ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද? මුරාත්, හයාත් සුන්දර ආදර කතාව දැන් නම් ආදර අවනඩුවක් වෙලා වගේනේ. අටවෙනි කොටසෙන් දකින්න ඇතිනේ වෙන්න තියන හැමදේම වගේ සිද්ධ වුන බව. තවත් ඉතින් මොනවා කියලා වෙන්නද? යන්තම් පණ ගැහී ගැහී තිබුන හයාත්ගේ කුළුදුල් ආදරේ උපන් ගෙයිම මියැදෙන්න යයි වගේ. ඔහොම නේද අටවෙනි කොටස බලලා ඔයාල…

ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද? මුරාත්, හයාත් සුන්දර ආදර කතාව දැන් නම් ආදර අවනඩුවක් වෙලා වගේනේ. අටවෙනි කොටසෙන් දකින්න ඇතිනේ වෙන්න තියන හැමදේම වගේ සිද්ධ වුන බව. තවත් ඉතින් මොනවා කියලා වෙන්නද? යන්තම් පණ ගැහී ගැහී තිබුන හයාත්ගේ කුළුදුල් ආදරේ උපන් ගෙයිම මියැදෙන්න යයි වගේ. ඔහොම නේද අටවෙනි කොටස බලලා ඔයාලට හිතුනේ? සේරටම කලින් කියන්නකෝ, කලින් සිද්ධ වුන දේවල් මතකද කියලා? අමතක අයට මතක් කරගන්නත් එක්ක මෙහෙම්ම සිද්ධ වුන නස්පැත්තිය කියන්නම්කෝ.

හයාත් ගැන මුරාත්ට මොකක්ද හිතෙන්නේ කියලා අහපු වෙලාවේ මුරාත් දුන්න උත්තරේ මතක් කරගන්න හයාත්ට පුලුවන් වුනානේ. ඉතින් හයාත් සතුටින් පිනා යනවා. මේක නිකන් එයාගේ ඒකපාර්ශ්වික ආදරයක් විතරක් නෙවේය, මුරාත් කවදාවත් එයාව දාලා යන්නේ නෑය කියලා පොරොන්දු වුන ඒවා එහෙම මතක් වෙලා. මුරාත් ව හොයාගෙන යන හයාත් ට එයාව මුණ ගැහෙන්නේ වෙරළෙදි. ඉතින් හයාත් එයාට හැමදේම මතකයි කියලා මුරාත්ට කියාගෙන යද්දිම වගේ පුදපු ගමන් කාපි යකා කියලා යස්සනී මැද්දට පනිනවා. යස්සනී කිව්වේ වෙන කවුරුත්දි නෙවේ, දිදෙම්! එයා ඇවිත් කියනවා, මුරාත් එයාව විවාහ කරගන්න කැමති වුන බව. ඔන්න ඉතින් ඔය වචන ටික ඇහුනත් හරි, හයාත්ගෙ ඇහෙන් සට සට ගාලා කඳුලු වැටෙන්න ගන්න කලියෙන් නව යුවලට සුබ මංගලන් කියලා එයා යන්න යනවා. ඊට පස්සේ තමා හයාත් හිතේ තියන දුක අස්ලිටයි, ඉපෙක්ටයි කිය කියා ඇති තරම් අඩන්නේ. හැබැයි, හයාත් හිත හදාගෙන මොකුත් නොවුන ගානට වැඩට යන්න තීරණේ කරනවා. එහෙම ගියාට පස්සේ මතක ඇතිනේ ඔෆිස් එකට පුංචි බබෙක් ඇවිත් හයාත් නැන්දටයි, මුරාත් මාමටයි දුන්න ලස්සන මතකයන් ගොඩ එයාලගේ රිදුන හදවත් වලට පොඩි හරි සහනයක් ගෙනාව හැටි!

දිදෙම් එයාගේ ජයග්‍රහණය සමරන්න යන්නේ තුවාල්ගේ ගෙදරට. මුරාත් තමන්ව විවාහ කරගන්න කැමතියි කිව්ව බව දිදෙම් තුවාල්ට කියපු හැටියේ තුවාල්ගේ ලස්සන මූණ දෙක වෙනවා. තුවාල්ගේ හිතේ මෙච්චර දවසක් දිදෙම් ගැන තිබුන අප්‍රසාදය තුවාල් දිදෙම්ගේ ඇස් ඉස්සරහම වචන වලට පෙරලනවා. වංචාවෙන් ආදරේ දිනා ගන්න හදන්නෙපා කියලා තමයි තුවාල් එයාට කියන්නේ.

