හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ…

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ.
1977… මේ වසර හොලිවුඩ් සිනමාවට කිසිදා අමතක කල නොහැකි වසරක්. සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරමින් වසර හතළිහකටත් වැඩ කාලයක් ලොව ආක්‍රමණය කල කතාවක ආරම්භය සිදු වූවා…මිලියන 11 ක් වියදම දරමින් නිර්මාණය වූ මේ සිනමාපටය නමින් Star Wars. වියදම සුළු වුවත් මේ සිනමාපටය තම ගමන අවසන් කරන්නේ මිලියන 775 ද අභිබවා යමින් දැවැන්ත ආදායමකට හිමිකම් කියමින්. එදා නම Star Wars වුවත් අද වන විට එහි නම Star Wars Episode IV – A New Hope ලෙසින් වෙනස් වී තිබෙනවා. George Lucas තම දුටු සිහිනය යතාර්ථයක් කරගන්නේ හොලිවුඩයේ ගැලවුම්කරුවෙක් වන සිනමාපටයක් එලෙස බිහි කරමින්. ඔහුගේම අදහසකට අනුව තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔහුම කරමින් නිමවුණු මේ සිනමාපටය අද වන විට හොලිවුඩයේ දැවැන්ත වෘක්ෂයක්ව වැඩෙමින් තිබෙනවා. Star Wars යනු හොලිවුඩයේ ආගමක් වැනි කතාන්දරයක්. සිනමාවෙන් එපිට සැබෑ ලොව තුලද එහි ආභාෂය දකින්න පුළුවනි. එමෙන්ම මේ වන විට මේ කතාන්දරය පරම්පරා තුනක රසිකයන් වටා ගොස් අවසන්. එතරම් දැවැන්ත රසික පිරිසක් සහිත මේ කතාන්දරය සිව්වන පරම්පරාව කරාද යන්නද පිඹුරුපත් සකස් වී අවසන්.
එදා 1977 දී අපිට තරුණ ලුක් ස්කයිවෝකර්, සුරූපී ලෙයා කුමරිය, නුවණැති ඔබිවක් කනොබි සමග C-3PO සහ R2-D2 සමඟ ඈත මන්දාකිණියක කරක් ගසන්නට ලැබුනේ හැඩකාර දඟකාර හාන් සොලෝ සමඟ ඔහුගේ ආත්මීය මිතුරෙක් බඳු චුවී සමඟ මිලේනියම් ෆැල්කන් යානයෙන්.. ඒ ගමන් අතරතුර දුෂ්ට ඩාර්ත් වේඩර්වද හමුවන්නට වූවා. ඉතින් මේ කතාන්දරය ගැන කියන්නටයි මේ සූදානම් වන්නේ.
ජෝර්ජ් ලූකස් ගේ සිතේ එලෙස ඇතිවූ සිතුවිල්ල අවසන් වූයේ Star Wars ලෙසින් පැමිණෙමින්. එලෙස පැමිණි ගමන අද වන විට විවිද සිනමාපට, රූපවාහිනී කතා මාලා, වීඩියෝ ක්‍රීඩා, කොමික් පොත්, තේමා උද්‍යාන වැනි ඇති දැවැන්ත පරාසයක පැතිරී අවසන්. එමෙන්ම අද වන විට මේ Star Wars සීරිස් එක ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියනවා. ඒ සාර්ථකම වෙළඳාම් කල හැකි සිනමා සීරිස් එක ලෙසටයි. 2020 වන විට Star Wars සීරිස් එකේ සම්පූර්ණ වෙළඳ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 70 ක් වන බවට ගණනය කර තිබෙනවා. එය මේ වන විට පස්වනුවට ඉහලම අදායම් ලද සිනමා සීරිස් එක බවට පත්ව තිබෙනවා.
පළමු සිනමා සිත්තමේ සාර්ථකත්වය මත එහි තවත් සිනමාපට ද්විත්වයක් නිර්මාණය වනවා. ඒ The Empire Strikes Back සහ Return of the Jedi (1983) ලෙසින්. පසුව මේ ද්විත්වය Episode V සහ VI එන නම්ද එකතු කරනු ලැබුවා. මේ සිනමාපට ත්‍රිත්වය අතිශය සාර්ථකත්වයට පත්වන්නේ එදා මේද තුර පැමිණි ඇති දැවැන්ත සාර්ථකම සිනමාපට ත්‍රිත්වයක් වෙමින්. මේ ප්‍රධාන සිනමාපට තුනට පසුව වසර 16 කට පසුව 1999 දී නැවත Star Wars සිනමාපටයක් එළිදක්වනවා. පලමු සිනමාපට වලට පෙර සිදුවීමක් අලලා එවර කතාව දිග හැරෙනවා. එනම් පෙර සිනමාපට වල සතුරා වූ ඩාර්ත් වේඩර්ගේ අතීත කතාව මූලික කරගෙනයි. එයද සාර්ථක වූ බැවින් සිනමාපට ත්‍රිත්වයක් කරා ගමන් කරනවා. Episode I: The Phantom Menace (1999), Episode II: Attack of the Clones (2002), සහ Episode III: Revenge of the Sith (2005) යනුවෙන් ඒවා නම් වනවා.. (එපිසෝඩ් කතාව පසුව කියන්නම්) මුල් ත්‍රිත්වය තරම් නොවුනද මෙවරද අති සාර්ථක ලෙස මේ සිනමාපට ත්‍රිත්වයද තිරගත වනවා. මේ සියල්ල ඇතුළුව Star Wars අයිතිය පැවතියේ ලුකාස් ට අයත් Lucasfilm Ltd. LLC සමගම වෙතයි. ඉතින් පසු කලෙක ඒ කියන්නේ 2012 දී ලුකාස් විසින් තම සමාගම ඩිස්නි ආයතනය වෙත විකුණනු ලබනවා. ඒ සමඟම ඔහු එහි අයිතියද අත්හරිනු ලබනවා. පසුව ඩිස්නි ආයතනය තීරණය කරනු ලබනවා තවත් සිනමාපට තුනක් නිර්මාණය කිරීමට. ඒ අනුව Episode VII: The Force Awakens (2015), Episode VIII: The Last Jedi (2017), සහ Episode IX: The Rise of Skywalker (2019) නිර්මාණය වනවා.. කෙසේ වෙතත් පෙර මෙන්ම ඇති දැවැන්ත නිර්මාණ ත්‍රිත්වයක් වුවත් පෙර මෙන් සාර්ථක සිනමාපට ත්‍රිත්වයක් වූවද යන්නනම් රසික ඔබම දන්නවා ඇති.
Skywalker saga
මොකක්ද මේක. මේ ගැන කියන්න කලින් පැමිණි සිනමාපට නැවත මතක් කරගමු
Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.
Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations
Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.
Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.
Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
Episode VII – The Force Awakens (2015) – Nominated for 5 Oscars. Another 57 wins & 123 nominations.
Episode VIII – The Last Jedi (2017) – Nominated for 5 Oscars. Another 57 wins & 123 nominations.
Episode IX – The Rise of Skywalker (2019) – Nominated for 3 Oscars. Another 6 wins & 33 nominations.
මොකක්ද මේ Episode කතාව. මුල්ම ත්‍රිත්වය පැමිණියේ මෙලෙස එපිසෝඩ් අංකයක් නොමැතිව.. නමුත් පසුව දෙවෙනි ත්‍රිත්වය පැමිණෙද්දී මෙලෙස එපිසෝඩ් අංකයක් ලබා දෙනු ලබනවා. ඒ දෙවන ත්‍රිත්වය අයත් වන්නේ මුල් සිනමපටයටත් බොහෝ කාලයකට පෙර සිදුවීමක් වටා නිසයි. ඉතින් ඒ නිසා කතාව ගල යන කාලය අනුව මෙලෙස එපිසෝඩ් අංක ලැබී තිබෙනවා. එනිසා මුල්ම සිනමාපටය නම් වන්නේ 4 වෙනි එපිසොඩය ලෙසයි. උඩ ලිස්ට් එක බලද්දී ඔයාලට එක පැහැදිලි වේවි.
රෝග් වන් සහ සොලෝ කියන්නේ මොකක්ද.. පලවෙනි ඩිස්නි සිනමාපටය, ඒ කියන්නේ The Force Awakens අති සාර්ථක වූ පසුව ඩිස්නි සමගම තීරණය කරනවා ප්‍රධාන කතාවෙන් පරිබාහිර සිනමාපට ත්‍රිත්වයක් ද නිර්මනය කිරීමට. එනම් spinoff කතා තුනක්. ඒ අනුව තම රෝග් වන සහ සෝලෝ නිර්මණය වන්නේ. මේ අතරින් රෝග් වන් තුලින් මුල්ම Star Wars සිනමාපටයට පෙර කතාවක් සහ සොලෝ තුලින් හාන සෝලෝ ගේ කතාවකුත් පැමිණියා.. ඉතින් මේ අතරින් සියල්ලන්ම පාහේ පිළිගන්න මතය තමයි රෝග් වන් තමයි ඩිස්නි යුගයේ පැමිණි අති සාර්ථකම Star Wars සිනමාපටය බව. විශේෂයෙන්ම මුල්ම සිනමාපට ත්‍රිත්වය හා එකට තැබිය හැකි මට්ටමේ ඇති සාර්ථක සිනමාපටයක් බවයි.. විශේෂයෙන්ම ප්‍රධාන Star Wars සිනමාපට වලට අයත් නොවන සිනමාපටයක් වුවත් අවසන් ත්‍රිත්වය පමණක් නොව දෙවන ත්‍රිත්වය පවා පරදවාලන Classic Star Wars රසය ලබාදෙන සිනමාපටයක් ලෙසට එය දක්වන්න පුළුවන්. නමුත් පසුව පැමිණි සෝලෝ සිනමාපටය අසාර්ථක නිර්මාණයක් වනවා. හේතු ගනනාවක් මත එය අසාර්ථක වන අතර ඒ නිසා නිර්මනය වීමට තිබු තෙවන spinoff සිනමාපටය අවලංගු කර දැමීමට තීරණය කරනු ලබනවා. කටකතා වලට අනුව එලෙස පැමිණීමට තිබුයේ ඕබි වන් කනෝබි පාදක කරගත් සිනමාපටයක්.
ඉතින් මෙන්න මේ ප්‍රධාන සිනමාපට 9 සහ spinoff සිනමාපට ද්විත්වය සමඟ සිනමාපට 11 තමයි ස්කයිවෝකර් සාගා යනුවෙන් නම් කර තිබෙන්නේ.. එයට හේතුව නම්, මේ සිනමාපට ත්‍රිත්වයන් තුනම ගොඩනැගෙන්නේ ස්කයිවෝකර් පරපුරේ කෙනෙක් වටායි. මුල්ම සිනමාපට පෙළ ගෙතෙනුයේ ලුක් ස්කයිවෝකචර් වටායි. දෙවෙනි ත්‍රිත්වය ගෙතෙනුයේ ලුක් ගේ පියා වූ ඇනකින් ස්කයිවෝකර් වටායි. එමෙන්ම තෙවෙනි ත්‍රිත්වය ගෙතෙනුයේ ලුක් ස්කයිවෝකර්ගෙ බෑනා වන කයිලෝ රෙන් හා රේ නම් කාන්තාව වටායි. අවසන් සිනමපටයේදී දැකගන්න පුළුවන් රේ කෙලෙසද ස්කයිවෝකර් පවුලට එකතු වන්නේ කියා. ඉතින් මේ විදියට ස්කයිවෝකර් වරු මූලික කරගත් කතාවක් නිසා මේ සියල්ල Skywalker Saga යනුවෙන් නම් කරනු ලබා තිබෙනවා. ඉතින් මේ පැමිණි රයිස් ඔෆ් ස්කයිවෝකර් තමයි මේ සාගා එකේ අවසන් සිනමාපටය.
