Watch Trailer

Dhurandhar (2025) Sinhala Subtitles | පාකිස්ථාන පාතාලය දෙවනත් කළ ඉන්දීය ඔත්තුකරුවාගේ කතාව! [සිංහල උපසිරසි]

Dhurandhar (2025) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම…! ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ නිකම්ම නිකන් චිත්‍රපටියක් නෙවෙයි, බොලිවුඩයේ දැවැන්තයෝ රොත්තක්ම එකට එකතු වුණ සුපිරිම Spy Action Thriller සිනමාපටයක්. හැමෝම දන්නවනේ “Uri: The Surgical Strike” කරපු Aditya Dhar අධ්‍යක්ෂකවරයාව…

Dhurandhar (2025) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම…! ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ නිකම්ම නිකන් චිත්‍රපටියක් නෙවෙයි, බොලිවුඩයේ දැවැන්තයෝ රොත්තක්ම එකට එකතු වුණ සුපිරිම Spy Action Thriller සිනමාපටයක්. හැමෝම දන්නවනේ “Uri: The Surgical Strike” කරපු Aditya Dhar අධ්‍යක්ෂකවරයාව? අන්න එයාගේ අලුත්ම වැඩේ තමයි මේක. නිකන් නෙවෙයි, Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, Arjun Rampal සහ R. Madhavan කියන දැවැන්තයෝ පස් දෙනාම එකම තිරයක දකින්න ලැබෙනවා කියන්නේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ට්‍රේලර් එක ආපු දවසේ ඉඳන්ම බොහෝමයක් හිංදි සිනමා රසිකයෝ ඇඟිලි ගැන ගැන හිටපු මේ දැවැන්ත සිනමා නිර්මාණයට සිංහල උපසිරැසි අරගෙනයි මම අද ආවේ.

මේ වෙද්දී 8.4 වගේ ඉතාම ඉහළ IMDb අගයක් ලබාගන්න මේ සලරුව සමත් වෙලා තියෙනවා. ගොඩක් විචාරකයෝ කියන්නේ මේක බොලිවුඩයේ හැදුණු “Best Spy Thriller” ලිස්ට් එකට දාන්න පුළුවන් මට්ටමේ නිර්මාණයක් කියලයි. විශේෂයෙන්ම රන්වීර් සිංගේ රංගනය සහ ආදිත්‍ය ධර්ගේ ත්‍රාසජනක අධ්‍යක්ෂණය ප්‍රේක්ෂකයින්ව පුදුම කරලා තියෙනවා.සාමාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක් නොවී, ඔත්තු බැලීම්, අනපේක්ෂිත සිදුවීම් සහ ත්‍රාසජනක අවස්ථාවලින් පිරුණු මේ කතාවේ ධාවන කාලය ටිකක් වැඩියි වගේ හිතුණත්, කතාවේ තියෙන කුතුහලය නිසා ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. 

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. මේ කතාව පටන් ගන්නේ 1999 කන්දහාර් ගුවන් යානා කොල්ලයත් එක්ක. එදා ත්‍රස්තවාදීන් ඉල්ලපු දේ දීලා මගීන්ව බේරගත්තට, ඉන්දියන් බුද්ධි අංශ ප්‍රධානීන්ට ඒක ලොකු කැළලක් වුණා. ඒ වගේම 2001 පාර්ලිමේන්තු ප්‍රහාරයත් එක්ක ඉන්දියාව තීරණය කරනවා ආයේ කවදාවත් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න හොඳ නෑ කියලා.

අන්න එතනින් තමයි “ඔපරේෂන් ධුරන්ධර්” පටන් ගන්නේ. අජේ සන්යාල් විසින් තෝරාගන්නා විශේෂ නියෝජිතයෙක් වෙන “හම්සා අලි මසාරි” රහසිගතව පාකිස්ථානයට ඇතුල් වෙනවා. එයාගේ ඉලක්කය කරච්චිවල ඉන්න දරුණුම පාතාල කල්ලියක් වෙන “ලියාරි” ගැන්සියට රිංගන එක. මේක ලෙසි පහසු වැඩක් නෙවෙයි. එක පැත්තකින් රෙහ්මාන් ඩකයිට් වගේ දරුණු පාතාල නායකයෝ, අනිත් පැත්තෙන් ISI එකේ මේජර් ඉක්බාල් වගේ බුද්ධි නිලධාරීන්.

විනාඩියෙන් විනාඩිය කුතුහලය පිරුණු, ඇක්ෂන් වලින් අඩුවක් නැති මේ චිත්‍රපටය නරඹන ලෙසට ආරාධනා කරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Dhurandhar (2025) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

53,057 downloadsDownload Dhurandhar-2025.zip64 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dhurandhar (2025) Sinhala Subtitles

Subtitles

53,057 downloadsDownload Subtitles64 KB

10 comments

  1. Damith niwanthaka

    Thanks bro. Jaya wewa....!!!!

  2. Buddhika laKMal

    ස්තූතියි තරිදු අයියේ මේකට සබ් එක දුන්නට

  3. Hemantha De Silva

    ස්තුතියි තරිඳු.... ජයවේවා.
    ස්තුතියි බයිස්කෝප්...

  4. Gihan

    උපසිරැසියට බොහෝම ස්තූති

  5. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක්ම ස්තුතියි සබ් එකට.....

  6. Shavinda Keshan Rajapaksha

    Dhuramdhar 2 eke hoda camcopy ekk ndd thibboth sub krnnko please

  7. Pubudu

    Sub Eka nam patta supiri bro

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  9. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  10. Rideemal vilegoda

    Patta bn, thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.