Watch Trailer

Madharasi (2025) Sinhala Subtitles | අහිමි වන අවසන් ජීවිතය මගේ වේවා. [සිංහල උපසිරසි]

Madharasi (2025) Sinhala Subtitles Madharaasi (‘මදුරාසියේ මිනිසා’) මනෝවිද්‍යාත්මක ක්‍රියාදාම ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක්. ශිවකාර්තිකේයන් ප්‍රධාන චරිතය රඟන මෙය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන A.R. මුරුගදාස් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර, සංගීතය අනිරුද් විසින් සැපයුවා. ශිවකාර්තිකේයන් සමඟ…

Madharasi (2025) Sinhala SubtitlesMadharasi (2025) Sinhala Subtitles

Madharaasi (‘මදුරාසියේ මිනිසා’) මනෝවිද්‍යාත්මක ක්‍රියාදාම ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක්. ශිවකාර්තිකේයන් ප්‍රධාන චරිතය රඟන මෙය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන A.R. මුරුගදාස් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර, සංගීතය අනිරුද් විසින් සැපයුවා. ශිවකාර්තිකේයන් සමඟ රුක්මණී වසන්ත්, විද්‍යුත් ජම්වාල්, බිජු මේනන්, වික්‍රාන්ත්, ෂබීර් කල්ලාරක්කල්, ආඩුකලම් නරේන් යන අය මෙහි චරිත රඟ දක්වනවා.

උතුරු ඉන්දියානු අවි ජාවාරම් ජාලයක් විරාට් සහ චිරාග් යන නායකයන් යටතේ, තමිල්නාඩුව පුරා ගිනි අවි සංස්කෘතිය ව්‍යාප්ත කිරීමේ අරමුණින් විශාල අවි තොගයක් ගෙන ඒමට උත්සාහ කරනවා. අවි ව්‍යාප්තියට දැඩි ලෙස විරුද්ධ වන NIA නිලධාරී ප්‍රේම්නාත් මෙම ජාවාරම නැවැත්වීමට වෙහෙසෙනවා. තමිල්නාඩුවේ තුවක්කු විකුණන්න බැරි එක නම් ඇත්තටම ගොඩාක් ලොකුම, යථාර්ථවාදී ප්‍රශ්නයක්. ඇත්තටම ඊලාමට නොමිලේම තුවක්කු ලැබුනේ උතුරු ඉන්දියාවෙන් විය යුතුයි. වෙනස්ම ආකාරයේ හැකියාවක් සහිත සුපුරුදු 19 ගණන්වල තරුණයෙකු වූ රඝූ තම පෙම්වතිය හැර ගිය නිසාවෙන් සියදිවි නසාගැනීමකට උත්සාහ කරනවා. එහිදී ඔහුට NIA නිළධාරීන්ව ළඟින් ආශ්‍රය කිරීමට ලැබෙනවා. රෝහල්ගතව සිටින ප්‍රේම්නාත්ට සියදිවි නසාගැනීමේ අදහස්වලින් පෙළෙන රඝු මුණගැසෙන අතර, රඝුගේ සම්පත්දායකත්වය ගැන පැහැදීමෙන් මේ ඉහළ අවදානම් සහිත මෙහෙයුමට රහසිගතව එක්වීමට ඔහුව පොළඹවා ගන්නවා. රඝුගේ මානසික තත්ත්වය නොදැන, ප්‍රේම්නාත් ඔහුව රහසිගත ගෑස් සිලින්ඩර් කම්හලකට ඇතුළු කිරීමට උත්සාහ කරනවා.

