Watch Trailer

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටි…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන යනකොට මම එක තැනක හිරවෙලා ඉන්නැද්දී ඊට අත්‍යවශ්‍ය වැදගත්ම තොරතුරක් ලබා දීලා මේ කාර්යට සහයෝගය දක්වපු තිසර නියෝ අයියාවත් මේ වෙලාවෙදි අමතක කරන්න බැහැ. තව නම් වශයෙන් සඳහන් නොකල මට මේ කටයුත්තට සහය දුන් හැමෝටමත් ඔබ සියලුදෙනාටමත් මගේ ස්තූතිය ප්‍රකාෂ කර හිඳිනවා.

ඉතින් චිත්‍රපටය විස්තර කරන්න කලින් මම කැමතියි ටිකක් අවුරුදු එකහමාරක් විතර පසුපසට ගිහින් එන්න. දවසක් මම ගෙදර ටීවී එක බලමින් හිටපු වෙලාවක නිකමට වගේ Warner TV චැනල් එක දාලා බැලුවා. ඒකේ ඒ වනවිටත් චිත්‍රපටයක් විකාෂණය වෙමින් තමයි තිබුණේ. ඇත්තම කියනවානම් ඒ වෙනකොට ඒකෙ විකාෂණය වෙමින් තිබූ චිත්‍රපටයේ අවසානයටත් බොහෝසෙයින් ලං වෙලා තිබුණේ. අවසාන මිනිත්තු හතක, හයක වගේ කොටසක් විතරයි නරඹන්න ලැබුණේ. ඒත් චිත්‍රපටයේ අවසාන නාමාවලියට ප්‍රථම මට චිත්‍රපටයේ නම දැකගන්න ලැබුනා. ඒකෙ සඳහන් වුනේ The Reaping කියලා. බැලුවේ පුංචි කොටසක් උනත් චිත්‍රපටය නියම එකක් කියලා හිතාගන්න ඒ ටික හොඳටම ප්‍රමාණවත් උනා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මේ චිත්‍රපටිය ගැන දැනගත්තේ..

දැන් ආපහු වර්තමානයට ආවොත්, දැන් කතා කරන්න පුලුවන් චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ Warner Bross Pictures ආයතනය විසින්. ඒ VillageRoadshow Pictures සහ Dark Castle කියන චිත්‍රපට සමාගම් ද්විත්වයේද සහයෝගය ඇතිව. ඉතින් මේ චිත්‍රපටය මුල් වරට නිකුත් වෙන්නෙ 2007 අප්‍රේල් මස 7 වන බ්‍රහස්පතින්දා දිනයෙහි දීයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Predator 2 (1990), A Nightmare on Elm Street 5 (1989), Race (2016) වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සහ 24 (Twenty Four) නම් රූපවාහිණී කතාමාලාවේ පළමු කතාමාලාවෙ අධ්‍යක්ෂක වරයෙකු වන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක Stephan Hopkings විසින්. ඉතින් මෙ චිත්‍රපටය සඳහා හිමිවු Imdb අගය වන්නෙ 5.6ක්. තවද Google පරිශීලකයන්ගෙන් 82%ක ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගැනීමටද මෙම සිනමාපටය සමත්වෙලා තියෙනවා. තව මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 62.8ක ආදායමක් ලබාගෙන තියෙනවා (2007දී). මේ චිත්‍රපටය සඳහා Hilary Swank, David Morrisey, AnnaSophia Robb, Idris Elba යන අය රංගනයෙන් දායක වෙනවා. David Morriseyව නම් The Walking Dead බලපු අයට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑනෙ. ගවනර් යන අන්වර්ථ නාමයෙන් The Walking Dead කතාමාලාව හරහා ඔබ David Morriseyව අනිවාරෙන්ම දැකලා ඇති. Hilary Swank ගැන කිව්වොත්, ඇය ඇමරිකානු රංගන ශිල්පිනියක්. Conviction (2010), The Resident (2011), You Are Not You (2014) වගේ විත්‍රපට වලින් ඇයව දකින්න පුලුවන්. Idris Elba ගැන සඳහන් කලොත් Luther (2010), Hobbs & Shaw (2019), The Dark Tower (2017) වගේ චිත්‍රපටවලට ප්‍රධාන චරිතයක් හොබවමින් දායක වුණු රංගන ශිල්පියෙක්. ඉතින් මේ චිත්‍රපටයේ ජනප්‍රිය නළු නිළියන්ගෙන් නම් අඩුපාඩුවක් වෙලා නැහැ.

