ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය… පිග්ලට් කියන්නේ අපේ විනී ද පූ කතා පෙලේ ඉන්න පුංචිම හාදයා. ඉතින් සමහර වෙලාවට එයා කරන වැඩ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නෑ. එයාගේ උත්සහය, මහන්සිය කිසිම කෙනෙක්ට පේන්නේ නෑ. කාටවත් පිග්ලට්ගේ නියම වටිනාකම දැනෙන්නේ න…

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය…
පිග්ලට් කියන්නේ අපේ විනී ද පූ කතා පෙලේ ඉන්න පුංචිම හාදයා. ඉතින් සමහර වෙලාවට එයා කරන වැඩ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නෑ. එයාගේ උත්සහය, මහන්සිය කිසිම කෙනෙක්ට පේන්නේ නෑ. කාටවත් පිග්ලට්ගේ නියම වටිනාකම දැනෙන්නේ නෑ පිග්ලට් මොන දේ කළත්. නමුත් එක දවසක සිද්ධ වෙන දෙයක් නිසා පිග්ලට් අතුරුදන් වෙනවා. ඇත්තටම ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්න යන්නේ නෑ. දැන් පිග්ලට්ගේ යාලුවෝ, අපේ විනී ද පූයි එයාගේ මිතුරු කැලයි පිග්ලට්ව හොයාගෙන යන ගමන තමයි මේ කතාවේ තියෙන්නේ.
ඉතින් පිග්ලට්ට මොකද වුණේ කියලා දැනගන්න සහ යාලුවොන්ට එයාව හොයාගන්න පුලුවන් වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය බලන්න. ඉතින් මේකත් විනී ද පූ චිත්‍රපට මාලාවේ තවත් ගොඩක් ලස්සන කතාවක් කියලා කියන්න පුලුවන්.
අධ්‍යක්ෂණය Francis Glebas විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ Brian Hohlfeld සහ A.A. Milne කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, Jim Cummings විනී ද පූ හා ටිගර් ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Nikita Hopkins රූ ලෙසත්, Andre Stojka අව්ල් ලෙසත්, Peter Cullen ඊයෝ ලෙස සහ Tom Attenborough ක්‍රිස්ටෝෆර් රොබින් ලෙස හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. Animation | Adventure | Comedy | Family | Musical | Mystery කියන වර්ගීකරණයන්ට අයත් වුණු මේ චිත්‍රපටය 6,496දෙනෙකුගේ මනාපයෙන් IMDbහි 6.1 ලකුණු ප්‍රමාණයකුත් හිමි කරගෙන තියෙනවා.
සමහරුන්ගේ වටිනාකම තේරෙන්නේ එයාලා නැති වුණාමයි. ඉතින් අපිත් පුලුවන් හැම කෙනෙක්වම අගය කරමු. හැම කෙනෙක්ගේම වටිනාකම් අඳුනගමු. එයාලව වටිනව කියලා අපේ ක්‍රියාවෙනුත් පෙන්නමු. විශේෂයෙන්ම ඔයාලා නිවෙස්වල ගත කරන මේ කාලයේ එකිනෙකාගේ අගය වටිනාකම තේරුම්ගනිමින් කටයුතු කරමු. හැමෝටම පරිස්සමින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
අප මෙතෙක් ලබා දුන් සියලුම Winnie the Pooh හා සම්බන්ධ චිත්‍රපට මේ විදිහට පෙළගස්වන්න පුලුවන්.
The Many Adventures Of Winnie The Pooh (1977) – විනී ද පූ, පළමු Animated Feature චිත්‍රපටය.
Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) – විනී ද පූ, පළමු Direct-to-video චිත්‍රපටය
The Tigger Movie (2000) – විනී ද පූ, දෙවන Animated Feature චිත්‍රපටය.
Piglets Big Movie (2003) – විනී ද පූ, තුන්වන Animated Feature චිත්‍රපටය.
Winnie the Pooh (2011) – විනී ද පූ, පස්වන Animated Feature චිත්‍රපටය.
Goodbye Christopher Robin (2017) – විනී ද පූ සංකල්පය හා අදහස ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ Biography චිත්‍රපටය.
Christopher Robin (2018) – විනී ද පූ, පළමු Live Action චිත්‍රපටය.
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,169 downloadsDownload Piglets.Big_.Movie_.2003.720p.BluRay.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
11 comments
malithmadhushan45
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!rockz2020
great work! thanks සහෝ! ❤
කාටූන් එකක් තියෙනවා කව්රුත් බාරගෙන නැත්තං දෙන්න පුළුවන්ද. Checkered Ninja 2018 ✌
ජයෙන් ජයම වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
Shamal manojan
බොහොම ස්තූතියි උපසිරැසියට.
Trolls World Tour - 2020 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
Nuwan
venom 2005 kiyala horror Movie ekak thiyenawa puluwannam sub eka denna balakirimak na welawak thiyenawanam vitharak denna thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කවිනු වීරක්කොඩි
Thnkq!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga
සබ ට ස්තුතියි !
baiscopedownloads co අඩවියේ Piglet's කියලා search කළාට කිසිම film එකක් නැහැ කියනවා.ඒ ඇයි ?
Advertisement
![Piglets Big Movie (2003) Sinhala Subtitle | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Piglets-Big-Movie-2003.jpg)

Thanx saho