Watch Trailer

Ayalaan (2024) Sinhala Subtitles | මගෙ මිතුරා පිටස්තරයා. [සිංහල උපසිරසි]

Ayalaan (2024) Sinhala Subtitles තමිල් රැකියාවක් හොයාගෙන චෙන්නායි වලට යනවා. අහම්බයකින් වගේ තමිල් එක්තරා විනෝදාත්මක කල්ලියකට අහුවෙනවා. එයාලා තමිල්ට රැකියාවක් එක්කම ඉඳුම් හිටුම්, කෑම බීම සපයනවා. මෙහෙම යද්දි, දවසක් ඒලියන් කෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් මෙයාලව හොයාගෙන එනවා. ආර්යන් කියන විද්‍යාඥයා ‘ස්පා…

Ayalaan (2024) Sinhala Subtitles

Ayalaan (2024) Sinhala Subtitles

තමිල් රැකියාවක් හොයාගෙන චෙන්නායි වලට යනවා. අහම්බයකින් වගේ තමිල් එක්තරා විනෝදාත්මක කල්ලියකට අහුවෙනවා. එයාලා තමිල්ට රැකියාවක් එක්කම ඉඳුම් හිටුම්, කෑම බීම සපයනවා. මෙහෙම යද්දි, දවසක් ඒලියන් කෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් මෙයාලව හොයාගෙන එනවා. ආර්යන් කියන විද්‍යාඥයා ‘ස්පාර්ක්’ නම් පාෂාණයක් භාවිතා කරමින් මාරාන්තික නෝවා වායුව පෘථිවි හරයෙන් පිටතට ගන්න උත්සාහ කරනවා. මේ ක්‍රියාවලිය නතර කරලා ස්පාර්ක් එක අරගන්න ඒලියන්ට උවමනා වුණා. ඒලියන්ගෙන් කරදරයක් නැති නිසා තමිල් සහ එයාගේ යාළුවෝ ඒලියන් එක්ක මිත්‍රශීලී වෙනවා. මේ විශාල ව්‍යාපෘතිය නතර කරන්න ටැටූට හා තමිල්ට පුළුවන් වේවිද?

Ayalaan (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටය රචනය කර අධ්‍යක්ෂණය කළේ Indru Netru Naalai (2015) අධ්‍යක්ෂක ආර්. රවිකුමාර්. අයලාන් නිකන්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නම් නෙවෙයි, කොලිවුඩයම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයක්. මොකද ඉන්රු නේට්රු නාලෛ චිත්‍රපටය සාර්ථකත්වයත් එක්ක හැමෝගෙම අතරේ ප්‍රසංසාවට ලක් වුණා. ඒත් ග්‍රැෆික්ස්, VFX නිර්මාණ කටයුතු නිසාවෙන් නිෂ්පාදන කටයුතු වලට බොහෝ කාලයක් ගත වුණා. VFX ෂොට්ස් 4500ක් පමණ මීට යොදාගෙන තියෙනවා. එය ඉන්දියානු චිත්‍රපටයකට VFX ෂොට්ස් වැඩිම ප්‍රමාණයක් භාවිතා කිරීමක්. විටින් විට ඇතිවුණ මූල්‍යම ප්‍රශ්න මේ ප්‍රමාදයට දැඩිවම බලපෑවා.

Ayalaan (2024) Sinhala Subtitles

රකුල් ප්‍රීත් සිං, යෝගි බාබු, කරුණාකරන්, බාල සරවණන්, ඩේවිඩ් බ්‍රෝව්ටුහ්න් ඩේවිස් යන අය රඟපානවා. ඒ වගේම මරාති සිනමාවෙන් ශරඩ් කෙල්කර්, බොලිවුඩයෙන් ඊෂා කොපික්කාර් දෙදෙනාත් මෙහි රඟපානවා. වෙන්කටේෂ් සෙංගුට්ටුවන් ඒලියන්ගේ සිරුරේ ඉරියව් චලනය මෝෂන් කැප්චර් සඳහා යොදාගෙන තියෙනවා. ඒත් මුහුණේ භාව ප්‍රකාෂණය සඳහා වෙනත් පුද්ගලයෙකු යොදාගෙන තියෙනවා.

