The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles ආයුබෝවන්… සෑහෙන කාලෙකට පස්සේ ඔයාලා හමුවට එන්නේ මගේ හිතේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ හීනයක් සැබෑ කරගනිමින්. ඒ තමයි ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටයක් සඳහා උපසිරසගැන්වීම. ඔයාලට මතක ඇති MCU හතරවන අදියර ගැන නිවේදනය කරද්දිම ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටය ගැන ප්…

ආයුබෝවන්… සෑහෙන කාලෙකට පස්සේ ඔයාලා හමුවට එන්නේ මගේ හිතේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ හීනයක් සැබෑ කරගනිමින්. ඒ තමයි ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටයක් සඳහා උපසිරසගැන්වීම. ඔයාලට මතක ඇති MCU හතරවන අදියර ගැන නිවේදනය කරද්දිම ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටය ගැන ප්‍රථම වරට ඉඟියක් දුන්නා. ඉතින් එදා තමයි මම මේක ඉල්ලලා පොර කන්න පටන්ගත්තේ. ඒ උත්සහය ඔන්න අද වෙද්දි මල්ඵල දරා තියෙනවා.
ෆිල්ම් එක බලපු අය දන්නවා, එක පාරක් බැලුවට මදි වෙන ජාතියෙ, හෝල් එකක බලන්නම වටිනා මාවල් සිනමා විශ්වයේ සුපිරිම චිත්‍රපටයක් මේක. ඉතින් ඔන්න ඒ ගැන සම්පූර්ණ විස්තරාත්මක ලිපියක් කිසිම ස්පොයිල් කිරීමක් නැතිව පහළ අපේ තිසර නියෝ සහෝදරයා ලියලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. ලිපිය ලියලා දෙන්න පුලුවන්ද අහපු ගමන්ම ඒක ඉක්මනින් සහ හරිම සතුටින් වැඩේ කරලා දුන්නාට බොහොම ස්තුතියි තිසර නියෝ අයියේ. එහෙනම් වැඩි කතා මොකටද? ලිපිය කියවලා බලන්න… හදිසි කාරයො ඉන්නවනම් ෆිල්ම් එක බලලා කියවන්න…
තිසර නියෝ සොහොයුරාගේ ලිපිය
2025 ජූලි මාසෙ කියන්නෙ සිනමා රසිකයන්ට මගුල් මාසයක්. සාමාන්‍ය ෆිල්ම් බර ගානක් එක්ක දැවැන්ත ෆැන්චයිස් තුනකම ෆිල්ම් ජූලි වල රිලීස් උනා. මාසෙ මුල ජුරාසික් රසිකයන්ට Jurassic World: Rebirth හම්බවෙද්දි, මාසෙ මැද රීබූට් උන DCU එකෙන් DC ෆෑන්ස්ලට Superman ෆිල්ම් එක දුන්නා. ඔන්න ඉතින් මාසෙ අග MCU රසිකයන්ට මාර්වල් ස්ටූඩියෝ එකෙන් අයිකනික් Fantastic Four ෆිල්ම් එකක් අරන් ආවා.
ඉතින් අපි බලමු ෆැන්ටෑස්ටික් ෆෝ ටීම් එක ගැන ටිකක් සරල විදියට.
Fantastic Four කියන්නෙ මාර්වල් කොමික් වල පලවෙනි සුපිරිවීර පවුල. මෙයාලව කොමික් වලින් මුලින්ම දැකගන්න පුලුවන් උනේ The Fantastic Four #1 කියන 1961 නොවැම්බර් වල ආපු කොමික් එකෙන්. ලෙජන්ඩරි Jack Kirby සහ Stan Lee තමයි මේ ෆැමිලි එකේ නිර්මාණය කරේ. හැටේ දශකයේ අභ්‍යවකාශ තරණය ගැන තිබුනු තරඟය ෆැන්ටෑස්ටික් ෆෝ වලටත් අභාෂයක් වෙලා තියෙනවා. එදා ඉඳන් අද වෙනකල් කොමික් කලාප ගණනාවක් සහ පෙනී සිටීම් නිර්මාණය උනා.
සරලව කියන් යන්නම් මෙයාලගෙ ඔරිජින් එක ගැන පොඩිඩක්.
මේ ටීම් එකේ සාමාජිකයෝ හතර දෙනයි. අතිදක්ෂ විද්‍යාඥයෙක් උන Reed Richards තමයි ප්‍රධාන කෙනා. ටීම් එකේ ප්‍රධානියා තමයි එයා.
