ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද? හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Ste…
ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද?
හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Stevenson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගත් කතුවරයෙක්. The Black Arrow, Kidnapped, Strange Case of Dr Jekyll and Mr Hyde වැනි සුප්‍රසිද්ධ ප්‍රබන්ධයන් විශ්ව සාහිත්‍යයට එක් කරනු ලැබුවේ මෙතුමන් විසින්මයි. ඉතින් මෙතුමා වර්ෂ 1881දී Young Folks නම් සඟරාවක් හරහා ප්‍රකාෂණයට පත් කරනවා Treasure Island නම් වූ නවකතාවක්. පසුව The Mutiny of the Hispaniola ලෙසින් ප්‍රකාෂණයට පත් වෙන්නෙත් මේ නවකතාවම තමා. මේ නවකතාව විශ්ව සාහිත්‍යය දෙදරුම් කවපු නවකතාවක් කියලා කිව්වොත් මං නිවැරදී යි. ඒ මොකද කිව්වොත්, අදටත් ලෝකයේ ජනප්‍රියම වික්‍රමාන්විත ප්‍රබන්ධ අතර මේ නිර්මාණය ඉහලින්ම වැජඹෙන නිසා. ධනවතුන්ගේ අසාධාරණ කම් වලට ලක්වුණු ජිම් හෝකින්ස් නම් තරුණ කොලුගැටයෙක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.
මේක තමයි ඒ සුප්‍රසිද්ධ නවකතාව.
ඉතිං රොබර්ට් ලුයිස් ස්ටීවන්සන් මහත්තයා රචනා කරපු මේ නවකතාව පාදක කරගෙන තමයි මං අද අරගෙන ආව චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙතෙක් කල් මෙම පොතේ පිටු අතර සැඟවී, චිත්ත රෑප සංකලනයකට පමණක් සීමාවූ Treasure Island ප්‍රබන්ධ නවකතාවේ අසංක්ෂිප්ත සිනමා අනුවර්තනය තමයි අද මෙලෙසින් ඔබ හමුවට ගෙන එන්නේ. එහෙනම් අපි ෆිලුම පැත්තට හැරෙමු නේද…
ෆිලුමේ උපත ගැන කිව්වොත්, මේක එංගලන්තයේ නිෂ්පාදිත චිත්‍රපටයක්. පැය 3ක ධාවන කාලයක් සහිත, එනම් මිනිත්තු 182ක ධාවන කාලයකින් හෙබි මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.3ක අගයකුත්, කුණු තක්කාලි (Rotten Tomatoe) දර්ශකයේ 55% කුත්, Google පරිශීලකයන්ගෙන් 82%ක ප්‍රෙක්ෂක ප්‍රසාදයකුත් ලබාගෙන තිබෙනවා. මේ ෆිලුම නිෂ්පාදන කරන්නේ Sky One සහ Sonar Entertainment යන සමාගම් වලින්. මේ ෆිලුම නිකුත් වෙන්නේ 2012 දෙසැම්බර් මස 25 වැනිදා. මේ සඳහා රංගනයෙන් Eddie Lzzard, Elijah Wood, Toby Regbo, Rupert Penry-Jones, Donald Sutherland, Daniel Mays වැනි ප්‍රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පීන් රැසක් දායක වෙලා තියෙනවා. ඒ වගේම Steve Barron විසින් අධ්‍යක්ෂණය කල මේ ෆිලුම Adventure/ Action/ Mystery/ Thriller යන වර්ගීකරණයන්ට අයත් වෙනවා. ඉතින් මේ චිත්‍රපටය රොබට් ලුයිස් ස්ටීවන්සන් මහතා රචනා කරපු Treasure Island කෘතියේ කතාව මත තමයි ගොඩනැගෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ සිදුවීම් පෙළ ගැස්වෙන්නේ මෙන්න මේ ආකාරයට..
