අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsComicsFeatured ArticlesMarvel ComicsMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 333 votes.
Please wait...

“I’m just a friendly neighborhood Spider-Man.”
―Spider-Man―

අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි.

ඉතින් අද මම ආව කාරණාව කියන්න කලින් තව දෙයක් කියන්න ඕනා..

2019 අගෝස්තු 21 උදෑසන ආරංචි වූ පරිදි සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ අතර ස්පයිඩර්මෑන් සඳහා පැවති ගිවිසුම අවසන් වී තිබෙනවා. සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ සභාපති කෙවින් ෆෙයිජි අතර ස්පයිඩර්මෑන් ගිවිසුම සඳහා ඉදිරිපත් වූ නව කොන්දේසි හේතුවෙන් මෙම ගිවිසුම අවසන්වූ බව පැවසෙනවා.

මේ සඳහා ප්රධානම කාරණාව වන්නේ අවසනට පැමිණි ස්පයිඩර්මෑන් සහභාගි වූ සිනමාපට ද්විත්වයම බිලියනය පසුකල සිනමාපට වීමයි.. Avengers Endgame ලොව ඉහලම ආදායම් ලද සිනමාපටය වූ අතර, spiderman far from home සිනමාපටය ඉහලම ආදයම් ලද ස්පයිඩර්මෑන් සිනමාපටය මෙන්ම  James Bond Skyfall පසු කරමින් ඉහලම ආදායම ලද සෝනි සිනමාපටයද වූවා. මේ නිසා සමාගම් දෙකම මේ ලාබ උපයාදෙන චරිතය තමන් වෙත රඳවාගැනීමට උත්සාහ දරනු ලබනවා..

මෙතෙක් පැවති ගිවිසුම අනුව සිනමා අයිතිය ඩිස්නි/මාර්වල් ස්ටූඩියෝ සහ මූල්ය අයිතිය සෝනි වෙතයි පැවතියේ. තනි සිනමාපට ආදායමෙන් 5% මාර්වල් වෙත හිමි වූවා (ඇවෙන්ජර්ස් වගේ ටීම්අප් වලදී සම්පූර්ණ ආදායම මාර්වල් වෙත). ආරංචි වන ආකාරයට ඩිස්නි සමාගම 50/50 මූල්ය ගනුදෙනුවක් සෝනි වෙත ඉදිරිපත් කර ඇති අතර සෝනිලා එකහෙලාම එය ප්රතික්ශේප කර තිබෙනවා (කවුද අකැමති බිලියනයේ ෆිල්ම් එකක් අයිති කරගන්න 😏) එ් වගේම සෝනිලා ගෙන ආ නව කොන්දේසි සහිත ගනුදෙනුව ඩිස්නිලා ප්රතික්ශේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරියට mcu තුල ස්පයිඩර්මෑන් දක්නට නොලැබෙන අතර සෝනිලාද මේ කපේට ඔවුන්ගේ ඉහලම ආදායම් ලද සිනමාපෙල වන ස්පයිඩර්මෑන් හිමිකම නැවත මාර්වල් හට ලබා නොදෙනු ඇත. ආරංචි වල ආකාරයට ටොම් හොලන්ඩ් සහිත තවත් සිනමාපට දෙකක් සෝනිලා නිර්මාණය කෙරෙන බව පැවසෙනවා.. පෙර සිනමාපට දෙකේ අධ්යක්ෂක Jon Watts සහබාගි නොවන බව පැවසෙනවා.

ඉතින් අපි බලමු තනියම බදාගෙන කන්නට ගොස් සෝනිලා ස්පයිඩර්මෑන් අනාගතය කෙසේ ගොඩනගයිද කියා..

එහෙනම් මාතෘකාව වෙත එන්නම්. අද ඉතින් මම කොමික් කතාව කියන්නේ නැහැ. දැනටම බොහෝ දෙනා ඒ කතා දන්නා නිසා. අද මං කතා කරන්නම් මාර්වල් සිනමා විශ්වයේ ස්පයිඩර්මෑන් ගැන. පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන්ගේ කතාව දැන් හැමෝම දන්න දෙයක්. මොකද සෝනි සමාගම මේ වනවිට අධ්‍යක්ෂක දෙපලක් සමඟ නළුවන් දෙදෙනෙක් සමඟ සිනමාපට 05 ක් නිර්මාණය කරා. ඒ වගේම මාර්වල් සිනමා විශ්වය ඇතුලත සිව්වරක් දැකගන්නට ලැබුනා.

Sam Raimi යටතේ Spider-Man (2002) , Spider-Man 2 (2004) සහ  Spider-Man 3 (2007)  සමඟ Tobey Maguire දැකගන්නට ලැබුනා. පසුකාලීනව Marc Webb යටතේ Andrew Garfield විසින් The Amazing Spider-Man (2012) සහ The Amazing Spider-Man 2 (2014) සමඟ දැකගන්නට ලැබුනා. බොහෝ දෙනා දන්නා පරිදි ස්පයිඩර්මෑන් සිනමා අයිතිය හිමිව තිබෙන්නේ සෝනි සමාගම හටයි. එක්දාස් නමසිය ගණන් වලදී සෝනි හට හිමි වූ මේ සිනමා අයිතිය මේ කපේදීනම් නැවත මාර්වල් හට ලබාදෙන්නට සෝනි සමාගම එකඟ වන්නේ නැති බව පෙනෙන්නේ ස්පයිඩර්මෑන් චරිතය තුලින් ඔවුන් දැවැන්ත ආදායමක් හිමිකර ගන්නා බැවිනි. ඒ උනත් හැමෝම වගේ දන්නා විදියට සෝනි සහ මාර්වල් අයිතිය හිමි ඩිස්නි අතර 2015 දී ඇතිවුණු ගිවිසුමක් සමඟ ස්පයිඩර්මෑන් චරිතය මාර්වල් සිනමා විශ්වයට යොදාගන්නට හැකි වනවා. සෝනි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්  වන Amy Pascal ගේ අදහසක් අනූව තමා ස්පයිඩර්මෑන් චරිතය නැවතත් මාවල් ස්ටුඩියෝ එකටම හිමිවෙන්නේ. ඒ හිමිකාරිත්වය  හමුවේ ඔයාලට මාවල් සිනමා විශ්වය තුල මුලින්ම Captain America: Civil War හරහා ස්පයිඩර්මෑන් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ චරිතය මාවල් සිනමා විශ්වයට  ඇමිණු ආකාරය. ඉතින් පසුව Spider-Man: Homecoming සිනමාපටය තුලින් mcu තුල පළමු ස්පයිඩර්මෑන් සිනමාපටය නිර්මාණය වනවා.. පසුව Avengers: Infinity War සහ Avengers: Endgame තුලින් දැකගන්නට හැකි වනවා. Far From Home තුලින් තමයි mcu තුල දෙවන වරට මෙන්ම දැනට පැවසිය හැකි පරිදි අවසන් වරට තමන්ගේම සිනමාපටයකින් ස්පයිඩර්මෑන් මෙලෙස හමුවන්නේ. ඉතින් අවසානයේ ස්පයිඩර්මෑන් සිනමා හිමිකම නැවත සෝනි හටම හිමි වූයේ බෙදාගෙන කන්නට නොව බදාගෙන කන්නට යාම නිසායි.

අපි බලමු මාර්වල් සිනමා විශ්වය හෙවත් mcu හි පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන් ගේ වතගොත ටිකක්.

නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් හි තමයි පීටර් උපත ලබන්නේ. ඒ 2001 අගෝස්තු 10 වනදා. ළමා කලදීම දෙමව්පියන් මියගිය නිසා පීටර් හැදී වැඩෙන්නේ නැන්දා සහ මාමා වන මේයි පාකර් සහ බෙන් පාකර් සමඟ. පසු කලෙක බෙන් මියගිය පසුව මේයි පීටර්ව තනිවම උස්මහත් කරනවා.

කුඩා කල 2010 දී පීටර් Stark Expo (අයන්මෑන් 02) ප්‍රදර්ශනය නැරඹීමට යනවා. එහිදී ඔයාලට මතක ඇති අයිවන් වැන්කෝ ගේ රොබෝ සොල්දාදුවෙක් ඉදිරියේ සිටින අයන්මෑන් වෙස් මුහුණක් පැලඳ සිටින දරුවා.. ඉතින් ඒ තමයි මේ පීටර් පාකර්. එදා අයන්මෑන් අතින් දිවි බේරාගන්නා පීටර් පසුකලෙක ඔහු නිසාම ලොවක් ඉදිරියේ සුපිරිවීරයෙක් ලෙස තම දිවිය ගොඩනගා ගන්නවා.

“Nice work, kid.”

නොදැනුවත්ව වුවත් අයන්මෑන් පීටර්ට පවසන පළමු වදන එයයි.

පසුකලෙක Midtown School of Science and Technology වෙත ඇතුල්වන පීටර් හට ඔහුගේ අතිජාත මිත්‍රයා වන නෙඩ් ලීඩ්ස් සහ පාසල් කාලයේ සතුරා වන ෆ්ලෑෂ් තොම්ප්සන් පවා හමුවනවා.

අපිට mcu එක තුල පීටර්ට බලය හමුවෙන අවස්ථාව පෙන්වන්නේ නැහැ.. කෙලෙස කොයි වෙලාවේ මකුළුවා සපා කෑවාද කියා පෙන්වන්නේ නැහැ.. ඒ ගැන කියවෙන එකම අවස්ථාව වන්නේ හෝම්කමින් සිනමාපටයේ නෙඩ් විසින් පීටර්ට පහත පරිදි පවසන දෙබසයි.

“You got bit by a spider? Can it bite me? It’d probably hurt, right? You know what, whatever. Even if it did hurt, I’ll let it bite me. Maybe. How much did it hurt?”

“Spider’s dead, Ned.”

ඔයාව මකුළුවෙක් කෑවා කියලද කිව්වේ? ඌට මාවත් හපන්න පුළුවන්ද? ඒක එච්චරට රිදෙන එකක් නැහැනේ නේ? දන්නවා, රිදුනත් මොකෝ මම ඌට හපන්න දෙන්නම්. එක්කෝ කොච්චරක් විතරද රිදුනද ඉතින්?

ඒ මකුළුවා මැරුණා. නෙඩ්.

―Ned Leeds and Peter Parker

කෙසේ වෙතත් මකුළුවාගේ සපාකෑම නිසා පීටර් හට සුපුරුදු ලෙස ඔහුගේ සුපිරි බලය හිමිවෙනවා. ඒවාට දරාගැනීමේ ශක්තිය, වේගය, බිත්ති දිගේ නැගීමේ හැකියාව මෙන්ම තවත් බලයන් බොහොමයක් හිමිවනවා. මෙතනදී පොඩි දෙයක් විශේෂයෙන් කියන්න ඕනි.. අපි අතරින් සමහරක් කියන්න ගත්තා mcu එකේ ස්පයිඩි ට එයාගේ අයන්මෑන් හදලා දෙන ඇඳුම නැතුව මොනවත් කරන්න බෑ කියල. එහෙම කියන අයට කියන්න තියෙන්නේ සිවිල් වෝ හි ටෝනි පීටර්ව හමුවෙන්න ආව වෙලේ ප්ලේ කරලා පෙන්වන වාහන අනතුර හොඳට බලන්න කියලා තමයි. එතැනදී ස්පයිඩි පැයට කිලෝමීටර 64 ක ( 40 miles an hour) වේගයෙන් එන රාත්තල් 3000 ක් බර කාර් රථය කිසිඳු අපහසුවකින් තොරව අත් දෙකෙන් නවත්වනවා පෙන්වනවා. mcu ස්පයිඩි ට ඇඳුම නැතුව වැඩ බෑ කියනවනම් එයා එක්ක ඒ ගැන කතාව නවත්තන එකයි කරන්න වෙන්නේ…

හරි එහෙනම් ආපහු කතාවට එමු. ඉතින් පීටර්ට බලයන් හමුවුණාට පස්සේ එයා තමන්ම හදාගත්තු ඇඳුමක් සහ එයාම නිපදවපු කෘතීම දැල් විදිනයක් එක්ක නිව්යෝර්ක් නගරයේ අපරාධ වලට එරෙහිව සටන් වදිනවා. ඉතින් මේ විදියට ඉද්දි තමයි පීටර්ව ටෝනි ස්ටාර්ක් ගේ නිරීක්ෂණයට හසුවන්නේ. කොහොම උනත් ටෝනි පීටර්ව නිරීක්ෂණයේ යෙදුනත් කොයිම මොහොතකවත් මැදිහත්වීමක් කරන්නේ නැහැ. සිවිල් වෝ සිදුවීමේදී අලුත්ම බලයන් තිබෙන අයෙක් අවශ්‍ය වන නිසා තමයි අවසානයේ පීටර් හමුවට ටෝනි එන්නේ.

පීටර්ගේ පුද්ගලික වීරයා වන කැප්ටන් ඇමරිකාට එරෙහිව ස්පයිඩි ව ජර්මනියට ගෙනයන ටෝනි ඔහුට ස්ටාර්ක් තාක්ෂණයෙන් නිමවුණු ස්පයිඩර්මෑන් ඇඳුම ලබාදෙනවා. සිවිල් වෝර් ජර්මනියේ සිදුවීමෙන් පසුව ටෝනි පුද්ගලිකවම පීටර් ව නැවත නිව්යෝර්ක් වෙත කැඳවාගෙන එනවා. එහිදී ඔහුට තමා දුන් ඇඳුම තබාගන්නට අවසර ලබා දෙන්නේ ජර්මනියේ ක්‍රියා කල ආකාරය අනුව පීටර් එම ඇඳුමට සුදුස්සෙක් බව තේරුම් ගෙන හැපී ගේ නිරීක්ෂණය යටතේ සිටින බව පවසා ය.

ඉතින් තමාට ලැබුණු නවතම ඇඳුම සමඟ පීටර් බොහෝ උද්‍යෝගයෙන් කටයුතු කරනවා. නවතම ඇඳුම සමඟ සිටින පීටර් බලා සිටින්නේ ටෝනි සමඟ නැවත සුපිරිවීර ක්‍රියාවක නිරතවීමට ඇරයුම් ලැබෙන තෙක් ය.. නමුත් ටෝනි ඔහුව කරදර වලින් ඈත් කර තබන්නට කටයුතු කරනවා.. මේ නිසා අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් ලෙස පීටර් තම නගරයේ සැරිසරමින් කටයුතු කරනවා. 2012 චිටාවුරි ආක්‍රමණයේ සුන්බුන් වලින් සොයාගත් තාක්ෂණයන් උපයෝගී කරගනිමින් නීති විරෝධී ක්‍රියාවල මෙන්ම එම තාක්ෂණික උපකරණ කළුකඩ විකිණීමේ යෙදුනු එද්‍රියන් තෝමස් හෙවත් Vulture හට මුහුණ දෙන්නට පීටර් ට සිදුවනවා. Vulture පිළිඹඳ ටෝනි හෝ හැපී අවධානය  යොමු නොකළ නිසා පීටර් තනිවම Vulture පසුපස හඹා යනවා.

Stark Cargo Plane තුල මෙන්ම Vulture සමඟ පීටර් ක්‍රියා කල ආකාරය නිසා ටෝනි අවසානයේ තීරණය කරනවා ඔහුව ඇවෙන්ජර් කණ්ඩායම වෙත එකතු කරගන්නට. ඒ දිනවල ඇවෙන්ජර් කණ්ඩායම මෙහෙයවන්නේ ටෝනි විසින්. ඒ කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ හි සිදුවීම් නිසා නීතියෙන් පලායන්නෙක් ලෙස නම්කර ඇති බැවිනි. ඒ වන විට ටෝනි සමඟ වෝ මැෂින් සහ විෂන් ඇවෙන්ජර් කණ්ඩායමේ සිටිනවා. හල්ක් සහ තෝර් පෘතුවියෙන් පිටතත්, කැප්ටන්, නටාෂා, හොව්ක්අයි සහ ෆැල්කන් නීතියෙන් පලායන්නන් බවටත් පත්ව සිටිනවා. ඒ වන විට සෙකෝවියා ගිවිසුම අත්සන් කර සිටින ටෝනි නිසා ඔහු සමඟ සිටින අනෙත් අයටද ගිවිසුමට අත්සන් කර තම අනන්‍යතාව හෙළිකර සිටින්නට සිදුවනවා. කෙසේ වෙතත් අවසාන මොහොතේ පීටර් තීරණය කරන්නේ තම අනන්‍යතාව එලෙසම තිබෙන්නට හැර ඇවෙන්ජර් කෙනෙක් නොවී නිව්යෝක් නගරයේ පුංචි වීරයෙක් ලෙස සිටින්නටයි. තත්වය තේරුම්ගන්නා ටෝනි පීටර් හට එලෙස කටයුතු කරන්නට ඉඩ සලසනවා. ඒ වගේම පීටර්ගේ නැන්දා ‘මේ පාකර්’ ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් කියල දැනගන්නවා..

මෙලෙස කාලය ගත කරන පීටර් ට නොසිතු ඇබැද්දියක් සිදු වන්නේ එක්වරමයි. බ්ලැක් ඕඩර් එක පෘතුවිය ට එන්නේ ඉන්ෆිනිටි ස්ටෝන් හොයාගෙනයි. එතනදී Black Dwarf සහ Ebony Maw ට එරෙහිව නිව්යෝර්ක් වලදී පීටර් සටන් වදින්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් බේරා ගැනීම සඳහායි. අවසානයේ එතනදී පීටර් ඔහුට එවේලේ හිමි වූ අයන් ස්පයිඩර් ඇඳුම සමඟ ටෝනි, ස්ට්‍රේන්ජ් සහ එබෝනි මා සමඟ අභ්‍යවකාශයට පිවිසෙන්නට සිදු වනවා. එම ගමන අවසානයේ නතර වන්නේ ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම සමඟ ටයිටන් මතදීයි.. තානොස් සමඟ සිදුවන සටන දී දිවි බේරාගන්නා ඔහු අවසානයේ තානොස් ගේ ‘ස්නැප්’ එක හේතුවෙන් දුහුවිලි බවට පත්ව යන්නේ ඔහු තමාගේ පුතෙක් මෙන් සැලකු ටොනීගේ දෑත් මතදීයි.

“Mr. Stark? I don’t feel so good.”
“You’re all right.”
“I don’t– I don’t know what’s happening. I don’t… I don’t wanna go. I don’t wanna go, sir, please. Please, I don’t wanna go..”

―Peter Parker විසින් Tony Stark හට ටයිටන් මතදී 

වසර 5 ක් අවසානයේ ප්‍රොෆෙසර් හල්ක් විසින් සිදු කල ‘බ්ලිප්’ එක හෙවත් නැවත සකස් කල ඉන්ෆිනිටි හන්ලට් එකේ ස්නැප් එක හේතුවෙන් නැවත පීටර් ඇතුළුව දුහුවිලි බවට පත් වූ සියල්ලන්ම නැවත පැමිණෙනවා. ඉතින් මෙලෙස පැමිණෙන්න පීටර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ උදව්වෙන් තානොස්ට එරෙහිව පැවති අවසන් සටන වෙත පැමිණ වීරයින් සියල්ලන් සමඟ එක්ව තානොස් හා ඔහුගේ හමුදාවට මුහුණ දෙනවා.. ඉන්ෆිනිටි ගන්ලට් එක සුරැකිව තබාගැනීම සඳහාද ඔහු බෙහෙවින්ම උපකාරී වනවා. අවසානයේ ටෝනිගේ ජීවිත කැපකිරීම සමඟ ඔහු වෙත යන පීටර් හට ඔහු මියයන අයුරු බලාසිටින්නට සිදුවන්නේ හදපිරි සොවිණි.

“Hey, Mr. Stark? Can you hear me?It’s Peter. We won, Mr. Stark.
We won, and you did it, sir. You did it.
I’m sorry… Tony…”

පීටර් ටෝනිට පවසන අවසන් වදන් පෙල

ඉතින් මේ විදියට තමයි මාර්වල් සිනමා විශ්වයේ ස්පයිඩර්මෑන් ගේ කතාව ගලා යන්නේ.. endgame එකෙන් පසුව පීටර් ගැන කියන්න යන්නේ නැහැ මන් ඔයාලා මේ ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්නකො. එහෙනම් අද ලිපිය මෙතැනින් නවත්වන්නම්. mcu එකේ අවසන් ස්පයිඩර්මෑන් සිනමාපටය රසවිඳින්න එහෙනම්.. හැමෝටම සුබ දවසක්..

#Hail_Hydra

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  WEB DL / BR පිටපත් සඳහා  අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

278 thoughts on “Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

  • Extended ekata update krnna

    Reply
  • chamath kanchana

    machan ethakota eliyata awila thiyana spiderman no way home kiyana trailer eka marvel la newe d bn karanne

    Reply
  • Hasitha gayan

    උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.

    Reply
  • Nimesha Abhishek

    thank you saho

    Reply
  • Kalanacosta

    thank you……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • War Hindi movie subtitle

    Reply
  • lahiru1993822

    Sub eka maru, Thanks bro

    Reply
  • Janithsapugoda

    Thanks mcn ela

    Reply
  • Dilruk lahiru

    sub eka extended bluray ektath hdla dennkoo

    Reply
  • බොබී

    සෝනිලා වැඩේ කනවා, ආයේ දෙකක් නෑ. ස්පයිඩර් මෑන් වෙනම් එක්ක දාලා ෆිල්ම් හදන්න ගනියි. ආදායම් වාර්තා නම් ගනියි. ඒත් ස්පයිඩර් මෑන් ඉවරයක් වෙයි. සබ් එක එනකම් බලන් හිටියේ, සහෝ. බොහොම පින්.

    Reply
  • Sandunprabath1230

    Thanks machn

    Reply
  • Prabhasoft

    Thank you…..gd lk….!!!

    Reply
  • pitcher bro

    niyamai bro.sub eka patta.clear

    Reply
  • Chanuka Nilesh

    Thanx for sub
    GoodLuck

    Reply
  • pitcher bro

    ela ela bro thanks patta sub eka elatama thiyenawa

    Reply
  • kavindu_sandesh

    සමහරක් spider man ලට දැල් විදින්න. උපකරණයක් ඕනේ නෑනේ. එත් සමහරක් අයට ඕනේ. ඇයි ඒ?

    Reply
  • BIMBISHA INDURUGALLA

    Appreciate it!

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • Chanakaprasanna

    Thanks mchn sub akata.

    Reply
  • Naveen Ranasinghe

    සිංහල උපසිරැසියට ස්තූතියි…

    Reply
  • DilanKaushalya

    සිංහල sub එක දෙබස play වෙලා ගොඩාක් වෙලාවකට පස්සේ display වෙන්නේ

    Reply
  • සබට බොහොම තුති වේවා!
    මේවා ඉතින් මගෑරලා කොහොමැයි.
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Thilesh De Silva

    Thank you very much

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Kasunabayasekara

    Thanks bro..

    Reply
  • thanks bro upasirasiyata

    Reply
  • imanthahasidu

    එලම……….

    Reply
  • Jagath Dhananjaya

    Thanks a lot

    Reply
  • nihalpujitha

    Thanks sho.♥️♥️♥️♥️

    Reply
  • 1080p web akata sub updeta karanawada

    Reply
  • sampath n perera

    thanks brother

    Reply
  • Kisalgunsekara

    Sub ekata thanks..
    Sony කරපු වැඩේ නම් හරි නෑ

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • bohoma sthuthi sahooo ….

    Reply
  • PriNcENiSh

    Yts eke ewata subtitle dekama wada naaaa. Update ekak dendoooooooo

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub bro…!

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ගොඩක්.ස්තුතියි..

    Reply
  • ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට ස්තුතියි!

    Reply
  • PahasaraDv

    Thankz for sub….

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Harsha shameera

    Ela sub eka ta

    Reply
  • McMillanStyles

    ගොඩක් ස්තුතියි.

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • 1981madush

    Good luck …..!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    kora

    Reply
  • kalana sb 4587

    thanks for the sub.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Meka enakn bln hitiye

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Erannga lahiru

    Aai iilaga spider man film ekak eida ?

    Reply
  • Nishanpradeep95

    Good job mate keep it up

    Reply
  • Great work machn well done keep it up

    Reply
  • BIMBISHA INDURUGALLA

    appreciate!!!!!

    Reply
  • kulindu thamuditha

    YTS එකේ WEB එක අවුල් යනවනෙ ???

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Naleensanjeewa

    elama bro. thanks

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එක BRවලට අප්ඩේට් කරාට බ්‍රෝ 🙂 🙂
    ජය වේවා.!

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ…..ජය!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. තව ටිකක් ඉඳලම ගන්නම්. ජය෴෴ 😛 😛

    Reply
  • chanuka_rox

    Thanx subtitles ekata

    Reply
  • Tharindu bandaranayake

    ek el. Sub ekth supiri
    thnks a lot
    good job

    Reply
  • phenomenal_pasiya

    Supiri. Thanks for the sub.එල හොඳේ!

