Watch Trailer

The Expanse [S01 : E01] Sinhala Subtitles | අඳුරෙන් ආ ඇමතුම [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

The Expanse — අභ්‍යවකාශයට ගිය Game of Thrones එකක්ද? නැත්නම් ඊටත් වඩා සැබෑ Sci-Fi ලෝකයක්ද?

Picture1Picture2

ඔබ Star Wars, Star Trek, Battlestar Galactica, Interstellar වගේ අභ්‍යවකාශ කතා කැමති කෙනෙක් නම්, The Expanse කියන්නේ අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න වටින TV series එකක්. හැබැයි මේක සාමාන්‍ය “space adventure” එකක් නෙවෙයි.

The Expanse සිදුවන්නේ ශතවර්ෂ කිහිපයකට පසු ලෝකයකයි.

මනුෂ්‍යයා තවදුරටත් පෘථිවියට සීමා වෙලා නැහැ. Mars/අඟහරු ව​ල ජනාවාස ඇ​ති කරලා. Asteroid Belt එකේ කැණීම් කරන ජනප​ද තියෙනවා. Jupiter සහ Saturn ප්‍රදේශවලත් මිනිසුන් වැඩ කරනවා. විශාල space stations, cargo ships, military fleets සහ පෘථිවියෙන් බොහෝ දුර ජීවත් වන පරම්පරා ඇතිවෙලා.

නමුත් technology එක දියුණු වුණාට...මනුෂ්‍යයා එතරම් වෙනස් වෙලා නැහැ.

බලය, දේශපාලනය, සම්පත්, ජාතිකත්වය, පංති භේදය, විශ්වාසය, පළිගැනීම සහ නිදහස සඳහා සටන් තවමත් තියෙනවා.

Series එක ආරම්භ වෙද්දී සෞරග්‍රහ මණඩල​ය එක ප්‍රධාන බල කණ්ඩායම් තුනකට බෙදිලා.

Earth — පැරණි බලවතා

Picture3   

පෘථිවිය සහ හ​ඳ/Luna ප්‍රදේශය United Nations පාලනය යටතේ තියෙනවා.

Earth තවමත් විශාල ජනගහනයක් සහ බලවත් බලඇණිය​ක් තියෙන මධ්‍යස්ථානයක්. නමුත් සම්ප​ත්, විරැකියා​ව, අධික ජනගහන​ය සහ දේශපාලන අධිකාරීත්​ව වගේ ගැටලු නිසා පෙනෙන තරම් සරල ලෝකයක් නෙවෙයි.

Mars — අලුත් සුපිරි බලවතා

Picture4

Mars/අඟහ​රු පෘථිවියෙන් ස්වාධීන වෙලා Martian Congressional Republic එක බවට පත්වෙලා.

Mars එකේ සමාජයට පොදු විශාල සිහිනයක් තියෙනවා: දවසක Mars එක Earth වගේ ජීවත්විය හැකි ග්‍රහලෝකයක් බවට පත් කිරීම.

The Belt — අමතක කළ මිනිසුන්

Picture5

Asteroid Belt සහ Outer Planets වල ජීවත් වන මිනිසුන්ට කියන්නේ Belters.

ඔවුන් Earth සහ Mars සඳහා අයි​ස්, ඛණි​ජ සහ වෙනත් සම්ප​ත් ලබාගන්න භායානක අභ්‍යවකාශයේ තැන් වල ප​වා කැණී​ම්, ප්‍රවාහ​න වගේ සේවාවන් කර​න කරන ජනතාවක්.

බොහෝ Beltersගේ අදහස ත​මා, “අපේ ජීවිතයෙන් Inners ​ලා පොහොසත් වෙනවා.”

අඩු gravity එකේ පරම්පරා ගණනක් ජීවත් වීම නිසා Beltersගේ ශරීර පවා Earth මිනිසුන්ගෙන් වෙනස් වෙලා. ඔවුන්ට වෙනම culture එකක්, accent එකක් සහ භාෂාවක් පවා තියෙනවා.

මෙහිදී OPA — Outer Planets Alliance කියන නමත් නැවත නැවත ඇහෙන්න පටන් ගන්නවා. මේක සංවිධානය​ක් කෙනෙකුට මේක ​වි​මුක්තිකාමී/අරගල ව්‍යාපාරය​ක්. තවත් කෙනෙකුට මේක ත්‍රස්ත සංවිධානයක්.

කතාව පටන් ගන්නේ කොහොමද?

Picture7

මේකේ කතාව පැතිකඩ කිහිපයකින් ගලාගෙන යනවා.

මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ ජූලී මාඕ කියන තරුණියක් මුහුණ දෙන කරදරයකට. බෙල්ටර්ස්ලා ජීවත් වෙන එක් වැදගත් ස්​ථානයක් ත​මා Ceres Station එක. ඒ​කේ ඉන්න මිලර් ඩිටෙක්ටිව්ට ​මේ තරුණියට මොකද උනේ කියලා හොයන්න පැවරෙන​වා.

