සංවේදී පස්වැනි කොටසින් අනතුරුව නැවතත්. මේ තාක් කතාව සාරාංශයක් ලෙස මෙලෙස දැක්විය හැකියි. සාම්බලූර් ගමේ මයාන කොල්ලයි පලමු දිනයේදී සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගන්නවා. එදිනම නිලා නම් දැරිවිය අතුරුදන් වෙනවා. නිලාව පැහැරගත්තේ අදිසයම් කියලයි මුලින්ම සැක කෙරුණේ. පසුව අදිසයම් විසින් පටිගත කරන ලද හඬ පණිවුඩ වලින්…

සංවේදී පස්වැනි කොටසින් අනතුරුව නැවතත්. මේ තාක් කතාව සාරාංශයක් ලෙස මෙලෙස දැක්විය හැකියි. සාම්බලූර් ගමේ මයාන කොල්ලයි පලමු දිනයේදී සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගන්නවා. එදිනම නිලා නම් දැරිවිය අතුරුදන් වෙනවා. නිලාව පැහැරගත්තේ අදිසයම් කියලයි මුලින්ම සැක කෙරුණේ. පසුව අදිසයම් විසින් පටිගත කරන ලද හඬ පණිවුඩ වලින් දැනගැනීමට හැකිවූයේ මේ සියල්ලක්ම නිලාගේ සැලසුම් පරිදි ක්‍රියාත්මක වූ බවයි. මුම්බායි වෙත පිටත් වනවා යැයි කියා පලාගිය නිලාව සොයා නන්දිනී මුම්බායි යන්නට දුම්රියපොළට පිටත් වුණා. එහෙත් දුම්රියපොළේදී නන්දිනීට නිලා හා අදිසයම් මුම්බායි නොගිය බව ඉඟියකින් සොයාගැනීමට හැකි වනවා. මේ අතරේදි ෆැක්ටරිය අසල ගල් කොරියේ තිබී නිලා හා අදිසයම්ගේ මළසිරුරු සොයා ගන්නවා. එය සියදිවි නසාගැනීමක් යැයි සැක කලත් පසුව එය මිනීමැරුමක් බවට අනාවරණය විය. දෙදෙනාගේම සිරුරුවල ගෙලෙහි ගැඹුරින් කැපුම් පාරක් ඇතිව තිබුණි. තව දුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව සක්කරෛට නිලා ගැබ් ගෙන සිටියාද යන්න ගැන සැකයක් ඇති වෙනවා. ඒ පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් විමසීමේදී නිලා ගර්භනී බව තහවුරු වූවා. තවත් පසෙක සිමෙන්ති ෆැක්ටරියට ගින්නෙන් වුණ හානි සඳහා රක්ෂණ වන්ධි ලබා ගැනීමට විමර්ශන කටයුතු පැවැත්වෙමින් තිබෙනවා. සාම්බලූර් ගමේ ගොවිතැන් කල මිනිස්සු තමන්ගේ ඉඩම මුකේෂ්ට විකුණනවා. හාහා පුරා කියලා ෆැක්ටරිය විවෘත කල දවසෙදිම දැරිවියක් අතුරුදහන් වෙනවා. එදාත් මයාන කොල්ලයි උත්සවය සිද්ද වුණා. නිලා අතුරුදහන් වූයේත් මයාන කොල්ලයි උත්සවය සිදුවෙමින් තිබියදීමයි. මේ නිසාම අම්මන්ගේ කේන්තිය නිසා ගමට විනාශය ලඟා වී ඇති බව කියමින් ගම පුරා භීතිය පැතිරෙමින් තිබුණා. පිටගම් කාරයෙක් ලෙස සාම්බලූර් ගමට පැමිණියත් මුකේෂ් වඩ්ඩේ නිතරම සේවකයින් ගැන හිතන සේවායෝජකයෙක් වුණා. ඔහුගේ පුතා වූ ත්‍රිලොක් ඊට හාත්පසින්ම වෙනස්. ත්‍රිලොක් පොලිසිය තමන්ගේ අතේ තියාගන්න නිතරම උත්සාහ කලා. සේවකයින්ගේ දැඩි අප්‍රසාදය ත්‍රිලොක් වෙත එල්ල වුණා. විමර්ශන කටයුතු තවදුරටත් කෙරෙමින් පවතිද්දී ටියුෂන් ගුරුවරයාගේ හැසිරීම ගැන සක්කරෛට සැකයක් ඇති වීමත් සමඟ ඔහුව හඹා යන්නට වූවා. නිලා ටියුෂන් ගුරුවරයා වූ සෝමරාජ් බ්ලැක් මේල් කර ලක්ෂ දෙකක මුදලක් ලබා ගත් බව එමඟින් දැනගන්නට ලැබෙනවා.
මේ කතා මාලාවට විවිධ විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගෙන් ධණාත්මක ප්‍රතිචාර ලැබී තිබුණා. මෙහි Imdb අගය කිරීම 8.5/10ක්, amazon හි අගය කිරීම 4.8/5ක්, Koimoi විසින් 5/5ක්, NDTV 4/5ක්, TOI විසින් 4/5ක් ආදී වශයෙන් ලබාගෙන තිබෙනවා. පෙර කී පරිදි මේ කතා මාලාව ඔබ වෙත ඉදිරිපත් කරනුයේ බයිස්කෝප් කණ්ඩායමේ උපසිරැසි ගැන්වීමක් ලෙසයි. කතා මාලාවට සිංහල උපසිරැසි ඔබ වෙතට ගෙන ඒමේ මූලිකත්වය දරන්නේ PHOENIX අයියා. පලමු කොටසින් දහරා අක්කාත්, දෙවන සහ පස්වැනි කොටසින් ඔෂධ අයියාත් ඔබ හමුවූවා. ඒ අයට ඔබගේත් මගේත් ස්තූතියි හිමි විය යුතුයි. වෙනදා වගේම පහලින් කමෙන්ට් එකක් දාලා අදහස් ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,632 downloadsDownload SuzhalS01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
8 comments
sachindu
Nisa
Sub akata thnkz kollo
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindra
Thanks sub ekata
Advertisement



Ane godaaak pin ikmnta dunnata ❤️❤️❤️