Justice League: Crisis on Infinite Earths – Part One (2024) Sinhala Subtitles සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ DCAMU හෙවත් DC Animated Movie Universe එකේ අලුත්ම continuity එක අවසාන කරන ෆිල්ම් එකේ පළමු කොටස. ඒ තමයි Justice League: Crisis on Infinite Earths – Part…

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ DCAMU හෙවත් DC Animated Movie Universe එකේ අලුත්ම continuity එක අවසාන කරන ෆිල්ම් එකේ පළමු කොටස. ඒ තමයි Justice League: Crisis on Infinite Earths – Part One. මුලින්ම, මේ ෆිල්ම් එක කරමුද කියලා අහලා ඒක බාරදුන්න විමා අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ.
ලිපිය පටන් ගන්න කලින්ම කියන්න ඕනේ, ලිපිය තුළ කතාවට අදාළ කිසිම ස්පොයිලර් එකක් නැති බව. මොකද Crisis on Infinite Earths කියන්නේ මේ වගේ උපසිරසියකට ලියන ලිපියකට කොටු කරන්න බැරි තරම් විශාල event එකක්. ඒක ගැන වෙනම ලිපියක් මංසලේ පළ කරොත් තමයි ඒකට සාධාරණයක් කරන්න පුළුවන්.
කොහොම නමුත් කතාවට ප්‍රවේශයක් දෙන්න එපැයි. ඉතින් අපි දන්න නොදන්න හැමෝටම දැනගන්න කතාකරමු Tomorrowverse එක ගැන. DC ආයතනය විසින් නිකුත් කරන Animated films වර්ගීකරණය වෙන්නේ DCAMU නමින් කෙටියෙන් හඳුන්වන යුනිවර්ස් එකකටයි. 2020 වසරේ නිකුත්වුණු Justice League Dark: Apokolips War චිත්‍රපටිය අවසානයේදී ෆ්ලෑෂ්, ෆ්ලෑෂ්පොයින්ට් එකක් හරහා මුළු විශ්වයම රීබූට් කරනවා. එතැනින් උපන් විශ්වය තමයි Tomorrowverse කියලා හඳුන්වන්නේ. ඊට අයත් චිත්‍රපටි ටික තමයි
- Superman: Man of Tomorrow
- Justice Society: World War II
- Batman: The Long Halloween – Part 1
- Batman: The Long Halloween – Part 2
- Green Lantern: Beware My Power
- Legion of Super-Heroes
- Justice League: Warworld
- Justice League: Crisis on Infinite Earths -Part One
- Justice League: Crisis on Infinite Earths -Part Two
- Justice League: Crisis on Infinite Earths -Part Three
ඔව්. මේක කොච්චර ලොකු සහ වැදගත් event එකක්ද කියනවා නම් ෆිල්ම් දෙකක් නෙමෙයි, තුනක්ම ඕන කරලා තියෙනවා කතාව සම්පූර්ණයෙන් කියන්න. ඉතුරු කොටස් දෙකත් මේ අවුරුද්දේම නිකුත් වීමට නියමිතයි. ඒ දෙකටත් ඉදිරියේදී උපසිරසි ගේන්නම්. ඒවගේම කියන්න ඕනේ, කලින් ෆිල්ම්ස් ටික බලල නැත්නම් මේක බලන්න එපා. මොකද සමහර තැන්වලදී කන්ෆියුස් වෙන්න පුළුවන්. මේක බලනවා නම් ඒ ටිකත් බලලා එන්න, මොකද Crisis on Infinite Earths කියන්නේ DC වල සුවිශේෂීම crossover කතාවක්.
Crisis on Infinite Earths කියන්නේ 1985දී, ඒ කියන්නේ මීට අවුරුදු 39කට කලින් ලියවෙච්ච කතාවක්. ඒකේ පසුබිම කියනවා නම් මෙහෙමයි. 1985 වෙනකොට DC වල continuity එක සම්පූර්ණයෙන්ම අවුල් වෙලයි තිබුණේ. කොමික් වල සිද්ධ වෙන දේවල් සංකීර්ණ වැඩි වුණා වගේම, ගොඩක් දේවල් (Wonder Girl වගේ චරිතවල ඔරිජින් පවා) retcon කරන්න සිද්ධ වුණා. මේකට ප්‍රධානම හේතුව වුණේ DC කොමික් රචකයෝ එක එක කණ්ඩායම්වලට එක එක පෘථිවි වෙන් කරගෙන තිබීම. උදාහරණයක් විදියට පෘථිවිය-1 කියන්නේ Justice League එක ඉන්න ප්‍රධාන යුනිවර්ස් එක, පෘථිවිය-2 කියන්නේ Justice Society එක ඉන්න විශ්වය, පෘථිවිය-3 කියන්නේ Crime Syndicate එක ඉන්න යුනිවර්ස් එක, ඔය වගේ. ඉතින් මේ ඔක්කොම අවුල්ජාලා නිරාකරණය කරලා රචකයින්ට ඕන වුණු විදියට අලුතෙන්ම කතාව ලියන්න, එයාලා තීරණය කළා මුළු මල්ටිවර්ස් එකම රීබූට් කරලා දාන්න. ඉතින් ඔන්න ඕක නිසා තමයි 1985දී Crisis on Infinite Earths කියන කොමික්ස් ටික ලියවෙන්නේ.
මේක තමයි DC විශ්වයේ පළමු crisis එක වගේම ප්‍රසිද්ධම crisis එක. “Crisis” එකක් කියලා කොමික්වල හඳුන්වන්නේ මුළු මල්ටිවර්ස් එකටම ව්‍යසනකාරී බලපෑම් ඇති කිරීමට තරම් විශාල crossover events. මේ crisis එක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් CW Arrowverse එකත් මේ කතාව එයාලගේ TV shows වලට adapt කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒක DCAMU විශ්වයට adapt කරගන්න විදියයි.
ෆිල්ම් එකට මේ වෙනකොට IMDb දර්ශකයේ 6.4ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 67%ක අගයකුත් ලැබිලා තියෙනවා. Matt Bomer (Flash), Jensen Ackles (Batman), Stana Katic (Wonder Woman), Darren Criss (Superman) ආදී ගොඩක් අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. කලින් ෆිල්ම්වලින් දැකලා පුරුදු මූණු හුඟක් මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන් වේවි.
එහෙම නම්, ෆිල්ම් එක රසවිඳින්නකෝ. 2024 ම නිකුත් වෙන්න නියමිත දෙවෙනි සහ තුන්වෙනි කොටස්වලටත් උපසිරසි අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌.
Justice League: Crisis on Infinite Earths – Part One, Justice League: Crisis on Infinite Earths – Part One (2024) Sinhala Subtitles, Justice League: Crisis on Infinite Earths – Part One (2024) Sinhala Sub
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
9,738 downloadsDownload Justice-League-Crisis-on-Infinite-Earths-Part-One-2024-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Justice League: Crisis on Infinite Earths – Part One, Justice League: Crisis on Infinite Earths – Part One sinhala sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Comics
- #DC
- #DC Comics
- #Justice League: Crisis on Infinite Earths - Part One
- #Justice League: Crisis on Infinite Earths - Part One sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Arawinda Sunimal
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Kavindu
Bro van healsing anthima seasan ake su b dennako
Amarajith Chandimal
Thank you.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Tharindu
Thank you
supun sadamal
meke part 2 ganna puluwanda ?
Janith
Part 2 sub oni
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun
Sub eka supiri.Meke part two eke sub nadda.
බිම්බිෂ
ස්තූතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Justice League: Crisis on Infinite Earths – Part One (2024) Sinhala Subtitles | ලෝක අනන්තයක විනාශය – පළමු කොටස [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/jl-crysis-01.jpg)

ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......