හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය වුණා. Melt…

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය වුණා.
Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් 16කින් සමන්විතයි. ලස්සන කොරියානු කතා අධ්‍යක්ෂනය කරන Shin Woo Cheol විසින් මෙම කතාවත් අධ්‍යක්ෂනය කර ඇති අතර විවිධ කතා තිර රචනය කරන Baek Mi Kyeong ගේම සමාගමක් වන ස්ටෝරි ෆීනික්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මේ වෙනකොට IMDB අගය 6.3/10 අගයක් අරගන්න සමත් වී තිබෙනවා. රටපුරා සියයට 2.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, එය පෙර විකාශනයෙන් පසුව එහි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කළා. කොරියානු කතා බලන රසිකයින් අතර ජනප්‍රිය වුනු නළුවෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතයෙන් දායක වෙන්නේ. Ji Chang Wook 2017 අගෝස්තු 14 වන දින දකුණු කොරියානු හමුදාවට බැඳිලා 2019 අප්‍රේල් 27 වන දින සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා නැවත පැමිණ පළමුවෙන් ම තම රංගනයෙන් දායක වන කතාව තමයි Melting Me Softly (날 녹여주오) කතාව. Ji Chang Wook මෙහි Ma Dong Chan ලෙසත් Rain or Shine සහ The Age of Shadows කතාවලින් ජනප්‍රියට පත් වුනු Won Jin A මෙහි Ko Mi Ran ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාවට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.
- This drama is so addictive. I suggeest to all kdrama lovers to watch this.
- Love this drama.
- I watched it when it aired. 1st time I’ve seen Jin Ah act . Jun Ho is also one of my fav. They did really well.
- One of the best 2019 dramas thus far.
ඔය මං කිව්වේ අදහස්වලින් ටිකක් විතරයි. පැය 24ක් කැටි ගැහිලා නැවත ජීවමානව නැගිටින ක්‍රයෝජනික් ව්‍යාපෘතියට සහභාගි වන දෙදෙනෙක් වටා ගෙතුණු රහස් අභිරහස්, ආදරය, වෛරය, දුක, සතුට මේ හැමදේකින්ම පිරිච්ච ලස්සන කතාවක් තමයි මේ. ව්‍යාපෘතිය අසාර්ථක වී මේ දෙන්නා නැගිටින්නේ අවුරුදු 20කින්. අවදි වුනු මේ දෙන්නට භයානක අතුරු ආබාධයක් අත්විඳින්න සිදුවන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට නම් මූලික ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 (දළ වශයෙන් ෆැරන්හයිට් අංශක 88.7) පවත්වා ගත යුතුයි. ඉතිං මෙයාලට මොන වගේ හැඟීමක් ඇති වෙයි ද? තමන් අවුරුදු 20ක් නිදාගෙන හිටියා කියලා දැනගත්ත ම… ඒ විතරක් ද අනෙක් අය හැමෝම වයසට ගියත් මේ දෙන්නා ඒ හිටපු විදිහමයි. එහෙනම් අපි බලමු නේද යාළුවනේ අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් තියෙන ඔවුන්ට මොකද වෙන්නේ කියලා.
කතාව එහෙනම් දැන් පටන් ගනිමු…
1 වන කථාංගය : (ශ්රීතජනක විද්‍යාවේ ආරම්භය)
මේ කතාව පටන් ගන්නේ වර්ෂ 1999දී. Ma Dong Chan කියන්නේ අනිත් අය නොකරන දේවල් කරන්න කැමති පුදුම අදහස් තියෙන චරිතයක්. මෙයා විවිධ දේවල් අත්හදා බලන්න කැමති නිසා Hwang Kap Soo කියන විද්‍යාඥයාවත් එකතු කරගෙන එයාගේ ව්‍යාපෘතියට උදව් කරනවා. මෙයාම තනියම ඉදිරිපත් වෙලා ඒක රූගත කරලා මිනිස්සුන්ට කියපු පලියට ඒක විශ්වාස කරයි ද? නැහැ නේද? අන්න ඒ නිසා මෙයා කැමැත්තෙන් ම ඉදිරිපත් වන කාන්තා චරිතයක් හොයනවා. Ko Mi Ran සාමාන්‍ය පවුලක හැදි වැඩුණු අවුරුදු 24ක තරුණියක්. ඇයට ඕන කරන දේ මුදල් උපයලා තම පවුලට හොඳ අනාගතයක් ලබා දෙන්න. රැකියාවක් හොයනකොට මෙයාට ප්‍රචාරණ කාර්යාලයෙන් කොල් එකක් ඇවිත් මෙයා Ma Dong Chanගේ විවිධ අත්හදා බැලීම්වලට සහභාගි වෙනවා. ක්රයොනික් ව්‍යාපෘතියටත් මෙයාව තොරගත්තත් මෙයා අකමැති වෙනවා. මොකද කිව්වොත් ඒක ජීවිතේ අවදානමේ දා ගැනීමක්. ඒත් කොහොමහරි මෙයා ඒකට කැමති වෙනවා. මොකද මෙයාට ඉන්නවා අසනීප වුනු මල්ලි කෙනෙක්. කොහොමහරි පරීක්ෂණය අතරතුරේ දී මෙයාලා අතුරුදහන් වෙනවා.
හොඳයි කතාව ගැන තව කිව්වොත් ඒකේ රසය නැති වෙලා යනවා. එහෙනම් ආරාධනා කරනවා පළවෙනි කතාංගය බලන්න එකතු වෙන්න කියලා. පළවෙනි කොටසේ දීම ඔයාලා මේ කතාවට ආස වෙයි කියලා මං හිතනවා. හරි අපූරු ලස්සන කතාවක්. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් චෝදනා තියෙනව නම් පහළින් දාගෙන යන්න.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
දෙවි පිහිටයි!
ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
5,836 downloadsDownload Melting.Me_.Softly.E01.Baiscopelk.com_.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
21 comments
Jayasanka
Suranga.Welege
Thnks
Aloka
THanks denakal bln htye meka ♥️♥️
Ishuuma
Tnx sub ekt ithuru tikah ikmnt dendooo
lushan...thusi
බලන්න ආසාවෙන් හිටපු කතාවක් තමයි මේ බොහෝම ස්තුති උපසිරසියට සාර්ථකව ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය දෛර්ය ලැබේවායී පතනවා
Lahiru Sandharuwan
aneee thanks thanks thanksssssss ummmaaaaaaaaaaa akkiyooooooooooo...aluth ekak deeelaaaaa...thnkuiiiiiiiiiiiiiii...korean pissek mannnnnnnnnnnn...godaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkk sthuuuuuthiyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
Yesh Camilia
Ane thankyou soo much akke asawen hitiye meka kawruhari karanakan thankyou thankyou.................................
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
nirodha uthpala
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
maheshs lakmali
meke video 1a download karana widiha kauru hari kiyannako. plzzz
thanujamilandi
thank you.... kathawa lassanai wage godak.
ranga11112
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො
-කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-Romesh 123
ashfall.2019 korean 720p. HDRip movie eke sub eka danner teruwan saranai...!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :)
Pasindu16022
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
manuvimukthinee
Anjali Jayasekara
Thank for the sub
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement


අම්බේ කොරියන් කතාවක් හොය හොය හිටියෙ.ගොඩක් ස්තුතියි. සබ් බාගයක් විතර දැම්මට පස්සෙ බලන්න ගන්නවා.