ආයුබෝවන්! මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “සියවන උපසිරසි නිර්මාණය” යි. මුලින්ම මෙහි පාලක මඬුල්ලේ “රොයිලි සහෝදරයා” ප්‍රමුඛ මෙහි ක්‍රියාකාරිත්වයේ යෙදෙන සියලු සොයුරු සොයුරියන්ට මාගේ ස්තුතිය පුද කරන්නෙමි! එසේම පාලක මඬුල්ලේ “අසංක රණතුංග” සොයුරා මට පළමුවෙන්ම උපසිරසි කරණය සඳහා ඉතාමත් වටින…

ආයුබෝවන්! මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “සියවන උපසිරසි නිර්මාණය” යි. මුලින්ම මෙහි පාලක මඬුල්ලේ “රොයිලි සහෝදරයා” ප්‍රමුඛ මෙහි ක්‍රියාකාරිත්වයේ යෙදෙන සියලු සොයුරු සොයුරියන්ට මාගේ ස්තුතිය පුද කරන්නෙමි! එසේම පාලක මඬුල්ලේ “අසංක රණතුංග” සොයුරා මට පළමුවෙන්ම උපසිරසි කරණය සඳහා ඉතාමත් වටිනා උපදෙස් දුන් ප්‍රධානතමයා වන සුවිශේෂී ප්‍රණාමයක් පිරිනැමිය යුතුයි. එසේම සබ් කිරීමේදී ප්‍රයෝජනයට ගන්න මෘදුකාංග බොහොමයක්ද ඔහු මට ලබාදීමට කටයුතු කළා. “එවන් අය” මෙම වෙබ් එකට මහත් වටිනාකමක් එක් කරනවා. එමෙන්ම “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)” සොයුරාද මේ සදහා මට බොහෝ උපකාර කළ කෙනෙක්, ඔහුටද මාගේ සුවිශේෂී ස්තුතිය පුද කරනවා.
එසේම මෙම වෙබ් එකට දැනට කලාත්මක ඉංග්‍රීසි සිනමාපට සඳහා උපසිරසි ලබාදුන් “රොෂාන් ශමීර ජයසිංහ” සොයුරාටත් පැරණි හින්දි සිනමාපට බොහොමයකට උපසිරසි ලබාදුන් “දහරා මුතු අමා” සොයුරියටද මාගේ ස්තුතිය පුද කරනවා. ඒ අයගේ උපසිරසි නිර්මාණ මා නරඹන කෙනෙක් හැටියට. එසේම මෙම වෙබ් එකට මීට පෙර උපසිරසි ලබාදුන් බුද්ධික නුවන්, ජේම්ස් ඩී සී, වජිර රත්නායක, තරංග සඳ කැලුම්, බේනුක නිම්හාන් සේනාධීර, කසුන් හර්ෂණ, සිරි ජය යන අය, මා පුද්ගලිකව යෝජනා කළ සිනමාපට බොහොමයක් සඳහා සිංහල උපසිරසි නිර්මාණය කළ අයවලුන් විය. වර්තමානයේ ඔවුන් මේ වෙබ් එකට සබ් දීමෙන් ඉවත්වී සිටීම ඇත්තෙන්ම කනගාටුදායකයි. 2016 වර්ෂයේදී පමණ මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්.
ඒ වගේම, කාන්ත ඩී එල් ඒ, ෂාමල් මනෝජන්, කවිඳු, ශසිත් සඳරුවන්, හසිත මධුෂාන්, මයුර, දීඝායු අබේසේකර, සුපුන් කව්ෂල්‍ය, ඉන්දික, ඉසුරු ශ්‍රීනාත් යන අය මා විසින් නිර්මාණය කළ උපසිරසි වෙනුවෙන් මෙහි නිතර අදහස් දෙමින් ස්තුතිය පළ කළ සොයුරන් විය. මා විසින් පළමුවරට සිංහල උපසිරසි නිර්මාණය කළ “ඇන් ඊවිනින් ඉන් පැරිස්” සිනමාපටයේ සිංහල උපසිරැසිය මෙහි පළ වූයේ 2015 මාර්තු 31 වන දිනයේ දීය. එතැන් සිට මේ දක්වාම එකම ආරයේ, එනම් පැරණි හින්දි සිනමාපට සඳහාම පමණක් මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කළෙමි. මේ එකක් වත් මා විසින් අසා තිබූ ඒවා මිස නරඹා තිබූ ඒවා නොවේ. නමුත් මේවායේ ඇති ජනප්‍රිය භාවය මා අසා තිබුණා. මේ බොහෝ සිනමාපට එකළ කොළඹ “ක්‍රවුන්” වැනි සිනමාශාලාවල දිනපතා 10.30/ 02.30/ 06.30/ 09.30 දර්ශන වාර හතරක් බැගින්, එක් සිනමාපටයක් නොකඩවා දින 1000 ඉක්මවා ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ “හින්දි භාෂාව නොදන්නා සිංහල ජනතාවක්” විසින්. අද වැනි “සිංහල උපසිරසි” ක්‍රමයක් එදා තිබුණා නම් කොහොමද? අද ඒ සියල්ල කනපිට හැරිලා. පරිඝනක ක්‍රීඩා ආකාරයේ සිනමාපට තමා බිහිවෙන්නේ, කිසිම කලාත්මක භාවයක් නැහැ. නමුත් මම ඒවා නැරඹීම හෙළා දකින්නේ නැහැ ඒ මන්ද රුපවාහිනී චැනල් වලින් ඔලුවට දාලා තියෙන්නේ ඒවාම පමණයි. මෙය විවිධ නව රුචිකත්වයන් තිබෙන යුගයක් නිසා කොහොමත් ඒවාට මුල් තැන ලැබෙනවා.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මෙයින් චුප් රාහුන්ගී”. යන පැරණි හින්දි චිත්‍රපට එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුවත් මෙම සිනමාපට පසුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක හෝ ඩීවීඩී තැටියක් ලෙස හෝ ඇහැට දකින්නටවත් නොතිබුණි. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි හින්දි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අද මම “සියවෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.1 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 163 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසටද දැනට වර්ගී කරණය වී තිබෙන සිනමාපටයක්. ඇත්තෙන්ම ලොව විවිධ රටවලත් මෙය ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ ඇමරිකානු කතුවරයකු වන හොලි මාර්ටින්ස්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව වියානා නගරය වෙත පැමිණෙන්නේ ඔහුගේ ළමා කාලයේ මිතුරා වන හැරී ලයිම් සොයායයි. එහිදී හැරී ලයිම් පාර හරහා යද්දී කාර් එකකට හැප්පිලා මියගිය බව දැනගන්නට ලැබී එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්නට සිදුවෙනවා. එහිදී මාටින්ස්ට බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පොලිසියේ මේජර්කැ ලෝවේ මුණගැසෙනවා. ඔහු මෙම මරණය පිළිබඳව විමර්ශන කටයුතු භාරව සිටින නිලධාරියායි. පසුව මාටින්ස්ට සහ හැරී ලයිම්ගේ පෙම්වතිය වන නිළි ඇනා ෂ්මිඩ්වද හමුවෙනවා.
