Watch Trailer

24: Live Another Day [E01] | අලුත් ආරම්භයක්…[සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. අද ඉදන් මම අලුත්ම ටීවී සීරීස් එකක් අරන් එනවා. මේක කව්රුත් දන්න කතාවක අලුතම් සීරීස් එක. දැනට කොටස් 3ක් විකාශය වෙලා තිබුනත් ඒ තුනම ඉක්මනට දීලා ඇමරිකානු විකාශනයට සමාන්තරව හැම සතියකම සබ් දාල දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේකේ සබ් දාන්න ඉල්ල ගන්න හරිම අමාරු උනා. මේකට සබ් දාන්…

24 Live Another Day

ආයුබොවන් සියලුම දෙනාට. අද ඉදන් මම අලුත්ම ටීවී සීරීස් එකක් අරන් එනවා. මේක කව්රුත් දන්න කතාවක අලුතම් සීරීස් එක. දැනට කොටස් 3ක් විකාශය වෙලා තිබුනත් ඒ තුනම ඉක්මනට දීලා ඇමරිකානු විකාශනයට සමාන්තරව හැම සතියකම සබ් දාල දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම මේකේ සබ් දාන්න ඉල්ල ගන්න හරිම අමාරු උනා. මේකට සබ් දාන්න මට අවසර දුන්නේ බයිස්කොප් අඩවියේ නීති රීති වලට පිටින් ගිහින්. බයිස්කෝප් අඩවියේ රූපවාහිනි කතා මාලා පටන් ගන්නේ මුල්ම අදියරේ මුල්ම කොටසේ ඉඳන්මයි. එහෙම නැත්නම් මගින් දාන්න දෙන්නේ නැහැ. ඒත් මේ 24 කතා මාලාවට සබ් දාලා නැහැ. හැබැයි IMDb එක අනුව නම් මේක වෙනම කතා මාලාවක් විදියට තමා පටන් අරන් තියෙන්නේ “24: Live Another Day” නමින්. ඒත් මේක සාමාන්‍ය 24 වගේ කොටස් 24 ක් නැතුව කොටස් දොළහකින් යුත් වෙනමම එකක් විදියට එන හින්දා වෙනදා වගේ නැතුව මේකට සබ් දාන්න මට අවසර දුන්නා. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙන්න මම මේ සුපිරි කතාවේ අලුත්ම කොටස් දොළහ අරගෙන එන්නයි මේ සුදානම. ඒ වගේම පරණ සීසන් නොබැලුවා කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ මේක බලන්න නම්.

මේ කතා මාලාව IMDB වල 9.5 ක රේටින්ග්ස් අරන් තියෙනවා. ඇක්ෂන් බලන අය අනිවා බැලිය යුතු කතාවක් කියලා තමයි විචාරකයන් කියන්නෙ.. ආයි ඉතින් කියන්න දෙයක් නැහැනේ IMDB 9.5ක් තියනවා කියන්නේ.

කතාව ගැන කිව්වොත් ජැක් බවර් CIA ක විසින් අල්ලාගන්නවා. ඒත් ජැක් කිසිම දෙයක් කියන්නේ නැහැ. පොඩ්ඩක් හරි අවුල් ගියේ කේට් මොර්ගන්ගේ ප්‍රෂ්න කිරීම් නිසා. ජැක් ඊටපස්සේ විශේෂ ප්‍රෂ්න කිරීමක් සදහා අරන් යනවා. එතනින් පස්සේ කාටත් බලන්න ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

8830d4c6779a049bf99989257e6ecb8091109d31

360 MB කොපිය මෙතනින් බාගන්න

a918d72d79637c22ed086f013861cc5b60febf8a

1.48 GB කොපිය මෙතනින් බාගන්න

12e810fe04bb71d366e7358f5b101c4443fc3880

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,193 downloadsDownload 24.S09E01.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles

4,193 downloadsDownload Subtitles86 KB

86 comments

  1. Keshan Wasala

    :O :O අඩේ සබ් දෙනවා කියලා මෙහෙමත් සබ් දෙනවද :D දෙනවා කියන්නේ නෑවෙන්නම දෙනවනේ ගොඩක් ස්තුතියි ඔය දෙන්නටම ,,, එහෙනම් මේකත් බලමු ,,,

  2. HiMeShZoRo

    අම්මා මගෙ දෙය්යා දීල දීලා උම්ම ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ මේක දෙනකන් ෆට්ට හැපි බන්..දවසේ තෑග්ග..බොහොම ස්තූතී බාන්න දානවෝ.. ;)

  3. Deshan

    thanks machan

  4. Roshan

    මචන් මේක වෙනම කතාවක් උනාට චරිත පරණ එවා. එක නිසා පරණ කතා අනිවාර්යෙන් බලලා ඉන්න වෙනවා නැත්නම් ඇයි මේ විදියට වෙන්නේ කියන එක නම් කට්ටියට තොර බේරගන්න අමාරුවේවි.මොකද මේ චිරිත සේරම පරණ කතා වලට සම්බන්ධයි.

    1. Sula

      ඔව් ඔයා හරි. නමුත් පරන ඒවා නොබලපු අයට අවුලක් වෙන්නේ නෑ. කතාව යනකොට ඒ චරිතවල සම්බන්ධයන් මතක් කරනවා අලුත් එකේ. ඔයත් දකින්න ඇතිනේ.. ඒ නිසා මම නම් හිතන්නේ ක්‍රිශාජ කියන එක හරි. පරන ඒවා නොබැලුවා කියලා අවුලක් වෙන්නේ නෑ මේක බලන්න. ඒ ඇරත් මේකේ පරන ඒවා නොබලපු කෙනෙක් ඉන්න බෑනේ නේද අපි අතරේ. :D

    2. Thisara Buddhika (තිසර නියෝ)

      අනිවා. පරණ ඒවා නොබැලුවා කියල මේක බලන්න කිසි ප්‍රශ්නයක් නෑ...

  5. shani

    wow...
    thanks...
    parana series ewara wenakota mokakda balanne kiyala hitha hitha hitiye

  6. Chathu

    thax machan

  7. Danushka Manoj

    Thank you soo much machan. waited for too long....

  8. Sam

    niyami neee...meka dena ekan na kiyala hituwe..digatama denna..thanksss

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. Isu DP

    Menna Supiri Doubala "24" Gennala !!!
    Sikurada Neda Denawa Kiwwe?? Adama Dila. Niyamai....
    Mekanam Ithin Aniwa Bamak Thama..
    ''Super Double'' Thankzz Hode....
    Digatama Apita Sub Dendooo....
    Jaya Wewa !!! :-) :-)

    The Walking Dead Digatama Oya Dennada Denne???

    1. Annana Ishan krishaja

      Naha eka denne buddika yasas malli. Illimak karoth ekak dekak dala denawa. Meka eyage series eke.

    2. Isu DP

      Yup.. Ela Hode.. :-) :-)

  11. Sula

    බොහොම ස්තූතියි සබ් එකට...!

    මම පොඩි කාරණයක් කියන්නද... තරහා ගන්න එපා ක්‍රිශාජ මචෝ.

    ඔයාගේ සබ් එක්ක බලනකොට හැම තැනම නම් වැටෙන්න දාලානේ ඔයා.. අනෙක් අයට නම් ඒක කොහොමද දන්නේ නෑ. හැබැයි මට නම් ඒක මහම කරදරයක්. සමහරවෙලාවට මම ඒ ටික මුලින්ම ඩිලීට් කරලා බලන්න පටන් ගන්නේ. මේ මම වගේ තවත් අය ඇති. ඒකෙන් වෙන්නේ ඔයාගේ සබ් බලන්න එපා වෙන එක.

    මම නම් කියන්නේ අනෙක් අය වගේ සබ් එකේ මුලිනුයි අගිනුයි විතරක් නම් දැම්මා ම ඇති කියලා.

    අපි ඔයාලගේ සබ් නොමිලේ ගන්න නිසා ඒවයේ ගෞරවය අනිවාර්යෙන්ම ඔයාලට තමා. අපිට ඔයලව අමතක වෙන්නෙත් නෑ කොහෙත්ම. ඒ නිසා අපි ගැනත් තව ටිකක් හිතලා ඒක හදාගනීවි කියල හිතනවා..

    ජයවේවා.
    අපි හැමදා බයිස්කෝප් සමගයි.

    1. Annana Ishan krishaja

      Ok. No problem . E itin mama kamati widiya. Balana aya kamati natnam thawat danne ne.

    2. Deshan

      මාත් ඔ්ක කියන්න හිටියේ එ්ත් කිව්වෙ නැත්තෙ නිකන් දෙන අස්සයාගේ දත් ගන්න කරන්නෙ මොකටද කියලා :D
      එනිවේ, සබ් එකට ස්තූතියි.

    3. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      එහෙම අවුලක් නැහැ. ඕනම දෙයක් කියන්න. කියන එක හොදයි. මේක විනොදාස්වාදයට කරන දෙයක්. එකෙන් කාටහරි අපහසුතාවයක් වෙනවානම් අපි මේක නවත්වනවා.

    4. Deshan

      සබ් හදන එක වැරදි කියනවා නෙවේ. එකේ තියෙන අවුලක් කිව්වේ. අවුලක් හිතන්න එපා එහෙම කිව්වට

  12. janithhashan

    අම්මටසිරි ......... නියමයිනේ. නියම පාරක්නේ ගෙනැල්ල තියෙන්නේ
    දෙන්නටම තැන්ක් යු.......

  13. ලක්ෂාන් නිලංක

    නියමයි සහෝ...මේක මං ආසම සීරියස්එකක්....සබ් දුන්නට බොහොම තුති....දෙවන එපියත් ඇවිල්ලනෙ තියෙන්නෙ.....ඒකටත් ඉක්මනට සබ් දෙන්න....ජය වේවා.....!

    1. Deshan

      දෙක නෙවේ 3ත් අැවිල්ලා

    2. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      බ්‍රහස්පතින්දාට 2වෙනි එකත් සෙනසුරාදට තුන්වෙනි එකත් දෙන්න බලාපොරොත්තු වෙනාව.

  14. POPPY

    ela ela...

  15. chamath225

    thanks machan

  16. LAKSHAN

    ගොඩාක් ස්තුතියි සහෝ……..

  17. chandima

    නියම් තැන්ස් ....දිගටම දෙමු සුභපැතුම්.... 24 පරණ කතාමාලාවටත් සබිදෙන්නන බලන්නකෝ...තැන්ස්.

  18. හර්ෂ ලහිරු

    නියමයි කොල්ලෝ මේක කොහොමටවත් දෙයි කියලා නම් හිතුවෙනෑ :D :D
    බොහොම ස්තුතියි :D ජය

  19. Kosala Deshan

    tnx bro...

  20. #ChalinduDeshan (කිනා)

    ඩබලටම තැන්කියු වේවා!

  21. සමීර චතුරංග

    මේකේ පරණ එව්වා ඔක්කොම බලලා තියෙනවා.මමත් හිතුවේ නැහැ මේක දෙයි කියලා.මොකද මමත් ඔය ප්‍රතිපත්තිය දන්න නිසා,නමුත් දැන් සිංහල එක්ක බලන්න පුළුවන්.පරණ එව්වා දෙනවා නම් කීයක් කියලා දෙන්නද නෙහ්....

  22. me

    Thanks

  23. Tharindu Perera

    Elazzz......elazzzz....
    mn godak vathavak comment kara
    mekata mula idan sub denna kiyalaa....
    menna aluth ekenma patan genaa....
    parana eva baluve nathi unata aulak nalunee..
    onna ehenam meka blnna gannavaa...
    thanks dennatamaa ahhh...
    anith dekath ikmanata demuu...

  24. රොහාන්

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම මේ කරන කැපවීමට. මම බලපු tv series අතර අදටත් මම කැමතිම කතා මාලාව මේක තමයි. අවුරුදු ගාණක් තිස්සේ බයිස්කොප් එකේ රසිකයෙක් හැටියට මම බලන් හිටියා කවුද මේ කතා මාලාවට සිංහල සබ් දෙන්නේ කියලා ඒත් කවුරැවත් මේක ගැන හිතුවේ නෑ. පුද්ගලිකවත් කීප දෙනෙකුගෙන් මේකට සබ් ඉල්ලුවා......අවසානයේ ගොඩක් සතුටුයි මේ කතා මාලාවට හරි සබ් දුන්න එක ගැන. මම මේකේ පරණ කොටස් බලපු කෙනෙක් වුනත් සිංහල සබ් දුන්නොත් තව පාරක් බලනවාද කියලා දෙපාරක් හිතන්න අවශ්‍ය නෑ ඒ තරම් මේ කථාව සුපිරියි. මගේ පුද්ගලික අදහස නම් මේ වගේ කතාවක් බයිස්කොප් අඩවිය තුළ තිබිය යුතුම දෙයක් හැටියටයි. ඒත් කවුරැත් අද වෙනකන් මේකට අත තිබ්බේ නෑ. ඒ නිසයි ඔබ දෙදෙනාව මම අගය කරන්නේ. නැවතත් බොහෝම ස්තුතියි මේ කතාවට සබ් දුන්නට පුලුවන් නම් මුල ඉඳලාම දෙන්න බලන්න එහෙම දෙන්න පුලුවන්නම් ඒ ගැන කියන්න වචන නෑ සහෝ....එක දෙයක් කියන්නම් එහෙම දුන්නොත් කවුරු බැලුවේ නැතත් මම බලනවා සහ ඒ ගැන හැම මොහොතකම ඔබට ස්තුති කරනවා. පළමු වතාවට මෙච්චර දිග comment එකක් දැම්මේ සමාවෙන්න දිග වැඩිනම්
    ජයවේවා!!!!
    GOD BLESS YOU.

  25. dinidu madushanka

    ela ela saho patta saho puluwannam season 1 denna puluwannam godak pin jaya wewa

  26. dev

    niyamai niyamai.....
    bohoma stuti saho... .

  27. Nadeera

    නියමයි මචෝ මම නම් මෙකත් බැලුවා එත් කමක් නැහැ සබ් එක්ක ආයේ බලනවා...

    මමත් මේකේ මුල ටික බලලා තියෙනවා එත් මුල් ටිකටත් සබ් දෙන්න ආයේ බලනවා වැඩි වෙනවා කියලද?

    ජය වේවා දෙන්නටම...!

  28. නලින්

    දිගටම දෙමු අංජන සහෝ!

    එළ එළ ජය වේවා!

  29. vera

    patta hode........... ekenma biscp thmi num one.............. thnx thnx godak. niyamai............. :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

  30. අංජන ඉෂාන් ක්‍රිෂාජ

    කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතියි..

  31. jack

    නියමයි යාලුවා..
    මේකට සබ් දුන්නට දෙන්නටම බොහෝම ස්තුතියි

  32. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..
    මරු ඩබල දැන් හිටු කියල දෙනවා නේද..
    මනම් 24 සීරිස් ඒක සිරසේ ගියාට පස්සේ බලලම නැ..
    ඒත් මේක අලුතින්ම යන කතාවක් නිසා..
    ඒවා නොබැලුවට කමකුත් නැහැ...
    එහෙනම් මෙන්න ගත්තා..
    ජය වේවා..

  33. ayanthamaxi

    Old sub denawa nam ela tamai ela Keep up

  34. Chameera

    ela elz 24 is best Thanks

  35. janaka

    ela mama mee katha okkoma balala thiyanawa matama kathaseth ekak eke aluthma eka sub ekka balamma puluwan una ekanam patta

  36. danushka

    thank u both of you,,,

  37. Saman Prasad ( Black Panther )

    ado thanks bn.meka enakamma tama balagena hitiye, thanks macho.

  38. “චූටී මල්ලි”

    සුපිරි ඩබලක්ම තමා අප්පා ඔය දෙන්නා නම්
    මරු මරු 24 කලින් බලලා නම් නෑ
    මේක බලන්න ඒක නොබලපු එක අවුලක් නොවෙයි කිව්ව නිසා
    ගන්න ඔනි
    හැකිනම් හෙමින් 24 සීරියස් එකටත් සබ්ස් දෙන්න
    සබට තුති
    ඔබට ජය.................

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      කොටස් 195ක් තියෙනවා බන්. තව ඒකට සබ් දාන්න කැමති කට්ටිය ඉන්නවානම් මම 40-50ක් දාලා දෙන්නම්.

    2. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      අපේ ඇඩ්මින් මල්ලිලත් කැමති වෙන්න ඕන... නැත්නම් වැඩේ කරන්න බැහැනේ.

    3. කළිදු වසුක

      පරන සිරිස් එකට සබ දාන්න මමත් එනවෝ

    4. Isu DP

      Anee Admin Sahoola Kamathi Wennakoooooooo......
      Thawa Supiri Kenek Hoyagena Waede Patan Gamukoooo "Anjana" Sahooo....

      Baiscope Eke TV Series Tikak Me Dawas Wala Iwara Wegena Yana Hinda Kenek Hoya Ganna Bari Wena Ekak Na.....
      Paddak Balmu..... Supiri Doubala...... :-) :-)

    5. ලක්ෂාන් නිලංක

      අනේ ඔව් මචන්.24 පරන සීරියස්එකටත් සබ් දුන්නොත් ලොකු දෙයක්...මේවා කිසිම කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුලුවන් ඒවනෙ

  39. අසෙල්

    Supiri 24 mulinma baluwe sirase
    ita pase seramaa bala baluwa supiri kathawa
    ituru seson tikatah puluwannam sub dena
    thanx macho

  40. w a thilak

    අනිවා බලන කතාමාලාවක් ස්තූතියි

  41. N.I.R.

    බොහොම ස්තූතියි සබ් එකට…!

  42. La හිරු

    කියල වැඩක් නැ මචං සුපිරි. පරන එව්ව කෙසේවෙතත් ඊලග කොටස් ටික දිගටම දෙන්න අපිට. බොහොම ස්තුතියි මචො ඇන්ඩ් මචී :)

  43. ujitha

    ela ela... niyama wedak...
    hebey okkoma episode denna

  44. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍කා‍තා‍ව‍ක ‍ත‍වත්‍ ‍දි‍ග ‍හැ‍රු‍මක්‍ ‍ගෙ‍නල්‍‍ල ‍ව‍ගේ.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍යා‍ලා ‍දෙන්‍‍නා ‍නම්‍ ‍මා‍ර‍යි. ‍බ‍ර‍ට ‍සබ්‍ ‍දෙ‍න‍වා.
    ‍දෙන්‍‍නා‍ට‍ම ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  45. Sahan

    vatinama vatina vadak bro.. thankz a lot.. ummmahh...

  46. dil

    නියමයි.... නියමයි මම series 8ම බැලුවා....මෙකට ගොඩක් ස්තුතියි...

  47. GhosT-FaceR

    24 kalin balala nam na awlak na me kathawa aluthin patan ganna nisa balanawa oya denna nam mare maru thanks for sub

  48. tikiri

    නියම වැඩක්...කරගෙන යමු දෙන්න එක්කම ...

  49. prathapa89

    thanks machooo..mama AXN eke baluwa Super... Great Job..

  50. prathapa89

    Thanks Machooo.. AXN Eke Baluwa Super..Great Job..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.