එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප…

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්.
හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප් කියන්නේ අලියෙකුට සමාන සතෙක්. එයාලා ගොඩක් දරුණු සත්තු ජාතියක් කියලා තමයි පූ ඇතුළු මිතුරු කැල මේ වෙද්දි දන්නේ.
ඉතින් කතාව ගැන බැලුවොත්, දවසක් උදේක හෙෆාලම්ප් කෙනෙක්ගේ සද්දයක් එක පාරටම ඇහෙන්න ගන්නවා. හැමෝම ගොඩක් බය වෙනවා. ඉතින් අපේ යාලුවො ටික තීරණය කරනවා හෙෆාලම්ප් කෙනෙක්ව අල්ලගන්න. ඉතින් ඔයාලට ආරාධනා කරනවා, ඉතිහාසයේ පළමු වතාවට හෙෆාලම්ප් කෙනෙක්ව අල්ලගන්න යන ගවේශන චාරිකාවට එකතු වෙන්න කියලා.
අධ්‍යක්ෂණය Frank Nissen විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ Brian Hohlfeld, Evan Spiliotopoulos සහ A.A. Milne කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, සුපුරුදු විදිහටම Jim Cummings විනී ද පූ හා ටිගර් ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Kath Soucie කැන්ගා ලෙසත්, Nikita Hopkins රූ ලෙසත්, Peter Cullen ඊයෝ ලෙස සහ Brenda Blethyn සහ Kyle Stanger හෙෆාලම්ප්ලා ලෙසද හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. මේ චිත්‍රපටය Animation | Comedy | Family | Fantasy | Musical | Mystery කියන වර්ගීකරණයන්ට අයිති වෙනවා.
අප මෙතෙක් ලබා දුන් සියලුම Winnie the Pooh හා සම්බන්ධ චිත්‍රපට මේ විදිහට පෙළගස්වන්න පුලුවන්.
The Many Adventures Of Winnie The Pooh (1977) – විනී ද පූ, පළමු Animated Feature චිත්‍රපටය.
Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) – විනී ද පූ, පළමු Direct-to-video චිත්‍රපටය
The Tigger Movie (2000) – විනී ද පූ, දෙවන Animated Feature චිත්‍රපටය.
Piglets Big Movie (2003) – විනී ද පූ, තුන්වන Animated Feature චිත්‍රපටය.
Winnie the Pooh (2011) – විනී ද පූ, පස්වන Animated Feature චිත්‍රපටය.
Goodbye Christopher Robin (2017) – විනී ද පූ සංකල්පය හා අදහස ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ Biography චිත්‍රපටය.
Christopher Robin (2018) – විනී ද පූ, පළමු Live Action චිත්‍රපටය.
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,972 downloadsDownload Poohs-Heffalump-Movie-2005-BluRay-720p.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
7 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
හිප් හිප් හුරේ
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Poohs Heffalump Movie (2005) Sinhala Subtitle | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Poohs-Heffalump-Movie-2005.jpg)

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!