Ayalaan (2024) Sinhala Subtitles

ඒලියන් සඳහා හඬ දායකත්වය ලබා දෙන්නේ නළු සිද්ධාර්ත්. ඒ වෙනුවෙන් ඔහු කිසිදු අයකිරිමක් කළේ නැහැ. ඒත් මීට කලින් වඩිවේළු ඒලියන්ට හඬ කවන්න තෝරාගෙන තියෙනවා. ඇත්තටම එහෙම වුණා නම් මොන වගේ වෙයිද? චිත්‍රපටියට ධණාත්මක එකක් වෙයිද, සෘණාත්මක එකක් වෙයිද?

Ayalaan (2024) Sinhala Subtitles

බැලූ බැල්මට Paul (2011) චිත්‍රපටයේ පෝල් හා මේ ටැටූ අතරේ විශාල සමානකම් පෙනෙන්න තියෙනවා. අයලාන් කියන්නෙ පෝල් චිත්‍රපටියේ රීමේක් එකක් හරි එහෙමත් නැත්නම් අනුකරණය කිරීමක් නම් නෙවෙයි. පෝල් චිත්‍රපටයෙන් සමහර කොටස් මීට ආභාෂයට අරගෙන තියෙනවා. පෝල් හි ඒලියන්ගේ ස්වරූපය, අදෘශ්‍යමාන වීමේ ශක්තිය, සුව කිරීමේ ශක්තිය මීට ආභාෂයට ගෙන තියෙනවා. කොහොම වුණත් ටැටූගේ ස්වරූපය කුඩා ළමුන් ප්‍රිය කරන අන්දමට නිර්මාණය කර තිබෙනවා. ඉන්දියානු චිත්‍රපටියකින් මේ වගේ VFX පහසුවෙන් දකින්න ලැබෙන්නෙ නැහැ. දැන් කාලයේ හොලිවුඩ් වල සමහර චිත්‍රපටවල ග්‍රැෆික්ස්, VFX එක්ක බලද්දි නම් මේක ඊට වඩා හොඳට තිබුණා.

Ayalaan (2024) Sinhala Subtitles

Ayalaan (2024) Sinhala Subtitles

ඒ. ආර්. රහුමාන්ගේ සංගීතය මේ චිත්‍රපටයට බොහෝ ශක්තියක් වුණා. විද්‍යා ප්‍රබන්ධ වලට ගැලපෙන BGM වාදන වලින් හොලිවුඩ් හැඟීමක් දෙන්න රහුමාන් සමත් වුණා. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නම් එකට ගැලපෙනම සංගීතය අධ්‍යක්ෂකවරයා වෙන්නෙ ඒ. ආර්. රහුමාන් කියන එකේ සැකයක් නැහැ.

Ayalaan (2024) Sinhala Subtitles

පසුගිය වසරේ දීවාලියට(නොවැම්බර් 10) නිකුත් කරන බව කලින් කීවත් ග්‍රැෆික්ස් ආදියේ වැඩ නිමා කිරීමට මේ වසරේ ජනවාරිය දක්වා කල් දැමුණා. රජිණිගේ Lal Slaam චිත්‍රපටයද ජනවාරි 12 දින තිරගත කිරීමට දින යොදාගෙන තිබුණා. පසුව ලාල් සලාම් චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය වුණ Lyca Production ආයතනය එම දිනයේම ඔවුන් විසින්ම නිෂ්පාදනය කළ Mission Chapter 1 (2024) චිත්‍රපටය තිරගත කළා. ශිවකාර්තිකෙයන් හා ධනුෂ් දැඩි රජිණි රසිකයින් වග ප්‍රකට කාරණයක්. ඔවුන් දෙදෙනා වෙනුවෙන් මේ අවස්ථාව ලබා දුන්නා වෙන්නත් පුළුවන්.

Ayalaan (2024) Sinhala Subtitles

කොලිවුඩයේ විද්‍යා ප්‍රබන්ධය කියන ප්‍රවර්ගය වඩාත් පුළුල්ව භාවිතා කෙරුණේ Enthiran (2010) චිත්‍රපටයේදීයි. ඒ නිසාම අයලාන් චිත්‍රපටයට එන්දිරන් චිත්‍රපටයෙන් යම් යම් කොටස් ආභාෂයට ගෙන තියෙනවා. ඒ බව අධ්‍යක්ෂකවරයා වගේම ශිවා ද ප්‍රකාෂ කළා. කොහොම වුණත් රජිණිකාන්ත් ශිවාට දුරකථනයෙන් අමතා “මට ඔයාව ආභාෂයක් ශිවා. මමත් ඔයා වගේ මාවීරන්, අයලාන් වගේ කතාවක් කරන්න ඕන.” කියමින් සුබ පැතුම් එක් කර තිබුණා.

ඉන්දියානු සිනමාවේ මුල්ම වරට පිටග්‍රහ ජීවීයෙකුගේ කතාවක් සිනමාවට නගන්න උත්සාහ කළේ සත්‍යජිත් රේ යි. බෙංගාලි ගමකට පිටස්තර ග්‍රහලෝකයකින් එන අහිංසක ජීවියෙකුගේ කතාවක් ඇතුලත් මේ කතාව ළමා සඟරාවකට ලියූ එකක්. පසුව ආතර් සී. ක්ලාක් මහතාගේ යෝජනාවකට අනුව මේ කතාව චිත්‍රපට තිර රචනයක් විදියට කෙටුම්පත් කරනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කොලොම්බියා පික්චර්ස් අත්වැල් බැඳගැනීමට එකඟතාවය පළ කළා.

ඒත් මේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරන්න බැරිව යනවා. රේ සහ මයික් විල්සන් අතරේ ඇති වුණ යම් යම් ගැටළු මීට ප්‍රධාන හේතුව විදියට සළකනවා. The Alien (1967) සහ E.T. The Extra-Terrestrial (1982) චිත්‍රපටවල කතාව සත්‍යජිත් රේගේ ද ඒලියන් කතාවට බොහෝ සමානකම් දකින්න පුළුවන්. මේ හුටපට සමහර අය දන්නවාත් ඇති. දන්නෙ නැති අය මේ සම්බන්ධව වැඩ් විස්තර ඔයාලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

Ayalaan (2024) Sinhala Subtitles

කොහොම වුණත් ඉන්දීය සිනමාවේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය වන්නේ ඉන්දු-ඇමරිකානු නිෂ්පාදනයක් වුණ Kaadu (1952) දෙමළ චිත්‍රපටයයි. ඒ වගේම ඉන්දීය සිනමාවේ ප්‍රථම පිටග්‍රහ ජීවීන් සම්බන්ධ චිත්‍රපටය වන්නේ එම්.ජී. රාමචන්ද්‍රන් රඟපෑ Kalai Arasi (1963) දෙමළ චිත්‍රපටයයි. ඉන්දියානු සිනමාවේ ඒලියන් කෙනෙක් විශාල වශයෙන් ජනාදරයට පත් වුණේ Koi Mil Gaya (2003) හින්දි චිත්‍රපටයේ ජාදූ නම් ඒලියන් චරිතයයි.

Ayalaan (2024) Sinhala Subtitles

24AM Studios විසින් ශිවාගේ Remo (2016), Velaikkaran (2017), Seemaraja (2018) චිත්‍රපට නිෂ්පාදනය කළා. SK 14 විදියට හතරවැනි වතාවටයි මේ අයලාන් චිත්‍රපටිය නිෂ්පාදනයෙන් ශිවා සමඟින් එක් වෙන්නේ. හාහා පුරා කියලා එන්දිරන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ ඒ. ආර්. රහුමාන්ව සහ කැමරාකරණ ශිල්පී නිරව් ෂාව මේ ව්‍යාපෘතියට එක් කරගත්තා.

