ඇල්ෆ්‍රඩ්….. අහලා පුරුදුයිද ඒ නම? ඔව්, ඔබ DC රසිකයෙක්නම් ඒවගේම බැට්මෑන් රසිකයෙක්නම් ඔබ ඒ නම අහලා නැති වෙන්න බෑ. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් ඒ කියන්නේ බ්‍රුස් වේන්ගෙ එහෙමත් නැතිනම් බැට්මෑන්ගෙ කුඩා කළ පටන් ඉන්න සේවකයා,හිතවතා ඇල්ෆ්‍රඩ්. මේ දිග හරින්නට සූදානම් වන්නෙ ඔහුගේ ඒ අප්‍රකට ජීවිත කතාවයි. ඇල්ෆ්‍රඩ් පෙනි…

ඇල්ෆ්‍රඩ්….. අහලා පුරුදුයිද ඒ නම? ඔව්, ඔබ DC රසිකයෙක්නම් ඒවගේම බැට්මෑන් රසිකයෙක්නම් ඔබ ඒ නම අහලා නැති වෙන්න බෑ. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් ඒ කියන්නේ බ්‍රුස් වේන්ගෙ එහෙමත් නැතිනම් බැට්මෑන්ගෙ කුඩා කළ පටන් ඉන්න සේවකයා,හිතවතා ඇල්ෆ්‍රඩ්. මේ දිග හරින්නට සූදානම් වන්නෙ ඔහුගේ ඒ අප්‍රකට ජීවිත කතාවයි.
ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් අපේ බැටාගෙ ළගින්ම ඉන්න කෙනා, ඔහු වේන් මන්දිරයේ සේවයට එක්වීමෙන් පසුව ඔහුගේ කලදසාව ගෙවුණු ආකාරය ගැන අනුමානයක් නෑ ඔබ සැම දන්නවා ඇති. එසේම ඔබ GOTHAM කතාමාලාව නරබපු අයෙක්නම් සැකයක් නෑ ඔබ හොදින්ම ඇල්ෆ්‍රඩ් ගැන දන්නවා. නමුත් ඇල්ෆ්‍රඩ් වේන් මන්දිරයේ සේවයට එක්වීමට පෙර ඔහුගේ ජීවිතය ගැන ඔබ දන්නවද? නැහැ නේද? ඔහුගේ අතීතය ගැන අපි දන්නේ ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බවත් රාජකීය හමුදාවේ සේවය කළ අයෙකු බවත් විතරයි. ඉතින් ඇල්ෆ්‍රඩ්ගෙ ඒ ජිවිතයේ සැගව ගිය අතීතය ඔබට දැක බලාගන්නට සළසමින් තමයි මේ කතාමාලාව නිකුත් වන්නෙ.ඉතින් ඇල්ෆ්‍රඩ්ගෙ ජීවිතය අලෙළා නිර්මාණය වූ මේ කතාමාලාව නිල වශයෙන් නිකුත් වෙන්න නියමිත දිනය වෙන්නේ ජූලි28. නමුත් කොමික් කොන් උළෙලට සමගාමිව මේ කොටස කලින් නිකුත් උනා. EPIX නාලිකාවේ විකාශය වෙන PENNYWORTH කතාමාලාවේ තිර රචකයා ලෙස කටයුතු කරන්නෙ GOTHAM කතාමාලාවේ රචකයා වූ BRUNO HELLER වීම විශේෂත්වයක්. ඒවගේම තාමත් IMDB දර්ශකයේ අගයක් ලබා දී නොමැති උනත් කුණු තක්කාලි දර්ශකයේ 72%ක අගයක් ලබා දී තිබෙනවා.