කපිතාන් ජේම්ස් ෆ්ලින්ට් කියන්නේ කැරිබියන් මුහුදේ අණසක පතුරවපු මුහුදු කොල්ලාකරුවෙක්. ඔහුගේ කණ්ඩායමේ ක්වාටර්මාස්ටර්, එනම් නැවේ සැපයුම් භාර නිලධාරියා තමයි ලෝන්ග් ජෝන් සිල්වර්. මේ මුහුදු කොල්ලකරුවන් මෙතෙක් කොල්ලාකාපු පවුම් 700,000ක් පමණ වන වස්තුව කපිතාන් ෆ්ලින්ට් ගේ වොල්රස් නෞකාවෙන් දූපතක් වෙත රැගෙන යන්න මුහුදු කොල්ලකරුවන් තීරණය කරනවා. දූපත පේනමානයටම ඇවිත් කපිතාන් ෆ්ලින්ට් විසින් ඔහුගේ සමීපතම කොල්ලකරුවන් සත්දෙනා හැර, වොල්රස් නෞකාවේ සිටි ජෝන් සිල්වර් ප්‍රමුඛ අනෙකුත් මුහුදුකොල්ලකරුවන්ව නින්ධිත ආකාරයට නැවෙන් පිටමං කරනවා. පසුව කපිතාන් ෆ්ලින්ට් නැවේ දෙවෙනි නිලධාරියා වන විලියම් බිලී බෝන්ස් හැර අනෙක් හය දෙනා කැටුව දූපතට යනවා. ඒ නිධානය වළදාන අදහසින්. නමුත් ෆ්ලින්ට් සමඟ දූපත තුලට ගිය කිසිවෙකුට නැවත පැමිණෙන්න තරම් වාසනාවක් තිබුණේ නෑ. නිධානය පිළිබද රහස රැක ගැනීම උදෙසා ෆ්ලින්ට් විසින් නිධානය වළදැමිමට සහය වූ කොල්ලකරුවන් සයදෙනාටම වෙඩි තබා ඝාතනය කර තිබුණා. යථෝක්ත සිදුවීමෙන් වසර තුනකට පසුව කපිතාන් ෆ්ලින්ට් මිය යනවා. ඔහුගේ දෙවන නිලධාරියා වුණු බිලී බෝන්ස්ට කුමක් සිදුවුණාද කියා කිසිවෙක් දැන සිටියේ නෑ….
අද්මිරාල් බෙන්බෝ කියන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් කියන නැව්තොට ආසන්නයේ පිහිටි තනායමක්. මේ තනායම පවත්වාගෙන ගියේ ජෙම්ස් හෝකින්ස් නම් තරුණයාගේ පියා විසින්. නමුත් පියාගේ අකල් මරණයෙන් පසුව මේ බර පැටවෙන්නේ ජිම් හෝකින්ස් මතට. ඉතින් දවසක් රෑක හදිස්සියේ මේ තනායමට අමුත්තෙක් ගොඩවෙනවා නවාතැන් පහසුකම් සොයාගෙන. ඒ ආපු අමුත්තා තමාව හඳුන්වාදෙන්නේ කපිතාන් කියලා. කොහොමෙන් හරි මේ අමුත්තා තනායමේ නවාතැන් ගන්වා. මේ නේවාසිකයාට තිබුණු පුරුද්දක් තමයි උදේ පාන්දරම මුහුදු වෙරළ ආසන්නයට ගිහින් දුරදක්නයෙන් බ්‍රිස්ටල් වරායට ඇවිත් තියෙන නැව් මොනවාද කියලා පරීක්ෂා කරලා බලන එක. හරියට කිසිවෙකුගෙන් සැඟවෙන්න උත්සහා කරනවා වගේ. දිනක් තවත් නැවියෙක් තනායමේ නවාතැන් ගෙන සිටින කපිතාන් සොයාගෙන එනවා. එම නැවියා දුටු විගසම කපිතාන්වරයා භීතියට පත් වෙන්නේ හරියට අවතාරයක් දුටුවා වගේ. කපිතාන් හොයාගෙන ආපු නැවියා විමසන්නේ සිතියමක් ගැන. කෙසේ හෝ මේ ආපු නැවියා තානායමෙන් පිටවෙන්නේ කපිතාන්වරයාට තර්ජනය කරමින්. එදිනම සන්ධ්‍යාවේ හෘදයාභාදයක් නිසාවෙන් කපිතාන්වරයා ජීවිතක්ෂයට පත්වෙනවා. ඔහුගේ කළමණා අතර තිබී ජිමීට කුඩා සටහන් පොතක් සමඟ සිතියමක් හමුවෙනවා. ඩේවිඩ් ලිවර්සී කියන්නේ ජිම්ට සහ
ඔහුගේ මවට උදව් කරන ඔහුගේ පියාගේ සමීප මිතුරෙක්. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ජිම් තමාට හමුවුණු සිතියම වෛද්‍යවරයාට පෙන්වනවා. සටහන් පොත ආධාරයෙන් මේ දෙන්නා අවබෝධ කරගන්නවා මේ සිතියමේ සටහන් කර තිබෙන්නේ මුහුදුකොල්ලකරුවෙකු වුණු කපිතාන් ෆ්ලින්ට් වෙළඳ නැව් වලින් කොල්ලාකාගත් වස්තුව සඟවා ඇති තැන බව. පසුදා උදෑසනම මේ දෙන්නා ඉඩම් හිමි වංශාධිපතියෙක් වන ජෝන් ට්‍රිලෝනී හමුවෙන්න යනවා. නිධන් දූපතේ සිතියම දුටු වංශාධිපතියා නිධන් දූපත සොයා යාත්‍රා