Watch Trailer

Hunt (2024) Sinhala Subtitles | පලිගැනීමක්, මිනීමැරුමක්, ආත්මයක් [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

මේකේ කතාව පටන් ගන්නේ සාරා කියන වෛද්‍ය විද්‍යාල සිසුවියක් අතුරුදන් වෙන සිද්දියෙන්. ඒ සිදුවීමෙන් මාස කිහිපයකට පස්සේ එක්තරා ගගක මාලුබාමින් ඉදපු ගුරෙකුටයි ගෝලයෙක්ටයි හම්බවෙනවා බැරල් එකක්, අන්න ඒකේ තමයි උඩ මං කියපු ගෑණු ළමයාගේ ඇටසැකිලි ටික හම්බවෙන්නේ. ඒ විමර්ශනය ඔහොම දිගටම කෙරීගෙන යනකොට මේකේ අධිකරණ වෛද්‍ය පැත්ත බලන්නේ කිර්ති කියලා කෙල්ලෙක්. ඉතින් මේකේ පොලිස් විමර්ශනය කරන්නේ ASI සයිරාම් කියලා පොලිස් නිලධාරියෙක්. ඕක ඔහොම කරගෙන යනකොට සාරාගේ පෙම්වතාත් මේ අභිරහසට පැටලෙද්දී මේ නඩුව තවත් සංකීර්ණ වෙනවා. 

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ.

ඔන්න තවත් මලයාලම් සබක් අරගෙනයි ආයේ මං සයිට් එකට ගොඩ වුනේ. මේක ටිකක් පරණ වුනත් මලයාලි හොරර් ත්‍රිලර් බලන්න කැමති අයට නම් මේක සෙට් වෙයි ගොඩක් දුරට. 

එහෙනම් යමුකෝ විස්තරේට.

මේකේ නම Hunt. මේක නිකුත් වෙන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. අධ්‍යක්ෂණය අපි කවුරුත් දන්නා කෙනෙක්. වෙන කවුරුවත් නෙවෙයි, ශාජි කයිලාස්. මේකේ රචනය කරන්නේ නිඛිල් ආනන්ද්ගෙන්. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්ගෙන්. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට. 

රංගනයෙන් භාවනා මෙනන් එක්ක අජ්මල් අමීර්, රෙන්ජි පනිච්කර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ්, රාහුල් මාධව්, අනූ මෝහන් වගේ අය රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 3.7/10 කුත්, Justdial අගය 5.8/10කුත්, TMDB අගය 3.5/10 කුත් ලබා දීලා තියෙනවා.

OTT ගැන කිව්වොත් Manorama Max හරහා 2025 අවුරුද්දේ මැයි 23 වෙනිදා මේ චිත්‍රපටයේ පිටපත් නිකුත් වුණා..

පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

එහෙනම් ඉතින් ආයේ මං කවද එයිද නැද්ද දන්නේ නෑ.. ඒත් කොහොමහරි එකක් ගෙන එන්න උත්සහ කරන්නම්. ඉස්සරහට හොද ෆිල්ම්ස් එන්න තියෙනවා. ඒවත් රසවිදින්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම මං එහෙනම් යන්නම් ඈ.. සුබ දවසක් !

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
16
Downloads
25.9K
Readers' rating
No reviews yet

Aspiring Full Stack Developer | Youtuber | Subtitle Contributer in Baiscope Sinhalen

Write a review of ඕෂද එරංග (Era Boy) →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

1 comment

  1. Gagan Pabasara

    බොහොම ස්තුතිය උපසිරස ට ❤️🤗

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.