Raakshasa S01 Sinhala Subtitles ආයුබෝවන්, අද බයිස්කෝප් දසවන සංවත්සරය දිනයේ ඔන්න අප ඔබට මුල් වතාවට කන්නඩ වෙබ් කතා මාලාවක් ගෙන එනවා. කොටස් හතකින් යුත් මේ වෙබ් කතා මාලාව පෙබරවාරි 20 සිට ZEE5 OTT PLATFORM එකේ විකාශනය පටන් ගෙන තිබෙනවා. Crime thriller ශානරය යටතට වැටෙන මේ කතා මාලාව මේ වන විට සැලකිය යුතු ප…
Raakshasa S01 Sinhala Subtitles
ආයුබෝවන්, අද බයිස්කෝප් දසවන සංවත්සරය දිනයේ ඔන්න අප ඔබට මුල් වතාවට කන්නඩ වෙබ් කතා මාලාවක් ගෙන එනවා. කොටස් හතකින් යුත් මේ වෙබ් කතා මාලාව පෙබරවාරි 20 සිට ZEE5 OTT PLATFORM එකේ විකාශනය පටන් ගෙන තිබෙනවා. Crime thriller ශානරය යටතට වැටෙන මේ කතා මාලාව මේ වන විට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලබා තිබෙන බවත් පැහැදිලියි. ඉතිං මේ පාර අපි ඔබට එක මිටට මේක බලන්න මුළු කතා මාලාවම අද දින මුදා හරින්න තීරණය කලා.
ඉතින් මේ කතාවටත් පාදක වෙන්නෙ පොලිසියක්. කොහොමත් Crime thriller එකක් පොලිසිය නැතුව කරන්න බෑනෙ. ඉතිං මේකෙ ප්‍රධාන චරිතය තරුණ සහකාර උප පොලිස් පරීක්ෂක වරයෙක්. කලපු හා ජලජ ප්‍රදේශ රැසකට මායිම් වන කුඩා ගම්මානයක කුඩා පොලිස් ස්ථානයක දෙවැන්නා ලෙස ඔහු සෙවය කරනවා. මේ පොලිසියේ ස්ථාන බාර නිලධාරියා රාජකාරියෙන් ලිස්සා යන කුසීත වැඩි මහළු පුද්ගලයෙක් නිසා පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු බොහෝ විට මෙහෙයවන්න වෙන්නේ මේ තරුණ නිලධාරියා වන හනුමප්පාටයි. ඒ නිසාම සිදු කරන හොඳ වැඩක ගෞරවය බෙදී ගියත් වැඩක් අසා ර්ථක වූ විට එහි වගකීම ඔහුගේ හිස මත කඩා වැටීමත් සිදු වෙනවා. අසීමිත රාජකාරී තුලින් සිදුවන අතපසු වීම් නිසා තම ගැබ්බර තරුණ බිරිඳ ජෝතීගේ දෝශ දර්ශනයට ලක් වෙන ඔහුගේ හොඳම මිතුරන් තමයි වයසක සහකාර උප පොලිස් පරීක්ෂක විරූපක්ෂ සහ කොස්තාපල් යේලප්පා. පොලිස් ස්ථානයේ කම්කරු වැඩ සඳහා සහය වන බීරාත් මෙහි නිතර දැක ගත හැකි චරිතයක්.
නිතර පුද්ගල අතුරුදහන් වීම් සිදු වන මේ ප්‍රදේශයේ ඒ සියළු සිද්ධීන් බැර වෙන්නේ ඒ ජලජ ප්‍රදේශ වක ගැවසෙන කිඹුල් ගහණයේ ගිණුමටයි. ඒ අතුරුදහන් වන පුද්ගලයෙක්ගේ කිසිදු තොරතුරක් හෝ සිරුරක් හමු නොවන නිසා. එහෙත් එක්තරා දිනක මතුවන මළ සිරුරක් හනුමප්පා ඇතුළු සියල්ලන්ගේම ජීවිත වෙන්නස් මගකට යොමු කරනවා. ඉතිං සැඟවී සිටින රාක්ෂයා කවුද එය නිරාවරණය කර ගන්න අද සිට මේ කතාව බලන්න.
විජය රාඝවේන්ද්‍රා, මයුරි කියාත්‍රි, අවිනාශ්, මහදේව් හදපාද්. අප්පන්නා සහ ජහන්ගිර් මෙහි රඟපාද්දි අධ්‍යක්ෂණය සුහාන් ප්‍රසාද් විසින් සිදු කර තිබෙනවා. එහෙනම් අද සිට නරඹමු.
ආයුබෝවන්.
Raakshasa S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
957 downloadsDownload Raakshasa-S01E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles

Subtitles
1 comment
Buddhika laKMal
Advertisement
![Raakshasa [S01 : E01] Sinhala Subtitles | පුද බිමේ රුධිරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Raakshasa-S01-1.jpg)


ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට