Watch Trailer

Paycheck (2003) with Sinhala Subtitles | ඔබ ඔබේ අනාගතේ දැක්කොත්? [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක සොහොයුරා විසින් ලියන ලද ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2003 වසරෙදි තිරගත වුනු Action, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆි…

Paycheck (2003)

එන්.විජිත අසංක සොහොයුරා විසින් ලියන ලද ලිපිය

එන්.විජිත අසංක වන මගේ හතලිස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2003 වසරෙදි තිරගත වුනු Action, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  John Woo නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Armageddon, Pearl Harbor, Daredevil, Argo, Runner Runner සහ Batman v Superman: Dawn of Justice වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි නළුවෙක් වන Ben Affleck සහ Batman & Robin, Gattaca, My Super Ex-Girlfriend වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Uma Thurman නම් නිළියයි. ඊ‍ට අමතරව Aaron Eckhart, Paul Giamatti සහ Colm Feore වැනි නළු නිළියනුත් මෙම චිත්‍රපටියෙ රඟපානවා.

මයිකල් ජෙනින්ග්ස් (Ben Affleck) කියන්නෙ එක්තරා ආයතනයක වැඩ කරන ඉංජිනේරුවෙක්.  එක්තරා රහසිගත කටයුත්තක් කිරීම වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන 100 ක් ලැබෙන්න නියමිතයි. එහෙත් සේවා ගිවිසුම අනුව එම යන්ත්‍රය නිර්මාණය කරන වසර 03 ඇතුළත සිදුවන දේවල් ඔහුගෙ මතකයෙන් මකා දානවා. කටයුත්ත අවසානයේ ඩොලර් මිලියන 100 ලබාගැනීමට බැංකුවට යන ඔහුට එම ඩොලර් මිලියන 100 වෙනුවට ලැබෙන්නෙ කිසිම වටිනාකමක් නැති භාණ්ඩ කිහිපයක් සහිත ලියුම් කවරයක් විතරයි. ඒක තමන් වෙත එවාගෙන තියෙන්නෙත් මයිකල්මයි. ඉතිං මොකද්ද මේ හතරබීරී කථාව? මේ කියපු නොවටිනා දේවල්වල කිසිම වැදගත්කමක් නැද්ද? එසේ වැදගත්කමක් නැත්නම් ඒ වෙනුවෙන් මයිකල් ඩොලර් මිලියන 100 ක් අතෑරලා දාන්නෙ ඇයි? ඔහු හදන යන්ත්‍රය මොකද්ද? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. මේක බොහොම කුතුහලය පිරිච්ච චිත්‍රපටියක් නිසා ඔබ හැම එය ඉතා හොඳින් රසවිඳියි කියලා හිතනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Esha(W.I.D.P) සොයුරිය විසින් ලියා තිබූ ලිපිය

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපියක් ලියන්න ගොඩාක් ආසාවෙන් හිටියත් වෙලාවක් තිබුනේ නෑ. ඉතින් වෙලාවක් ලැබුන ගමන් මං මගෙ පළවෙනි ලිපිය ලියුවා. මේක පරණ වුනාට ගොඩාක් ලස්සන කතාවක්. විද්‍යා ප‍්‍රබන්ධයක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Ben Affleck. මෙම චිත්‍රපටිය IMDb රේටින් එක 6.1 අගයක් ලබාගෙන තියෙනවා.

