Watch Trailer

Amazon (1999) E11 Sinhala Subtitles | බිහිසුණු කාළ මෘගයා සහ මවකගේ අදෝනාව [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසේ කතාව පටන් ගන්නේ ලොකු යුද්ධයකට ලෑස්ති වෙන කලබලයක් එක්කයි. වරම් ලැබූ අයට ඕනේ කොහොමහරි විල් කියන දරුවව ආපහු ලබාගන්න. මෙයාලා විල්ව සලකන්නේ එයාලගේ 'දේවවැකිකරු' විදියටයි. ඒ වගේම රක්ත දේවතාවියගේ සභාවක් පවා මේ වෙනුවෙන් කැඳවලා තියෙනවා. ඒත් ඇන්ඩෘ සහ තවත් සමහරු හිතනවා මේ වගේ යුද්ධයකට යන එක ලොකු වැරැද්දක්, මේකෙන් ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙයි කියලා.

මේ අතරේ ෆැල්ක්නර්ට ඕනේ මේ ප්‍රශ්නේ ලේ වැගිරීමකින් තොරව විසඳගන්න. ඒ නිසා මිනිහා වනචාරීන්ගේ නායකයෙක් වුණු කොරා කැල්ට යෝජනාවක් ගේනවා, විල් වෙනුවට තමන්ව හුවමාරු කරගමු කියලා. අනිත් පැත්තෙන් වනචාරීන් සටනට ලෑස්ති වෙන්නේ එයාලගේ ඊතල වල විෂ පොඟවලා.

1

කොහොමහරි ළමයව බේරගන්න යන මේ ගමනේදී ඇන්ඩෘලා ඇතුළු වරම් ලැබූවෝ උගුලකටත් අහුවෙනවා. විල් තමන්ගෙම අයව නැවත ආරක්ෂා කරන්න හදනවා කියලත් පේන්න තියෙනවා වනචාරීන්ට තරමක් පිටුපාලා. වනචාරීන් වරම් ලැබුවන්ව ගිනිදැලින් පුච්චන්න හදනකොට විල් මැදිහත් වෙලා ඒක නවත්තනවා.

අන්තිමට මේ ප්‍රශ්නේ යුද්ධයක් නැතුව විසඳගන්න මෙයාලා අමුතුම සටනකට එකඟ වෙනවා. ඒකට කියන්නේ 'ජකූඩා' කියලා. මේක කිසිම කරුණාවක් නැති, මරණය පමණක් ඉතුරු වෙන දෙන්නෙක් අතරේ කෙරෙන සටනක්. මේ සටනේ තියෙන භයානකම දේ තමයි, මේක කරන්නේ ඇතුළේ ගෝණුස්සෙක් ඉන්න මල්ලකින් ගල් අරන් තමන්ගේ පපුවට ගහගන්න ගමන්. වනචාරී සටන්කරුවා දැකලා තියෙන දර්ශනයක් නිසා මිනිහා හිතන්නේ අනිත් කෙනා ළමයව මරන්න ආපු යක්ෂයෙක් කියලා. ඒත් ෆැල්ක්නර්ට උපදෙස් ලැබෙන්නේ අනිත් කෙනාව මරන්නේ නැතුව බිම දාන්න විතරයි කියලා.

2

මිනිහා සටනින් දිනුවත් අනිත් කෙනාව මරන්නේ නෑ. සටන දිනුවට පස්සේ එයාලට තේරෙනවා විල්ට බල කරලා එයාලත් එක්ක එක්කන් යන්න බෑ, ළමයා තනියම තීරණය කරන්න ඕනේ කියලා. මුලින් නම් විල් කියන්නේ මේ වෙච්ච දේවල් එක්ක එයාට යන්න ඕනේ නෑ කියලා.

මේ අස්සේ පූජකතුමා කඳවුරේ වෙච්ච ජේකබ්ගේ මරණය වෙනුවෙන් අමුතුම දඬුවමක් දෙනවා. තාත්තා නැති වුණු දරුවට පියෙක් ලබා දෙන්න, මරණය වෙනකම් අපේ කෙනඩි දොස්තර මහත්තයටයි ජේකබ්ගේ නෝනටයි විවාහ වෙන්න කියලා මෙයා බල කරනවා.

3

අන්තිමේදී ඇන්ඩෘ විල්ට ගුවන් යානයේ සුන්බුන් අතර තිබිලා හම්බවුණු, විල්ගේ පවුලේ පින්තූරයක් අනුස්මරණයක් විදියට දෙනවා. මේකෙන් පස්සේ විල් තීරණය කරනවා තමන්ගේ කට්ටියත් එක්ක ආපහු යන්න. විල් කොරා කැල්ගෙන් සමාව අරන් තමන්ට පවුලක් ඉන්නවා කියලා යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ කොරා කැල් ගොඩක් තදින්ම කියනවා ගිනි දැල්ලේ දැකපු දර්ශනය ඇත්ත, දුෂ්ටයා විල්ව අරන් යනවා, ඒ වගේම අද ඉඳන් විල් එයාට මැරුණු කෙනෙක් කියලා.

4

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
239
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.