රීඩ්ගේ Girlfriend සහ පසුව බිරිඳ උන සහ විද්‍යාඥවරියක් උන Susan “Sue” Storm-Richards තමයි මේ ටීම් එකේ එකම කාන්තා නියෝජනය. ඒ වගේම සූසන් ටීම් එකේ ‘අම්මා’ චරිතය රඟදක්වනවා වගේම ටීම් එකේ සංවේදීම කෙනා.
සූසන්ගෙ සහෝදරයා උන Johnny Storm තුන්වෙනි සාමාජිකයා වෙනවා. ජොනී කියන්නෙ ෆුල් ආතල් එකේ ඉන්න කෙනෙක් වගේම නිතරම බෙන් ව අවුස්සන කෙනා. ඒ වගේම එයා ටිකක් නොසැලකිලිමත් වගේම හොඳ ක්‍රියාශීලී කෙනෙක්.
රීඩ්ගේ පාසල් කාලයේ ඉඳන් මිතුරා උන Ben Grimm හතරවෙනි සාමාජිකයා වෙනවා. එයාට ලැබුනු බලයත් එක්ක පෙනුම වෙනස් වීම නිසා සාමාන්‍යයෙන් සමාජයෙන් වෙනස් අවදානයක් එයාට ලැබුනත් නිතරම ටීම් එක වෙනුවෙන් කැපවෙලා ඉන්න වගේම හිතවත්ම කෙනෙක්.
විද්‍යාත්මක පරීක්ෂණයක් වෙනුවෙන් රීඩ් ඇතුලු මේ ටීමි එක අභ්‍යවකාශයට යනවා. එතනදී එයාලත් එක්ක එයාලගේ යානය Cosmic කිරණයකට අහු වෙනවා. හරි විදියට ආරක්ෂක පද්ධතිය වැඩ කරේ නැති නිසා මේ හතරදොම මේ රේඩියේෂන් වලට අහු වෙනවා. ආපහු පෘතුවියට ආවම තමයි එයාල දැනගන්නේ එයාලට සුපර්පවර්ස් ලැබිල තියෙනවා කියල.
ලැබුණු බලයන් තමයි මේ..
රීඩ් ට එයාගෙ ඇඟ ඕනි විදියකට දික් කරන්න පුලුවන්. කොමික් වල ms marvel ට තියෙන්ත් මේ වගේ බලයක් නිසා තමයි mcu එකේදි මිස් මාර්වල් ගේ බලය වෙනස් කරලා තියෙන්නෙ. මොකද සිනමැටික් විශ්වයක එකම විදියෙ බලයන් තියෙන දෙනේකේ ඕන නැති නිසා. රීඩ්ට ලැබුනු සුපර්හීරෝ නම තමයි Mr. Fantastic.
සූසන්ට ආලෝකය පාලනය කරල නොපෙනී ඉන්න පුලුවන් වගේම force field නිර්මාණය කරන්න පුලුවන්. එයාගේ සුපර්හීරෝ නම තමයි Invisible Woman.
ජොනීට ගින්දර පාලනය එක්ක ඇඟ ගිනිගන්න හැකියාව සහ ඒක පාවිච්චි කරල පියාඹන්න පුලුවන්. එයාගෙ සුපර්හීරෝ නම තමයි Human Torch.
බෙන් ට ගල් වගේ හමක් සහිත ශරීරයක් වගේම දැවැන්ත ශක්තියක් ලැබෙනවා. එයාගේ සුපර්හීරෝ නම තමයි The Thing.
ඉතින් මේ වගේ බලයක් ලැබුනු මෙයාලා පවුලක් විදියට එකට ඉන්න ගමන්, දුක සතට බෙදාගන්න ගමන් එක එක තර්ජන වලින් ලෝකෙ බේරගන්න එක තමයි කරන්නෙ වැඩියම.
F4 ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි චරිතය තමයි ඩොක්ටර් Victor Werner von Doom, එහෙමත් නැත්නම් ඩොක්ටර් ඩූම්. රීඩ් වගේම මොලකාරයෙක් වෙන ඩුම් මේ ටීම් එකේ ප්‍රධානතම හතුරෙක් වෙනවා. (ඩූම් ගැන මෙතන කියන්න යන්නෙ නැ ලබන අවුරුද්දෙ එන Avengers Doomsday වලදි එයා ගැන කතා කරාවි සබ් එක දෙන කෙනා) ඉතින් ඩුම්ට අමතරව Galactus, Ronan the Accuser, Annihilus, Mole Man, Namor, Silver Surfer, Kl’rt, Molecule Man වගේ අභ්‍යවකාශයේ, කොස්මික මට්ටමේ, මුහුදේ, පොලොව යට, වෙනත් මානයන් වල වගේ හැම තැනම පැතිරුනු හතුරො බර ගානක් ඉන්නවා F4 ටීම් එකට.
