බොරු කිව්වම නාහේ දික් වෙන ”පිනෝකියෝ” දන්නවා නේද? පුංචි කාලේ අහපු ලස්සනම ලස්සන සුරංගනා කතා අතරේ ”පිනෝකියෝ” අපි කාගේත් යාලුවෙක් වුනා. අන්න ඒ ”පිනෝකියො” ව ආයිත් මතක් වෙන කතාවක් අරගෙනයි මං අද ආවේ. කොරියන් ටිවි සීරිස් වලට ආස අය ”පිනෝකියෝ” ගැන අනිවාර්යෙන් දන්නව ඇති. දන්න අයටයි,නොදන්න අයටයි දැන ගන්නත් එක්…

බොරු කිව්වම නාහේ දික් වෙන ”පිනෝකියෝ” දන්නවා නේද? පුංචි කාලේ අහපු ලස්සනම ලස්සන සුරංගනා කතා අතරේ ”පිනෝකියෝ” අපි කාගේත් යාලුවෙක් වුනා. අන්න ඒ ”පිනෝකියො” ව ආයිත් මතක් වෙන කතාවක්  අරගෙනයි මං අද ආවේ.

කොරියන් ටිවි සීරිස් වලට ආස අය ”පිනෝකියෝ” ගැන අනිවාර්යෙන් දන්නව ඇති. දන්න අයටයි,නොදන්න අයටයි දැන ගන්නත් එක්ක මං පොඩි විස්තරයක් කියන්නම්.

කතාව දිහාවට හැරුනොතින් බොහොම සන්තෝසෙන් ජීවත් වෙන පවුලක් තියනවා. ඒ පවුලේ පුතාලා දෙන්නට සහජ බුද්ධියක් තියනවා. කතාව බලාගෙන යද්දි තේරේවි ඔයාලට ඒ කිව්වෙ මොකක්ද කියලා. කොහොමහරි මේ ලස්සන පවුල එක දවසකදි විනාස වෙලා යනවා. මේ විනාශය තමයි මේ කතාවේ නිධාන කතාව වෙන්නේ.ඒ කොහොමද ,ඊළගට මොකද වෙන්නේ කියලා කතා ව බලද්දි තේරෙයි. මං කතාව කෙටියෙන්ම කිව්වෙ මේක බලලම තෙරුම් ගන්නෙක හොදයි කියලා හිතුන නිසා.

I can hear your voice, doctor stranger  වගේ ජනප්‍රිය කතා මාලා ගණනක හිටපු  ලී ජූන් සුක් මේ කතාවෙ චෝයි දල් පෝ විදිහටත්; The heirs, you’re beautiful වගේ ජනප්‍රිය කතා මාලා ගණනක හිටපු  පාර්ක් ශින් හයි, චෝයි ඉන් හා විදියටත් ඉන්නවා.

තව දෙයක් මේ කතාවේ ”පිනෝකියෝ”ලා කීප දෙනෙක්ම ඉන්නවා. ඇත්තටම මේ කතාවට අනුව නම් ”පිනෝකියෝ” කියන්නේ එක්තරා අසනීපයක් කියලා තේරෙන භාෂාවෙන් කියන්න පුලුවන්.ඒත් මේක හරිම අහිංසක අසනීපයක්.

මේ ටීවී සීරීස් එක ගැන තවත් දෙයක් කියන්න ඕනෙමයි.දෙවනි කොටසේ ඉදන් දහතුන්වෙනි කොටස වෙනකං මේකේ උපසිරසි කරලා තියෙන්නේ විමුක්ති සත්සර සහෝදරයා. කොටස් විස්සකින් අවසන් වෙන ”පිනෝකියෝ” ඉතුරු කොටස් වලට උපසිරසි ගේන්නේත්, කොටස් සේරටම ලිපි ලියන්නේත්  මම.

ඉතින් පුලුවන් අය බාගෙන බලන්න,යන ගමන් හොද,නරක කියලා කමෙන්ට් එකකුත් දාලා යන්න.
ඒක අපට ලොකු ශක්තියක් !!

උපසිරසි නිර්මාණය :  හෙළිලි හේමමාලි
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

764 downloadsDownload Pinocchio-Episode-1.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

764 downloadsDownload Subtitles34 KB

2 comments

  1. SanjulaJeter

    me sub aka 30m withara heuwa, Thanks 1St comment

  2. Mr

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.