Watch Trailer

The Layover (2017) with Sinhala Subtitles | නාදුනන කොල්ලෙක් නිසා මිතුදම් පවා දුන් කෙල්ලන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ] (18+)

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර…

සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර රැකියාවක් නැහැ. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා රුපලාවන්‍ය දේවල් ගැන දන්නවා කියලා. මේ නිසා මෙග් වතාවක් යනවා මෙයාගේ බිස්නස් එක තවත් කම්පැනියකට හදුන්වලා දීලා රැකියාවක් අරගන්න. නමුත් මෙයා මෙතනදී කරන්නේ වෙනින් රටක නිපදවපු රුපලාවන්‍යකරණයට අවශ්‍ය කරන දේවල් වල ඒ රටේ බෝතල්වල අලවලා තියෙන ලේබල් ගලවලා මේ බඩු අර හමුව දාගත්ත කම්පැනියට අරන් ගිහින් තමන්ගේ නිෂ්පාදන වගේ එයාලට ඉදිරිපත් කරන එකයි. අරන් ගියාට එයාගේ හොර වැඩ අහුවෙලා එයාව එතනදී එලවලා දානවා. ඉතින් දවසින් දවස රැකියාවක් නොකර ඉන්න මෙග් ගැන හොයලා බලන්නේ කේට්. අහ්හ් මේ දෙන්නා ඉන්නේ ගොඩනැගිල්ලක කාමර පෙළක තියෙන එකම කාමරයක. ඒත් මෙග් නිතරම කරන්නේ බීලා වෙරි වෙන එකයි නිතරම වාගේ කේට්ට අරක බැහැ මේක බැහැ කිය කිය හැල්ලුවට ලක් කරන එකයි.

දවසක් මහා රෑ මෙග්ගේ තීරණයට අනුව එයා බලෙන්ම කේට්වත් එක්කගෙන ලොන්ඩ්‍රේල් වලට යනවා. මෙග් කියන්නේ තනිකරම කාමුක ආශාවන් පිරි ඉතිරිලා ගියපු කෙනෙක්. මේ දෙන්නා ලොන්ඩ්‍රේල් වලට යන්න ගුවන් යානයට ගොඩ වුනාම එතනට ඇවිත් මේ දෙන්නාගේ මැද්දෙන් ඉදගන්නව කොල්ලෙක් රයන් කියලා. මෙග් වගේම කේට් දෙන්නා රයන්ට ඇල්ම බැල්ම දාන්නත් පටන් ගන්නවා හරියට එයා තමයි මේ ලෝකේ ඉන්න අන්තිම පිරිමියා වගේ. ඔන්න ඔතනින් තමයි හොද යාලුවෝ වෙච්චි මෙග් හා කේට් අතර යුද්ධේ පටන් ගන්නේ. දෙන්නට දෙන්නා කරට කර ඉදලා කොහොමහරි රයන්ව දාගන්න එක තමයි මේ දෙන්නගේ එකම ඉලක්කය වෙන්නේ. රයන් නිසා මේ දෙන්නා නොකරන දෙයක් නැහැ හැබැයි මේ දෙන්නා තාමත් මේ රයන් ගැන දන්නේ නැහැ. දන්න එකම දේ රයන් කියන්නේ වෙඩිමකට යන්න තමන්ගේ පියාසැරියට ගොඩ වුන කොල්ලෙක් කියල විතරයි. වෙනින් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ නිසාමයි මේ මෙග් හා කේට් දෙන්නට අන්තිමේදී වැඩ වරදින්නෙත්. බේවොච් වලදී ඇලෙක්ස්සැන්ඩ්‍රාගේ වෙනින් මොනාද හෙල්ලෙන ඒවා බලපු අයට මේ ෆිල්ම් එකෙන් සජීවී සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි.

