මුළු ගමටම ශාපයක් වැදිලා වගේ. ගොඩක් අයගේ අදහස වුණේ ඒක. ඔය අතරේ සක්කරයිගේ මුළු දවසම වැය වුණේ දරුවෝ අතුරුදහන් වෙච්ච සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට. ගං පතුලෙන් හම්බවුණු දෙයින් පස්සේ රෙජිනාව වැඩිය මේකට සම්බන්ධ නොකර පරීක්ෂණ ටික කරගන්නයි සක්කරයි හිතාගෙන හිටියේ. ඔය අතරේ රක්ෂණ සමාගමේ නියෝජිතයාත් ගිනිගත්තු කම්හල…

මුළු ගමටම ශාපයක් වැදිලා වගේ. ගොඩක් අයගේ අදහස වුණේ ඒක. ඔය අතරේ සක්කරයිගේ මුළු දවසම වැය වුණේ දරුවෝ අතුරුදහන් වෙච්ච සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට. ගං පතුලෙන් හම්බවුණු දෙයින් පස්සේ රෙජිනාව වැඩිය මේකට සම්බන්ධ නොකර පරීක්ෂණ ටික කරගන්නයි සක්කරයි හිතාගෙන හිටියේ. ඔය අතරේ රක්ෂණ සමාගමේ නියෝජිතයාත් ගිනිගත්තු කම්හල ගැන තමන්ගේ පරීක්ෂණ කරගෙන යන ගමන් හිටියේ. ෂන්මුගම් ගැන කතා කළොත් එයා හිටියෙත් රෙජිනා හිටිය බෝට්ටුවේමයි මානසික බිඳවැටීමේ අන්තයටම ගිහිල්ලයි හිටියේ. ඒත් රෙජිනා හිතාගෙන තිබුණා මේ පරීක්ෂණයට සම්බන්ධ වෙලා ඇත්ත නැත්ත ඉක්මනට හොයාගන්න ඕනයි කියලා.

ඉතින් මතක ඇතිනේ පොලිස් නිල සුනඛයෝ දාලා කරපු හෝදිසි මෙහෙයුම නැවතුනු තැන. කැලේ මැද තිබ්බ සැක සහිත කූඩාරම් වගයක්. දේවමාතාවගේ උත්සවේ වෙනුවෙන්ම පිටින් ආපු අය නවාතැන් ගෙන හිටිය තැනක් තමා ඒ. ඒත් එක කූඩාරමක් ගැන වැඩි සැකයක් සක්කරයිට ඇති වුණා. තව පරික්ෂා කරලා බලද්දි හම්බවුණු දේවල් මතක ඇතිනේ. මිනීමරුවා ගැන සැක කරන්න පුළුවන් සාක්ෂි ගණනාවක්ම එතනින් හම්බවුණා. එතනින් එහාට අත්අඩංගුවට ගත්ත කෙනාවත්, ඒකෙන් ඇති වුණු කලබගෑනිය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අධිකරණ වෛද්‍ය වාර්තාව, සක්කරයි සහ නන්දිනී ගැන ලක්ෂ්මිගේ තියෙන ආකල්පය ඔය වගේ ගොඩක් දේවල් පහුගිය කොටසේදී බලාගන්න පුළුවන් වුණා. ඒත් හොඳම හරිය සිද්ධ වුණේ අන්තිම විනාඩියේදී දොස්තර හෙළි කරපු දේත් එක්ක. අද කොටසින් මොකක් වෙයිද? බලලම දැනගමු.

ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඇමසෝන් ප්‍රයිම් වලින් නිකුත් කරපු අලුත්ම ඉන්දියන් කතාමාලාව Suzhal : The Vortex එක්කයි. ඉන්දියන් කතාමාලා රසිකයෙක් වගේම පොදුවේ ත්‍රිලර් නිර්මාණ රස විඳින කෙනෙක් නම්, කිසිම විදිහකින් මේ කොටස් 8කින් යුක්ත කතාමාලාව මග ඇරගන්න නම් එපා. තවමත් වෙලාව තියෙනවා මේ සුළියට අහුවෙන්න, තව කෙනෙක් ඇවිත් ස්පොයිල් කරන්න කලින්. එහෙනම්, අවසන් කොටසත් ළඟ ළඟම එනවා කියන බලාපොරොත්තුව දෙන ගමන් මං සමුගන්නවා. ඉතින් උපසිරැසිය මම කලා වුණාට, ලස්සන ලිපිය ලියල දුන්න phoenix මල්ලිට බොහෝමත්ම ස්තූතියි. එතකම් හැමෝටම ජයවේවා..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,488 downloadsDownload SuzhalS01E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

3,488 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Sachindu

    Thanks oshada bro sub tika eka පෙළට dunnata. Anthima ekath ඉක්මනින් ඕනි

  2. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා! :-)

  3. Anonymous

    thanx ayye sub ekata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Kushan

    Sub akta thanks

  6. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Sanjeewa2010

    patttaaaaaaaaaaaaaaaaaaaa

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ravindra

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.