ඉතින් කතාව ගෙතෙන්නෙ මෙන්න මෙහෙමයි. හමුදා සේවයේ නිරත වෙලා ඉන්න ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් දස වසරක සේවයෙන් පස්සෙ හමුදාවට සමුදෙන්නෙ ජිවිතයේ යම් තැනකට ඒමේ අපේක්ෂා ඇතුව. ඒ අනුව ඇල්ෆ්‍රඩ් තමන්ගෙම කියලා ආරක්‍ෂක ආයතනයක් පටන් ගන්න එක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතින් මෙහෙම හිතාන ඉන්න ඇල්ෆ්‍රඩ් යනවා එක්තරා සමාජශාලාවක මුරකාර සේවයට, ඉතින් එතැනදී තමයි ඇල්ෆ්‍රඩ්ගෙ ජීවිතය වෙනස් කරන ඒ සිදුවීම වෙන්නෙ. යම් කාරණයක් නිසා එතනට පැමිණිලා ඉන්න තෝමස් වේන්ව, ඇල්ෆ්‍රඩ්ට මුණ ගැහෙනවා. මේ අවස්ථාවේ ඇල්ෆ්‍රඩ් තමන්ගෙ කාඩ්පත තෝමස් වේන්ට ලබා දෙනවා. එය තමයි ඔහුගේ දිවිය කණපිට හරවන සිදුවීම වෙන්නෙ.
කතාවේ පළමු කොටස තුලම ඇල්ෆ්‍රඩ්ගෙ පවුල, ඔහුගේ පෙම්වතිය, මිතුරන් යන හැමදෙනාවම හදුනාගන්න ලැබෙනවා ඔන්න. ඉතින් කතාවේ බොහොමයක් දේවල් සිද්ද උනත් මම මීට වැඩිය යමක් කියන්න යන්නෙ නෑ. එහෙමනම් මේ කතාමාලාවට උපසිරසි ගන්වන්නත් අපි කීපදෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙහි දෙවැනි කොටස වෙනත් අයෙක් විසින් ඔබට රැගෙන ඒවි. අන්තර්ජාලයේ සදහන් ලෙසනම් එය විකාශය අගෝස්තු 4වැනිදා එහෙමනම් යලි හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,352 downloadsDownload Pennyworth-2019-S01-E01.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
32 comments
Soori
dx12
Niyami bro
Kiynna wachana Na bro
Godk pin bro
Thanks bro
Good luckKanchana
Thanx saho
Ayesh Prashan
Thank You
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Denis Maneesha
Thanks bro sub ekata
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක් .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nuwandika Dil
Tuanks bro. Ikmnim dunna neh
Hiran Eranda
thanks for sub
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anusara
Thanks bro..
ජය වේවා...!!!!!!!!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකත් පට්ට එකක් වෙයි වගේ...
දිගටම සබ් දෙමු....සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේ වගේම කට්ටියක් එකතු වෙලා black summer එකට සබ් දෙන්න පුලුවන්ද? ජය වේවා..!
Shansenarathne
Thnx
suranuwan
thanks bro....
sasanwalasa
thanks bro
wajira
Thanks for sub
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
ප්‍රශාත් මදුෂංක
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඒ වගේම මචං කියන්න ඕන TV seriesවලට සබ් දෙන්න පටන් අරන් අතරමඟ නවත්තන්න නම් එපා බ්රෝ ඈ :(
Anonymous
එකෙන්ම
භාෂිත් උඩවත්ත
thankz
Nuwandika Dil
Nawaththala . Den denna gaththa eka gena sathutui ah. Thanks . good luck
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
YasasPerera
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
elama
s.s.m
tz sub ekata....
Mewan lanka
Season 2 ekata nadda bn
Disala_Damsas
Season 2 nadda
Advertisement
![Pennyworth (2019-) [S01 : E01] Sinhala Subtitles | ඔහු,ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Pennyworth-Season-1.1.jpg)


බොහොම ස්තුතිය මධුකප්‍රිය සහෝ උපසිරැසියට...
කතාවත් හොඳ ඇති වගේ, බලමුකො එහෙනම්....
ජය වේවා...!!!!