හැරී ලයිම් හමුදා රෝහල්වලින් පෙනිසිලින් සොරකම් කර ඒවා කවලම් කර අයුතු ලෙස වංචාවක් කරගෙන ගිය බවට මේජර් කැලෝවේ විසින් හොලි මාර්ටින්ස්ට දැනුවත් කරයි. ඒ නිසා රෝගීන් බොහෝමයක් මියගිය බවද සඳහන් කරයි. දිනක් මාටින්ස් ඇනා හමුවීමට යයි. එහිදී ඇගේ මහල් නිවාසයේ අඳුරු වූ දොරකඩක සිට යමෙකු සැඟවී බලා සිටිනු දකී. ඒ මියගොස් ඇතයි සළකනු ලැබූ හැරී ලයිම් බව මාටින්ස් හඳුනා ගනී. ඒ එහිදී ඇමතුම් නොසලකා හරිමින් ලයිම් පලා ගොස් අතුරුදහන් වේ. මාටින්ස් කැලෝවේට මේ බව දන්වයි. බ්‍රිතාන්‍ය පොලිසිය මීට පෙර වළදමා තිබු හැරී ලයිම්ගේ මිනී පෙට්ටිය ගොඩගත් අතර එම සිරුර ලයිම්ගේ උදවු කාරයාගේ බව හෙළිවේ. ඉන් පසුව නැවතත් හැරී ලයිම් අල්ලා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වේ. ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief, M, Legacy Of Rage, එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.
මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා හින්දි නොවන වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. මෙයත් ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. අන්තර්ජාලයේ yts වෙබ් අඩවියේ blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි.
ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,657 downloadsDownload The-Third-Man-1949.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
23 comments
Anonymous
එල්. සී. දමැල්
100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
පැරණි හින්දි සිනමාව වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කළ කෙනෙක් තමයි ඔබ.
ඉතින් දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌රොෂාන් ශමීර ජයසිංහ
100 වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම් ප්‍රියන්ත අයියේ..
අඩවියට සම්බන්ධ වුන මුල් කාලයේ ඉඳන්ම මා විසින් ලබා දුන් උපසිරසි වලට ප්‍රශංසනාත්මකව ප්‍රතිචාර දක්වපු අදටත් අපිව දිරිමත් කරන පිරිසෙන් එක්කෙනෙක් ඔයා. අපි පෞද්ගලිකවත් කතා බහ කරලා තියනවා. ඉතාම නිහතමානී සහෝදරයෙක්.
පැරණි හින්දි සිනමා නිර්මාණ වලට ඔයා කරන මෙහෙය ඉතාම අගය කරනවා.
ඉදිරියටත් මේ වගේම පැරණි උසස් සිනමා නිර්මාණ වලට සිංහල උපසිරසි ලබා දීමට අවශ්‍ය ශක්තිය, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මගේ සුබ පැතුම්...
~ ජය වේවා ~ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි ඔබට. ඔබ කියු පරිදිම අපට හිස් අතින් යන්නට වෙලා තියෙන්නේ අප ප්‍රිය කරන IMDB Top 250, AFI හොදම අමෙරිකානු චිත්‍රපට 100 වැනි ලැයිස්තුවලින් දැන් සිටිනා උපසිරැසිකරුවන් උපසිරසි සදහා චිත්‍රපට තෝරා නොගන්නා බැවින්. ඔබ මෙම චිත්‍රපටයට උපසිරැසි කිරීම පිලිබදව මා යළිත් ස්තූතිවන්ත වෙනවා. ඔබ මින් පෙර ලබාදුන් The Bicycle Thief, The Cassandra Crossing, The Hole, The Housemaid, Legacy of Rage, M යන චිත්‍රපට සියල්ලම මා ඉතා අාසාවෙන් නැරඹුවා. යළිත් මෙවැනි චිත්‍රපට හැකි අයුරින් තෝරාගෙන උපසිරැසි කරන මෙන් මා ඉල්ලා සිටිනවා මෙවැනි චිත්‍රපට අගය කරන සැමදෙනාම වෙනුවෙන්. ඔබත්, රොෂාන් ශමීර, හසිත මදුෂාන්, අසංග ප්‍රදීප් රණතුංග වැනි උපසිරැසිකරුවන්ගෙන් මෙවැනි චිත්‍රපට ලැබෙනතුරු අප බලා සිටින්නේ ඉතා නොඉවසිල්ලකින්. නැවතත් ස්තුතියි!................................
යුරාන් ධනුක (දනුවා)
100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් ප්‍රියන්ත අයියේ !
වෙබ් අඩවියේ ඉන්න වටිනම සම්පතක් කියලා හඳුන්වන්න පුළුවන්.