මේ අල්ල පනල්ලේ හයාත්ගේ අම්මා එමිනෙයි, ෆාදික් නැන්දයි දෙන්නා හොරෙන් හොරෙන් හයාත්ට විවාහ යෝජනාවක් බලන්න ගියා. එහෙම ගිහින් මුණ ගැහුනේ මනාලයාගෙ අම්මයි, තාත්තයි දෙන්නම වුන කමුරාක් මහත්තෙයා! මනාල මහත්තෙයට ගෙදරට එන්න දවසක් හෙම කියලා එමිනෙයි, ෆාදික් දෙන්නා හදන්නේ හයාත්ව මේ පාර කොහොමහරි බන්ඳලා දෙන්න. හැබැයි හයාත්ට ඇත්තම කිව්වොත් එයා කීයටවත් මේ කසාදෙට කැමති වෙන්නෙ නැ කියලා දෙන්නා දැනගෙන හිටියා. ඒ හින්දා මනමාලය එන්නේ ඉපෙක් බලන්නයි කියලා හායත්ට දැනගන්න සැලැස්සුවා විතරක් නෙවෙයි මනමාලි විදියට හායත් ඉස්සරහා රඟ පාන්නත් ඉපෙක්ව කැමති කර ගත්තා. හැබැයි ඉපෙක් අනික් පැත්තට ඉමිනෙගෙයි, ෆාදික්ගෙයි මාස්ටර් ප්ලෑන අකුරක් නෑර හයාත්ට කිව්වා. ඉපෙක් මේ මනමාලයා එන බව හයාත්ටයි, අස්ලිටයි කියලා නිකන් හිටියා නම් මදැයි. බැරි වෙලා කෙරෙම් ඉස්සරහදිත් එයාට කියවෙනවා එයාව බලන්න මනමාලයෙක් එනව කියලා. එහෙම කිව්වම ඉතින් පිස්සුවෙන් ඉන්න කෙරෙම්ගේ පිස්සුව ඩබල් වෙන එක අහන්න දෙයක් නෑනේ, ඉපෙක් ඒ නිසා ගැලවිල්ලට කියනවා මනමාලයා බලන්න එන්නේ එයාව නෙවේ අස්ලිවයි කියලා. කෙරෙම්, අස්ලිට සුබ පතන්න ගියාම අස්ලි කියනවා මනමාලයා එන්නේ එයාව බලන්න නෙවේය, එයාලත් එක්ක ඉන්න අනිත් යාලුවා බලන්නය කියලා. කෙරෙම් ඒ යාලුවා ගැන හයාත්ගෙන් ඇහුවම කෙල්ලට කට උත්තර නැති වෙනවා. එයා කියනවා ඒ යාලුවා ගමට ගිහින් හුඟක් කල්‍ කියලා. ඔන්න ඔතනින් කෙරෙම් හිතන්න ගත්තා මනමාලයා එන්නෙ ඉපෙක් බලන්න කියලා වගේම ඉපෙක් එයාව රවට්ටනවා කියලා. ඊට පස්සේ කෙරෙම්ට පිහිටට එන්නේ දොරුක් කොලුවා. දොරුක්ගේ ප්ලෑනේ විදියට කෙරෙම් ඉපෙක්ගේ ගෙදර ගියා. මතක ඇතිනේ, එහේ ගිහින් නටපු පිස්සුව. හොඳම වැඩේ කියන්නෙ හයාත්ව බලන්න ආවා කීවට අන්තිමේ මනමාලි වුනේ ෆාදික් නැන්දා! දැන් ඉතින්, හයාත්- මුරාත්, ඉපෙක්- කෙරෙම්, අස්ලි- දොරුක් අස්සේ ෆාදික්- කමුරාක් දෙන්නත් ආදර කතාවකට මුල පුරයි වගේ.