එක දෙයක් කියන්නම්. සමහරු කියයි එපිසෝඩ් පිළිවෙලට බලන්න, සමහරු කියයි සමහර සිනමාපට අතහැර බලන්න කියා.. නමුත් ඔබට නියම Star Wars රසිකයෙක් වීමට අවශ්‍ය නම් මේ සියල්ල පැමිණි පිළිවෙලට නරඹන්න. පැමිණි පිළිවෙලට නැරඹීමෙන් තමයි ඒ රසය නියමාකාරව ලබාගන්න හැකි වන්නේ. ඒ වගේම දැනට විකාශය වන මැන්ඩලෝරියන් කතා මාලාවත් නරඹන්න. එයත් මේ සිනමා පට වලට අයත් කතාවක් ලෙසයි නිර්මාණය වන්නේ.
මේ වසර ගණනාව පුරාවටඔබ ඇතැමෙක් ලූක් එක්ක සුහද වෙන්නට ඇති, තව කෙනෙක් ලේයා හා පෙමින් වෙළෙන්නට ඇති. චුවී හා වෙන් කල නොහැකි මිතුරා හාන් සොලෝ එක්ක මිලේනියම් ෆැල්කන් මතින් මන්දාකිණිය තරණය කරන්නට ඇත.. ඇනකින් දරුණු දුෂ්ටයා වන අයුරු ඇසිපිය නොහෙලා බලා සිටින්නට ඇත. ඔබි වන් කනොබි කොයි තරම් අයෙකුද යන්න දැනගන්නට ඇත. C-3PO සහ R2-D2 යන්ත්‍ර වුවද කෙතරම් මිතුදමකින් මිතුරන් හා එක්වූවාද යන්න දැකගන්නට ඇත. අවසාන වියපත් වූ ලුක් සහ ලේය සමඟ මිතුරන් අවසන් වරටද මන්දාකිනිය සතුරාගෙන් මුදවාගන්න අයුරු මෙලෙස බලා සිටිනවා ඇත.
ඉතින් එක්වන්න.. වැඩි කතා අවශ්‍ය නැත.. ඔබ මේ නරඹන්නට යන්නේ පරම්පරා තුනක් එක්කල කතාන්දරයක අවසානය හා එක්වීමටයි.. එන්න අපි එක්ව නරඹමු…
ලිපිය – තිසර නියෝ
මං විශ්වාස කරනවා මට ආයෙ කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ කියලා. මොකද ස්කයිවෝකර් සාගා එකෙ අවසාන චිත්‍රපටය නරඹන්න කලින් දැනගන්න ඕන හැමදේම අකුරක් නෑරම දැනගත්තා වෙන්න ඕන. මේ තරම් රසවත් ලිපියක් ලියලා දුන්නට තිසරටත් හුගක් ස්තුතියි. වෙනදා මේ මන්දාකිණි ගමන එක්කන් යන්න එකතු වෙන රොයිලි අයියා අසනීප තත්වෙන් ඉන්න වෙලාවක මේකට උපසිරැසි ගන්වන්න හසන්ත අයියට ලැබුනත් එයාටත් මේක කරගන්න බැරි වෙන නිසයි මට ලැබුනෙ. මට මේ අවස්ථාව ලබා දුන්නු ඒ දෙන්නටත් හුගාක් ස්තුතියි කියන ගමන් තවත් වැඩි කතා නැතුව මේක ඔයාලට බලන්න කියන ආරාධනාව ඇතුව මම සමුගන්නවා.
හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
24,019 downloadsDownload Star-Wars-Episode-IX-The-Rise-of-Skywalker-2019-Blu-Ray.zip199 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Adam Driver
- #Anthony Daniels
- #Box Office Hits
- #Carrie Fisher
- #Daisy Ridley
- #Ian McDiarmid
- #John Boyega
- #Mark Hamill
- #Must Watch
- #Naomi Ackie
- #Offbeat
- #Oscar Isaac
- #Oscar Nominated
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Star Wars
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
66 comments
Hasitha Madush
lakshan
thanks .................
venurapehesara1209
ෆිලුම baiscopedownloads වල නැහැනෙ
tharidu16
thanks, machiiiiiiiiiiiii විස්තරය පට්ට බං
Gathsara Umesh
Bhoooooooooom Sthuthiiii Ayyeeeeeeeeeeeeeeeeeeee
Anonymous
thanks for the sub
Hemal
Thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ..
ජය වේවා.!Pasan B
Well done bro. Keep it up
Tharushaperera
Thanks saho sub ekata
Elite tv series ekatath sub eka dennako puluwan namPahasaraDv
Thankz saho sub ekta....
kalinma dunn ne sub eka....rockz2020
උපසිරැසිය වෙනුවෙන් වගේම ලිපිය වෙනුවෙනුත් බොහොම ස්තූතියි! ✌❤
ආදායම් වර්තා හංගලා වගේ මොකෝ? හික් ✌ ;)
සියළු දෙනාටම ස්තූතියි! බයිස්කෝප් එකට ජය! ❤ජනිත් කහගල්ල
ඇත්තටම ස්ටාර් වෝර්ස් කියන්නෙ වෙනම ෆැන්ටසියක්. සබ් එකට තැන්ක්ස් බ්‍රෝ....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...රොයිලි අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි..!
THARUKA
Superb Mchn
Ravindu Rukshan
Thx
Sanjeewa
Down load wbe එක open වෙන්නේ නැහැ
isuru srinath sjs
ඔව්, තව ටික වෙලාවකින් හරි යයි.
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
indika75
thanks..
යුරාන් ධනුක (දනුවා)
බෝහෝම් ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Bluray ආවහමම බලනවා.
සුපිරිම ෆිල්ම් සිරිස් එකක් මේක නම්...නලින් පෙරේරා
නියමයි චමරයා, සේරම බලලා තියෙන්නේ ඔසේට... :D
මේකත් ඉතින් අනිවා... බැලිල්ලක් තමයි. ස්තුති බං..
ජය වේවා!
Nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
geeganagamage
බොහොම ස්තුතියි
Anonymous
❤️❤️❤️❤️❤️✌️
Anonymous
thanks bro...very helpful...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sashan
තෑන්ක්ස් බ්‍රෝ....
Asitha.pramoth
බොහොම ස්තූතියි
Anonymous
thank u so much
Dewadithya
Thanks for Sub!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
ජය වේවා !Kaushika Dinushan
Tnz very much......
Series eka gana wisthara karala dunnata.......!samangamage
thanks so much
Ayesh Prashan
Thank You
Yashith
Grazias amigo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට වගේම නෑ බෑ නොකියා මේ වෙලාවෙ මේක ඇදල දුන්නටත්. ජය෴෴ :P :P
bhanukarasanga
thanks
Pramukmili
Thanx bro..........
Anonymous
thanks, bro sub ekata
Rumesh
Thanks Friend
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
oshanmp
උපසිරැසියට ස්තූතියි!
youd
THANK YOU BRO.. WE ALWAYS APPRECIATE YOUR SERVICE, THANX AGAIN
Shamal manojan
කෝ......... සබ් ඒක ඩව්න්ලෝඩ් වෙන්නේ නෑනේ.......
priyan99
Thanks bro sub ekata
Tharindu
Thanks for sub
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ
Hiran Eranda
THANKS FOR SUB
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි චාමර සම්පත් ( Castieal ) සහෝ..සුපිරියි