Watch Trailer

The Last Song (2010) | පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ….[සිංහල උපසිරසි සමඟ]

“Everybody needs inspiration. Everybody needs a song. A beautiful melody when the night’s so long…. “ ඔන්න එහෙනම් මම ආදර කතා සමුහයකට අත ගැහුවා. මේ කතා සමුහයට මම අතගහන්න ලොකු හේතුවක් තියනවා. ඒ හේතු ඉතින් හොද දවසක හොදම වෙලාවක කියන්නම්කො හරිය. ඒ වගේම අපේ අය ගොඩක් දෙනෙක් අසාවෙයි කියලා හිතනවා මේ කථාවන්ට…

The Last Song (2010)
“Everybody needs inspiration. Everybody needs a song. A beautiful melody when the night’s so long…. “

ඔන්න එහෙනම් මම ආදර කතා සමුහයකට අත ගැහුවා. මේ කතා සමුහයට මම අතගහන්න ලොකු හේතුවක් තියනවා. ඒ හේතු ඉතින් හොද දවසක හොදම වෙලාවක කියන්නම්කො හරිය. ඒ වගේම අපේ අය ගොඩක් දෙනෙක් අසාවෙයි කියලා හිතනවා මේ කථාවන්ට. මොකද මේ කථාවල අයිතිකාරයා එසේ මෙසේ කෙනෙක් නෙමේ එයා තමයි නිකලස් ස්පාක්ස්. පොතේ ගුරා අයියා “මම කියනවටවත් බලන්න කියලා” ලිපි ශීර්ෂයක් යටතේ A Walk to Remember (2002) කියලා සිනමාපටයක් ඔයාලට දීලා තියනවා. ඔයා ඒ සිනමාපටය නරබුවානම් ඒ කියපු දේ අහලා මේ කෙනා ගැන අනිවාර්යෙන්ම ඔයාලා දැනටමත් හොදට දන්නවා. එයාගේ නවකථා ගැනත් ඊට වඩා දන්නවා. 1965 දෙසැම්බර් මස 31වන දින උපන් නිකලස් චාල්ස් ස්පාක්ස් විසින් දැනට ලියා පළකර ඇති නවකථාවන් ගණන දහ-අටක් වෙනවා. මොහුගේ පළමු නවකතාව උණේ 1996 දී ලියන ලද “The Notebook” යන කෘතියයි. මම පළවෙනියෙන්ම කියවපු ඉංග්‍රීසි නවකතාව තමයි ඒක 🙂 ඉතින් ඒ කෘතියෙන් මොහු ලොව පුරා ජනප්‍රියත්වයට පත් ලේඛකයෙක් උණා. මොහුගේ දැනට පළවී ඇති කෘතීන් වනුයේ..

  • The Notebook (1996)
  • Message in a Bottle (1998)
  • A Walk to Remember (1999)
  • The Rescue (2000)
  • A Bend in the Road (2001)
  • Nights in Rodanthe (2002)
  • The Guardian (2003)
  • The Wedding (2003)
  • Three Weeks with My Brother (2004)
  • True Believer (2005)
  • At First Sight (2005)
  • Dear John (2006)
  • The Choice (2007)
  • The Lucky One (2008)
  • The Last Song (2009)
  • Safe Haven (2010)
  • The Best of Me (2011)
  • The Longest Ride (2013)

මෙම කෘතීන් අතුරින් මේ වනවිට සිනමාවට නැගී ඇති කෘතීන් පහත දැක්වේ

Message in a Bottle (1999)
A Walk to Remember (2002)
The Notebook (2004)
Nights in Rodanthe (2008)
Dear John (2010)
The Last Song (2010)
The Lucky One ( 2012)
Safe Haven (2013)

ඉහත සදහන් කල නවකථා අතුරින් “The Best of Me” යන නවකතාව 2014 ඔක්තොම්බර් මස 17 දිනත්. මේ වසරේදී (2013) පළකළ “The Longest Ride” යන කෘතිය 2015 පෙබරවාරි මසදිත් සිනමා රසිකයින් වෙත එම නම් වලින්ම ප්‍රේක්ෂක සිත් ඇදගන්නා රෝමාන්තික සිනමාපට ලෙසින් නිකුත් කිරීමට සුදානමින් සිටින බවයි සදහන් වෙන්නේ. ඉතින් මම දෙවනියට සදහන් කරලා තියන සිනමාපටවලින් වලින් මේ වෙනකොට Safe Haven (2013), The Lucky One (2012), Dear John (2010), A Walk to Remember (2002), යන සිනමාපටවලට ඔයාලට උපසිරසි ලැබිලා තියනවා. ඉතින් මගේ මේ වෑයම ඉතුරු ටිකත් සම්පුර්ණ කරලා දීලා ඔයාලට ලස්සනම ලස්සන ආදර කතා ටිකක් බලන්න ඉඩ ලබාදෙන්නයි.

මේ හැම සිනමා පටයකටම අපේ රොයිලි අයියා ලස්සන ලිපි ටිකක් ලියලා තියන නිසාවෙන් මට ඒ හැටි මහන්සියක් වෙන්න ඕනා නැහැ ලිපි ලියන්නනම්, එත් අද ලිපියේ රොයිලි අයියා ලියලා තියන එක දෙකට මම පෝ…ඩ්ඩක් විතර විරුද්ධ වෙනවා. මේකේ ප්‍රධාන නිළිය ගැන පොඩි අප්‍රසාදයක් පලකරලා තියනවා. මේකේ ප්‍රධාන නිළිය වෙන්නේ පහුගිය ටිකේ කොණ්ඩේ කොටටම කපාගෙන මියුසික් වීඩියෝවක ලොකු පළිගු බෝලයක් උඩ උපන් ඇදුමින් නිරුපනයේ දීලා ලොකු පෙරළියක් කරපු Miley Cyrus කියන ගායිකවයි. ඉතින් එයා නිසාවෙන් සිනමාපටයට හානියක් වෙලා තියන බවකුයි රොයිලි අයියානම් කියන්නේ, එත් ඉතින් මම කියන්නේ එයාගෙන් වෙච්චි ඒ අඩුපාඩුව අනිත් අය නිසාවෙන් මැකිලා ගිහින් තියනවා කියලයි. කොහොම උණත් එයාගේ රංගනය යම්කිසි අධිතාත්වික බවක් තියනවා කියලා කියන දේට මම රොයිලි අයියා එක්ක එකගවෙනවා සම්පුර්ණයෙන්ම.

ඉතින් මේ කථාවත් නිකලස් ස්පාක්ස් විසින් සුපුරුදු පරිදිම රසිකයා හැගීම්බර කරවන අවසානයක් කරා අරන් ගිහින් තියනවා. ඒ වගේම මේ සිනමාපටයේ තේමා ගීතය ගායනා කරලා තියෙන්නෙත් මේ ගායිකාව විසින්මයි. When I Look At You කියලා හදුන්වන ඒ තේමා ගීතයත් බොහොම ලස්සන එකක්. ඉතින් ඔයාලා ඔය සින්දුව ඇහුවනම් Miley Cyrusට ලස්සනට සින්දු කියන්න නම් පුළුවන් කියලා පිළිගනීවි. ඒ වගේම මේකේ පෙම්වතාගේ චරිතයට පණ දෙන්නේ The Hunger Games සිනේ කතා මාලාවේ වගේම Empire State (2013), The Expendables 2 (2012), Paranoia (2013) වැනි සිනමා පටයන්ගේ රගපෑ Liam Hemsworth විසිනුයි. ඉතින් රොයිලි අයියා මේකට උපසිරසි නොදාපු එකටනම් මම බොහොම අප්‍රසාදය පල කරසිටින අතරතුර ඔයාලට ස්පාක්ස් ගැන වැඩි විස්තර දැනගන්න ඕනානම් සහ ඔයත් මේ ලේඛකයාගේ රසිකයෙක් නම් www.nicholassparks.com යන එයාගේ නිල වෙබ් අඩවියට ගිහින් බලන්න තව ගොඩක් දේවල් එයාගැන දැනගන්න පුළුවන්, එහෙමනම් යාළුවනේ ඉදිරියේදී යළිත් මුණගැහෙමු. කතාව ගැන දැනගන්න ඔහොමම රොයිලි කොලුවාගේ ලිපිය දිහාවට යොමුවෙන්නකෝ 😉

මීට කලින් පලකල ලිපිය.

Nicholas Sparks ගේ නවකතා අනුව නිපදවූ චිත්‍රපට වල අලුතින්ම නිකුත් වූ චිත්‍රපටය අද ගෙනාව.

චිත්‍රපටයේ කතාව වෙන්නෙ Veronica ‘Ronnie’ Miller හා ඇයගේ මල්ලීගේ දෙමව්පියන් දැන් සිටින්නේ වෙන් වෙලා. ඔවුන් දෙදෙනාට එය බොහොම දැනී තිබෙන දෙයක්. මව සමඟ සිටින ඔවුන් දෙදෙනා ග්‍රීෂ්ම නිවාඩුවට පියා හුදකලාව වාසය කරන මුහුදු වෙරළාසන්න නිවසට යනවා. පියා සමඟ රොනී සෑහෙන වෛරයෙන් පසුවුවත් ඇයගේ කුඩා මල්ලී නම් සිටින්නේ අප්‍රමාණ ප්‍රීතියෙන්. ඇය දක්ෂ පියානෝ වාදකයෙක් ව සිටි අතර ඇය ගේ පුහුණු කරු වන්නේ පියායි. එහෙත් පියාගේ වෙන්වීමත් සමඟ ඔහුගෙන් පළිගැනීමට මෙන් ඇය වාදනයෙන් ඈත්වී සිටිනවා. මේ අතර ඔහු එම ප්‍රදේශයේ පල්ලියේ පියානෝ වාදකයාව සිටින අතර ඔහු අතින් පල්ලිය ගිනි ගෙන විනාශ වූ බවට නගරවාසීන් විශ්වාස කරනවා.

Nicholas Sparks කතා වල බොහෝ විට ගැබ්වෙන්නේ ප්‍රේමවන්තයන් අතර ඇතිවෙන ආදරය ගැනනේ. ඒත් මේ කතාවෙ රොනී ගේ යොවුන් ආදරය ගැන කතාවීමට වඩා දෙමාපිය ආදරය ගැන වැඩිපුර කතාවෙනවා කියලා කියන්න පුළුවන්.

හ්ම්ම් ඒත් ඇත්තම කියනවනම් මම මීට වඩා හොද චිත්‍රපටයක් බලාපොරොත්තු වුනාට මේ චිත්‍රපටය මගේ බලාපොරොත්තු බිඳ දැම්මා කියන එකනම් කියන්න ඕනා. මම කලින් ලිපියකත් කිව්වා වගේ Nicholas Sparks ගේ මෙනමින් ඇති නවකතාවත් ඇත්තටම ලස්සන කියවන්න ආස හිතෙන පොතක්. කොටින්ම කියනවනම් මම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි දාන්න හිතන් උන්නත් ඒ අදහස චිත්‍රපටය බැලුවහම අතාරියා. වැඩිපුරම ඒකට හේතුව කියලා මම හිතන්නෙ රඟපාන නිළියගේ අදක්ෂ කම කියලයි මම හිතන්නෙ. පුදුමවෙන්න දෙයකුත් නෙවෙයි IMDB ශ්‍රේණිගත කිරීම් වලත් එච්චරම හොඳ ඇගයීමක් ලැබිලා නැහැ. ඒත් Nicholas Sparks ගේ කතා වලට ආස කරන අයට බාගෙන බැලුවට පාඩුවෙන්නෙ නැහැ. මේ කතාව මෙහෙම වුනාට A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe, The Notebook කියන චිත්‍රපටනම් මම ඉහලින්ම නිර්දේශ කරනවා වගේම මගේ පෞද්ගලික චිත්‍රපට එකතුවට ආසාවෙන්ම එකතු කර ගත් ඒවා කියලත් කියන්න කැමතියි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Last Song (2010) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

54ae761eb666c06a5f7ccbfedde70d520209efaa

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1B2A9D3610970357811F4FE535E86D7ACAF14A2B

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

6AAD98F7708582DDACE546B21BCB42B575B3585E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,799 downloadsDownload The-Last-Song-2010.zip110 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,799 downloadsDownload Subtitles110 KB

71 comments

  1. වාසල

    මෙන්න මේ ෆිල්ම් එකටම රොකියා සහෝත් ලිපියක් එවලා තිබුනා.

    මෙන්න මේකත් අර රොයිලි දුන්න "Nicholas Sparks " ගේ චිත්‍රපටි ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටියක්. චිත්‍රපටිය නිකුත්වෙලා වැඩි දවසක් නැති නිසා උනු උනුවෙම ඔන්න එහෙනම් මේ ආදර චිත්‍රපටියත් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ.

    චිත්‍රපටියේ මූලිකම චරිතයට පණපොවන්නෙ දැනට හොලිවුඩය තුල සිහින කුමරිය ලෙස හඳුන්වන " Miley Cyrus".....

  2. Tharindudoo

    මේ රෝයිලියට අමු කෑවිලද බන්,,දන් දවස් තුනක්ම බදාගෙන ඉන්න චිත්‍රපටි දුන්නා!

  3. chamila

    ඇත්තම කියනවනම් මම මීට වඩා හොද චිත්‍රපටයක් බලාපොරොත්තු වුනා මේ චිත්‍රපටය මගේ බලාපොරොත්තු බිඳ දැම්මා කියන එකනම් කියන්න ඕනා.... :(

  4. චරිත

    twilight saga eclips දෙන්නෙ කවද්ද? සිංහල sub එක්ක දුන්නොත් හොඳයි.

  5. මනියා

    චිත්‍රපටියේ මූලිකම චරිතයට පණපොවන්නෙ දැනට හොලිවුඩය තුල සිහින කුමරිය ලෙස හඳුන්වන ” Miley Cyrus”…..

    කොහේද මෙහෙම කියලා තියෙන්නේ... :D

    එතකොට සිහින කුමරියොන්ට මොකද වෙන්නේ..?

    ඔයිට වඩා සිහින කුමරියෝ ඉන්නවා නේද..?

  6. ~RaසිකYa~

    අප්පෝ රොයිලි සහෝ...දැන්නම් ඇති වගේ..2010 අළුත් එකක් හින්දා නොබලත් බැ. ආදර කථා eclipse එනකන් නොබල ඉන්න තීරණය කරා. ඇක්ෂන් එකක් ‍ඕනෙ...

  7. ෂෙලින්ක - කටාර්

    ඒල ඒල....
    ඔන්න ඒෙහනන් මාත් බාන්න දැම්මා....
    ස්තූතියි...

  8. Love Doc

    රොයිලිට love sick ද? :D
    thanks anyway

  9. Udaya

    apita denna ko ela ඇක්ෂන් films tikk saho.
    me love story bala epa wela. gindara film tikka dannako.

  10. sameya

    මමත් මේක බාලයි තිබුනෙ
    රොයිලි සහොදරයට නම් පෙම් සුවද දෑනිල වගෙයි නේ

  11. kathu

    සිහින කුමරිය..!!!! මළ මගුල..!! මට නම් දිරවන්නෙම නැති බඩ්ඩක් Miley Cyrus ..!

  12. psw

    machan action film 1k dipankoooo

  13. kathu

    මෙ film එක download කලා දවස් 3කට කලින්.. තාමත් වෙලාවක් ලැබුනෙ නෑ බලන්න.. ස්තුතියි Royli අයියා..

  14. dila

    ela category ekata ayath film ekak balaporotthu wenawa
    bawe nathi unath thnx Roily

  15. ඉදුනිල්

    ane manda ban danawada nedda??

  16. Anonymous

    Thanks for film
    But dan ati wage ne............

  17. Akila

    Thanks for film
    But dan ati wage ne............

  18. Janith

    aiyooooo,

    love story nethuwa wena mukuth nedda?????

  19. h

    අනේ මන්ද එක වගේ ඒව ගොඩක් එකපාර ආවම ගතියක් නෑනේ... ඒ වුණාට බාල තියාගෙන පස්සෙ බලනව. තැංකූ රොයිලියෝ :D

  20. Sama

    bagena balmu......

  21. තුලන ප්‍රනාන්දු

    miley sirus dan chaa wela..naththam hannah montana eke lassanata act kala
    bala balanna ona hodada kiyala ;)

  22. Uraj Deemantha

    බාලා බලලම හොද නරක කියන්නම්... :) හැබැයි දැන් බෑවට බලන්න තමා වෙලාවක් නැත්තේ ..... :(

  23. nishantha

    Lovestory dana eka hodai...action digatama baluwane

  24. shal

    Hmmm....Thankx for uploading,
    Bt den ethi kiyala nam hithenawa thamaa...:)

  25. AL1717

    NIyamai Kiyala Hithanawa.
    Denata Dapu Okkoma Tika Hoyagena Bewa.

    Thanks MAchan... Mekatath.....

  26. kathu

    කතාව ලස්සනයි.. Miley Cirus නම් චාටර්..!!

  27. Namila

    මන් මේක බැලුවා කලින්...මටනම් වැඩිය මේක ඇල්ලුවෙ නෑ :(..ටිකක් බොලදයි වගේ..කොහොම හරි ස්තූතිය් share කරාට.. :D.

  28. Nishan

    bawollll...........

  29. Ramraj

    මේකත් බලල නෑ.ලව් කතා....

  30. Sha

    thank u very much... this is a very nice film.. i watched...

  31. Gossip NEWS Lanka

    ela.

  32. jana

    pattama film akak ene thxzzz

  33. mudiya / මුදියා

    නියමයි නියමයි වීමා.
    නියමම කතා ටිකක් තමයි දීල තියෙන්නෙ.
    Safe Haven (2013) ඇර සබ් දීපු ඉතිරි 3ම බලල තියෙනවා.
    අනිව බලන්න පටන් ගන්නව ඉතිරි ටිකත්.
    ඔක්කොටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

    1. “චූටී මල්ලි”

      යකඩෝ තාම බැලුවේ නැද්ද?
      ඒක අනිවා බලන්න පට්ටම කතාව බන්

  34. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  35. නලින්

    නියමයි විමා!

    ආදර කාථාවටත් සුභ පැතුම් කොලුවෝ!

    ජය වේවා!

  36. Thisara NEO

    නියමයි විමා!

  37. හර්ෂ ලහිරු

    ෆිල්ම් එකනම් තියනවා
    ජයවේවා විමා කොල්ලා :D

  38. priyan

    thanx....යාලු ..

  39. යශෝධ

    විමා සහෝ.. උපසිරැසියට ස්තූතියි...!

    නියම කථාවක්.. බලමු චිත්‍රපටිය කොහොමද කියලා..

    ජයවේවා..!

  40. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා විමෝ
    මරු කතාවක්
    සබට තුති
    ඔබට ජය..........

  41. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

  42. බුද්ධිල යසස්

    අම්මෝ, වීමා කොල්ලා සම්භාවනීය ෆිල්ම් එකකටනේ සබ දීලා තියෙන්නේ.
    සන්තෝසයි ආහ්. :)
    තව දෙයක් කියන්න තියෙනවා, මේ නෝට් බුක් ෆිල්ම් එකට උඹේ සබ් වලින් බලන්න මාර දොළ දුකක් බන් තියෙන්නේ. අනිවා ඒකටත් කොහොමහරි දීපන්..
    තවත් ඔයා වගේ ස්පාර්ක්ගේ කථා වලට සබ් දාහන්. අපි ඉන්නවා බලන්න.
    මෙතනින් නවතිනවා. ජය වේවා!

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩේ කියන්නේ බං, උබල ඔයතරම් කිව්වට මමනම් මේ ස්පාක්ස් ගේ එකම නවකතාවක්වත් කියවලත් නැහැ (කියවන්න ඉතින් අන්ගිරිසි දැනගන්න එපයි) බලල තියෙන්නේ වොල්ක් ටු රිමෙම්බර් කියන ෆිල්ම් එක විතරයි..ඒකනම් මැක්සා...
    දැන් ඉතින් මේ ටික උබ දෙන ඒකෙ ඔක්කොම ටික බලන්නයි කල්පනාව..
    බාන්න දාලයි මේ කොමන්ටුව දාන්නේ..ලකී වන් එකනම් මයේ ගාව තිබිලත් බැලුවේ නැහැ, ඩියර් ජෝන් ගන්න හැදුවා රොයිලි අයියා දුන්නු නිසා ඒත් ලින්ක් එකේ අවුලක් නිසා ඒ දවස් වල ඒකත් ගන්න උනේ නැහැ...සේෆ් හෙවන් එකත් ගත්තා වගේ මතකයි, ඒත් හොයන්න ඕනේ..
    එහෙනම් ඒ ටික මම හිමින් සැරේ ගන්නම්, උබ දැනට නොදීපු ටිකට හනිකට දීහන් හොදේ...
    ජය වේවා..

  44. namika

    මට ඔයාට ස්තුති කරන්න වචන නෑ 'විමා'! 'ස්පාර්ක්ස්'ගේ කතා වලට ඔයා තරම්ම මමත් ආසයි, එයාගේ පොත් ඇසුරින් නිර්මාණය වුන සිනමා කෘති කිහිපයක් සයිට් එකේ පළවුනා, ඒවා බලද්දී අවසානය වෙනකන්ම හරිම ආසාවකින් බලන් හිටියේ. මේ සිනමා කෘතියත් පුදුම ලස්සනක් තියන එකක්. මම බොහොම ආසාවෙන් හිටියේ ' message in a bottle' එකටත් උපසිරසක් දෙනකන්. ඔයාගේ ඊළඟ එක සමහර විට ඒක වෙයිද දන්නේ නෑ! බොහොම ස්තුතියි සහෝ මේ ලබා දුන් උපසිරසියටත්, ඒ වගේම අනිත් ඒවාට දාන්න තීරණය කළාටත්. මේ කරන උත්සාහය සාර්ථක වෙන්න කියලා මම පතනවා!
    ජය! ( අර කියපු 'ඒ හේතු' මොනවද දන්නේ නෑ නේද)

    1. namika

      අමතක වුනානේ, රොයිලි අයියාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි!
      මේ ගැන ලස්සන ලිපියක් පල කල රොයිලි සහෝටත් බොහොම ස්තුතියි!

  45. Kulanjana Maduranga

    mmath me film 1 nm baluwa.patta film 1.sub dunnata VIMA sahota thanks.jaya wewa.... Roily Aiyatath thanks. VIMA saho ara kewa hethu manada dn na ne?????

  46. දිල්ෂාන් කාලිංග

    පට්ට ෆිල්ම් එකක්...මමත් බලලා තියනවා.ඒත් ඉතින් අපේ වීමා කරපු සබත් එක්ක බැලුවට අවුලක් වෙන්නේ නෑනේ.ඔන්‍න‍ ඒ නිසා සබ ගන්නවා.
    එල එල වීමෝ.

  47. තරිඳූ පෙරේරා

    kolla idALA IDALA NIYAMA vadakata atha gahalaa.....elazz bnn...mn meka baluvaa...pattamA FILM EKA.....ayeth blnvaa onn oyage sub ekath ekkaaa......thankss sub ekatahh sahooo

  48. Eranga

    "Notebook" ekatai "10 things i hate about you" ekatai sub dennako sinhala sub natiwa baluwata hariyata terum ganna amarui ! :-(
    mekata sub dunnata dahas warayak stuti!!!! @-}--

  49. Sanjaya

    Thanks saho...Film aka balala wisthara Kiyannam

  50. රොයිලි

    බොහොම ස්තූතියි විමා සහෝ සිංහල උපසිරැසියට. කවදාවත් නැතුව සෑහෙන දිග ලිපියක් ලියලා තියෙන්නේ. මටත් ටිකක් ගතු කියලා වගේ. ඔන්න එහෙනම් සබ් එකත් එක්කම බලන්න සබ් එක බාගන්නවා. ජය෴෴ :P :P

Load more comments