Guntur Kaaram (2024) Sinhala Subtitles රමනාගේ අම්මා එයාව පුංචි කාලෙදිම දාලා ගියා. රමනා එයාගේ තාත්තාගේ පවුල එක්ක ගුන්තූර් වල ජීවත් වුණා. අවුරුදු 15කට විතර පස්සෙ අම්මගේ පවුලේ පාර්ශවයෙන් එයාට හයිද්‍රාබාද් එන්න කියලා කතා කරලා ඇමතුමක් ලැබෙනවා. රමනාට හයිද්‍රාබාද් යන්න හිතක් තිබුණෙත් නැහැ. ඒත් අම්මව දකින්…
Guntur Kaaram (2024) Sinhala Subtitles
රමනාගේ අම්මා එයාව පුංචි කාලෙදිම දාලා ගියා. රමනා එයාගේ තාත්තාගේ පවුල එක්ක ගුන්තූර් වල ජීවත් වුණා. අවුරුදු 15කට විතර පස්සෙ අම්මගේ පවුලේ පාර්ශවයෙන් එයාට හයිද්‍රාබාද් එන්න කියලා කතා කරලා ඇමතුමක් ලැබෙනවා. රමනාට හයිද්‍රාබාද් යන්න හිතක් තිබුණෙත් නැහැ. ඒත් අම්මව දකින්න, කතා කරන්න ලොකූ ආසාවකින් හිටිය නිසා ගෙදරින් පිටත්වෙලා යනවා. රමනාට එන්න කියලා කතා කරලා තිබුණේ එයාගේ සීයා වෙන්කට් ස්වාමිගේ පක්ෂ කාර්යාලයට.
Guntur Kaaram (2024) Sinhala Subtitlesඇතුලට ගිහින් බැලින් නම් රමනාට කතා කරලා තියෙන්නෙ රමනාටත් එයාගේ අම්මටත් කිසිම සම්බන්ධයක් නැහැ කියන ගිවිසුමකට අත්සනක් අරගන්න. රමනාට මේ ගිවිසුම අත්සන් කරන්න නම් එයාගේ අම්මව දකින්න ඕනේ කියලා ඉල්ලනවා. ඒත් සීයා රමනාට අම්මව බලන්න දුන්නෙ නැති නිසා රමනා පක්ෂෙ කාර්යාලයේ ගාලගෝට්ටියක් කරමින් එතිනින් පිටවෙලා යනවා. වෙන්කට් ස්වාමි දෙයක් ලබාගන්න ඕනම දුරකට යන දූෂිත දේශපාලකයෙක්. රමනා කැමැත්තෙන් අත්සන් කරන්නෙ නැත්නම් බලෙන් අත්සන් කරවගන්න වෙන්කට් ස්වාමි උත්සාහ කරනවා. සීයාගේ දේශපාලන බලය එක්ක හැප්පෙන්න ගුන්තූර් පාලනය කරන ‘ගුන්තූර් සැර’ නොහොත් මැර රමනාට පුළුවන් වෙයිද?
Guntur Kaaram (2024) Sinhala Subtitlesමේ චිත්‍රපටයේ කතාව රචනා කර අධ්‍යක්ෂණය කළේ තෙළිඟු සිනමාවේ ඉහළ පෙළේ කීර්තිමත් අධ්‍යක්ෂක වරයෙක් වන ත්‍රිවික්‍රම් ස්‍රීනිවාස්. පහුගිය කාලේ ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය වුණ Ala Vaikunthapurramulo (2020) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ලංකාවෙත් බොහෝ දෙනෙකුගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවේ මේ චිත්‍රපටයත් ඉඩක් අරගෙන ඇති බව නොඅනුමානයි. Athadu (2005) සහ Khaleja (2010) චිත්‍රපට දෙකෙන් පසුව ත්‍රිවික්‍රම් සහ මහේෂ් බාබු එක්වන තෙවන වතාව තමයි මේ. මේ චිත්‍රපට දෙකම නිකුත් වූ සමයේ අසාර්ථක වුවත් පසු කාලයකදී ප්‍රේක්ෂකයින් විසින් Cult චිත්‍රපට විදියට වැළඳගත්තා. විශේෂයෙන්ම Film Companion විසින් ඔවුන්ගේ “දශකයේ විශිෂ්ඨතම චිත්‍රපටි 25” අතරට ඛාලේජා ලැයිස්තුගත කළා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesඑස්. තාමන් මීට සංගීතය මුසු කරනු ලැබුවා. යූටියුබ් වෙතට මුදා හැරුණු “Kurchi Madathapetti” Lyrical වීඩියෝව මේ වන විට නැරඹුම් වාර මිලියන 92ක් සටහන් වෙලා තියෙනවා. “ආ කුර්චිනි මඩතපෙට්ටි $%&!” කියන වචන ඛණ්ඩය සමාජමාධ්‍යයේ පැතිරුණු වීඩියෝවකින් උපුටාගෙන තිබෙනවා. ‘$%&’ විදියට සඳහන් කරලා තියෙන තැන කියවෙන්නෙ කුණුහරුපයක් ගැන. සිංහලට අනුවර්තනය කළොත් “අර පුටුව නවලා අරගෙන $%&!” කියන එකයි තේරුම. ඇත්තටම මේක මතභේදාත්මක වචන ඛණ්ඩයක්. ඒ වගේම “අම්මා” නමින් තවත් ගීතයක් චිත්‍රපටයට ඇතුලත්ව තිබුණත් පසුව එය ඉවත් කර දමනවා. ඉතින් කොහොම හරි ට්‍රේලර්ය පැය 12ක් තුල යූටියුබ් නැරඹුම් වාර මිලියන 25ක සංඛ්‍යාවක් සටහන් කළා. ඒ වගේම පැය 24ක් තුල නැරඹුම් වාර මිලියන 39ක් සටහන් කරමින් දකුණු ඉන්දීය චිත්‍රපට ට්‍රේලරයක් ලැබූ ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාව විදියය වාර්ථා අලුත් කළා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesනාමිකව මේ ව්‍යාපෘතිය ‘ක්‍රියාදාම, ත්‍රාසජනක’ චිත්‍රපටයක් ලෙස මුලදී සඳහන් කර තිබුණා. පලමු ශෙඩියුලය අවසන් කිරීමෙන් පසුව කාර්ය මණ්ඩලය අතර ඝට්ටන ඇති වුණා. මහේෂ් ද එම කතාවට අප්‍රසාදය පළ කර තිබෙනවා. පසුව තිර කතාව නැවත සැකසීමක් ද සිදු වුණා. ඒ අනුව මෙය ‘පවුල්, නාට්‍යමය’ තිර කතාවක් ලෙසින් වෙනස් කළා. Agnyaathavaasi (2018) චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතුවක් වුණේ ත්‍රිවික්‍රම්ට තිරකතාව රචනා කිරීමට කාලය ප්‍රමාණවත් නොවීමයි. ඒ ආකාරයටම ගුන්තූර් කාරම් වෙනුවෙන් රචනා කළ අලුත් තිරකතාව රචනා කරන්න වුණේ මාස 2ක් පමණ කෙටි කාලයකින්.
Guntur Kaaram (2024) Sinhala Subtitlesශ්‍රීලීලා, ප්‍රකාෂ් රාජ්, රම්‍යා ක්‍රිෂ්ණන්, වෙන්නිලා ක්‍රිෂෝර්, ඊෂ්වරී රාඕ, මුරලි ෂර්මා, රාඕ රමේෂ්, ජයරාම්, මීනාක්ෂි චෞද්‍රි, ජගපති බාබු, රාහුල් රවීන්ද්‍රන්, රවි ශංකර්, අජේ, රඝු බාබු, සුනිල් වගේ ප්‍රසිද්ධ නළු කැළක්ම මෙහි චරිත ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රකාෂ් රාජ් 14 වැනි වතවටයි මහේෂ් බාබු සමඟින් එකම චිත්‍රපටයක රඟපාන්නේ. තවද සුනිල් මෙහි සුළු චරිතයක් ඉදිරිපත් කරනවා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesපලමුවෙන්ම පූජා හෙඩ්ඩේ ප්‍රධාන නිළි චරිතය ලෙසින් තෝරාගෙන තිබුණා. ඇය කාර්‍යබහුල වීම නිසාවෙන් ඒ වෙනුවට ශ්‍රීලීලාව යොදා ගත්තා. පිට පිට මාස 5ක් තුල ශ්‍රීලීලා රඟපෑ චිත්‍රපට 5ක් නිකුත් වුණා. ඒවා පිළිවෙලින් Skanda (2023), Bagavanth Kesari (2023), Aadikesava (2023), Extra Odinary Man (2023) සහ Guntur Kaaram (2024) චිත්‍රපටයි. අවාසනාවන්ත විදියට මේ චිත්‍රපට පහම විවේචනයට ලක් වුණා. Dhamaka (2022) චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ නර්ථනයන් බොහෝ පැසසුමට ලක් වීම සමඟින් ඇය විශාල ප්‍රසිද්ධියක් අත් කර ගත්තා. ඒත් තෝරා බේරා නොගෙන චිත්‍රපට සමඟ ගිවිසුම් ඇති කර ගැනීම නිසා උපයාගත්ත කීර්තිය තමන්ම හානි කරගෙන යමින් ඉන්නෙ. ඉදිරියේදී බලමු මේ තත්වය ශ්‍රීලීලා කොයි විදියට කළමනාකරණය කරගනියිද කියලා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesචිත්‍රපටයේ පලමු භාගය දෙවන භාගය හා සසඳද්දි තරමක් මන්දගාමී ස්වභාවයක් තිබෙනවා. මහේෂ් බාබු සහ ත්‍රිවික්‍රම් සුසංයෝගය ගැන හැමෝම විශාල බලාපොරොත්තු තියාගත්තේ ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයේ කලින් චිත්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථක වුණත් පසු කාලෙක මේ චිත්‍රපටි Cult චිත්‍රපට වුණ නිසයි. ඒ වුණත් මේ කතාවේ තෙළිඟු සිනමාවේ නිතරම දකින්න ලැබෙන කතාවක් තමයි ඇතුලත් වෙන්නේ.
Guntur Kaaram (2024) Sinhala Subtitlesත්‍රිවික්‍රම්ගේ Attarintiki Daredi (2013) සහ Agnyaathavaasi (2018) චිත්‍රපට වල කතාව මේ ගුන්තූර් කාරම් චිත්‍රපටයේ කතාවට බොහෝ සමානකම් දක්වනවා. ශ්‍රීලීලාගේ ජවසම්පන්න නර්ථනය ඉතා ආකර්ෂණීයයි. මීනාක්ෂිට සැළකිය යුතු තරමේ ඉඩකඩක් වෙන් කර තිබුණේ නැහැ. ඒ වුණත් ඇය අලංකාරවත්ව කැපී පෙණුනා. වෙන්නිලා ක්‍රිෂෝර්, මුරලි ෂර්මා සුපුරුදු පරිදි තම හාස්‍යෝත්පාදක රංගනය උපරිමයෙන් ලබා දුන්නා. “ඕ මයි බේබී” ගීතය ඇරෙන්නට අනෙක් සින්දු කීපය ගොඩක් ලස්සනයි. පසුබිම් වාදනය ගැන නම් ලොකුවට සෑහීමකට පත් වෙන්න බැහැ. නාට්‍යමය චිත්‍රපටයකට ලබා දිය යුතු, පසුබිම් වාදන තිබුණේ නැහැ. ජයරාම්ගේ සහ රම්‍යා ක්‍රිෂ්ණන්ගේ චරිත ඒ තරම් බලවත් ලෙස රචනා කර තිබුණේ නැහැ. ජෙයරාම්ව අනුකම්පාව උපදවාගන්න විතරක් පාවිච්චි කරලා වගෙයි පෙනුණේ. ඊෂ්වරී රාඕගේ චරිතය ඒ දෙදෙනාටම වඩා හොඳයි කැපී පෙනෙනවා කිව්වොත් නිවැරදියි.