හරි දැන් ඔය වගෙ වල්පල් කියෙව්වට කතාව ගලායන ආකාරය සඳහනක් කලේ නෑනෙ. හරි ඒකට තමා මේ එන්න හදන්නෙ. කැතරින් වින්ටර්ස් කියන්නෙ ලුසියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්. බෙන් කියන්නෙ ඇගේ සහයක මහාචාර්යවරයා. දවසක් කැතරින් ඇගේ දේශනය නිමා කරලා බෙන් සමග පිළිසඳරේ යෙදෙමින් සිටි වෙලාවක අමුත්තෙක් එනවා ඈව මුණගැසෙන්න. මේ එන කෙනාගෙ නම ඩග් බ්ලැක්වෙල්. ඩග් කැතරින්ට කියනවා එයාලගෙ ගම් ප්‍රදේශයේ සිදුවූ අමුතු සිදුවීමක් ගැන. ඒ මොකක්ද කියනවා නම්, ඔහු ජීවත් වන ප්‍රදේශයේ, එනම් ලුසියානා වල දකුණු දිග ප්‍රදේශයේ හුදෙකලා ගම්මානයක් වන හේවන්( Haven ) හරහා ගලා යන ගංගාවේ ජලය ලේ රතු පැහැයකට හැරිලා. හරියට කලකට ඉහතදී නයිල් නදියේ සිදුවූ සිදූවීම වගේම. ඉතින් මේ සිදුවීම පිලිබඳව විද්‍යත්මක පැහැදිලි කිරීමක් ලබාගන්න, ඒ කියන්නෙ මේක සාමාන්‍ය සිදුවීමක්ද කියලා දැනගන්න එම ප්‍රදේශයේ නගරාදිපතිවරයා ඇතුලු පිරිස කැතරින්ගේ සහය පතනවා. මොකද ගම් වාසීන් හිතනවාලු මේක බයිබලයේ සඳහන් දස වසංගත වල ප්‍රථම අනතුරු ඇඟවීම කියලා.

මේ වසංගත දහය ගැන කිව්වොත් ඒවා තමා මේ තියෙන්නෙ.

  1. ගං දිය ලෙයට හැරවීම
  2. මැඩියන්
  3. කෘමි උවදුර
  4. මැස්සන් ගහනය
  5. පශු සම්පත මියයාම( ගවයන්, බැටලුවන් වැනි සතුන්)
  6. මිනිස් සම මතුපිට බිබිලි හටගැනීම
  7. හිම පතනය
  8. පළඟැටියන්ගේ ආක්‍රමණය
  9. අන්ධකාරය
  10. කුළුඳුලන්ගේ මරණය

(මේ බයිබලයේ සඳහන් වන නිවැරදිම නිර්වචන නොවිය හැකියි)

ඉතින් විද්‍යාඥවරියක් ලෙස කැතරින් මේ වසංගත පිලිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් කැතරින් සහ බෙන් එනවා හේවන් වලට මේ සිදුවීම විමර්ශනය කරන්න. මේ විමර්ශනය අතරතුර මේ දෙන්නට මුහුණදීමට සිදුවන ත්‍රාසජනක, කුතුහලය දනවනසුළු සිදුවීම් පිළිබඳව තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම කියන්නම ඕනේ මේක Psychological / Horror / Thriller වර්ගීකරණයට අයත් සිනමාපටයක් වුණාට මේකේ කිසිම ආකාරකින් හද සසල කරන බිහිසුණු දර්ශන ඇතුලත් වෙන්නේ නැහැ. හැබැයි කොටු දර්ශන දෙකතුනක් නම් අන්තර්ගතයි.

දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ බාගත කරගෙන නරඹන්න පමණයි. ඊට අවශ්‍යකරන සියලුම පහසුකම් අප විසින් ඔබට සපයලා තියෙනවා. ඉතින්, ඒ තීරණය ඔබ සතුයි! අදහස්, උදහස් හෙම තියෙනවානම් පහල තියෙන කොමෙන්ට් බොක්ස් එකේ පල කරන්න පුලුවන්. ඉතින් ලිපිය කියවපු ඔබට තුති. තවත් මෙවැනි නිර්මාණයක් ඔබවෙත ගෙන එන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ඔයාලට තෙරුවණ් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,941 downloadsDownload The.Reaping.2007.zip142 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,941 downloadsDownload Subtitles142 KB

30 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. nuwan777

    baluwa kalin sub nathuwa patta film ekak ..man Horror witharai balanne me tikema puluwannao me tikata sub one...
    influence 2019
    jinn
    cleansing hour
    midnight man
    drownman
    wiked within
    discarnate
    dead room
    boogeyman 2,3
    wihte noise 1
    Cucy Boogeyman

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  4. Shehan putha

    Thanks bro

  5. suranuwan

    thanks bro...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. ප්‍රශාත් මදුෂංක

    thanks

  8. LimeGreenSoda

    Thanks man.

  9. shpajith

    thanks

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  12. sarangaw

    උපසිරැසියට බොහෝම ස්තුතියි !

  13. ranga11112

    patta kathawak wage... thanks bro

  14. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  15. Suranjan

    Thanks..... Jayawewa......!

  16. nuwanlak

    thanks bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dewadithya

    Thanks for Sub!

  19. Rukshan37

    Ela

  20. shan179

    elma saho

  21. indika75

    thanks..

  22. sandharu

    THANKS brooo

  23. Bandarajbandara

    ස්තුතියි

  24. chinthaka_priyadrshana

    Thank U..........

  25. Kaveen Gayath

    Ela mcn

  26. Prabhasoft

    හොඳ කතාවක් වගේ.. බලමු.... බොහෝම ස්තූතියි.... ජය වේවා....!!!

  27. MAALnath

    Thanks ..................good luck ......................

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  29. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  30. sandy

    ellllllla