කිරීමට අදාල සියළුම වියදම් දරන්නට කැමැත්ත ප්‍රකාෂ කරනවා. නිධන් දූපත සොයා පිටත් වීමට නියමිත දිනයේ බලාපොරොත්තු පොදි බැඳගෙන ජිම්, වෛද්‍යවරයා සමඟ බ්‍රිස්ටල් වරායට යනවා. බ්‍රිස්ටල් වරාය අසලදී ජිම් එක්වරම බිම ඇද වැටෙන්නේ කිසිවෙකුගේ සැරයටියක පය පැටලීම නිසා. අත්වැරදීමකින් සිදුවූවක් වගේ තමයි පෙන්නේ. නමුත් මේ සැරයටියේ හිමිකරු වෙන කවුරුවත් නෙමෙයි. ඒ ජෝන් සිල්වර්. කපිතාන් ෆ්ලින්ට් සඟවපු නිධානයේ සැබෑ උරුමකරුවන්ගෙන් එක් කෙනෙක්. එදා කපිතාන් ෆ්ලින්ට් විසින් ඈත කැරිබියන් මුහුදු සීමාවේදී කුඩා බෝට්ටුවක නංවා නැවෙන් පිටමං කල සිල්වර් එංගලන්තයේ, බ්‍රිස්ටල් වලට පය තැබුවේ කොහොමද? ඔහුට සිය වස්තුව ගැන යම් ඉවක් වැටිලා වත්ද? කැරිබියන් මුහුදු සීමාවේ මීදුම අතරින් යාත්‍රා කරන නෞකාව කාගේ ද? නිධානය සොයාගන්න වංශාධිපතියා ඇතුළු කණ්ඩායමට හැකිවෙයිද? නිධන් දූපත සොයා යාත්‍රා කරන හිස්පැනියෝලා රුවල් නෞකාවට අත්වෙන ඉරණම කුමක් වේවිද? මෙතැනින් එහාට ෆිලුම ඔබට භාරයි..
ඒවගේම ලිපිය නිමා කරන්න කලින් කරන්න විශේෂ දැනුම් දීමක් තියෙනවා. මෙම චිත්‍රපටයට අදාලව YTS වෙබ් අඩවියෙන් නිකුත් කරන BluRay පිටපත බාගත කරන්න එපා. මොකද ඒ පිටපත නිසිලෙස ධාවනය වෙන්නේ නෑ. එම දෝෂය තවම නිරාකරණය කර ඇති බවක් පේන්නත් නෑ. ඒ නිසා වෙනත් පිටපතක් භාවිත කරන්න.
එහෙනම් ඉතින් ලිපියට තිත තියන්න කාලේ හරි. හැමෝටම ෆලුම බලන්න ආරාධනාව එක් කරන ගමන්ම කමෙන්ට් එකක් මාර්ගයෙන් ඔබේ අදහස් අප වෙත දක්වන්න කියලාත් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් තවත් දවසක තවත් චිත්‍රපටයක් රැගෙන ඔබ හමුවට එනතුරු…..
“Fifteen men on the Dead Man’s Chest
Yo-Ho-Ho and a bottle of rum…..!”

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,466 downloadsDownload Treasure-Island-2012.zip223 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/FB_IMG_15862218409747944-e1586222121344.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
20 comments
sachintha
malithmadhushan45
මලේ සබ් එකට ස්තුතියි.
indika75
thanks..
Shaggie
සබ් එකට බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Suranjan
Thanks jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……psarips.(dot)xyz/movie/trouble-2019/
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Mastang
සබ් එකට බොහෝම ස්තුතියි ඔබට.
WA@
ස්තූතියි!
ජය..madu
සම්පත් දූපත කියන කතා පොතත් ඕකමයි
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Pramukmili
Thanxx bro...................
Amila Mudalige
Sub ekta Thanks
Shammi Sandaruwan
Thanks bro
Anonymous
iaya wewaa...
jagath55
Thanks
Hansi
Oyalage me wade gdk hodai puluwan nam 2022 the lost treasure film eke sub eka danawada.?
E wagema 2021 scavengers film eka 2021Oyala hamotama theruwan saranai digatama kragena ynna
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි