Watch Trailer

Hope (2013) Aka So-won Sinhala Subtitles | 8 හැවිරිදි දැරියක් අමානුශික ලෙස කෙළෙසා දමන තිරිසනා [සිංහල උපසිරැසි සමග]

Hope (2013) Aka So-won Sinhala Subtitles තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් වූ සිතක් නොමැති සතුන්ය. යමෙක් මෙලොව මිනිසෙකුව ඉපදුනත් තම පෙර ජන්ම ගති අනුව විටක තිරිසන් ගති මතු වන අවස්ථාද ඇතිවේ. අද අප සමාජයේ බහුල වශයෙන් සිදුවන ළමා අපචාර වැනි දෑ මීට කදිම උදාහරණයකි. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෙකුව කෙළෙසා දැම…

Hope (2013) Aka So-won Sinhala Subtitles

Hope (2013) Aka So-won Sinhala Subtitles

තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් වූ සිතක් නොමැති සතුන්ය. යමෙක් මෙලොව මිනිසෙකුව ඉපදුනත් තම පෙර ජන්ම ගති අනුව විටක තිරිසන් ගති මතු වන අවස්ථාද ඇතිවේ. අද අප සමාජයේ බහුල වශයෙන් සිදුවන ළමා අපචාර වැනි දෑ මීට කදිම උදාහරණයකි. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෙකුව කෙළෙසා දැමිය හැක්කේ මේ මා ඔබට සඳහන් කළ තිරිසනුන් හා සමාන මිනිසුන්ටම පමණි.

කුඩා ළමුන් කෙළෙසා පසුව උගුරු දණ්ඩ කඩා මිරිකොට කුණු කාණු, ඇලි වලට ඔවුන්ගේ අහිංසක නිසල දේහයන් කුණු ගොඩක් මෙන් විසිකර දමා ගිය පුවත් බුදුන් වැඩි අපේ දේශයෙන් අපට නිතර රූපවාහිනි හා පුවත් පත් වලින් අසන්නට දකින්නට ලැබී ඇත. පුංචි සේයා දැරියගේ සිදුවීම මින් එකකි. මේ හිත්පිත් නැති පාපතර ක්‍රියා දෙස බැලු කල මිනිස් ගුණ සුවඳ නොමැති මොවුනට කල්පාන්තර ගණනාවක් දුගතිවල විඳවීමට ඒකාන්තවම සිදුවනු ඇත.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත යටතේ, ළමා ලිංගික අපයෝජනයට වරදකරුවෙකු වන අපරාධකාරයෙකු/ කාරියක අවුරුදු 5 සිට 20 දක්වා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැක.

අප රටේ ජීවත් වන ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීමට පොහොසත් බව හෝ දුප්පත් බව ද, නාගරික හෝ ගැමි බව ද අදාල නොවන බව පෙනී යයි. ඒ අනූව අප රටේදී ළමුන් ලිංගික අතවරයන්ට ලක්වීම කෙරෙහි වඩාත් බහුල ලෙස බලපා ඇත්තේ, මාපිය ‍රැකවරණය නොමැති වීම බව වාර්තා අනූව පෙන්නුම් වේ.

ඔබට මතක ඇති පසුගිය දින වල සමාජ ජාල මාධ්‍ය කලඹමින් අප රටේ පල වූ ළමා අපචාර වීඩියෝ පටය. එහි තිබුනේ වැඩිහිටි පිරිමියෙකු අතින් අවුරුදු 5ක 6ක දැරියකට කරන බරපතළම ලිංගික හිංසනයකි. එම අවස්ථාවේදි එම තිරිසන් නරුමයාට අවනත වෙනවා ඇරෙන්න දෙයක් ඇයට කළ නොහැකි වෙනවා. මෙහි ඉතා දුක්මුසුම කරුණ නම් ඒ තමාට මේ වන්නේ කුමක්දැයිවත් දැනුමක් ඇයට නොතිබීමයි. මේ වන විට ඒ දු‍ටුවන්ගේ හද කම්පා කරන සිදුවීම පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියත්, සී.අයි.ඩී. යත් පරීක්ෂණ කටයුතු පවත්වනවා.

