයේ “කේට්”ගේ චරිතයට දායක වෙන්නේ. ඊළගට Harper’s Island කතාමලාවටද, Seven Below (2012) චිත්‍රපටයද රංගනයෙන් දායක වුනු Matt Barr තමයි මෙහි “රයන්” ගේ චරිතයට දායක වෙන්නේ. Ballers කතාමාලාවේ Rob Corddry පවා මේ චිත්‍රපටයේ ඉන්නවා. පැයකුත් විනාඩි චිසි අටකුත් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Comedy ගනයට තමයි අයත් වෙන්නේ. IMDb අගය ගැන කතා කරනවානම් 4.6/10 ක් වගේ අඩු අගයක් ලැබිලා තියෙන්නේ. ඒත් මේකේ දීලා තියෙන හාස්‍යයත් එක්ක බලනවනම් 5+ අගයක්වත් ලැබෙන්න ඕන. මොකද ඒ තරමටම මේක හුගක් ආතල් චිත්‍රපටයක්. මං කියන්නේ බොරු නම් පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මං ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links The.Layover.2017.WEB-DL.x264-FGT-HI මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.
19,342 downloadsDownload The-Layover-2017.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
yukthi sudheera
isuru
torrnt link ekk denwda
Pradharaka Maheeshan
ම්න් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල
බොහොම ස්තුතියි මචෝ.....DILRUK LAHIRU
elz..... digatama sub demu.......................
thisal
ස්තූතියි, comedy digatama demu
C. R. ජයලත්
Niyamai Chamara Aiya Jaya Wewa!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකන් හිටියේ බාන්න...sumed
thanks bro sub ekata
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!
Bimsara
Alexandra Daddario ඉන්නවනම් නොබලා කොහොමද මගෙ සිහින කුමාරි
බලාගෙන හිටපු ෆිලුමක් මේකshena
link eka ewapmko film eke
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
Elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gunee
Nil patin typekaranne komada kollo
Rajitha
Thanks machan........jayawewa......!
Udaya Fernando
Thanks machan
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Pradeep Anuruddha Dissanayake
සබ් ඒකට තෑන්ක්ස් ඈ :D
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Viraj
sub ekata thanks saho.. jaya wewa!!
madu
Thank you so much
තිලින චාමර
thank you
සෝමපාල
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Supitha
thanks saho
shena
plz me movie eke link ekk dennako kawru hari
Nadiya1997
Plz me movie eke link eka tyena knek denko
DilshanChinthaka
Great effort dude. Awesome. Keep it up
muditha gayan
Thankzzzzzzzz
muditha gayan
තව මේ වගේ ෆිල්ම් බලා සබ් එක කරන්න thankzzzzzzzz
Virajperera
tnx bro
Gayanlenagala
Ftta
H_anuru
Thank you bro
kent parker
thanks
ik
kunuharpa danna epa bn.kalpa ganan apaye yanna wenne.
Pramukmili
Thanx bro........
salamuthu
thank you
Pramukmili
Thanx bro...............
Manohari
Godak sthuthi..Jaya wewa!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement

දැනටමත් මේක බාල තියෙන්නේ... සබ එනකන් හිටියේ.... ස්තූතියි බ්‍රෝ.....