Watch Trailer

Harom Hara – The Revolt (2024) Sinhala Subtitles | තුවක්කු ජාවාරම [සිංහල උපසිරැසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

සුබ්‍රමනියම් කියන්නේ කුප්පම් වලට ආපු එහේ ඉස්කෝලේ රසායනාගාර සහකාරයෙක්. හැබැයි යම්කිසි සිද්දියක් හින්දා එයාගේ රස්සාව ගහලා යනවා. ඒ හින්දම එයා ගෙදර එනකොට ප්‍රශ්න ගොඩයි.. ඔය අතරවාරයේ පොලිස් රාජකාරි තහනමකට පත්වෙලා ඉන්න පලනි එක්ක එකතුවෙලා නීති විරෝධී ආයුධ ජාවාරමකට එකතු වෙන්නේ.. ඒක කොහොමද වෙන්නේ කියන එක චිත්‍රපටය බැලුවම තේරෙයි..

හායි කට්ටිය.. මං ආයෙත් ආවා එහෙනම්, මාව මතක නැතුවත් ඇති ඉතින්.. ඔව් හැබැයි මොකද කැම්පස් වැඩත් එක්ක මං බිසී වුණා නොවැ.. ඒත් ඉතින් එකක් මේකට නොදී හිටියොත් සාංකාව හින්දම පරණ එකක් හරි දෙන්න හිතුණා.. මේ කලින් කරපුවා.. ඉතින් ගොඩක් තියෙනවා ඔහොම කරපු.. වෙලාවක් ආවොත් ඒවා දෙන්නම්..

Harom Hara (එහෙමත් නැත්නම් Harom Hara - The Revolt) කියන්නේ 2024 ජුනි 14 වෙනිදා නිකුත් වුනු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඥානසාගර් ද්වාරකා විසින්. නිෂ්පාදනය සුමාන්ත් G නායිදුගෙන්. සංගීතය චයිතන් භාරද්වාජ් ගෙන්.

රංගනයෙන් නවා ධලපති සුධිර් බාබු, මාලවිකා ශර්මා, අක්ෂරා ගෞඩා, ජයප්‍රකාශ්, අර්ජුන් ගෞඩා, ලක්කි ලක්ෂ්මන් ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6.5/10කුත් Letterboxd අගය 3/5කුත් ලබාදීලා තියෙනවා.

මේකේ ඔරිජිනල් පිටපත් නිකුත් වෙන්නේ ඒ අවුරුද්දෙම ජූලි 11 වෙනිදා Aha Stream වලින්..

පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!

Subtitles by

ඕෂද එරංග (Era Boy)

Rank: SilverSilver

Aspiring Full Stack Developer |Youtuber | Subtitle Contributer in Baiscope Sinhalen

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

11 downloadsDownload Subtitles42 KB

2 comments

  1. Gagan Pabasara

    සුපිරියක් තමයි ආ ❤️

    Reply
    1. ඕෂද එරංග (Era Boy)

      ආදරෙයි ❤️

      Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.