Superman (2025) Sinhala Subtitles කොහොමද යාළුවනේ ඔන්න ඉතින් කාලෙකට පස්සෙ චිත්‍රපටියකට සිංහල උපසිරසි අරගෙන තමයි අද මේ විදියට ඇවිල්ල ඉන්නෙ. මේ චිත්‍රපටිය වෙන මුකුත්වත් නෙවෙයි මේ තමයි 2025 වර්ෂයේ නිකුත් වෙච්ච Superman චිත්‍රපටිය. මං මුලින්ම මේ ලිපිය කොටස් දෙකකට කඩන්න හිතුව, 01. චිත්‍රපටයට අදාල නැරඹීමට…
Superman (2025) Sinhala Subtitles
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් කාලෙකට පස්සෙ චිත්‍රපටියකට සිංහල උපසිරසි අරගෙන තමයි අද මේ විදියට ඇවිල්ල ඉන්නෙ. මේ චිත්‍රපටිය වෙන මුකුත්වත් නෙවෙයි මේ තමයි 2025 වර්ෂයේ නිකුත් වෙච්ච Superman චිත්‍රපටිය. මං මුලින්ම මේ ලිපිය කොටස් දෙකකට කඩන්න හිතුව,
01. චිත්‍රපටයට අදාල නැරඹීමට පෙර දැනගත යුතු කරුණු
02.චිත්‍රපටයට අදාළ පසු විපරම.
හරි අපි මුලින්ම මේ චිත්‍රපටය පිළිබද විස්තර ගැන කතා කරමු. මේ චිත්‍රපටය මේ ලෝකය ඉදිරියේ නිකුත් වීමට කලින්ම මේ චිත්‍රපටය ලොකු පීඩනයක් යටතෙ තමයි නිකුත්වීම සිද්ධ වෙන්නෙ ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙන් තමා දැන් DCU එකෙහි ආරම්භය වෙන්නෙ. ඉතින් මේ වගකීම බර කරට අරන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ James Gunn මහතා විසින්. ඉතින් මේ චිත්‍රපටය අසාර්ථක වූවා නම් මේ අලුත් DCU එකත් එතනම අවසන් වීම වෙන්න තිබ්බ. ඒත් මේ චිත්‍රපටය ඉතාමත්ම සාර්ථක ගණයේ චිත්‍රපටයක් උනේ මේ චිත්‍රපටය දෙලක්ෂ හතළිස් හයදාහක මනාප වලින් 7.3 ක ඉතාමත්ම හොද IMDb අගයක් ලබාගැනීමෙන් සහ ලෝකය පුරා ඩොලර් 604,475,181 ක ආදායමක් ලබා ගැනීමට සමත් වීමත් සමගයි. ඉතින් DCU ඉස්සරහට සුපිරියක් වෙන බව නො අනුමානයි.
මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීල තියෙන්නෙ David Corenswet,Rachel Brosnahan,Nicholas Hoult,María,Gabriela de Faría යන අයයි.ඉතින් මේ රංගනන් එහෙම ඉතාමත්ම සුපිරියට තියෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 2කුත් විනාඩි 9ක්. හරි එහෙනම් මේ චිත්‍රපටය ඔයාලට බලන්න කියල මං ආරාධනා කරනවා.
චිත්‍රපටය නැරබීමෙන් පසු කියවන්න.
ඉතින් මේ චිත්‍රපටය ලෝකාදරයට පත් වුවත් සමහර තැන්වල චිත්‍රපටයට විරුද්ධව නැගෙන්නෙ දෝෂාරෝපණයක්. ඒත් මේ චිත්‍රපටය සුපිරි සහ ඉතාමත්ම පොඩි තැන්වල දුර්වල වෙන්නෙ ඇයි කියල දැන් අපි බලමු.
මුලින්ම කියන්න ඕනි මේ චිත්‍රපටය කොමික් වලට ගොඩක් මැච් වෙන නිසා මේ චිත්‍රපටය සුපිරියක් වෙනව. මොකද මේකෙ අපි දකින චරිත ලෙක්ස් ලූතර් වැනි චරිත ඉතාමත්ම හොදට නිර්මාණය වෙලා තියෙනව.
