බයිස්කෝප් ඩවුන්ලෝඩ් වැඩ නැත්ද..? බයිස්කෝප් ඩවුන්ලෝඩ් ලෝඩ් වෙන්නේ නැහැනේ…. මේ ප්‍රශ්න දෙක දැන් ගොඩක් දෙනෙක් ගිය සෙනසුරාද ඉඳන් අහන දෙයක්. ෆේස්බුක් පොස්ට් දැම්මත්, බැනර් ඇඩ් දැම්මත්, වෙන හැම විදියටම ෂෙයාර් කරත් තවමත් නොදන්නා අය ඉන්නවා වගේ ඒකයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඔව් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ පරණ ල…

බයිස්කෝප් ඩවුන්ලෝඩ් වැඩ නැත්ද..?

බයිස්කෝප් ඩවුන්ලෝඩ් ලෝඩ් වෙන්නේ නැහැනේ….


මේ ප්‍රශ්න දෙක දැන් ගොඩක් දෙනෙක් ගිය සෙනසුරාද ඉඳන් අහන දෙයක්. ෆේස්බුක් පොස්ට් දැම්මත්, බැනර් ඇඩ් දැම්මත්, වෙන හැම විදියටම ෂෙයාර් කරත් තවමත් නොදන්නා අය ඉන්නවා වගේ ඒකයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.

ඔව් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ පරණ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. මේකයි හේතුව.

බයිස්කෝප් වැනි ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් දෙන සයිට් නිතරම DMCA නීතියට යටත්වීමේ අවධානම තියෙන බව කවුරුත් දන්නා දෙයක් නේ. සර්වර් පද්දතියට අවශ්‍ය ආවරණ යොදා තිබුනත් ඩොමේන් එක සඳහා අදාළ නිතිය බලපවත්විම ගොඩක් ජනප්‍රිය මෙවැනි වෙබ් අඩවි වල වෙන දෙයක්. ඔය YTS හෝ 1337 වෙබ් අඩවි එක එක ජාතියේ ඩොමේන් එක්ස්ටෙන්ෂන් වලින් එන්නේ එකනේ. ඉතින් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියට සිදු උනේ එයයි.

බයිස්කෝප් ඩවුන්ලෝඩ් .com කියන වෙබ් ලිපිනය වාරණයට ලක් උනා. සර්වර් පද්දතියට අවශ්‍ය ආවරණ කටයුතු තිබු හෙයින් එය බේරුනා. නමුත් ඊළඟ අදියර ලෙස .com නාමය බ්ලොක් වීමට ලක් උනා. ඉතින් ක්‍රම ක්‍රමයන් කචේ වලින් ලින්ක් ඉවත් වීමෙන් වෙබ් අඩවියට පිවිසීම අවහිර වෙලා, අවසානයේ “dns probe finished nxdomain” කියල ප්‍රදර්ශනය වෙලා වෙබ් අඩවිය සර්ච් එන්ජින් වලින් ඉවත්ව යනවා. ඉතින් සර්වර් පද්දතිය අනාවරණය වීම නැවත්වීමට වෙබ් අඩවිය යාවත්කාලින වීම නැවත්වීම මෙන්ම තවත් කාර්යයන් කීපයක් කරන්න සිදු උනා. සරලව කියනවා නම් වෙබ් අඩවිය අක්‍රිය කළා.

විසදුම් විදියට ගත්තේ අනිකුත් ලින්ක් ටොරන්ට් සයිට් වගේ වෙනස් වෙන DMCA ඉග්නොර් ඩොමේන් බාවිතය. ඉතින් ඊට අනුව CO කියන ඩොමේන් නාමය බාවිතා කරලා වෙබ් අඩවිය ගිය සඳුදා ඉඳන් ඔන්ලයින් තියෙනවා.

ඉතින් කලින් වගේ,

baiscopedownloads.com කියල ගහන්න එපා. අන්තිම අකුර එකියන්නේ M අකුර නැතුව  baiscopedownloads.co කියල ගහන්න. කලින් බුක්මාර්ක් මකල මේක දාගන්න.

අනේ මේ පොස්ට් එක බලලත් කෝල් දීලා, මැසේජ් වලින් ඊමේල් සහ ඉන්බොක්ස් පුරවන්න එපා. සරලවම සිංහලෙන් කියල තියෙනවා. ඉතින් තේරෙන්න ආපහු කියනවා නම් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය දැන් තියෙන්නේ,

baiscopedownloads.co

ඉතින් ඕනා ලින්ක් මේකෙන් බාගන්න, ඒවගේම මේ ලින්ක් එකත් ෂෙයාර් කරගන්න. නොදන්නා අය දැනුවත් කරන්න. හැකි සියලුම දෙනා අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල තියාගන්න. එතකොට මේ නිවුස් මිස් වෙන්නේ නැහැ.

මෙතන ක්ලික් කරලා අපේ නිල ෆේස්බුක් පිටුවට යන්න පුළුවන්.

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.