දැන් බලමු අපි මේ ටීම් එක කොමික් වලින් එහාට දැකපු තැන් ගැන ටිකක්.
මේ වෙද්දි ෆැන්ටෑස්ටික් ෆෝ ඇනිමේෂන් සීරිස් හතරක් ඇවිත් තියෙනවා. ඒ තමයි Fantastic Four (1967), The New Fantastic Four (1978), Fantastic Four (1994), Fantastic Four: World’s Greatest Heroes (2006). ගොඩක් අය බලල ඇති ස්වර්ණවාහිනියෙ ගියපු 2006 සීරිස් එකනම්.
ඒ වගේම Spider-Man animated series, The Incredible Hulk සහ The Avengers: Earth’s Mightiest Heroes සීරිස් වලත් මෙයාලව දැකගන්න ලැබුනා සමහර එපිසෝඩ් වලදී.
ඒ වගේම 1975 දී ලයිව් රේඩියෝ ශෝ එකකුත් ආවා.
ඔන්න මුලින්ම 1994 දි ෆැන්ටෑස්ටික් ෆෝ ටීම් එකේ පලවෙනිම ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක නිර්මාණය වෙනවා. මේක නමින් The Fantastic Four (1994). මේකෙ රීඩ් විදියට Alex Hyde-White, සූසන් විදියට Rebecca Staab, ජොනී විදියට Jay Underwood, බෙන් විදියට Michael Bailey Smith, බෙන්ට පවර්ස් ලැබුනම The Thing විදියට Carl Ciarfalio, සහ ඩොක්ටර් ඩූම් විදියට Joseph Culp රංගනයෙන් දායක උනා. හැබැයි අවාසනාවට මේක කවදාවත් තියටර් වලට රිලීස් උනේ නැහැ. ඒ වගේම නිල විදියට ඩිජිටල් හෝ CD, DVD, VHS වගේ පිටපතක්වත් නිකුත් උනේ නැහැ. හැබැයි ෆිල්ම් එකේ ලීක් උන අනවසර පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මෙික Constantin Film කියන ජර්මනියේ ප්‍රඩක්ෂන් කම්පණි එකකින් නිර්මාණය කරපු ජර්මන් ෆිල්ම් එකක්. එයාලා රිලීස් නොකරත් මෙහෙම ෆිල්ම් එකක් හැදුවේ මාර්වල් ඒ වෙද්දි විකුනල තිබුනු ලයිව් ඇක්ෂන් අයිතිය එයාලා 1986 දි අරගත්ත නිසා ඒ අයිතිය දිගටම එයාලට තියාගන්න ඕනි නිසයි. හැබැයි පස්සෙ කාලෙක Avi Arad එයාලගෙන් චරිත වල අයිතිය ඩොලර් මිලියන කිහිපයකට අරන් තියෙනවා.
Avi Arad චරිත වල ලයිව් ඇක්ෂන් අයිතිය අරගත්තට පස්සෙ රීබූට් එකක් විදියට 2005 දි දෙවෙනි Fantastic Four ෆිල්ම් එකක් නිර්මාණය කරනවා. මේක නමින් Fantastic Four (2005). කලින් ෆිල්ම් එක හදපු Constantin Film එක්ක 20th Century Fox සහ Marvel Enterprises එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක හදන්නේ. Tim Story ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එකේ රීඩ් විදියට Loan Gruffudd , සූසන් විදියට Jessica Alba , ජොනී විදියට Chris Evans , බෙන් සහ The Thing විදියට Michael Chiklis සහ ඩොක්ටර් ඩූම් විදියට මැතක අප අතරින් වියෝ වු Julian McMahon රංගනයෙන් දායක උනා.