මුලින්ම අපි ලෙක්ස් ලූතර් ගැන කතා කරොත් මෙයාට සුපර්මෑන් සහ මෙටාහියුමන්ල කෙරෙහි තියෙන්නෙ ලොකු තරහවක්. අපිට ඒ තරහව මනාව පෙන්නන්න මේ චිත්‍රපටය හොදට සමත් වෙලා තියෙනව. ඒක අපිට සුපර්මෑන් එක්ක යන පළවෙනි වලිය(හැමර් එක්ක යන සටන) එතනදි ඒක දැකගන්න පුලුවන් වෙනව.ඒකියන්නෙ මෙයාට සුපර්මෑන් එක්ක තියෙන තරහව පියවගන්න සුපර්මෑන්ව පරදවන්න ලොකු කැපවීමක් වෙලා තියෙනවයි කියන එක අපිට දැකගන්න පුලුවන් වෙනව.
කොමික්හි දකින්නට ලැබෙන ලෙක්ස් ලූතර්.
කොමික්හි දකින්නට ලැබෙන ලෙක්ස්කෝප්
ඊටපස්සෙ ගොඩක් දෙනාගෙ හිත දිනාගන්න සමත් වෙච්ච දෙයක් තමා ක්‍රිප්ටෝ. ඉතින් මේ චිත්‍රපටය කොමික්වලට බර වෙන්න තවත් හේතුවක් විදියට මේක ගන්න පුලුවන්. ඉතින් මේ සුරතලාගෙ මැදිහත්වීම සහ හාස්‍යජනක අවස්ථා, සුපර්මෑන් එක්ක තියෙන සම්බන්ධය වගේ දේවල් වලින් මේ චිත්‍රපටයට ලොකු විනෝදයක් වගේම සාර්ථක චරිත නිර්මාණය ලබා දීල තියෙනව කියල කියන්න පුලුවන්.
කොමික්හි දකින්න ලැබෙන ක්‍රිප්ටෝ සහ චිත්‍රපටයේ සිටින ක්‍රිප්ටෝ.
පිරිසක් කියන කතාවක් තමයි මේ සුපර්මෑන් මිනිස්සුන්ව බේරගන්න වැඩේ විතරයි සටන් අඩුයි කියල. ඉතින් මේ සුපර්මෑන් කියන්නෙ පෘථිවියේ සිටින බලවත්ම ජීවියා වන අතරම සාමයේ සංකේතයද වෙනව. ඉතින් මේ සුපර්මෑන් කියන්නෙ මැෂින් එකක්වත් බලගතු ආයුධයක්වත් නෙවෙයි, හැමෝම වගේම සාමන්‍ය මනුස්සයෙක් කියන දේ තේරුම් ගන්න ඕනි වගේම මේ චිත්‍රපටයේ මූලික අරමුණත් මේකම වෙලා තියෙනව.
අනිත් දේ තමා සුපර්මෑන් ප්‍රෝටෝන් ගංගාවට වැටෙන එක ඉතින් ප්‍රෝටෝන් ගංගාවකට සාමාන්‍ය මනුස්සයෙක් වැටුනොත් කෑලි තියා අංශු මාත්‍රයක්වත් ඉතිරි වෙන්නෙ නෑ. ඒකියන්නෙ ප්‍රෝටෝන් ගංගාවකින් අපෙ ශරීරය කුඩා අංශුවලට කැඩෙනව කියන එක. ඒ වුනාට සුපර්මෑන්ට මෙහෙම වෙන්නෙ නෑ, ඉතින් එතනින්ම අපිට මේ සුපර්මෑන් කියන්නෙ කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියල මනාව පෙන්වනව.