සාමාන්‍යයෙන් ඔයාලගේ කොමඩි චිත්‍රපට වෙනදට ගේන කෙනා නම් නෙවෙයි අද මේක අරන් එන්නේ. කවුරුත් බාර අරගෙන නැති නිසයි කරන්න ඕන කියලා තීරණය කරලා මේක ඉල්ලගෙන කලේ. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නේ 2017 අගෝස්තු 3’වැනිදා. Shameless කතාමලාවට වගේම Jurassic Park III (2001) චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුනු William H. Macy තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. තිර රචනය සදහා දායක වෙලා තියෙන්නේ David Hornsby හා Lance Krall යන දෙදෙනා අතින්. රංගනයෙන් දායක වෙන අය ගත්තොත් Kate Upton තමයි මේ චිත්‍රපටයේ “මෙග්” ගේ චරිතයට දායක වෙන්නේ. මෙයාගේ හතරවන චිත්‍රපට දායකත්වය වෙන්නේ මේක. The Other Woman (2014) චිත්‍රපටය එහෙම බැලුවා නම් දකින්න ඇති වැඩ කොහොමද කියලා. ඊළගට ඉතින් හැම කෙනෙක්ම දන්න Baywatch (2017), San Andreas (2015), True Detective කතාමලවටද, The Choice (2016) වගේ චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා ගණනාවකට රංගනයෙන් දායක වුනු Alexandra Daddario තමයි මේ චිත්‍රපටයේ “කේට්”ගේ චරිතයට දායක වෙන්නේ. ඊළගට Harper’s Island කතාමලාවටද, Seven Below (2012) චිත්‍රපටයද රංගනයෙන් දායක වුනු Matt Barr තමයි මෙහි “රයන්” ගේ චරිතයට දායක වෙන්නේ. Ballers කතාමාලාවේ Rob Corddry පවා මේ චිත්‍රපටයේ ඉන්නවා. පැයකුත් විනාඩි චිසි අටකුත් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Comedy ගනයට තමයි අයත් වෙන්නේ. IMDb අගය ගැන කතා කරනවානම් 4.6/10 ක් වගේ අඩු අගයක් ලැබිලා තියෙන්නේ. ඒත් මේකේ දීලා තියෙන හාස්‍යයත් එක්ක බලනවනම් 5+ අගයක්වත් ලැබෙන්න ඕන. මොකද ඒ තරමටම මේක හුගක් ආතල් චිත්‍රපටයක්. මං කියන්නේ බොරු නම් පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මං ගිහින් එන්නම්.

The Layover (2017) on IMDb

Due to copyright issues, we do not provide any torrent links The.Layover.2017.WEB-DL.x264-FGT-HI මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.

19,343 downloadsDownload The-Layover-2017.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rank: Legend
Ratings
Reviews
0
Subtitles
527
Downloads
3.9M
Readers' rating
No reviews yet

Write a review of චාමර සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

19,343 downloadsDownload Subtitles63 KB

41 comments

  1. yukthi sudheera

    දැනටමත් මේක බාල තියෙන්නේ... සබ එනකන් හිටියේ.... ස්තූතියි බ්‍රෝ.....

    Reply
    1. isuru

      torrnt link ekk denwda

      Reply
  2. Pradharaka Maheeshan

    ම්න් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල
    බොහොම ස්තුතියි මචෝ.....

    Reply
  3. DILRUK LAHIRU

    elz..... digatama sub demu.......................

    Reply
  4. thisal

    ස්තූතියි, comedy digatama demu

    Reply
  5. C. R. ජයලත්

    Niyamai Chamara Aiya Jaya Wewa!!!!!

    Reply
  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකන් හිටියේ බාන්න...

    Reply
  7. sumed

    thanks bro sub ekata

    Reply
  8. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!

    Reply
  9. Bimsara

    Alexandra Daddario ඉන්නවනම් නොබලා කොහොමද මගෙ සිහින කුමාරි
    බලාගෙන හිටපු ෆිලුමක් මේක

    Reply
    1. shena

      link eka ewapmko film eke

      Reply
  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  11. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  12. අසිත

    Elama saho thanks

    Reply
  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
    1. Gunee

      Nil patin typekaranne komada kollo

      Reply
  14. Rajitha

    Thanks machan........jayawewa......!

    Reply
  15. Udaya Fernando

    Thanks machan

    Reply
  16. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    Reply
  17. Pradeep Anuruddha Dissanayake

    සබ් ඒකට තෑන්ක්ස් ඈ :D

    Reply
  18. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  20. madu

    Thank you so much

    Reply
  21. තිලින චාමර

    thank you

    Reply
  22. සෝමපාල

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  23. Supitha

    thanks saho

    Reply
  24. shena

    plz me movie eke link ekk dennako kawru hari

    Reply
  25. Nadiya1997

    Plz me movie eke link eka tyena knek denko

    Reply
  26. DilshanChinthaka

    Great effort dude. Awesome. Keep it up

    Reply
  27. muditha gayan

    Thankzzzzzzzz

    Reply
  28. muditha gayan

    තව මේ වගේ ෆිල්ම් බලා සබ් එක කරන්න thankzzzzzzzz

    Reply
  29. Virajperera

    tnx bro

    Reply
  30. Gayanlenagala

    Ftta

    Reply
  31. H_anuru

    Thank you bro

    Reply
  32. kent parker

    thanks

    Reply
  33. ik

    kunuharpa danna epa bn.kalpa ganan apaye yanna wenne.

    Reply
  34. Pramukmili

    Thanx bro........

    Reply
  35. salamuthu

    thank you

    Reply
  36. Pramukmili

    Thanx bro...............

    Reply
  37. Manohari

    Godak sthuthi..Jaya wewa!

    Reply
  38. Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.