බයිස්කෝප් සිංහලෙන් හොඳ රසිකාවියක් උන මන් දැන් ඔන්න ඔයාලගේ පවුලේ කෙනෙක් වෙන්න යන්නේ. හැමදාම චිත්‍රපට රස විඳ විඳ ඉන්නේ නැතිව රසවින්දනයක් ලබා දෙන ගමන් ටිකක් දැනුමත් වර්ධනය කර ගන්න හිතුවා. ඉස්සෙල්ලා මන් ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මවක් බිරිදක් විදිහට යුතුකම් වගකීම් ඉටුකරන අතර තුර ලැබෙන පුංචි ඉඩ කඩින් මේ…
බයිස්කෝප් සිංහලෙන් හොඳ රසිකාවියක් උන මන් දැන් ඔන්න ඔයාලගේ පවුලේ කෙනෙක් වෙන්න යන්නේ. හැමදාම චිත්‍රපට රස විඳ විඳ ඉන්නේ නැතිව රසවින්දනයක් ලබා දෙන ගමන් ටිකක් දැනුමත් වර්ධනය කර ගන්න හිතුවා. ඉස්සෙල්ලා මන් ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මවක් බිරිදක් විදිහට යුතුකම් වගකීම් ඉටුකරන අතර තුර ලැබෙන පුංචි ඉඩ කඩින් මේ වගේ නිර්මාණයක් කරන්න ලොකුම දිරිගැන්වීම උනේ මගේ මහත්තයා (හසන්ත වික්‍රමරත්න). නැත්නම් කවදා වත් මේ විදිහේ දෙයක් කරන්න මම හිතන එකක් නෑ. මේක කරගෙන යන ගමන් ටිකක් හිර වෙන තැනක් හම්බ උනාම ඒක ලෙහා ගන්න වගේම අඩු පාඩු පෙන්නමින් නියමාකාරයෙන් උපසිරැස නිර්මාණය කරන්නත් කියා දෙන්න උපදේශකයෙක් ගෙදරම හිටපු නිසා අවුලක් උනේ නෑ.
ඒවා දැන් ඇති. ඔයාලට දෙන්න යන චිත්‍රපටය ගැනත් ටිකක් කියන්නම්කො. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.7 ලබා ගත් මෙම චිත්‍රපටය තුල රංගනයෙන් Denzel Washington, Christopher Walken, Dakota Fanning, Radha Mitchell සහ ප්‍රසිද්ධ ගායක Marc Anthony මෙහි දැක ගන්න පුළුවන්. මේක ඒක කාලයක මෙක්සිකෝ නගරය තුල උන වු පැහැර ගැනීමක් වටා ගෙතුන කතාවක්. මෙක්සිකෝව කියන්නේ මේ වගේ පැහැරගැනීම් සහ කප්පම් සිද්ධි වලට නම් දරාපු තැනක්. ලස්සන පුංචි කෙල්ලක් හා ඇයගේ ආරක්ෂකයා වටා ගෙතුන කතාවක්. දවසක් මේ පුංචි කෙල්ලව පැහැර ගෙන ගිහින් කප්පම් ඉල්ලනවා. ඇගේ තාත්තා කප්පම් සල්ලි දුන්නත් ඒක වෙන කට්ටියක් හොරකම් කරනවා. ඒ සල්ලි හොරකම් කරන්නේ කවුද? ඊටපස්සේ පැහැර ගත්ත අය මේ පුංචි කෙල්ලව මරයිද? ඒක දැනගන්න මේක ඔයාලට බලන්නම වෙනවා.
මේක බලන්න ගන්න ගමන් මම මේ වගේ දෙයක් කරන්න ගත්ත උත්සාහය ගැනත් පුංචිවට හරි යමක් කියල යන්න අමතක කරන්න එපා. මොකද ඒක තවත් නිර්මාණයක් කරන්නට රුකුලක් වේවි. එහෙනම් හැමෝටම සුබ දවසක්!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
8,963 downloadsDownload Man-on-Fire-2004.zip95 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂා ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුමේෂා ජයසේකර
Subtitles
86 comments
vee
tharanga
අඩේ දැන් පවුල් පිටින් දානවා නේ සබ් පට්ට පළමු වැඩේට සුභ පැතුම්!
තවත් එකක් අරන් එන්න ජය!quik
thanks
-HacKrisH-
සුපිරි ඩයල් එකකගෙ සුපිරි ෆිල්ම් එකක්. කලින් බලලා තිබ්බත් ආයෙ බලනවා. තෑන්ක්ස් සබ් වලට.
isuru
patta akke ahenam ayyath sup akata aragena thwath akka denna maru
එරංග
එලස් මමත් බානවා පට්ට නළුවෙක්
පළමු වැඩේට සුභ පැතුම්!!!ganidu
තැන්ක්ස් වේවා දැන් නම් පට්ට ගෙදර කට්ටියම සෙට් වෙලා සබ් දාන්න හදන්නේ :)
wow
wow,maru :D
hh
thnx so much
kanthaDLA
thanks sahodari..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..shann
කොලුවත් ලොකු උනාම සබ් දැම්මොත් මුළු පවුලටම වැඩේ හරි මැක්සා
tharanga
ඒක නේන්නම් :)
zumo man
elazz thnxzzz
amilatk
jayen jaya!!!
tharanga
පළමු උපසිරස නිර්මාණයට උණුසුම් සුභ පැතුම්! තවත් එකක් දෙන්න ලැබේවා!!!
උදාර
මගෙනුත් සුභ පතුම්!
ccnp
Thanks
රොහාන්
පළමු උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම්.මවක්,බිරිඳක් ලෙස වගකීම් රාශියක් මැද්දේ මේ කරන කැපවීමට බොහෝම ස්තුතියි.හසන්තගේ උපසිරසි රසිකයෙක් ලෙස ඔහුගේ බිරිඳගේ උපසිරිසිත් ගුණාත්මකභාවයෙන් ඉහළ තැනක ඇති අනිවාර්යෙන්ම.නැවත වතාවක් බොහෝම ස්තුතියි, දිගටම මේ වැඩය කරගෙන යන්න ශක්තිය ලැබේවා!
GOD BLESS YOU.Sisira Hegoda
Thanks.
bandula
all the best
Dimuth
sadarayen piligannawa... Denzil Washintan kiyanne mage kemathima naluwange ekkenek... tank you wewa...
deweni sub ekath patan ganna. :-)S H E N A L
thanks
නිරෝෂ්
ස්තුතියි රුමේෂා..ඩෙන්සිල්ගේ මේ ෆිල්ම් එකට සබ් දෙනකම් බලන් හිටියෙ..
ජය වේවා !tharindu
Ela ela mekath blnna onee...godak thanks sub ekatahhh....echelon consipiracy kiyalai eagle eye kiyana movies deka meke thiyenava...habai dekatama sinhala sub na..
.e dekama aith dennakoo sinhala sub ekkama...dekama velavak thiyenavanam dennakoo...supiri film dekaජැක් ස්පැරොව්
ela ban digatama wade karan yanna unusum suba pathum
Golden shade
නියමයි. පස්ට film 1. මම ඔබට සුභ පතනවා......................................................................................!
DDSameera
Wow...you are great !! dude...!! thanqui so much.....awesome.welcome to BAISCOPE Family...
Add me : facebook.com/ddsameera
DDSameera
Please Add more TRUE CRIMES...!!!!! thanks for your subtitle...!!
indika
thnx... !!!
dilan
well done
RAMILA
THANK YOU WEWA PALAMU WADETA
damindu
thx.. niyama film ekak....
Sandun Sanjeewa
pala weni wadeta suba pathum. hasantha sahoge udawuwath thiyana nisa issarahata hoda hoda dewal bala ganna puluwan weine.. ela. jayen jaya kiwwa/ api giya.
Thimira Andradi
පට්ට film එක. thanks අක්කේ. First sub එකට සුබපැතුම්. තවත් සුපිරි බයිස්කෝප් අරන් එන්න. ජය වේවා!!!
jack
බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසියට.
සමීර කරුණාරත්න
මට අභ්‍යන්තර ආරංචි මාර්ග ආවා උපසිරැසක් කරන්න ගත්ත හෙමින් කරනවා කියලා. හෙමින් කිව්වම මම හිතුවේ හෙමින් කියලා, නමුත් ගෙදර ලෝක්කාට දෙවෙනි නැති පාටයි හාමිනේත්. ආරම්භයත් නියමම එකක්. අහන්න දෙයක් නැහැ උපසිරැසත් උපරිමේට ඇති. බොහොම ස්තුතියි සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස පවුලට. තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවායි පතනවා.
සමීර කරුණාරත්න
පොඩ්ඩත් ඉක්මනට උපසිරැසක් කල නම් පවුලම බයිස්කෝප්.
ශාන් විමුක්ති [විමා]
හැබෑවට
සමිය කියනකම් අමතක උනානෙ
කවද්ද පොඩ්ඩගෙන් උපසිරසක් හම්බවෙන්නෙ :P
ශාන් විමුක්ති [විමා]
හසා අයිය කියල කියන නිසාවෙන් මම රුමේෂා අක්කා කියන්නම් නේද. තරහ වෙන්න එපා හොදේ පොඩි කොල්ලෙක් අක්ක කිවුව කියල ;)
පලවෙනි වැඩේට උනුසුම් සුබපැතුන් එහෙනම් මගෙනුත්
අලුතෙන් පිලිගන්න දෙයක් නෑ නෙ ඉතින්
හසා කියන්නෙ අපේම කෙනෙක්නෙ දැන් ;)
එහෙනම් අක්කේ තව එකක් අරන් එමු නේද
අපේ කාන්තා සහභාගීත්ව අවමයි නොවැ
එහෙනම් අක්කේ
බොහොම ස්තූතියි දහසක් වැඩ මැද්දෙ උපසිරස් අරන් ආවට
ජයdanushka
palamu sub ekata mage suba pethum ,,,,sha.... paulam ekathu wela sub denawa,,,maru maru,,,jaya wewa!!!
me
Thanks
කේ.යූ.ජී. උදාර
පළමු වැඩේට සුබ පැතුම්..............