ලෝක ළමා පදනම (World Childhood Foundation) විසින් වාර්ෂිකව කරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව එක්සත් රාජධානිය, ස්වීඩනය සහ ඔස්ට්‍රේලියාව වැනි දියුණු සහ පොහොසත් රටවල දරුවන් ලිංගික අපයෝජනයෙන් වඩා දුරස්ව සිටින බවත්, ඊට සාපේක්ෂව කෙන්යාව, ගෝතමාලාව සහ උගන්ඩාව වැනි දුප්පත් රටවල දරුවන් ලිංගික අපයෝජනය සඳහා වඩාත් ඉලක්ක වී සිටින බවත් පෙන්නුම් කෙරේ.

හොඳයි, කොතනින් කොහොම මේ අරන් ඇවිත් තියන කතාව ගැන කියන්න පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. උඩ මම සදහන් කරලා තියන සමහර කරුණු හුඟක් සැර වැඩි ඇති කියලත් හිතනවා. තියන මාතෘකාවටම හැමෝගෙම හිත් කම්පා වෙලා යන්න ඇති… ඒ ගැන මට කණගා‍ටුයි. කාරණයට ගැළපෙන විදියටයි මම මගේ අදහස් දැක්වීම හා ඇතැම් කරුණු විවිධ පිළිගත් මුලාශ්‍ර වලින් හොයාගෙන එකතු කරගෙන ලියලා තියෙන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටියට උපසි‍රැසි යොදන්න මම විශාල මහන්සියක් දැරුවා, ඒ පිටපත් ගණනාවකටම සරිලන විදියට කාලරාමු සකස් කරන්න ගියපු වැඩේ නිසා. ඔයාලට ගන්න පුළුවන් කැමති හොඳ පිටපතක් අරන් දීලා තියන උපසි‍රැසි එකින් එක දාලා බලන්න, ගැළපෙන එක වැටෙනකන්, අනිවාර්යෙන් එකක් හරි යයි. ඒ වගේම මට තව ඔළුව අවුල් වෙන වැඩක් වුනා මේකට උපසි‍රැසි කර කර ඉන්නකොට. ඒ මම මේකේ ගත්තු පිටපතේ ඉංග්‍රීසි උපසි‍රැසිය වීඩියෝ ෆයිල් එකටම embed කරලා තිබුනේ, ඒක දිහා බලාගෙන මඟක් සිංහල කරන් යනකොට මට තේරුනා වෙන සිදුවීමට අනූව නෙමෙයි Subtitle එක යන්නේ කියලා.

පස්සේ මේක ඉංග්‍රීසි Subtitle එක Download කරගෙන දාගෙන බැලුවා, ඒකත් එහෙම්මයි. පස්සේ මම කතාව දිහා බලාගෙන ඉංග්‍රීසි උපසි‍රැසිය එන්න ඕනේ නියමිත තැන් එකින් එක අතින් අරන් එහාට මෙහාට කරලා හදලා ගත්තා. මේ වැඩේ නිසා බාගයක් අර්ථය වැරදියට ගහගෙන ගිය සිංහලත් මට ආයේ මකලා හදන්න වුනා. හොඳ වෙලාවට සම්පූර්ණ ඉංග්‍රීසි Subtitle එකම වැරදියට ගියේ නෑ, ලයින් කීපයක් තමයි අවුල් ගිහින් තිබුනේ.

මේක දකුණු කොරියාවේ එක්තරා පළාතක වුනු අමානුෂික ළමා අපචාර සිදුවීමක් පාදක කරගෙන නිමවුනු කොරියානු චිත්‍රපටියක්. IMDB ඇගයුම් මට්ටම 8.3 ක් වගේ ඉහළම අගයකයි තියෙන්නේ. මෙහි ධාවන කාලය පැය 2යි විනාඩි 2ක් වෙනවා. සුපිරි දකුණු කොරියානු අධ්‍යක්ෂක Lee Joon ik ගේ අධ්‍යක්ෂණයක් මේක. මේ චිත්‍රපටියට හිමිවෙලා තියන සම්මාන නම් බොහොමයි. ඒවා නම්,

34th Blue Dragon Film Awards – 2013

● වසරේ හොඳම චිත්‍රපටියට හිමි සම්මානය.
● හොඳම සහය නිළියට හිමි සම්මානය.
● හොඳම තිර රචනයට හිමි සම්මානය.

33rd Korean Association of Film Critics Awards – 2013

● හොඳම නිළියට හිමි සම්මානය.

Korean Film Actor’s Association – 2013

● සුපිරිම සිනමා තරුවට හිමි සම්මානය.

5th KOFRA Film Awards – 2013

● හොඳම සහය නිළියට හිමි සම්මානය.

4th Beijing International Film Festival – 2013

● හොඳම සහය නිළියට හිමි සම්මානය.

50th Baeksang Arts Awards – 2014

● හොඳම නළුවට හිමි සම්මානය.
● හොඳම තිර රචනයට හිමි සම්මානය.

44th Giffoni Film Festival – 2014

● හොඳම චිත්‍රපටියට හිමි සම්මානය (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි අතුරින්)

ඒ වගේම තව විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටියේ හෝප්ට රංඟනයෙන් පණ පොවන පුංචි දැරිය Lee Re අති විශිෂ්ටම රංගනයක් චිත්‍රපටිය පුරාවටම පෙන්නුම් කරනවා. ඇස් වලින් කඳුළු පුරවගෙන තමයි හැමෝටම මේක අනිවාර්යෙන්ම බලන්න වෙන්නේ. පවුලේ හැමෝටම මේක බලන්න සුදුසුයි කියලා මම පෞද්ගලිකවම නිර්දේෂ කරන්න කැමති. මොකද කිසිම වැඩිහිටි දර්ශනයක් මේ චිත්‍රපටියේ ඇතුළත් වෙන්නේ නෑ, උවමනා දේ පමණක් විශිෂ්ට විදියට නිර්මාණය කරලයි තියෙන්නේ.

හැබැයි පවුලත් එක්ක බලනවා නම් තමන්ගේ පුංචි ළමයට බොහොම සියුම්ව චිත්‍රපටිය අතරතුර අදහස් පහදලා දෙන්න කියලා මම දෙමාපියන්ගෙන් ඉල්ලනවා. ඇත්තටම මේක ළමයින්ට හොඳයි. සමාජයේ පරිස්සම් වෙලා ඉන්න එයාලට ඉගෙනගන්න පුළුවන්. මේ චිත්‍රපටියට අදාල අර සත්‍ය සිදුවීම ගැන මම ඔයාලට දැන් වැඩි විස්තරයක් කරන්නම්. ඒකත් කියවලම ‍ෆිල්ම් එක අනිවාර්යෙන්ම අරන් බලන්න. හරිම ලස්සනයි, හුඟක් දුක හිතෙනවා. ෆිල්ම් එක බළලා ඉවරවෙලා ඔයාලට දැනුන දේ අදහස් විදියට අනිත් හැමෝටම බලන්න පහලින් ඇවිත් දාලා යන්න කියලා මම ඉල්ලනවා.

[දැඩි අනතුරු ඇඟවීමයි]: මෙම ලිපියේ මෙතැන් සිට අඩංගු වී තිබෙන්නේ චෝ ඩූ සූන්ගේ ළමා අපචාර නඩුව පිළිබඳවයි. මෙහි ඇතැම් කරුණු ඔබට කියවීමට පවා අපහසු වනු ඇති බව සිහියේ තබාගන්න.

චෝ ඩූ සූන් – නඩුව (Jan 9, 2009 – Sep 24, 2009)

වසර 2008 දෙසැම්බර් මාසයේ චෝ ඩූ සූන් විසින් උදෑසන පාසැල් බලා යමින් සිටි නයූං නම් 8 හැවිරිදි කුඩා දැරියකව පැහැරගෙන පොදු වැසිකිළියක් තුළට ‍රැගෙන යන ලදි.

ඩූ සූන් මෙම අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කොට සිට ඇති අතර නයූංව වැසිකිළියේ තබාගෙන පහර පිට පහර දෙමින් දිගින් දිගටම නැවත නැවතත් දූෂණය කර ලැබ ඇත. ඔහු ඇයව යෝනි මාර්ගයෙන් ද, ගුද මාර්ගයෙන් ද හා කන් මාර්ගයෙන් ද දූෂණය කළේය. පසුව ඔහු ඇයගේ ගෙළ සිර කිරීමට ගත් උත්සහයෙන් අනතුරුව දරුවාට සිහිය නැති වන පරදි ඇගේ හිස දිය යට තබා සිට ඇත්තේය.

ඇය මත ඔහුගේ තැවරි ඇති ශුක්‍රාණු ජල කරාමයක් අල්ලමින් පිස සෝදා දැමීමට ද කටයුතු කර ඇත. මොහු මෙම දැරියගේ සිරුරට කළ හානියේ තරම නම්, ඇගේ ඇතැම් බඩවැල් කොටස් පවා ශරීරයෙන් පිටතට පැමිණ තිබ අති අතර ඒවා නැවත ඇය තුළට ගුදය ඉහළට ඔසවා දමන ලදි. පසුව ඇයව වාඩි කරව තබා ඇත, ඒ ඇගේ අවයව නොවැටී තබා ගෙන නැවත නැවතත් යළි දූෂණය කිරීමටයි.

මේ සිදු වූ බරපතල හානියට නයූංට ශල්‍යකර්මයක් කිරීමට සිදු විය. මෙම අපරාධයේ පරීක්ෂණ කටයුතු පැමිණ සිදු කරනු ලැබුවේ වගකීම් විරහිත අනුවන පොලිස් නිලධාරින් පිරිසකි, ඔවුන් නයූංගෙන් පැය ගණන් ප්‍රශ්න කරමින් දිගින් දිගටම ඇයට මානසික පීඩනයක් තවත් ඇති කළේය. අනෙක් රෝගීන් ඉදිරිපිට තබා ගනිමින් ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර ප්‍රශ්න කිරීම් සඳහා ඇයට පු‍ටුවකද ඉඳගන්නා ලෙස නිලධාරින් විසින් ඇයට බල කර තිබේ, ඇගේ තුවාල හේතුවෙන් එසේ කිරීමට ඇයට දැඩි ලෙස අපහසු ද වුනි. මෙවන් අවස්ථාවකදි තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ නිසි දැනුමක් නොතිබුන මොවුනට ප්‍රශ්න කිරීම් කටයුතු දීර්ඝ කිරීමට සිදු වූ අතර ඔවුන් දරුවාව උසවියේදී සාක්ෂි දීමට සැලැස්වූහ.

තම දරුවාගේ විමර්ශන කටයුතු පොලිසිය සිදු කළ ආකාරය දැඩි දෝශාරෝපනයට ලක් කරමින් දෙමාපියන් ඔවුනට එරෙහිව නඩු පවරා ඇති අතර නඩුව ද ඔවුන් ජයග්‍රහනය කරන ලදි. කෙසේ නමුත් දූෂකයාට ලැබුනේ වසර 12ක සිර දඬුවමක් පමණි. ඒ ඔහු මත්පැන් පානය නිසා කායික හා මානසික වශයෙන් දුර්වලව සිහි බුද්ධිය අඩුවෙන් එම අවස්ථාවේ සිටීම සැලකිල්ලට ගැනීම හේතුවෙනි.

චෝ ඩූ සූන් 2020 දෙසැම්බර් මස 13 වන දින සිරෙන් නිදහස් වීමට නියමිතයි. මොහු පිළිබඳව සියලුම තොරතුරු හා මුහුණ නීතිය විසින් මහජනතාවට හෙළි කර තිබේ. ඒ මෙවැනි අපරාධ කරනා පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් සිට මහජනතාවට ආරක්ෂාව සැලසීම අරමුණෙනි.

මෙම පුද්ගලයා සමස්ථ සමාජයටම තර්ජනයක් බැවින් තව දුරටත් අඛණ්ඩව ඔහුව සිරගත කොට තැබිය යුතු බවයි තවමත් එරට ජනතාවගේ මතය වී තිබෙන්නේ. පුංචි නයූං දැරියට කළ අපරාධය ගැන තමාට පසුතැවිල්ලක් නොමැති බවත් මෙම පුද්ගලයා කියා තිබෙන බව පැවසේ. මෙවැනි අයෙකු යලිත් නිදහසේ සැරිසැරීම ඇදහිය නොහැකි තරම් භයානක ය.

Facebook, Whatsapp, Twitter, වල Sad Emoji දාගෙන post Share කෙරුවා කියලා දේවල් වෙනස් වෙන්නේ නෑ. අපියි වෙනස් වෙන්න ඕනේ, අන්න එතකොට වෙනස ඉබේම වෙයි. අපේ දරුවන්ගේ ජීවිත තිබෙන්නේ අපගේ දෑත් මතයි ! ස්තූතියි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Blu-ray/ HD/ WEB/ DVD/ Netflix-WEB/ XviD පිටපත් සඳහා අදාළ වේ.

10,697 downloadsDownload Hope-2013.zip327 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

10,697 downloadsDownload Subtitles327 KB

27 comments

  1. Isuru Malshan

    අම්මෝ.... ෆිල්ම් එක නෙමෙයි මේ තියන ලිපියටම මට ඇඩුනා. මේ දැන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. අනිවා බලනවා. තැන්ක්ස් මචන්, ජය වේවා !! පට්ට.

  2. Ravindu Roxxx

    Yako mu 2020 nidahas weanawa..... mokakda yako mea kalakanni nithiya..... apea rateath mehama thamai

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Suranjan

    Thanks jayawewa......!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  8. Anuja wikramasingha

    සබ් එකට තෑන්ක්ස්.දැන් බැලුවා....

    1. Anonymous

      link1 k dennako download karanna

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  10. රොෂාන් ශමීර

    බලපු මටත් කඳුළු ආපු එකේ පැය ගානක් මේකේ සබ් හැදුවේ කොහොමද සහෝ...
    ඇත්තටම සුපිරි චිත්‍රපටයක්... ඒකටම හදපු සුපිරි සබ් එකක්..
    බොහොම ස්තූතියි...
    ~ ජය වේවා ~

  11. gihan

    200 වැනි උපසිරසියට සුභ පැතුම්

  12. kanishka

    good work machan.keep it up.

  13. Anonymous

    වෙලා තියෙන මහන්සිය දැක්කම කමෙන්ට් එකක් නොදා යන්නම බෑ.. බොහොම ස්තූතියි මචං... දිගටම සබ් දෙන්න... සියලු සිතුම් පැතුම් ඉටුවේවා......

  14. Anonymous

    නියමයි බ්‍රෝ.ගොඩාක් ගුනාත්මකව සබ් එක කරල තියනව.බොහොම ස්තූතියි

  15. Anonymous

    ගොඩාක් ස්තුතියි සහෝ..

  16. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  17. madu

    godak duka hithuna sahoo,,,mata inne puthek a unath hithata bayak danuna...ane siyalu daruwo araksha karathawa..hoda fil ehekata sub kalata thnqu

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  19. Dewadithya

    Thanks for sub!

  20. Sasanka

    Thanks for the sub

  21. කවිඳු ජයවර්ධන

    ෆිල්ම් එක අනිවාර්යෙන්ම අරන් බලන්න.හරිම ලස්සනයි.ගොඩක් දුක හිතෙන කතාවක්.කී පාරක් ඇඩුවද කියලවත් මතක නෑ .ඒ තරම්ම සංවේදී චිත්‍රපටියක්..මේක ඇත්තටම උනා කියද්දි හිතා ගන්නවත් අමාරුයි. මේ වගේ සිද්දියක් උනාට පස්සේ ජීවිතේට මුහුන දෙන්න ඕන විදිය හරිම ලස්සනට පැහැදිලි කරලා තිබුනා.ෆිල්ම් එක බලද්දි අනිවාරෙන් මේ සින්දුව මතක් වෙයි ;

    "පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි"

    පුලුවන්නම් මේ ෆිල්ම් එක 18+ category එකෙන් අයින් කරන්න.මොකද මේක පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙන්නේ.කිසිම වැඩිහිටි හෝ නිරුවත් දර්ශනයක් නෑ කියලා වගකීමෙන් කියන්න පුලුවන්..අන්වාරෙන් හැමෝම බලන්න..

    සබ හදන්න වෙච්ච මහන්සියට ගොඩක් ස්තුත්යි සහෝ..සබ් එක සුපිරියටම තිබුනා.මේ වගේ චිත්‍රපටි වලට දිගටම උපසිරැසි ලබා දෙන්න.!!!!...ඔබට ජය...!!!

    මේක ඇත්තටම කරපු එකා අද වෙද්දි නිදහස් කරලත් ඉවරයි.කාලකන්නි නීති.....

  22. Pavith Wijesooriya

    ඇත්තටම ගොඩක් වටින චිත්‍රපටියක්.අද කාලේ හැමෝම බලන්න ඕනේ චිත්‍රපටියක්.ඇත්තටම සෑහෙන ස‍ංවේදී උනා.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසිය ලබා දෙන්නත් සෑහෙන මහන්සියක් දරලා තියෙනවා.බොහොමත්ම ස්තූතියි මේ වගේ වටිනා චිත්‍රපටයකට උපසිරසිය ලබා දුන්නට.ඉදිරියටත් මේ වගේ චිත්‍රපටි සදහ උපසිරසි ලබා දෙන්න.ජය වේවා ඔබට සහෝ!!!❤️

  23. J.kaushalya

    ගොඩක් හොද ෆිල්ම් එකකට සබ් කරල තියෙන්නෙ..ඒවගේම හොදට සබ් කරලත් තිබ්බා...

  24. Krishani

    Thank you ️

  25. Anonymous

    Thanks brother

  26. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.