Watch Trailer

Picket 43 (2015) with Sinhala Subtitles | මිත්‍රත්වයට සීමා නොමැත! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ හතරවෙනි උපසිරැසියත් අරගෙන ලහි ලහියේම ආයේ පාරක් ආවා.Prithviraj Sukumaran,මලයාලම් ෆිල්ම් බලන්න පුරුදු වුන අයටනම් මේක නුපුරුදු නමක් වෙන්න බෑ .මොකද ජනප්‍රිය මලයාලම් ෆිල්ම් බොහොමයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.මෙයා තමයි මේ Picket 43 කියන මලයාලම් ෆිලුමේත් ප්‍රධාන නළුවා වෙන්නේ.ඒ විතර…

Picket 43 (2015) ඔන්න ඉතින් මම මගේ හතරවෙනි උපසිරැසියත් අරගෙන ලහි ලහියේම ආයේ පාරක් ආවා.Prithviraj Sukumaran,මලයාලම් ෆිල්ම් බලන්න පුරුදු වුන අයටනම් මේක නුපුරුදු නමක් වෙන්න බෑ .මොකද ජනප්‍රිය මලයාලම් ෆිල්ම් බොහොමයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.මෙයා තමයි මේ Picket 43 කියන මලයාලම් ෆිලුමේත් ප්‍රධාන නළුවා වෙන්නේ.ඒ විතරක් නෙවෙයි,Prithviraj එක්ක මේ ෆිලුමේ රඟපාන අනික් ප්‍රධාන නළුවා තමයි, Three Idiots,Bang Bang වගේ ජනප්‍රිය බොලිවුඩ් ෆිල්ම් කිහිපයකම අපිට දකින්න ලැබුණු, Javed Jaffrey.ඒ වගේම ෆිලුමේ කතාව අපිට කියන්නේ,ප්‍රවේශය ගන්නේ මලයාලම් ප්‍රවීණ නළු Mohanlal.ඉතින් මේ වගේ විශිෂ්ට නළුවන්ගේ අසහාය රංගනයෙන් හැඩවුණු මේ ෆිලුම අනිවාරෙන්ම බලන්න කියලා මුලින්ම ඔයාලට ආරාධනා කරනවා ! අපි දන්නවා,ඉන්දියාව සහ පාකිස්ථානය කියන්නේ දේශපාලනමය වශයෙන් විරසක රටවල් දෙකක්.කාලෙන් කාලෙට මේ තත්වය යම් තරමකින් වෙනස් වෙවී පැවතුනත් නිතරම රටවල් දෙක අතර යුධ ගැටුම් ඇති වෙනවා.ඉතින් ඒ වගේ ගැටුම් නිතරම ඇතිවන,මේ රටවල් දෙකේ දේශ සීමාවේ තියෙන ප්‍රදේශයක් තමයි,කාශ්මීරය කියන්නේ.මේ නිසා මේ ප්‍රදේශයට රටවල් දෙකෙන්ම ලොකු හමුදා ආරක්ෂාවක් දීලා තියෙනවා.මේ කාශ්මීරයේ වාග්හා කියන ප්‍රදේශයේ එකිනෙකට යාබදව තියෙන ඉන්දීය සහ පාකිස්ථානු මුර කුටි දෙකක ඉන්න සොල්දාදුවෝ දෙන්නෙක්ගේ කතාව තමයි ෆිලුමේ අන්තර්ගත වෙන්නේ. පිකට් 43 ඉන්දියානු මුරකුටියේ ඉන්න සෙබලගේ මරණය නිසා එතනට අලුතින් නිලධාරියෙක් පත්වෙනවා,ඒ තමයි හරීන්ද්‍රන්(හරී).හරී මෙතනට යන්නේ තනියම නෙවෙයි,බකාඩි කියන පොලිස් සුනඛයත් එක්ක.ඉතින් හරී මෙතනට ඇවිල්ලා දවස් කිහිපයකින් එහා පැත්තේ තියෙන පාකිස්ථානු මුරකුටියේ සෙබලාත් නිවාඩුවට යන නිසා එතනටත් අලුත් සෙබලෙක් එනවා,ඒ මුෂාරෆ්.හරී මුලින් හිතන්නේ මුෂාරෆ් කියන්නේ එච්චර මිත්‍රශීලි කෙනෙක් නෙවෙයි කියලා.කොහොමවුනත් මේ මුෂාරෆ්ගෙම ක්‍රියා කලාපය නිසා මේ දෙන්නා පස්සේ හොඳ යාළුවෝ වෙනවා.මෙයාලා තමන් කන කෑම බීම පවා බෙදාගෙන කාලයක් බොහොම සතුටින් මෙතන වැඩ කරනවා.නමුත් එක දවසක පාකිස්ථානු ත්‍රස්තවාදී කණ්ඩායමකින් මේ පිකට් 43ට ප්‍රහාරයක් එල්ල වෙනවා.එතැනදී හරීව බේරගන්න ගිහින් මුෂාරෆ්ටත් වෙඩි වැදෙනවා.ඉතින් මේ සටනෙන් මේ දෙන්නට බේරෙන්න පුළුවන් වෙයිද?හරීට මේ ත්‍රස්තවාදීන්ගෙන් ඉන්දියාව බේරගන්න පුළුවන් වෙයිද?ඇත්තටම මේ හරී,මුෂාරෆ් කියන්නේ කවුද?මෙයාලගේ පවුල් පසුබිම මොකක්ද?මේ දේවල් ඔයාලට ෆිලුම බලද්දිම දැනගන්න පුළුවන් වේවි !   මිත්‍රත්වය කියන දේට ජාති-ආගම්,දේශ සීමා කියන මේ කිසිවක් බලපාන්නේ නෑ ,සමහර මිනිසුන් තුලත් නැති මනුෂ්‍යත්වයක්,මිත්‍රත්වයක්  සතුන් තුල පවා තියෙනවා.මේ වගේ පණිවිඩ කිහිපහයක්ම ෆිලුමෙන් ලබා දෙනවා.ඒ වගේම මේක සාමාන්‍ය තේමා තියෙන ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් එකක්.ෆිලුම ඉවරවෙනකන් එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් වෙයි.ෆිලුම බලලා උපසිරැසිය ගැන ඔයාලා හිතන ඕනෙම දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා !අපි තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු ! ඔබට ජය !  

 

Picket 43 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Picket 43 2015 Malayalam DVDRip x264 1CD 700MB.torrent

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,215 downloadsDownload Picket-43-2015.zip32 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,215 downloadsDownload Subtitles32 KB

17 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. nimesh

    ෆිලුම බාගන්න ලින්ක් එකක් දෙනවදෝ............

  3. udaya saman

    ela patta sahoo.thanx sub ekata

  4. Mayura

    නියමයි මචන්, මේවා අත ඇරගන්නේ කොහොමද... ඔන්න බාන්න දැම්මා. තව මලයාලම් ඒවා ගේන්න මචෝ

    1. Chathumal Ranasinghe

      Link eka denna barida?

    2. priyantha

      72ef8bca8691d9706297ee9e7895159140876695

  5. Udara Damith B/K

    ආදර කතාවක් නෙමෙයිනේ
    ඒ නිසා බලනවා
    හැබැයි වෙලාවක් තිබුනොත්

  6. D.Chamara

    bohoma sthuthi sahooo

    1. D.Chamara

      72ef8bca8691d9706297ee9e7895159140876695

  7. Kulanjana Maduranga

    niayamai…patta filumak...bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. thisal

    ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. SPD

    බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ. ඔයා මලයාලම් ෆිල්ම් සඳහා ගොඩක් සබ් කරනවා. ඒක මම ගොඩාක් අගය කරනවා. සබක් කරනවා කියන්නේ පට්ට කට්ටක් තමයි. සබක් කරාම එයාට තියන එකම සතුට කොමෙන්ටුව තමයි. ඒක නොදන්නා බොහෝ අය ශේප් එකේ සබ ඩවුන් කරගන යන්න යනවා. විනාඩියක් වැයකරලා කොමෙන්ට් එකක් දාන්නේ නෑ. බොහොම ස්තුතියි ආයෙත්. මොහාන් ලාල්ගේ Pulimurugan (2016) ෆිල්ම් එකේ හොඳ රිප් එකක් ඇවිත් තියෙන්නේ. ඒකටත් ඉක්මනටම සබක් ඕන හොඳේ. ඔබට ජයවේවා....!!!

  11. buddhika senanayaka

    tnks saho sub akt

  12. nidi

    Tharindu
    ඔයාට කොච්චර ස්තුති කරන්න ඕනැද කියලා හිතාගන්න බෑ. ඒ තරම් අපූරැ මනස්කාන්ත- පිරිපුන්- සිනමා නිර්මාණයකටයි ඔයා සබ් කරලා තියෙන්නේ.
    මනුස්සකම පිරැණු- සංවේදී- හෘදයාංගම මේ ච්ත්රපටය හැමෝම බලන්න වටින එකක්.
    සයිට් එක තිබෙන තුරැ මේ වගේ චිත්රපට අපට ගෙනෙන්නට වාසනා!

  13. Anonymous

    Thank you

  14. supun

    movie 43 (2013) සිංහල සබ් එක දෙන්නකෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.