2005 මේ ෆිල්ම් එක අරගත්ත සාමාන්‍ය මට්ටමේ සාර්තකත්වයත් එක්ක සීක්වල් එකක් විදියට Fantastic Four: Rise of the Silver Surfer ෆිල්ම් එක 2007 දී නිර්මාණය කරනවා. සුපුරුදු විදියට Tim Story ම ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එකට 2005 ෆිල්ම් එකේ කාස්ට් එකම එකතු උනා. එයාලට අමතරව Norrin Radd හෙවත් Silver Surfer චරිතයේ හඬ වෙනුවෙන් Laurence Fishburne සහ රංගනය වෙනුවෙන් Doug Jones එකතු උනා. මේ ෆිල්ම් එකෙන් අයිකනික් ගැලැක්ටස් චරිතය අරන් ආවත් වලාකුලක් වගේ පෙනුමකින් විතරයි එයාව පෙන්නුවේ.
පර්ෆෙක්ට් කාස්ට් එකක් ඉඳලත් 2007 ෆිල්ම් එකෙන් පස්සෙ අතෑරල දාල තිබුනු මේ ෆිල්ම් ෆැන්චයිස් එක රීබූට් කරන්න ෆොක්ස්ලා තීරණය කරා. ඒ නිසා 2015 දී Fantastic Four රීබූට් සිනමාපටයක් නිර්මාණය උනා. මේක නමින් FANT4STIC (Fantastic Four (2015)). මේකෙ රීඩ් විදියට Miles Teller, සූසන් විදියට Kate Mara, ජොනී විදියට Michael B. Jordan, බෙන් විදියට Jamie Bell සහ ඩොක්ටර් ඩූම් විදියට Toby Kebbell රංගනයෙන් දායක උනා. මේ ෆිල්ම් එක Ultimate Fantastic Four කොමික්ස් පාදක කරගෙන නිර්මාණය කරපු එකක්. ඒ වගේම මේකෙ ජොනී සහ සූසන් ලෙයින් සහෝදර සහෝදරියන් නොකර ජොනීව සූසන්ගේ තාත්තා හදාගත්ත අරගත්ත කෙනෙක් කරලා තිබුනා. ඒ නිසා මෙකෙ ජොනී කලු ජාතිකයෙක් කරලා තිබ්බා. මේ ෆිල්මි එක අතිශය අසාර්තක ෆිල්ම් එකක්. ජොනීව කලු කිරීම, විකාර ප්ලොට් එක, සූසන්, ජොනී දෙන්නගෙ පවර්ස් ඇඳුමකින් පාලනය කරගැනීම, The Thing ව අවුල් කරලා තිබීම වගේම ලෙජන්ඩරි ඩොක්ටර් ඩූම් කැරැක්ටර් එක විනාශ කරල තිබීම වගේ දේවල් එක්ක මේ ෆිල්ම් එක ඩිසාස්ටර් එකක් උනා වගේම රීබුට් එකේ සේරම සැලසුම් විනාශ උනා.
2019 දි ඩිස්නි ලා ෆොක්ස් එක අරගත්ත නිසා දශක දෙකකට පස්සේ ආයම ෆැන්ටෑස්ටික් ෆෝ චරිත වල සම්පූර්ණම අයිතිය ආපහු මාර්වල් සමාගමට හම්බ උනා.
ඒත් එක්කම 2019 San Diego Comic-Con එකේදී කෙවින් ෆයිගි නිවේදනය කරා ෆැන්ටෑස්ටික් ෆෝ ෆිල්ම් එකක් MCU එකට නිර්මාණය කරනවා කියලා. පස්සෙ 2020 දෙසැම්බර් වල නිවේදනය කරා Jon Watts මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරනවා කියලා.Watts එයාගේ පුද්ගලික හේතුවක් නිසා මේ ප්‍රොජෙක්ට් එකෙන් 2022 අප්‍රේල් වල අයින් වෙනවා. ඒ නිසා 2022 සැප්තැම්බර් 10 වෙනිදා D23 Expo එකේදි නිවේදනය කරා Matt Shakman ව ඩිරෙක්ටර් විදියට එකතු කරගත්තා කියල. ඒ වගේම ඒ මාසයේම 21 නිවේදනය කරා Jeff Kaplan සහ Ian Springer ව පිටපත ලියන්න එකතු කරගත්තා කියල. ආයම 2023 මාර්තු වල Josh Friedman එකතු කරගත්තා පිටපත නැවත ලියන්න.
ඒ අතරේ Doctor Strange in the Multiverse of Madness (2022) ෆිල්ම් එකෙන් අපිට පලවෙනි වතාවට MCU එකට රීඩ් රිචර්ඩ්ස් ව අරන් ආවා. ඒ රීඩ් විදියට ෆෑන් කාස්ටින් වල උඩින්ම හිටිය John Krasinski ව අරන් එමින්. ඒ වගේම පස්සෙ ආරංචි උනා John ව මේ ෆිල්ම් එකට විතරයි අරගත්තෙ F4 ෆිල්ම් එකට වෙනත් රංගන ශිල්පියෙක් අරගන්නවා කියල රීඩ් විදියට.