Guntur Kaaram (2024) Sinhala SubtitlesSarkaru Vaari Paata (2022) චිත්‍රපටයෙන් පසුව වසර 2කට පමණ පසුවයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ. මහේෂ් බාබුගේ පියා සුපර් ස්ටාර් ක්‍රිෂ්ණාගේත්, ඔහුගේ මව ඉන්ද්‍රා දේවිගේත් අභාවය නිසා පසුගිය සමයේ අපහසු කාලයක් ගත කළා. නොයෙක් බාධා, කරදර පසු කරමින් අවසානයේ මේ චිත්‍රපටය මේ වසරේ ජනවාරි 12 සංක්‍රාන්තියට සමඟාමීව තිරගත කෙරුණා. ඒ එක්කම නාගාර්ජුනාගේ Naa Saami Ranga (2024), වෙන්කටේෂ්ගේ Saindhav (2024) සහ ප්‍රශාන්ත් වර්මාගේ සිනමා විශ්වයේ Hanu Man (2024) චිත්‍රපට තරඟ වැදුණා. පෑන් ඉන්ඩියා චිත්‍රපටයක් විදියට තිරගත කෙරුණු හනු මෑන් චිත්‍රපටයට හින්දි ප්‍රේක්ෂකයින්ගේ විශාල සහය නිසාවෙන් ඉ.රු. කෝටි 300 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා. සුපුරුදු විදියටම පවුල් ප්‍රේක්ෂකයින්ගේ නාඩි හඳුනන නාගාර්ජුනා යාන්තම් බෙල්ල ගහලා යන්න කලින් ගැලවුණා. සෛන්දව් චිත්‍රපටය ප්‍රතිචාර සහ ආදායම් වශයෙන් විශාල ලෙස අසාර්ථක වුණා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesටොලිවුඩයේ එතෙක් මෙතෙක් තෙළිඟු භාෂාවෙන් පමණක් නිකුත් වූ චිත්‍රපටයක් ලෙස ගෝලීය ආදායම ඉ.රු. කෝටි 94ක් උපයා ගනු ලබනවා. එය මහේෂ් බාබුගේම සර්කාර් වාරි පාටා චිත්‍රපටයේම වාර්තාව බිඳ දැමීමක්. මෙය ඔහුගේ නොනවත්වා ඉ.රු. කෝටි 100 ඉක්මවූ 5 වන චිත්‍රපටයයි. තිරගත වී දින 10කට අනතුරුව ඉ.රු. කෝටි 231ක් උපයා ගත්තා. මේ ඉලක්කම සුපර් ස්ටාර් මහේෂ් බාබුට ඇරෙන්න ටොලිවුඩ් වල වෙනත් නළුවෙකුට ළං වෙන්න බැරි ඉලක්කයක්. එක්කෝ රාජමෞලිගේ චිත්‍රපටයක රඟපාලා තියෙන්න ඕන නැත්නම් පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක රඟපාන්න ඕන. සැබෑවටම ටොලිවුඩයේ සුපිරි තරුව මහේෂ් බාබු.
Guntur Kaaram (2024) Sinhala Subtitles
ඉතින් මීළඟට පෑන් ඉන්ඩියා චිත්‍රපටයක් විදියට නිෂ්පාදනය වෙන SSMB 29 චිත්‍රපටයෙන් බාබුගේ වෙළඳපල සීමා මායිම් බිඳ දමලා තවත් පුළුල් පරාසයකට විහිදිලා යාවි. විශේෂයෙන්ම තෙළිඟු සිනමා කර්මාන්තයේ විතරක් නෙවෙයි මුළු ඉන්දියාවේම අවධානය මේ ව්‍යාපෘතියට දැනටමත් යොමු වෙලා තියෙනවා. රාජමෞලිගේ චිත්‍රපටයකට සාමාන්‍යයෙන් වසර 2කට වඩා වැඩි දීර්ඝ කාලයක් වැය වෙනවා. මේ කාලය අතරතුරදි වෙනත් චිත්‍රපට වෙනුවෙන් කාලය වැය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තවත් අවුරුදු 3- 4 ක් යනතුරු අපට මහේෂ් බාබුගේ චිත්‍රපටයක් දකින්න ලැබෙන්නෙ නැහැ.
මහේෂ් SSMB 29 වෙනුවෙන්ම මෑත දිනකදී කායික පුහුණුවක් සඳහා ජර්මනිය බලා පිටත් වුණා. මේ වෙද්දි ඔහු නැවත ඉන්දියාවට ඇවිත් තියෙනවා. තවදුරටත් ශාරීරිකව පුහුණු වීම් කටයුතු කරමින් යන බව ආරංචියි. ‘ක්‍රියාදාම, වික්‍රමාන්විත’ ප්‍රවර්ගයට අයත් මේ කතාන්දරය විජයේන්ද්‍රා ප්‍රසාද් විසින් රචනා කරනවා. කටකතා අනුව නම් මෙය කොටස් 3ක්(Trilogy) ලෙස නිෂ්පාදනය කිරීමට සූදානම් බව පැවසෙනවා. ජේම්ස් බොන්ඩ් හා ඉන්දියානා ජෝන්ස් ආකාරයෙන්, රාමාගේ හෝ හනුමාන්ගේ චරිතය ආභාෂයට ගෙන මේ කතාව නිර්මාණය වන බවත් සඳහන් වෙනවා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesගුන්තූර් කාරම් චිත්‍රපටය සිතූ ආකරයෙන් කරගැනීමට නොහැකි වුණ නිසා වෙන්න ඇති මගේෂ් ආයෙත් ත්‍රිවික්‍රම් එක්ක පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් වෙනුවෙන් එක්ක එකතු වෙනවා කියලා තියෙනවා. Julayi (2012), S/O Satyamurthy (2015), Ala Vaikunthapurramulo (2020) චිත්‍රපට වලින් අනතුරුව ත්‍රිවික්‍රම් සහ අල්ලු අර්ජුන් සුසංයෝගය හතරවැනි වතාවට නැවතත් චිත්‍රපටයකින් එකතු වෙනවා. මේ චිත්‍රපටය A22 ලෙස තාවකාලිකව නම් කරලා තියෙනවා.
Guntur Kaaram (2024) Sinhala Subtitlesමේ වෙද්දි මේ චිත්‍රපටයේ Imdb රේටින් අගය 6.2/10ක්. බහුතර වශයෙන් මීට සෘණාත්මක ප්‍රතිචාර හිමි වුණා. අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරන්නෙ නැහැ, ඒ නිසා කැමති අය අරගෙන බලන්න.
Guntur Kaaram (2024) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Guntur Kaaram (2024) Sinhala Subtitlesඋපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
29,259 downloadsDownload Guntur-Kaaraam-2024-Sinhala-Subtitles.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Guntur Kaaram (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Ajay
- #Easwari Rao
- #Guntur Kaaram
- #Guntur Kaaram (2024)
- #Guntur Kaaram (2024) Sinhala Sub
- #Guntur Kaaram (2024) Sinhala Subtitles
- #Indian Box Office Hits
- #Jagapathi Babu
- #Jayaram
- #Mahesh Babu
- #Meenakshi Chaudhary
- #Murali Sharma
- #P. Ravi ShankarP. Ravi ShankarP. Ravi Shankar
- #Raghu Babu
- #Rahul Ravindran
- #Ramya Krishnan
- #Rao Ramesh
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sreeleela
- #subtitle
- #Sundeep Kishan
- #Vennela Kishore
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Buddhika Lakmal
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Sssdd
Thanks bro sub ekata ❤️
Nalin Priyankara Pemarathana
බොහොම ස්තුතිය උපසිරසට
Hashan
Thanx for the sub bro...❤️
Anonymous
Patta
Anonymous
thanks sub ekata. keep it up.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


පට්ටම මූවි දෙකකටනේ සබ් දීලා තියෙන්නේ...
වෙනද වගේම පට්ට ලිපිය මචං...
බොහොම ස්තූතියි