ඔබ පැරණි හින්දි සිනමාවට සිංහලින් ගේන්න කරපු මෙහෙවර මිල කරන්න බෑ.
බොහෝම ස්තූතියි.Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට... සුබ පතනවා 100වෙනි සබ් එකට..
Bimsara Yashan(ඔලිව)
100 වෙනි උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. පැරණි චිත්‍රපට වලට උපසිරැසි යොදන එකනම් බොහොම වටිනවා. ඒවගේම ඔබගේ ඉදිරි වැඩකටයුතුත් ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
මයුර
අපිට ඉන්න වටිනාම වත්කමක් අයියා. හදවතින්ම සුබ පතනවා මේ ජයග්‍රාහි 100වන උපසිරසියට.
තව තවත් මේ වගේ කඩඉම් ගණනාවක් අයියගෙන් දැකගන්න ලැබේවා කියලයි පතන්නේ.
ජයෙන් ජයම වේවා.!!!Shaggy
සබට තුති..තව මේ වගේ ෆිල්ම් රෙකම්න්ඩ් කල එකනන් ලොකු දෙයක්..ස්තූතියි
James DC
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභපතනවා. ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
මාවත් මතක් කරාට හුඟක් ස්තූතියි.....Kantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!D P Gamage
ප්‍රියන්ත මහත්මයාණනි,
ඔබේ 100 වැනි සිංහල උපසිරැසියට සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ ඉපැරණි හින්දි සිනමාවට ඔබ කළ මහඟු සේවය වෙනුවෙන් රසික රසිකාවියන් ඔබට හෘදයාංගම කෘතඥතාව පළ කළ යුතුයි. මෙම මෙහෙය තවත් ඉදිරියටද කරගෙන යන්නට ශක්තිය සහ දිරිය ලැබේවා!Udara Damith
subapethum
Anonymous
Thanks Brother, Many congratulations on your achievement. Keep up the GOOD WORK.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු, මම හැමදාම කියනව වගේ ඕල්ඩ් ඊස් ගෝල්ඩ් නේ...දහරා මුතු අමා
දෙවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම්. අයියගේ උපසිරැසි යක් නම් ඉතින් ලස්සන චිත්‍රපටියක් තමයි. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම ඉදිරි කටයුතු සියල්ලම සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා. උපසිරැසියට වගේම මාවත් මතක් කලාට ස්තූතියි.
Buddhika Lakmal (laKMal)
100වෙනි උපසිරැසියට සුබපැතුම් මචං... දඅගටම සිංහල උපසිරැසිකරණයේ යෙදෙන්න කාලය ලැබේවා... පෞච්ගලික වැඩකටයුතුත් සාර්තක වේවා....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Harvey Obrien
හදවතින්ම සුබ පැතුම් දෙවෙනි කඩයිම වෙනුවෙන්. පැරණි සිනමාපට අරන් එන කෙනෙක් විදියට සයිට් එකට වටිනා කෙනෙක් ඔබ..
මේ දුන්න සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
thank you
රොයිලි
උණුසුම් සුබ පැතුම් 100 කඩ ඉමට. පැරණි චිත්‍රපටි අප අතරට අරගෙන එන එකට බොහොම ස්තූතියි. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ශසිත් සඳරුවන්
100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් අයියේ!
පැරණි හින්දි සිනමා රසිකයන් වෙනුවෙන් සයිට් එකේ ඉන්න වටිනාම සම්පත බව කිව යුතුයි.
සුබපතන්න ටිකක් විතර පමා වුනාට සමාවෙන්න.
දිගටම සබ් දෙමු ආ...
ජය!හසන්ත වික්‍රමරත්ත
100 වෙනි උපසිරස වෙනුවෙන් සුබපැතුම්. පැරණි චිත්‍රපටම 100!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පැරණි හින්දි සිනමාව වෙනුවෙන් කරනා සේවයට ස්තුතියි, එසේම සියවන සිංහල උපසිරසියට සුබ පතන්නෙමි!