Ayalaan (2024) Sinhala Subtitles

නිෂ්පාදනය අතරතුර මූල්‍ය ගැලළු මතු වෙද්දී ශිවා ඔහුගේ නිෂ්පාදන ආයතනය වුණ Shivakarthikeyan Production යටතේ නිෂ්පාදනයට දායක වුණා. ඒත් අවසානයේ KJR Studios නිෂ්පාදනය තමන්ගේ ආයතනය යටතට පවරා ගත්තා. KJR Studios සහ Fanthom FX Studios ආයතන විසින් අයලාන් 2 චිත්‍රපටය සඳහා වූ ගිවිසුම අත්සන් කළා. අධ්‍යක්ෂක රවිකුමාර් සතුව සූරියා වෙනුවෙන් කතාවක් තිබෙන බවත් කිව්වා.

Ayalaan (2024) Sinhala Subtitles

කමල් හාසන් නිෂ්පාදනය කරන, රාජ්කුමාර් පෙරියසාමි අධ්‍යක්ෂණය කරන SK 21 චිත්‍රපටයේ පසු නිෂ්පාදන වැඩ කටයුතු මේ වෙද්දි සිදුවෙමින් තිබෙනවා. ගොඩක් දුරට මේ වසර තුලදීම තිරගත වේවි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මෙහි ශිවා සමඟින් සායි පල්ලවී රඟපානවා. ඒ වගේම ශිවාගේ 23 වන චිත්‍රපටය නැත්නම් ‘SK 23’ චිත්‍රපටය නිළ වශයෙන්ම නිවේදනය කළා. එය අධ්‍යක්ෂණය කරන්නේ ඒ. ආර්. මුරුගදාස්. මෙහි සංගීතය අනිරුද් විසින් සපයනවා. මෘනාල් ථකූර් මෙහි ප්‍රධාන නිළි චරිතය ඉදිරිපත් කරන බව සඳහන් වෙනවා. කලින් කිව්වා වගේ අයලාන් 2ත් ශිවාගේ ලැයිස්තුවේ තියෙනවා. ඉස්සරහට යම් තොරතුරක් දැනගන්න පුළුවන්.

Ayalaan (2024) Sinhala Subtitles

ශිවා නිෂ්පාදනය කළ සූරි, ඇනා බෙන් රඟන Kottukkali චිත්‍රපටය Berlin International Film Festival උළෙලේදී ප්‍රදර්ශනය කළා. තවද සූරිගේ Viduthalai Part 1 සහ 2 චිත්‍රපට, Yezhu Kadal Yezhu Mazhai චිත්‍රපටය ද මෙම International Film Festival Rotterdam උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණා.

Ayalaan (2024) Sinhala Subtitles

ධනුෂ්ගේ Captain Miller (2024) සහ අරුන් විජේගේ Mission Chapter 1 (2024) සමඟින් තරඟ කළ මෙය පලමු දින ඉ.රු. කෝටි 11ක පමණ ආදායමක් උපයා ගත්තා. ඒ වගේම දින 4කින් ඉ.රු. කෝටි 50ක ආදායමක් උපයා ගත්තා. ඒ වගේම දින 11ක් තුල ඉ.රු. කෝටි 75ක් උපයා ගත්තා. මේ වෙද්දි මේ චිත්‍රපටයට ලැබිලා තියෙන IMDB රේටින් අගය 6.8/10ක්. රොටන් ටොමෑටෝස් ප්‍රතිශතය 40%ක්. TOI වෙබ් අඩවියේ අගය 3.5/5ක්.

Ayalaan (2024) Sinhala Subtitles

පිටග්‍රහ ජීවීන් සම්බන්ධ හැම නිර්මාණයකින්ම පොදුවේ කියන දෙය පිටග්‍රහ ජීවීන් මනුෂ්‍ය වර්ගයාට වඩා දියුණු, බුද්ධිමත් කියන එක. ඔවුන් පෘථිවිය එක්ක සම්බන්ධ වන ආකාර දෙකක් තියෙනවා. එක් ආකාරයකින් මේ ජීවීන් පෘථිවියට ඇවිත් මහා විනාශයක් හෝ පෘතුවි වාසීන්ගේ අභ්‍යන්තර/ බාහිර වෙනසක් ඇති කරනවා. අනෙක් ආකාරය වෙන්නේ ඒ විනාශය හෝ වෙනස කරන්න පැමිණි පිටස්තර ජීවියාගෙන් මේ පෘථිවිය බේරා ගන්න තවත් ජීවීන් පැමිණීමයි.

සැබෑම ලෝකයේ මේ ජීවීන් අපට වඩා බලවත් කියන්න යම් යම් සත්‍ය සිද්ධීන් කීපයක් වාර්ථා වෙලා තියෙනවා. ඒ වාර්ථා වුණ සිද්ධීන් වල එක සමාන සිද්ධියක් අත්විඳපු කීප දෙනෙක් නිසා මේ සිද්ධි බොහෝ දුරට සත්‍ය සිදුවීමක් විදියට වාර්ථා වෙලත් තියෙනවා. පිටග්‍රහ ජීවීන්ගේ ඇත්ත නැත්ත කොහොම වුණත් එහෙම ප්‍රිටග්‍රහ ජීවීන් ඉන්නවා නම් අපි නොදැක ඉන්න, අපිට නොපෙනෙන තරමට හොඳයි. දෙයකට තියෙන කුතුහලය නැති වුණාම ඒ දේ නීරස වෙනවා. එහෙම නොවුණා නම් පිටග්‍රහ ජීවීන් සම්බන්ධව මේ තරම් රසබර නිර්මාණ අපිට දකින්න ලැබෙන්නෙ නැහැ.

Ayalaan (2024) Sinhala Subtitles

ඉතින් බලන්න කියලා නිර්දේශ කරන්න බැහැ. පුද්ගලයන්ගේ රසිකත්වෞඅ වෙනස් නිසා කැමති අය අරගෙන බලන්න. ශිවකාර්තිකේයන්ගේ අනෙක් චිත්‍රපටවල වගේම මේකේදීත් සිගරට් හා මත්පැන්, මධ්‍යසාර පානය කරන දර්ශන වගේම කිසිම අසැබි දසුනක් ඇතුලත් වෙන්නෙ නැහැ. ඒ නිසා පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්.

Ayalaan (2024) Sinhala Subtitles

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRIP / HQ HDRip HC-ESub පිටපත් සඳහා ගැළපේ.

26,964 downloadsDownload Ayalaan-2024-Sinhala-Subtitles-WEB-Update.zip132 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ayalaan (2024) Sinhala Subtitles

Subtitles by

රවිඳු නවින්

Subtitles

26,964 downloadsDownload Subtitles132 KB

17 comments

  1. Umesh Randheer

    Ado mru

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    1. නුවන් අසේල

      තැන්ක්ස් මචෝ උපසිරැසියට

  3. මයුර

    සබට බොහොමත්ම තුති සහෝ. බලමු මේකත්

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Aaaaaaaaaaaadarei...........
    Ummmmmmmma............

  5. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Anonymous

    Thanks for the sub

  7. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Hashan

    Thnx for the sub....❤️

  9. Thusitha

    Thanks .. ❤️❤️❤️ sub ekata...jayama wewa

  10. Sandeep Madushan

    Thanks saho

    1. Nimesh

      Thank you bro!❤️ keep it up!

  11. Kusal gawisha

    Thanks bro

    1. Nimesh

      Thank you bro! Keep it up.❤️

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Nimesh

    Thank you bro!❤️ keep it up!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P