මේ මධරාසි චිත්‍රපටය අධ්‍යක්ෂකවරයාගේ Gajini චිත්‍රපටය මෙන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාදාම මුසු වූ ආදර කතාවක් ඔස්සේ ගලා යනවා. හැමෝගෙම ප්‍රශංසාව හිමි වුණේ මෙහි විද්‍යුත්ගේ ක්‍රියාදාම කොටසටයි. රුක්මණීගේ සංකලනයෙන් චිත්‍රපටයට ප්‍රේමණීයත්වයක් එක් කළා. මට නම් කතාවේ සම්පූර්ණ අවදානය ගියේ රුක්මණීටයි. ඒ වුණත් අධ්‍යක්ෂකවරයා තවමත් යාවත්කාලීන වී නැති බව පැහැදිලිවම පෙනී ගියා. සමස්තයක් වශයෙන් මීට මිශ්‍ර සහ යහපත් අතර ප්‍රතිචාර හිමි වෙද්දී මීට ලැබී ඇති Imdb අගය කිරීම 7.9ක්. ඉ.රු. කෝටි 150ක් පමණ වැය කර නිපද වූ මෙම චිත්‍රපටයට උපයා ගැනීමට හැකි වූයේ ඉ.රු. කෝටි 100ක පමණ මුදලක් පමණයි. මේ කතාව ඉහළම තලයේ ප්‍රධාන නළුවෙකු සමඟින් කළා නම් මීට වඩා පහර කෑමකට ලක් වෙනවා. ශිවකාර්තිකේයන්ගේ චිත්‍රපට අතරින් ඉ.රු. කෝටි 150ක් සීමාව ඉක්මවා ඇත්තේ Amaran (2024) පමණයි. කොහොම වුණත් වසර ගණනකට ශිවකාර්තිකේයන් සිගරට් එකක් අතින් අල්ලනවා දැක්කේ මෙහිදීයි. තමන් වටා ආකර්ෂණය වී ඇති ළමුන්ට ආදර්ශයක් වීම සඳහා ඔහු සිගරට් දර්ශන වල රඟපෑමෙන් වැළකුණා.

මෙහි සලම්බල ගීතය නැගී එන සංගීත අධ්‍යක්ෂක සයි අභ්‍යන්කර් විසින් ගායනා කළා. එහි පද රචනය Hukum ගීතය ලියූ සුපර් සුබ්බු. තවමත් ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් නිකුත් වී නැතත් දැනටම ඔහුට හිමිව ඇත්තේ අති මහත් ඉල්ලුමක්. මලයාලම් සිනමාවෙන් Balti පළමුවෙන්ම පැමිණීමට නියමිතයි. තවද ප්‍රදීප් රංගනාදන්ගේ Dude, සූරියාගේ Karuppu, රාඝවා ලෝරන්ස්ගේ Benz, කාර්තිගේ Marshal යන දෙමළ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂකවරයා මොහුයි. ඒ වගේම සන් පික්චර්ස් විසින් අධික වියදමක් දරා නිෂ්පාදනය කරන අල්ලු අර්ජුන්ගේ AA22×A6 චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණයද ඔහුට හිමිව තිබෙනවා. දැනටමත් මාධ්‍යවේදීන් අනිරුද්ව සහ සයි අභ්‍යන්කර්ව කෙටවීමට විවිධ ප්‍රයත්න දරනවා පෙනෙන්නට තිබෙනවා.

Sapta Sagaradaache Ello Side A සහ B චිත්‍රපටවලින් රුක්මණී වසන්ත් ඉමහත් ආදරයක් දිනාගැනීමෙන් අනතුරුව විජේ සේදුපතිගේ Ace (2025) චිත්‍රපටයෙන් ඇයව දෙමළ සිනමාවට හඳුන්වා දුන්නා. ළඟදීම තිරගත වන Kantara Chapter 1 හි ද ඇය ප්‍රධාන නිළි චරිතය රඟ දක්වනවා. තවද යෂ්ගේ Toxic : A Fairy Tale for Grown Ups සහ ජූනියර් NTRගේ Dragon චිත්‍රපටවලද චරිත රඟදැක්වීමට නියමිත බව සඳහන් වනවා.

ශිවකාර්තිකේයන්ගේ පැමිණීමට නිය චිත්‍රපටය වන Parasakthi චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මස 14 දින තෛපොංගල් සමඟාමීව තිරගත වීමට නියමිතයි. ඒ වගේම සිබි චක්‍රවර්ති සමඟින් චිත්‍රපටයක්, වෙන්‍කට් ප්‍රභූ සමඟින් චිත්‍රපටයක් හා පුෂ්කර් ගයත්‍රී යුගලය සමඟින් චිත්‍රපටයක් ලෙස ව්‍යාපෘති 3ක් ඉදිරියේදී නිෂ්පාදනය වීමට නියමිතයි.

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

10,626 downloadsDownload Madharasi-2025.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Madharasi (2025) Sinhala Subtitles

Subtitles

10,626 downloadsDownload Subtitles61 KB

5 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට

  3. Nuwan ASELA

    Thanks brother sub ekata

  4. Malith samarawickrama

    Thanks saho sub ekata

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.