Watch Trailer

Baththa (2026) Sinhala Subtitles | බත්තා... [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

දමිළ සිනමාව තුළ අපි කවුරුත් ආදරය කරන වගේම ඕනම චරිතයක් සුපිරියට රඟපාන නළුවෙක් තමයි Vijay Sethupathi කියන්නේ. ඒවගේම හැමෝම දන්න කාරණයක් තමා ඉන්ඩස්ට්‍රිය ඇතුලේ සෑහෙන කට්ටක් කාලා තමයි Vijay Sethupathi අද ඉන්න තැනට එන්නේ. නෙට්ෆ්ලික්ස් හරි ඩවුන්ලෝඩ් කරලා හරි ෆිල්ම් බලන්න තියා හරිහමන් විදියට ඉන්ටනෙට්වත් නැති කාලෙක තමයි ටීවී චැනල් එකක යන සුපිරිම කොමඩි, ටෲ ස්ටෝරි ෆිල්ම් එකක් වෙන Naduvula Konjam Pakkatha Kaanom මං දකින්නේ. ප්‍රේම් කියන බඳින්න ඔන්න මෙන්න ඉන්න කොල්ලා යාළුවොත් ක්‍රිකට් ගහද්දී ඔළුව වද්දගෙන මතකය අමතක වෙලා, ඒත් යාළුවෝ ටික එකතු වෙලා කොල්ලව බන්දවන්නේ. අන්න ඒ කතාව. මගේ මතකය හරිනම් Vijay Sethupathiගේත් නළු ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මෙන්න මේ ෆිල්ම් එක. මේක ඒ ෆිල්ම් එකේ Cinematographer වෙච්ච C. Prem Kumar උනාට ඇත්ත සිද්දියක් කියලයි මට නම් මතක.

 

දැන් ඔයාලා බලනවා ඇති මන් ඇයි පරණ ෆිල්ම් එකක් ගැන මෙච්චර කියවන්නේ කියාලා. ඒකට හේතුව ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Balaji Tharaneetharan එක්ක ආයේත් Vijay Sethupathi එකතු වෙලා අපිට අරන් එන ඒ සුපිරි ෆිල්ම් එක තමා අද මේ අරන් එන්නේ. Baththa (2026).

 

6,700කට අධික මනාප වලින් IMDb අගය 9.0කට කරකවපු ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුණු, Sai Abhyankkar සංගීතයෙන් හැඩවුණු සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන් චිත්‍රපටයක්.

 

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, 1986 කාලය තුල ගමේ හැමෝම බයවෙලා ඉන්න මැරයෙක් ඉන්නවා. ඒ තමා බත්තා. කාටවත් මුකුත් කරගන්න බැරි උනාට කෙනෙක් මේ බත්තව හිර කරනවා තැනක. ඒ කෙනා තමා මේ කතාවේ අනෙක් ප්‍රධාන චරිතේ. ඒ සිද්දියෙන් පස්සේ බත්තගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. 

 

මන් වැඩිය කතාව ස්පොයිල් කරන්න කැමති නැති නිසා බත්තව හිර කරන්නේ කොහේද, කවුද හිර කරන්නේ, බත්තා ඇයි එතනට ගියේ, බත්තා මැරයෙක් උනේ ඇයි වගේ කතන්දර ගොඩක් ඔයාලට බලාගන්න පුලුවන්. කොමඩි ඩ්‍රාමා එකක් වගේම හොඳ ඉමෝෂනල් ටයිප් එකේ චිත්‍රපටයක් බලන්න කැමති නම් මෙන්න නියම චිත්‍රපටයක්…



Rank: Bronze
Ratings
Reviews
0

Subtitles by

A.R

Bronze

View profile
Subtitles
25
Downloads
26.3K
Readers' rating
No reviews yet

Write a review of A.R →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1 comment

  1. Nafraas

    Mekan kohomada download kaaraganna video eka

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.