ඉතින් මාර්වල් ස්ටූඩියෝව 2024 මාර්තු වල එයාලගේ ෆැන්ටෑස්ටික් ෆෝ ටීම් එකේ කාස්ට් එකට නිල වශයෙන් රීඩ් විදියට Pedro Pascal, සූසන් විදියට Vanessa Kirby, ජොනී විදියට Joseph Quinn සහ බෙන් විදියට Ebon Moss-Bachrach එකතු කරගත්තා කියල නිවේදනය කරා. මේ කාස්ටින් එක ගැනනම් ෆෑන්ස්ල මතු කරලා තිබුනේ ටිකක් mix රිවීව්ස් තමයි. ස්පෙෂලි රීඩ් ගෙ චරිතය ගැන. ඊට පස්සේ අප්‍රේල් වල නිවෙිදනය කරා Julia Garner මේ ෆිල්ම් එකේ Shalla-Bal කියන Silver Surfer චරිතය නිරූපනය කරනවා කියල. (2007 ෆිල්ම් එකේ අපි දැක්ක නොරින් රෑඩ් කියන සිල්වර් සර්ෆර් ගේ පෙම්වතිය තමයි ශල්ලා-බල් කියන්නේ) මැයි වලදී අයිකනික් Galactus චරියට Ralph Ineson එකතු වෙනවා කියල නිවේදනය කරා.
ඒ වගේම ස්ටූඩියෝව නිවේදනය කරලා තිබුනා මේ ෆිල්ම් එක රීබූට් එකක් උනාට ඔරිජින් ස්ටෝරියක් නොවන බව. ඒ වගේම ප්‍රධාන MCU යුනිවර්ස් එකෙන් පිට වෙනත් යුනිවර්ස් එකක වෙන කතාවක් බව තහවුරු කරා. ඒ වගේම ෆිල්ම් එකේ කතාව 60 දශකයේ Reto Futuristic එකක යනවා කියල නිවෙිදනය කරා. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම The Fantastic Four: First Steps කියලත් නිවේදනය කරා.
මේ අතරේ 2024 ජූලි වල අපිට Deadpool & Wolverine ෆිල්ම් එකේදි 2005/2007 ෆිල්ම් වල ක්‍රිස් එවනස් දායක උන හියුමන් ටෝර්ච් ගේ වේරියන්ට් එකක් දැකගන්න ලැබුනා.
අමතක උනා කියන්න. පහුගිය දවස් වල ආපු Iron Heart සීරිස් එකෙන් MCU Phase 5 ඉවර උනා. The Fantastic Four: First Steps ෆිල්ම් එක තමයි MCU එකේ Phase 6 – එහෙමත් නැතිනම් හයවෙනි අදියරේ පලවෙනිම ෆිල්ම් එක. මේක මුලින් එන් තිබුනේ 2024 නොවැම්බර් 8 වෙනිදා. කොරෝනා සහ රයිටර්ස් ස්ට්‍රයික් එක තමයි මේ වෙනකල් කල් යන්න ලොකුම හේතුව. හයවෙනි අදියර මේ ෆිල්ම් එකෙන් පටන් අරන් දැනට නිවේදනය කරපු විදියට Avengers: Secret Wars ෆිල්ම් එකෙන් මල්ටිවර්ස් සාගා එකත් එක්කම ඉවර වෙන්න නියමිතයි.
දැනට අපිට දැනගන්න තියෙන කරුණු බැලුවොත් මේ F4 ටීමි එක මෙච්චර කල් ආව F4 ෆිල්ම් එක්ක බලද්දි පවුල කියන දේ හොඳින්ම පෙන්වන ෆිල්ම් එකක්. මේක ඔරිජින් එකක් නෙවෙයි. ඒ වගේම මේ යුනිවර්ස් එකේ ඉන්න එකම සුපර්හීරෝලා වෙන්නෙත් මේ F4 ටීම් එක විතරයි. එයාලට බලය ලැබිලා අවුරුදු ගානක් ගිහින් වගේම පවුලක් විදියට මේ හතරදෙනා ලෝකෙම මිනිස්සුන්ගෙ ආදරය දිනාගෙන ඉන්නවා. ඒ වගේම මේ ටීම් එක සූසන් එක්ක රැඳිලා ඉන්න ටීම් එකක්.