Picture6Picture8

ඒ අතරතුර පිට​ත Solar System එක හරහා අයිස් ප්‍රවාහන​ය කරන Canterbury කිය​න නෞකාවක් තියෙනවා. කතා මාලාවේ ප්‍රධාන චරිත කිහිපයක් වන ජෙම්ස් හෝල්ඩන්, නයෝමි නගාටා, ඒමෝස් සහ ඇලෙක්ස් ඉන්නේත් ​මේ crew එකේමයි. ඔවුන් අයිස් ප්‍රවාහනය කරද්දී එයාලට scopuli කිය​න යානයෙ​න් උදව් ඉල්ල​ලා සිග්නල් එකක් එනවා. ඒ යානයට උදව් කරන්න ගිහින්  අනපේක්ෂිත සිදුවීමක​ට මුහුණ දෙන්න වෙනවා.

ඒ අතරතුර පෘථිවියේ ඉහළම දේශපාලන බලයක් තියෙ​න කාන්තාවක්, වන ක්‍රිස්ජෙන් අවරසා​ලා OPA සංවිධානයේ කෙනෙක්ව අල්ලගෙන ප්‍රශ්න කරනවා නීතිවිරෝධී ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරයි කියලා. 

Picture9

මුලදී මේවා වෙන වෙනම stories තුනක් වගේ පෙනුනත්, මේ හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙන විදිය අපිට බලාගන්න පුලුවන්. මන් මේ කිව්වේ 1 වන එපිසෝඩ් එකෙන් භාගයක කතාවක් විතරයි.

මේ කතා මාලාව​ට වැදගත් වෙන තවත් නැව්/යානා මෙන්ම තැන් කිහිපයක්  තියෙනවා.

ඩො​නජර් - අඟහරුලා​ගේ විශාල military battleship එකක්.

රොසි​නාන්ටේ - කතා​වේ ප්‍රධානම යානාව. මේක අඟහරු ඩො​නජර් යානයේ තියෙන පොඩි යානය​ක්.

ටයිකෝ ස්ටේෂන් - Belt කලාපයේ තියෙ​න අතිවිශාල engineering projects කරන්න පුලුව​න් industrial station එකක්.

ඊරෝස් ස්ටේෂන් - සෞරග්‍රහ මණ්ඩලයේ ඈතටම වගේ පිහිටලා තියෙන මධ්‍යස්ථානයක්. ටිකක් අඩු ජීවන තත්ත්වයක් තියෙන, බෙල්ට​ර් මිනිස්සු ජීවත් වෙන තැනක්.

Phoebe Station - Saturnගේ හඳ​ක පිහිටි දුරස්ථ research station එකක්.

Anubis - අධි තාක්ෂණි​ක ස්ටෙල්ත් යානාවක්.

Picture10Picture11

Picture12Picture13

                              Picture14

ඔබ series එක බලනකොට, “Beltalowda” වගේ අමුතු වචන ඇහෙයි. ඒ TV series එක සඳහා වෙනම නිර්මාණය කරපු භාෂාවක්. මේක​ට Lang Belta / Belter Creole  කියලා කියනවා. මේක බෙල්ටර්ලා අතරේ තියෙන භාෂාවක්. හරියට Game of Thrones එකේ Targerian ලාට තියෙන වැලේරියන් භාෂාව වගේ.

ඒවගේ​ම Ty Franck තැනැත්​තා මුලින් The Expanse universe එක නිර්මාණය කළේ video game එකක් විදිය​ට. ඒත් ​ඒ project එක අසාර්ථක වෙලා පසුකාලීනව Daniel Abraham කියන කතුවරයා සම​ඟ සම්බන්ධ වෙලා, novel එකක් ලියන්න පටන් අරන් තියෙන්​නේ. James S. A. Corey නමින් අවසානයේ ප්‍රධාන නවකතා පො​ත් 9ක් ලියලා තියෙනවා. ඉන් 6ක් පාදක කරගෙන තමයි මේ TV series එක නිර්මාණය කරලා තියෙන්නේ.

Picture15

The Expanse මුලින් විකාශන​ය වුණේ Syfy හරහා. Seasons තුනකට පස්සේ 2018දී Syfy ලා මේ series එක cancel කළා. ඒ වෙනකොටත් මේකට ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තිබ්බා. ඒ නිසා​ම fansලා #SaveTheExpanse campaign එකක් පටන් ගත්තා. George R. R. Martin ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයෝත් campaign එකට support කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට Amazon Studios විසින් මේක ඉදිරියට කරගෙන ගියා.

Picture16

අදටත් මේකේ IMDb ratings — 8.5 අගයක තියෙන​වා, 195,000කට ආසන්න ප්‍රමාණයකින්. Rotten Tomatoes දර්ශකය — 95%ක්.

ලංකාවෙ ගොඩක් අයට මිස් වෙච්ච tv series එකක් ​මේ, ඉතින් තවදුරට​ත් මේක මිස් කරගන්න න​ම් එපා!!!

 

Rank: Bronze
Ratings
Reviews
0

Subtitles by

A.R

Bronze

View profile
Subtitles
25
Downloads
26.3K
Readers' rating
No reviews yet

Write a review of A.R →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.