මහත්තය වගේම නෝනත් දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.“චූටී මල්ලි”
දැන් වැඩේ හරි, දෙන එකයි තියෙන්නෙ
දෙන්නත් එක්ක එක්කහු වෙලා ඇටි හැලෙන්න සබ්
පොඩ්ඩත් අනිවා කවදාහරි සබක් දෙනවා ෂුවර්
එල එල අක්කේ
සබට තුති එහෙනම්
හසාටයි අක්කටයි පොඩ්ඩටයි පතනවා ජය................නලින්
මගේ සුභ පැතුම් රුමේෂා අක්කට! හසන්ත අයියා කියන්නේ බයිස්කොප් එකේ බල කනුවක් නොවැ.! පළමු සභට සුභ පැතුම් අක්කේ! දිගටම අපිට මේ වගේ බයිස්කෝප් අරන් එන්න අක්කට ශක්තිය ලැබෙන්න ඕනේ!
ජය වේවා!
දිදුල Kd සිල්වා
හප්පේ .. කාන්තා නියෝජනයක් කියල දැක්කට දැන්නෙ හරියටම දැනගත්තෙ කවුද කියල. එහෙනම් පලමු සබට අක්කට බොහොම ස්තූතියි.. පොඩ්ඩාවත් වැඩේට හවුල් කර ගන්න අපි මුව අයාගෙන බලා සිටිනවා.. පවුලටම ජය වේවා෴
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හේ හේ...
ඔන්න මට දැන් එක එක්කෙනාගේ අගේ බලන්නේ නැතිව හසා මාමාගේ අක්කට ස්තුති කරන්න නියම චාන්ස් එකක් ආවා...
දැන් මොකද කියන්නේ අහ්හ්...හේ හේ...
මුලින්ම බොහොම ස්තුති කරනවා එදා මම සබ් කරපු ආශිකී ෆිල්ම් එකට දාපු කොමන්ටුව සම්බන්දව...ගොඩක් පිං ඒකට...
අනික මමනම් මේ වෙනකම් මේ වගක් දැනන් උන්නේ නැහැ නොවැ හසාගේ හාමිනේ සබ් එකක් කරන විත්තියක්..එකත් මේ වගේ සුපිරිම එකක්..
දැන් නම් දිගටම හම්බෙයි නේ....එහෙනම් හින්දි එකකුත් කරමු නේ අක්කේ..
අක්කේ කියනවට සමාවෙන්න ඕනේ(එක අතකින් සතුටු වෙන්න ඕනේ හසාට මාමා කියලා ඔයාට අක්කා කියනවට)..
එහෙනම් තව එක ගේනකම් බලන් ඉන්නවා..
ජය වේවා!!!සමීර කරුණාරත්න
මේ ආසිරි කොහොමද බං හසා මාමා නම්, රුමේෂා අක්ක වෙන්නේ ?
asanka
niyama wadak.palamu wadeta suba pathum.................
කැලුම් ගුණසේකර
මහත්තයා මදිවට දැන් නෝනත් පටන් අරන් නේ? හොදා හොද. එහෙම තමා ඉන්න ඕන. බලලා ම උපසිරැසිය කොහොමද කියන්නම් කෝ? ස්තුතියි.
Amila Senanayaka
එල එල අක්කේ.හසන්ත අයිය දෙන සබ් වගේම ඔයාගේ සබ් එකත් එලට ඇති කියල හිතනවා.හැමෝම කියනවා වගේ පොඩ්ඩවත් වැඩේට හවුල් කරගත්තනම් පට්ට තමයි.එහෙනම් ඔන්න පලවෙනි සබ් එකට මගෙනුත් සුබ පැතුම්.ජය වේවා......
mudiya / මුදියා
හප්පේ මේ අපේ හසන්ත සහෝ බිරිඳනෙ.නියමයිනෙ.ඔයාල දෙන්නම කරන්නෙ නම් මාරම වැඩක් තමයි.දිගටම සබ් දෙන්න අක්කෙ.(අක්ක වෙන්න ඇති.)පළවෙනි උපසිරැසියට සුභ පැතුම්.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
චානක ලක්ෂාන්
පළමු වැඩේට සුබ පැතුම් අක්කෙ
බොහොම ස්තූතියි සබ් එකට
අයිය වගේම එහෙනම්
දිගටම සබ් දාන්න
ජය වේවා!gihan
බොහෝම ස්තුතියි
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Advertisement
maxxa balanna one :) thx 1 st wadeyta