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
    • thanuja25811

      බොහොම ස්තූතියි සහෝදරයා ..

      Reply
  • tjpjeewan

    yts 1080p akata wada karanawa aunata aulne

    Reply
  • Tharindu07

    Thanks Machooo….!!!!! Jayaweva…!!!!

    Reply
  • YTS Web update eka denwad bro

    Reply
  • Dushan Laksitha

    ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • hatharasingha

    Godak asawen bln hitiye sub eka enkm. Thnkz dear

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි හසා අයියේ සබ ට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Charukac43

    elama bro
    SUPIRI WADAK!

    Reply
  • Savinduhimansa

    godak agaya karanawa me sewawa. thanks. aiye puluwannam lord of the ring film 3 , hobbit film 3 extended walata update karanna. please

    Reply
  • sub witharaine….ko film eke link

    Reply
    • Baiscopedownload eke tiyenwa

      Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks…

    Reply
  • asela12345

    ස්තූතියි උපසිරැසියට ..

    Reply
  • krishan.tooo

    ෆිලුම කෙසේ වෙතත් ලිපිය නම් සුපිරි ෆිලුම තාම බැලුවේ නෑ හැබැයි ලිපියට නම් ස්තූති නොකරම බෑ….

    Reply
  • Thankz bro sub ekata !!!!

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • Soorige Don

    තෑන්ක්ස් බ්‍රෝ ඒත් සබ්ටයිටල් බැලන්ස් නෑනෙ.. පරක්කු වෙලා යන්නෙ.. කොහොම උනත් බොහොම ස්තූතියි

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Aruna priyashantha

    thanks bro!!!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි හසා අයියේ … 😀
    ජය වේවා !!!

    Reply
  • Pramukmili

    thanxx bro………..

    Reply
  • THanks bro for sub keep it up!

    Reply
  • harshana tutu

    ado man kawadawath may dala thiyena wisthera kiwannane bn

    Reply
  • Buddhi Tharuka

    Thanks Brother…

    Reply
  • WEB රිප් එකට සබ් එක අප්ඩේට් කරලාමයි සබ් එක දුන්නෙ. සබ් ෆයිල් දෙකක් තියෙනවා එකක් කොරියන් සබ් එක්ක අනික නැති EVO කොපි එක. ඒක Yts, PSA කොපි ඔක්කොටම ගැලපෙනවා. ඒක නිසා අප්ඩේට් කරන්න කියල කමෙන්ට් දාන්න දෙයක් නෑ. ඩවුන්ලෝඩ් කරලා දාල බලන්න.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති හසා අයියේ උපසිරසට..ලිපිය ලිව්වේ ලහිරු සහෝද??? ඔය සෝනිලා කරපු මගුල් වැඩෙන් වෙන්නේ ලස්සනට හදාගෙන ආව ස්පයිඩිගෙ සීරිස් එක විනාස වෙන එක. මාර්වල් නැතුව (කෙවින් ෆයිගි නැතුව) ඕක කරන්න ඇත්තටම අමාරුයි. ඇත්තටම ගත්තොත් MCU එකේ විශන් එක තිබුනේ ෆයිගිට.කෙවින් නොහිටියාන MCU එකත් ඔතනට එන්නේ නෑ. පේනවානේ DCEU එකට වෙලා තියෙන දේ අච්චර සුපිරි කොමික් කැරක්ටර්ස්ලා ටිකක් ඉදලත්. කොහොමෙන් කොහොමෙන් හරි අන්තිමට උනේ ආසම කරන MCU චරිත දෙකක් Endgame එකෙන් ඉවර උනා. ඉතුරු වෙලා හිටපු චරිතෙත් සෝනිලට පිංසිද්ද වෙන්න ඉවර උනා.. BR එකක් ආවාම අප්ඩෙට් එකක් දෙන්න අයියේ..ජය වේවා!

    Reply
  • Hashan M. Priyadarshana

    ⁣බොහොම ස්තුතියි සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • MudithaDissanayaka

    බොහේාම ස්තුතී.හසන්ත අයියා

    Reply
  • rockz2020

    ජය වේවා හසන්ත සහෝ! ❤

    Reply
  • pasindu12334

    web rip one ikmanata

    Reply
  • chamindu_deshan

    web rip hurry up plz.!