ඊටපස්සෙ තමා මේ චිත්‍රපටයෙ ගොඩක්ම කැපී පෙනිච්ච දේ,

ජස්ටිස් ගෑන්ග්
මෙන්න මේ ජස්ටිස් ගෑන්ග් කියල ටීම් එකක් නම් මේ කොමික්වල අපිට දැකගන්න හම්බෙන්නෙ නෑ, ඒත් ගායි ගාඩ්නර් විසින් මේ විදියට මෙහෙයවන ජස්ටිස් ගෑන්ග් කියන කණ්ඩායම මේ අලුත් DCU එකට හදුන්වා දීමක් තමා මේ කරල තියෙන්නෙ. ඉතින් මෙන්න මේගොල්ලන්ගෙන් මිස්ටර් ටෙරිෆික් එහෙම නම් දැන්මම මිනිස්සු අතරට ගිහිල්ල ඉවරයි. ඉතින් ඉස්සරහට මේගොල්ලන්ව අපිට ගොඩක් චිත්‍රපට වලින් දැකගන්න පුලුවන් වෙයි කියල මං හිතනව.
අවසානෙට කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටයෙ අවුලක් තිබ්බ නම් ඒක තමා ටයිම් ලයින් එක වේගෙන් යන එක ඒකියන්නෙ දර්ශන අතර හුවමාරුව වේගවත් වැඩී කියන එක. මෙහෙම අපිට පේන්නෙ මුලින්ම මේ චිත්‍රපටය චැප්ටර්ස් විදියට කඩල තමයි තිබිල තියෙන්නෙ, පස්සෙ ඒක අයින් කරල දර්ශන අතර හුවමාරුවට මාතෘකා දාන එක නවත්තල නිකන්ම කලු දර්ශන ඇතුලත් කරල තියෙනව. ඒක හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නෙ.
අන්තිමටම ඉතින් සටන් වල අඩුකම, ඉතින් මේ ආරම්භය විතරයි ඒකියන්නෙ මේ සුපර්මෑන්ගෙ ඒ කියන්නෙ DCU එකේ සුපර්මෑන්ගෙ හදුන්වා දීම විතරයි. ඉස්සරහට මේ සුපර්මෑන්ගෙ සටන් අපිට ගොඩක් බලාගන්න පුලුවන් වෙයි.
තව අපේ බයිස්කෝප් Zone එකේ මේ චිත්‍රපටය ගැන සහ ස්නයිඩර් ගෙ සුපර්මෑන් අතර සුවිශේෂිතා ගැන කරන ගොඩක් වටින සාකච්ඡාවක් ඔයාලට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න පුලුවන්. ඉතින් ඔයාලට මොකක්ද මේ චිත්‍රපටය ගැන හිතෙන්නෙ. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒව දාන්න කියල කියමින් මං සමුගන්නම්.
Superman (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
8,140 downloadsDownload Superman-2025-Sinhala-Subtitles.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Superman (2025) Sinhala SubtitlesSubtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
- #Anthony Carrigan
- #Box Office Hits
- #David Corenswet
- #Edi Gathegi
- #Editor's Pick
- #Isabela Merced
- #MaxxA
- #Must Watch
- #Nathan Fillion
- #Nicholas Hoult
- #Offbeat
- #Rachel Brosnahan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Superman
- #The Brutalist
- #You Decide
- #සංජන චමෝද් වික්‍රමරත්න
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
loshana
Anonymous
super....thanks bro..
Buddhika laKMal
තෑන්ක්ස් මචං මේකට සබ්එක දුන්නට
shenal
Bahut shukriyaa brother !!!!
Kim
Thanks bro.
Kim
Thanks bro
Sahan Gayantha
Thanks a lot Sanjana saho sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
sam
Thanks Bro....
Dinesh thilakarathne
Thanks Brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Kanishka
Meka Bluray walata update da
Anonymous
Thank you
Anonymous
Thanks !!!
Anonymous
Thanks Bro !!!
Anonymous
Thanks
Anonymous
Well done
Advertisement
![Superman (2025) Sinhala Subtitles | පෘථිවියේ සිටින බලවත්ම ජීවියා. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/07/Superman-1.jpg)

Thank you bro. F1 eke sub eka ikmnata oni