ඒ වගේම ට්‍රේලර් වල පෙනනපු විදියට රීඩ් සහ සූසන්ට දරුවෙක් ලැබිලා තියෙනවා. මේ වෙන කවරුත් නෙවෙයි මාර්වල් යුනිවර්ස් එකේ ඉන්න බලවත්ම කෙනෙක් වෙන ෆ්‍රෑන්ක්ලින් රිචර්ඩ්ස්.
ඒ වගේම පලවෙනි පාරට රීඩ්ගේ AI එක වන H.E.R.B.I.E කියන රොබෝවත් ලයිව් ඇක්ෂන් දකින්න පුලුවන්. ඒ වගේම කොමික් වල ආකාරයේ බැක්ස්ටර් බිල්ඩින් එක, ෆැන්ටෑස්ටික් කාර් එක වගේ දේවල් දැකගන්නත් පුලුවන්.
ලිපිය ලියන වෙලේ ෆිල්ම් එක රිලීස් වෙලාවත් නැහැ. ඒ නිසා ෆිල්ම් එක ගැන අදහසක් මෙතන ලියන්න යන්නේ නැහැ.
හැබැයි ඉතින් Thunderbolts* (2025) පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක බලපු අයට මුලදිම ෆිල්ම් එක චුට්ටක් ස්පොයිල් වෙලාම ඇති. මොකද වෙනම විශ්වයක ඉන්න මේ F4 ටීම් එක ප්‍රධාන MCU ටයිම්ලයින් එකට එන හැටි ඒකෙ පෙන්නුවනෙ.
ඉතින් ෆිල්ම් එක බලලම ගුන අගුණ කතා කරමු අපි.
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ආදාළ වේ.
12,537 downloadsDownload The-Fantastic-Four-First-Steps-2025-Sinhala-Subtitles-1.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2025
- #Box Office Hits
- #Ebon Moss-Bachrach
- #Editor's Pick
- #Fantastic Four
- #Joseph Quinn
- #Julia Garner
- #MaxxA
- #Must Watch
- #Natasha Lyonne
- #Offbeat
- #Paul Walter Hauser
- #Pedro Pascal
- #Ralph Ineson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #The Fantastic Four: First Steps
- #The Lion King
- #Vanessa Kirby
- #You Decide
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
SACHINTHA
රුක්ෂාන් ඛාන් (රුකා)
Are Bhaiii, ස්තූතියි සහෝ පිටපතක් ආපු හැටියෙම උපසිරැසි ලබාදුන්නට ඒ වගේම තමා සවිස්තරාත්මක සුපිරි ලිපියකුත් දුන්නට. ජයවේවා! ❤️
හිමන්ත
චිත්‍රපට රසිකයන්ගේ මනදොළ පිනවිම සදහා කාලය සහ ශ්‍රමය වැයකල ඔබට සහ උපසිරසි කරැවන්ගේ සේවය අගය කරමී!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Prabha
අම්මෝ එනකම් පෙරුම්පුරපු තරමක්. Web ආවා කියල දැක්ක ගමන් මේ දුවගෙන ආවෙ. ආදරෙයි බයිස්කෝප් මෙච්චර ඉක්මන්ට සබ් එක දුන්නට ❤️❤️
easdesf
amaruida itn godk dura duwagena awilla
Buddhika laKMal
කොපි එක ආපුගමන්ම සබ් එක දුන්නට ස්තූතිය සහෝ.....
ඒ වගේම පට්ටම පට්ට ලිපියටත් ස්තූතියි...........SS
බොහොම ස්තූතියි ඉක්මනින් සබ් එක දුන්නට ❤️
Ushan
Mechchara ilmnta sub dena ekama site eka ❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HBuddhika laKMal
ස්තූතියි මචං සබ් එකට
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Thisara Prabhath Senarathne
Thanks bro
කවිදු අශාන්
ගොඩක්ම සිතූතියි ඔයාට❤❤❤
shehan
thanks dude
Ruchira
Thanks for the sub!!!
Ishan madushanka
Sub ekta THX machn
Kesara Withanage
සිංහල උපසිරසියට තුති සහෝදරයා!
Anonymous
Thanks bro
English movie lover
Sew Torn 2024 movie. Sub title one yalu
Anonymous
Thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles | අරුම පුදුම සතරදෙනා මාවල් සිනමා විශ්වයට [සිංහල උපසිරසි] [BluRay Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/07/Fantastic-Four-First-Step-2.jpg)

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තවත් උපසිරැසියකින් හමු වෙමු
ජය