    Reply
  • වෙබ් රිප් එකට සබ් එකනම් හැදුවා දාන්න විදියක් තියෙනවද මේකට

    Reply
  • pasindu12334

    web-rip eka dannako

    Reply
  • thankzz broo… anna web rip eka daaala.. update krnnoooo

    Reply
  • Thanks for sub good luck bro

    Reply
  • Webrip update plzzzz!!!!!!

    Reply
  • ස්පයිඩර් මෑන්ට මකුළුවා වග‌ේ ෆිල්ම් නම් බයිස්ක‌ෝප් තමයි…. ජය‌ෙන් ජය 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට කොපියක් එනකම් හිටියේ…

    Reply
  • Web rip ekkta nadda ?

    Reply
  • madusharulz

    Thank you machanla

    Reply
  • bohoma sthuthi saho..

    Reply
  • Sandeepmadushan

    Enakm blan hitiye.. thamx saho

    Reply
  • Thank saho keep up the good work

    Reply
  • thank u a lot….keep it up

    Reply
  • anushkawebnet

    thank u broo…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • baiscopeshanukap

    Thanks bokka…

    Reply
  • antonraveen6

    Iphone ekn download krddi ai zip file ekak wdyta download now enne?

    Reply
  • thank you bro…meka blu ray balannma ona film ekak

    Reply
  • Bandarajbandara

    ස්තුතියි

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • අමිල

    නියම වැඩක්.තැන්ක්ස්

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • හොද කොපියක් එනකල් ඉන්නවා. මේ කොපිය අවුල් නේද මචො. ෆිල්ම් එකේ කොලිටිය නැතුව බැලුවාම වැඩක් නැ. පුළුවන් නම් උඹලත් හොද කොයික් එනකල් සබ් නොදි ඉදපල්ලා. ඒක වටිනවා.

    Reply
    • Amila...ushan

      Media box එක තියනවා මචං ඔර්ජිනල් එක එකෙන් බා ගනින්

      Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • santhusha319

    thanks saho!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Tharindu Lakmal Ekana6aka

    Thanx ela

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • arawindasunimal

    thanks yaalu sub ekata

    Reply
  • Dulanja thimal

    Thanks brother for sub!!!…good luck

    Reply
  • thanx sub ekta ,puluwn nm mekta update denna . Spider-Man_Far_from_Home.2019.HDRip.XviD.AC3-EVO

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • buddhikaudayam

    Baiscopedownload wala film eka නෑනේ….

    Reply
    • Lasith_2001

      Sub ekata thnks brother … supirima… jayen jayama wewa saho…

      Reply
    • buddhikaudayam

      දාන්නත් කලින් හොයලා…

      Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • .Ruchikaliyanage

    හරියටම ෆිල්ම් එක සර්ච් කරන්න පැයකට කලින් සබ් එක දාල..
    බොහොම ස්තූතියි සහෝදරයා

    Reply
  • Ayesh Prashan

    Thank You… Bray Ekakma Balano

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ‍
    ජය

    Reply
  • thank u4 the sub n letter

    Reply
  • Gathsara Umesh

    Bhooooooooooom
    Sthuthiiii…………….

    Reply
  • chanaka47

    Sub ekath thanks macho.. Wistarathmaka lipiyata eeta wada thanks.. ️️️

    Reply
  • Nimesh sasanka

    niyama lipiya saho. sub eka ikmanata genawata thanks

    Reply
  • Hasitha Madush

    Sony pictures ලා වැඩේ අනාගනියි කියලා නම් හිතෙන්නෙ නෑ එයාලත් වැඩ්ඩො නේ බලමුකෝ mcu නැතුව spidy කොහොම වෙයිද කියලා හසා අයියේ සබට තුති

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….බලන් හිටපු ෆිලුමක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • Ikmanata Dunnata Godak Isthuthu (Spider.Man-Far.From.Home.2019.KOR.1080p.HDRip.H264.AAC-WHD)

    Puluwannam Mekata Danna Spider-Man Far from Home.2019.HDRip.XviD.AC3-EVO Mea copy eka KOR subs na
    ekai

    Reply
  • ගොඩාක් ස්තුතියි

    Reply
  • isuru srinath sjs

    පට්ටා නේ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. එලම..❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *