Watch Trailer

The Cycle (2026) Sinhala Subtitles | පියාගේ අභිරහස් මරණය [සිංහල උපසිරසි] (250*)

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

කොහොමද හැමෝටම,


බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම ගෙන එන 250 වෙනි උපසිරසි නිර්මාණය තමයි මේක!
චිත්‍රපටයක් හෝ කතා මාලාවක් රස විඳිනවා කියන්නේ අපූරු අත්දැකීමක්. ඒත්, ඒ අත්දැකීම අපේම බසින්, සිංහල උපසිරසි හරහා තවත් බොහෝ දෙනෙකුට සමීප කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා, මේ උපසිරසි 250 ක ගමන පුරාවට මාත් එක්ක රැදී සිටි සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා!


අද මම අරගෙන ආවේ Horror සහ Mystery ගණයට අයත් 2026 වසරේ නිකුත් වූ සුපිරිම සිනමාපටයක් සඳහා සිංහල උපසිරසියි!

ජෝඩන් ඩවුනිගේ අධ්‍යක්ෂණයෙන් සහ කෙවින් ස්ටුවර්ට් ගේ තිරරචනයෙන් හැඩවුණු 'The Cycle' (2026) කියන්නේ Crime Drama සහ Creature Horror කියන ද්විත්වයම ඉතාමත් විශිෂ්ට ලෙස මුසු කර නිර්මාණය කරපු සිනමාපටයක්.

කතාව ගැන බිඳක්...


අපරාධ විද්‍යාත්මක පරීක්ෂිකාවක් වන මෙග් ගාර්ලන්ඩ් ඉදිරියට ඉතාමත් අමුතු හා බිහිසුණු අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීමට සිදු වෙනවා. නමුත් එතැනදී ඇයව සහමුලින්ම කම්පනයට පත් කරන සිදුවීම වන්නේ, මීට වසර 36කට පෙර අතුරුදහන් වූ ඇගේ පියාගේ සිරුර එම අපරාධ ස්ථානයෙන් හමුවීමයි!

වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ පියාගේ අතුරුදහන් වීම සහ ඔහුගේ අඳුරු අතීතය පිටුපස ඇති සත්‍යය සෙවීමට මෙග් පෙළඹෙනවා.  නමුත් එම සත්‍යය හුදෙක් අපරාධයකට පමණක් සීමා වූවක් නෙමෙයි... එය පරම්පරා ගණනාවක් තිස්සේ ඇදී එන බිහිසුණු අභිරහසක ආරම්භයයි!

චිත්‍රපටයේ විස්තර 

නම: The Cycle (2026)
අධ්‍යක්ෂණය: Jordan Downey
තිරරචනය: Jordan Downey & Kevin Stewart
ප්‍රධාන රංගනය: Deborah Ann Woll, Jeffrey Donovan   
Genre: Crime / Horror / Mystery / Thriller   
ධාවන කාලය: පැය 1යි මිනිත්තු 51යි

එහෙනම් තවත් වැඩි විස්තර නැතුව සිංහල උපසිරසි සමග චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා...

Rank: Platinum
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

10 comments

  1. UD Shehan

    සුභ පැතුම් 250ට!
    300ට යමු ඉක්මනට ;)

    Reply
    1. තරිදු දිසානායක

      Thank you❤️

      Reply
  2. Omindu Viraj

    Thanks

    Reply
  3. ඕෂද එරංග (Era Boy)

    250 ට සුබ පැතුම් සගෝ!

    Reply
    1. තරිදු දිසානායක

      Thank you❤️

      Reply
  4. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්...

    Reply
  5. නිශාන් සමීර

    250 🔥
    CONGRATULATIONS BRO 🎊 👏
    THANK YOU FOR SINHALA SUBTITLES 🥰

    Reply
    1. තරිදු දිසානායක

      Thank you❤️

      Reply
  6. එල්. සී. ද මැල්Admin

    250 වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් තරිඳු සහෝ! ❤️
    දිග⁣ටම හොඳ නිර්මාණවලට උපසිරසි කරමු! 😊
    ජය!✌

    Reply
    1. තරිදු දිසානායක

      Thank you❤️

      Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.