කථාව මෙන්න මෙහෙමයි…
Jennings(Ben Affleck) විද්‍යාත්මක උපකරණ නිපදවන ඉන්ජිනේරුවෙක්. ඔහු නිපදවනවා නවීන තාක්ෂණික විද්‍යාත්මක උපකරණ යම් අයතනයක් වෙනුවෙන්. ඉන්පසු එම ආයතනයෙන් උපකරණය නිපදවු කාලය තුල මතකයන් ඔහුගෙ මනසින් මකා දමනවා.ඒ සදහා ඔහු මුදල් ලබගන්නවා. එක් අවස්ථාවක ඔහු විශාල ව්‍යාපෘතියකට බැඳෙනවා වසර 3කට. මේක ආරම්භයේදීම ඔහුගෙ මතකයන් මැකී යන යමක් ඔහුගෙ ශරීරයට එන්නත් කරනවා. ඔහු නැවත වසර 3කට පසු ව්‍යාපෘතිය නිමාවී ආවිට ඔහු මුහුන දෙන දේවල් සමග ඔහුට තේරෙනවා ඔහුව අදාල ආයතනයෙන් රවටා ඇති බව. නමුත් ඔහුට කිසිවක් මතක නෑ. තවද ඔහුගේ ජීවිතයට මරණ තර්ජන එල්ලවෙනවා. මේ සමගම ඔහුට ලැබෙනවා ඔහු විසින්ම ඔහුගෙ නමට එවන ලද පාර්සලයක්. මේකේ තියෙන්නේ අව්කණ්ණාඩියක්, Bottle of Hair spray, යතුරක්, සිගරට් පෙට්ටියක් වගේ පුංචි දේවල් ටිකක්. ඉතින් මේ පාර්සලය ඔහුට ප්‍රහේලිකාවක් වුනත් ඔහුටම නොදැනී මේ තුල ඇති දේවල් ඔහුට සෑම අවස්තාවකදීම කරදර වලින් බේරෙන්න උදවු වෙනවා. ඒ වගේම මේ කතාව තුල ලස්සන ආදර කතාවක් යනවා. Jennings ආදරෙන් බැ‍දෙනවා Biologist කෙනෙක් වන Rachel සමග. මේ ආදරයත් සමග තමයි කතාව අවසානය දකින්නෙත්.

ඔහු පහුගිය අවුරුදු 3දී නිපදවුයේ කුමක්ද? ආනාගතයෙදී අවශ්‍ය වෙන දේවල් ඔහුට ඔහු විසින්ම තැපැල් කලේ කොහොමද? ඔහු මේ ප්‍රහේලිකාව විසදන්නේ කොහොමද? ඔහුගෙ ආදරයට මොකක්ද වෙන්නේ? ඔහුව මරන්න හදන්නේ කවුද? ඇයි? ඔහුගෙ ජීවිතය බේරෙයිද? මේදේවල් දැනගන්න නම් චිත්‍රපටිය බලන්න…

මේක අවසානය දක්වාම කුතුහලය පිරුනු ලස්සන කතාවක්. බලලාම කියන්නකෝ. ටිකක් පරණ නිසා seeds ටිකක් අඩු ඇති කලබල නැතුව බාගෙන බලන්න. කථාව නියමයි.

Paycheck (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Paycheck.2003.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,346 downloadsDownload Paycheck.2003.Baiscopelk.com_.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,346 downloadsDownload Subtitles42 KB

65 comments

  1. kte

    Thankz macho...

    1. Tharindu

      Me sinhala sub nane

  2. M.D.A Pradeep (අමිල මනනදේව)

    හ්ම්ම් මේක කළින් බැළුවා නියම චිත්‍රපටියක්.ජනප්‍රිය හින්දි චිත්‍රපටියක් වූ Krish හදලා තියෙන්නෙත් මේ චිත්‍රපටිය අනුසාරයෙන්.

  3. chamila

    thanks.....

  4. Theeka

    sinhala sub one.....

  5. රාම් රාජ්

    patta film ekak mama meka kalin beluwa.thanks

  6. Saranga

    thanks....

  7. lahiru

    මේකනම් ගොඩක් කට්ටිය බලලා ඇති.පට්ටම film එකක්.අනිවා බලන්න.

  8. anurudda

    Thankz

  9. akila

    meka jarawak mala jarawak yak mewage jarawal dana epa

  10. Air Bender

    ela elaaa,,,downloading,,,,,,,,,,,,,,

  11. hs

    math meka balala thiyenawa godak hodai meka. habai ithin krrish hadala thiyenne meka anusarayen kiyana ekanam gataluwak.

  12. Sha

    Ela ela Thankzzzzzzzzz sahodaraya film 1a dunnata :)

    Kathawa parana unath kamak na hoda 1k nam.

    balala ewara karalama tawa comment 1k dannamko. ;)

    Jayawewaaaaaaaaaaaaaaaaaa :D

  13. හේමාල්

    KIRSH HEDUWE ME FILM EKEN NEMEI "Johnny Mnemonic(1995)" KIYANA FILM EKEN.MEKA WENAS KAHAWAK.

    THANK YOU !!!

  14. අබා

    සබ් සමග නම් තමයි වටින්නේ සහෝ...එල එල ජයවේවා

  15. dinnu

    patta katawak meka.jayawewa saho.

  16. saman kalubovila

    ela.. math banawa... thankx....

  17. AL1717

    Thanks Machan Meka Nam Eay Kale ma Beluwa Deck Kellen. :)

    Apahu Mathak kala Ekata Thanks

    Melagadi ITN Eketh Oya Film Eka Pennuwa...

    Thanks Wewwaaaa

  18. Budditha Fernando

    බොහොම ස්තූතී..

  19. kamal chandana

    aniwa nawatha balanawa sinhala sub thibuna nam maru

  20. rajitha

    sira goda dawasakata passe film akak baluwe.me wage hoda 1k dunnata thanx

  21. Uraj Deemantha

    බෑවා බෑවා..... කලින් බලපු හැමෝම කියන්නේ මැක්සා ෆිල්ම් එකක් කියලයි..... බලන්න ඕනා අද රෑ.... :D

  22. Randika

    මැක්සා තමයි.. ආයේ ඒකෙ හෝදන්න, පීදාන්න, මදින්න මුකුත් නෑ.. මමත් කාලෙකට කළින් බැලුවා.. මම "Johnny Mnemonic" ගැන නම් දන්නේ නෑ. ඒත් KRRISH එකට අනාගතය බලන කම්පියුටර් එක ගැන concept එක නම් ගිහින් තියෙන්නේ මේකෙන් කියලයි මමත් හිතන්නේ. ජය වේවා!!

  23. Anonymous

    hodai samahara than comady wage

  24. Esha

    මේක මගේ පලවෙනි
    ලිපියනේ ඉස්සරහට උපසිරසි හදලා දාන්නම් වෙලාව ලෑබුනාම..
    Thanks comments වලට..

    1. Ranga

      Ane machan pin siddawei me film 1e upa sirasa koi loken hari hoyala hari hadala hari danawada......?

  25. Nitish

    No seeds to download !

  26. lah

    kalin balalaa aththemi.... ela movie1a... kastiya baagena balannaa.....

  27. Kasun.D

    thanks.....

  28. Thisari

    හොඳ චිත්‍රපටියක් කියල බය නැතුව කියන්න පුළුවන් මේකට.

  29. Anonymous

    mamath banawa...........1n ma

  30. Roshan Sanjaya

    mamath banawa………..1n ma

  31. සුපුන් ඉන්දික

    මේක බලල නම් ටික දවසක් වෙනව. දැන් තමයි comment එකක් දාන්න ආවෙ. ඇත්තටම හොඳ චිත්‍රපටයක් කියල බය නැතුව කියන්න පුළුවන්.

  32. thushara

    sab thibbanam mary bn

  33. Achira

    Me film ekata Sinhala Subtitle Nadda. Niyama Film eka

  34. manju

    film eka no 2013/10/04

  35. Lahiru Anuradha

    meke sinhala sub 1 dennako

  36. පසිඳු සහෝ

    මේකට සිංහල උපසිරසි නැද්ද ?

  37. Tharindu

    Ko meke sub file link ekak nane

  38. malith

    sinhala sub eka dannako?

  39. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  40. mithun

    ඔයා පුද්ගලිකව හොදම නිර්මාණය තොරගන්නව එකට සතුටුයි හොද ෆිල්ම් එකක් වගෙ නිස ෆිල්ම් එක බානව උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝ ඔයගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙවා කියා පතනව ෆිල්ම් එක උපසිරැසි දැම්ම එකට ගොඩක් සතුටුයි

  41. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සබ් එකට සහෝ

  42. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  43. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  44. Nipuna Udayanga

    Thank you machan !

  45. Sanindu Lakkitha

    Thnx machan... Good luck

  46. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. Dulanga

    Thanks

  48. පුෂ්ප සමීර

    සබ් එකට ස්තූතියි සහෝ

  49. අසිත

    elama saho thanks
    jaya wewa!!!!!

Load more comments