9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ. හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුර…

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ.
හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුරු කොරියාවට ආව හැටි, ඊට පස්සෙ කැප්ටන් රි මුණ ගැහුන හැටි, ඒ හමුවීම ආදරයක් දක්වා ගිය හැටි, කැප්ටන් රි බඳින්න ඉන්න ඩෑන් ඒකට අකුල් හෙලපු හැටි වගෙ දේවල්. මං ඒ ලැයිස්තුවේ වැදගත්ම දෙයක් කිව්වෙ නෑ. මොකද ඒක වෙනම කියන්න ඕන නිසා. ඒ තමයි චෝ චෙයෝල් ගන්ග්.
චෝ චෙයෝල් ගන්ග් මුලින් හිතන් හිටියේ කැප්ටන් රි කියන්නෙ නාහෙට නාහන කැප්ටන් කෙනෙක් කියලා විතරයි. නමුත් චෝ චෙයෝල් ගන්ග්ට දැන ගන්න ලැබෙනවා කැප්ටන් රි කියන්නෙ කවුද කියලා. සාමාන්‍ය දේශපාලන කාර්යාංශෙ අධ්යක්ෂගෙ පුතා කියන කාරණාවට වඩා චෝ චෙයෝල් ගන්ග් කලබල වුනේ කැප්ටන් රි කියන්නෙ, කැප්ටන් මු හ්යොක් ගේ මල්ලි කියලා දැනගත්තම. මේ කියන චෝ චෙයෝල්ගෙ අතීතය, වර්තමානය දෙකම දූෂිතයි. ඉහළ නිලධාරීන්ට අල්ලස් දීලා, තමන්ගෙ අල්ලේ නටව ගන්න චෝ චෙයෝල් දක්ෂයි. පුරාවස්තු හොරකම් කරවලා ඒවා මුදල් කරගන්න එක චෝ චෙයෝල්ගෙ එක ආදායම් මාර්ගයක් විතරයි. වෙන රටවලින් නීති විරෝධී ව පලා එන අය උදාහරණයක් විදියට ගු සෙයුන්ග් ජූන් වගේ පෝසත් අයගෙන් සල්ලි අරන් එයාලට රැකවරණය දෙන එකත් චෝ චෙයෝල්ගෙ ආදායම් මාර්ගයක්. චෝ චෙයෝල් තමන්ගෙ වැඩ රහසේ කරන් යද්දී, බාධා කරන්න එන අයව මරන්න පාවිච්චි කරේ ඔහු යටතේ පවත්ව ගෙන යන රහස් ට්‍රක් රථ ඒකකයක්. කොහොමහරි, චෝ චෙයෝල්ගෙ අක්‍රමිකතා වලට මු හ්යොක් ඒ කියන්නෙ කැප්ටන් රි ගේ අයියා අකුල් හෙලන්න ඇති. කොහොමහරි, චෝ චෙයෝල් තමයි මු හ්යොක් ව මරවලා තියෙන්නෙ. ඉතින් තමන්ගෙ යටගියාව හෙළි කරන්න පුලුවන්කමක් තියෙන්නෙ කැප්ටන් රි ට කියලා චෝ චෙයෝල් දන්නවා. මේ නිසයි සේරිව දඩමීමා කරගෙන කැප්ටන් රි ගේ පවුලම විනාශ කරලා දාන්න චෝ චෙයෝල් උත්සහ ගන්නේ.
දැන් සේරි කොහොමහරි දකුණට ආව නිසා එක ප්‍රශ්නයක් විසඳුනා. ඒත් සේරිගෙයි, කැප්ටන් රි ගෙයි ආදරයට මොකද වෙන්නෙ? දිගටම රැඳී ඉන්න.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,600 downloadsDownload Crash.Landing.on_.You_.S01E10.Baiscopelk.com_.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
23 comments
Chathuranga
Helili Hemamali
මේ දවස් වල වෙන සීරීස් එකක් කරනවා. කොරියන් එකක් නෙවේ. ඒක ඉවර වුනාම තමා බලන්න වෙන්නෙ.
Anonymous
❤❤❤
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pradeep Hashan Kumara
sub ekata thank you akke
Krishan NiShalya
Thank you akke ♥♥♥
Shadow125
Thanks ... :) :)
Anonymous
කවදාවත් සබ් එකක් දානකන් මෙච්චර ඉවසිල්ලක් නැතුව බලන් ඉදල නෑ.දවසට කී පාරක් නම් සයිට් එකට එනවද ඊලග එක දාලද බලන්න.ස්තූතියි හෙළිලි... පුලුවන් ඉක්මණට සබ් දෙනවට.
Helili Hemamali
ඔව් මාත් සබ් කිරිල්ල පැත්තක තියලා මුලින්ම මේ කතාව බැලුවෙක කරේ.
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Helili Hemamali
ප්‍රතිචාර වලට ස්තූතියි.
nisalasewana
mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.
nisalasewana
mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Geeth
Ane memorist kdrama ekata sub dennako
Prabuddha Kulatunga
niyamay.. :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Nilush Angana
Sub ekata thanx
Anonymous
sub eka maru. thanks
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E10] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




Radio romance eketa sub one
Plzz