ඒ ආදර කතා කෙසේ වෙතත් මුරාත්, දිදෙම්ව විවාහ කරගන්න අදහසේ ම හිටියේ මොනවා වුනත් තාමත් මේ ලෝකේ දැකපු නැති දරුවාට දැනටමත් දිදෙම් වගේ නරක අම්මෙක් ලැබිලා ඉන්නෙකේ, තාත්තා කෙනෙක් නැති නොකරන්න ඕන නිසා. කොහොමවුනත්, විවාහයක්නේ කෙරෙන්න යන්නේ. ඒ නිසා මුරාත්ගෙ ලස්සන ආච්චි දිදෙම්ට අකමැත්තෙන් වුනත්, ඩෙර්‍යාට කට උත්තර නැති වෙන්න විවාහේ හැමදේකම බර කරට ගන්නවා. දිදෙම්ගේ පවුලේ අය, මුරාත්ව බලන්න ආවම තමයි ආච්චිට තරු පේන්නේ. දිදෙම්ගේ තාත්තයි, අම්මායි, තාත්තගේ දෙවෙනි බිරිදයි එක්ක ඇවිත් පරමාදර්ශී පවුලක සුන්දරත්වේ මුරාත්ගේ පවුලෙ අයට පෙන්නනවනේ. කොහොම වුනත් දිදෙම් අන්තිමේ මුරාත්ගේ අත ගත්තා. අනේ ඉතින් මොකක් කරන්නද, ඒ වෙලාවෙම අසරණ හයාත්ට ඕන වෙනවා, මුරාත්ව මුණ ගැහෙන්න යන්න. මොකද, මුරාත් එදා රෑ එයාව දාලා යන්නෙ නෑ කිව්වා, එයාට ගොඩක් කැමතී කිව්වා. එහෙම කියපු මුරාත් ඇයි දැන් ඒ ආදරේ හංගන්නේ? හයාත්, මුරාත්ගෙ ගෙදරට යද්දී මුරාත් ඉන්නේ මීට සුලු මොහොතකට කලින් විවාහ වුන කොල්ලෙක්ගේ මානසිකත්වෙන් නෙවේ. හදවතේ කියා ගන්න බැරි තරම් දුකක් තියාගෙන. හයාත්, මුරාත්ට කියනවා එයාට හැමදේම මතක් වුන බව. ඒවා කිව්වා කියලා මුරාත් දැන් මොනවා කියලා කියන්නද? අන්න එතනදී මුරාත් ආදරේ වෙනුවෙන්, එයාගේ ජීවිතේ අකමැතිම දේ කරා. ඒ තමයි බොරු කියපු එක!

” මම ඔයාට කිව්වේ බොරුවක්, මම ආදරේ දිදෙම්ට, හයාත්..”
මුරාත්ගේ ඒ වචන ටික, හයාත්ගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හදවත් එක් ක්ෂණකට නවතන්නට සමත් වුනා. ඔන්න එතනින් තමයි අද කොටස පටන් ගන්නේ.

දැන් ඉතින් අපේ හයාත් කෙල්ල මොනවා කරයි කියලද හිතන්නේ? මුරාත් ඉස්සරහ මොකුත් අවුලක් නැති ගානට ඉදලා, අස්ලිටයි, ඉපෙක්ටයි දුක කියාවිද? අද කොටසින් අලුත් කෙනෙක් කතාවට එකතු වෙනවා. ඒ තමා ටිකක් විතර පිස්සු දොස්තර වොට්සන්. තනියෙන් නෙවේ ෂර්ලොක් එක්කම! ඒ අතරේ පුරුදු විදියටම දිදෙම් මුරාත්ගේ පස්සෙන් වැටිලා එකම නාඩගමක් නටනවා. නාඩගම කොයි තරම්ද කියනවනම්, හයාත්ව එයාගේ ඇසිස්ටන් කර ගන්නවත් එක්ක! බලන්නකෝ හයාත් මේ අලුත් පට්ටම අරන් කාටද වැඩියෙන්ම රිද්දන්නෙ කියලා. සේරමත් හරි, හයාත්ට සූනා පෙක්ටාස්ගේ චරිතෙන් මිදෙන්න බැරිව හිටි ලොකුම බාධාව නැති වෙලා යනවා. හයාත් හදන්නේ රැකියාවෙන් අයින් වෙයිද? එහෙම වුනොත් මුරාත්ට මොනව වෙයිද! හිත රිදවීම්, සමාව දීම්, ආදරය කිරීම් අතරින් පැය දෙකකට පොඩ්ඩක් වැඩියෙන් ගලා යන අද කොටස අවසාන වෙන්නේ සතුටු වෙන්න පුලුවන් ආරංචියකින්.

ඒ වගේම ඔයාලට කියන්න ඕන දහවෙනි කොටස දවස් 3/4 ක් ඇතුලත ඔයාලගෙ අතට ලැබෙයි.. 10 වෙනි කොටසෙ ඉදල අළුත් යාලුවො කිහිප දෙනෙක්ම ඔයාලට උපසිරැසි ලබල දෙන්න එකතුවෙනව.. ලිපිය සම්පාදනය කරල දුන්න හෙළිලි හේමමාලි සොහොයුරියටත් උපසිරැසි සෑදීමේදී විශේෂ සහයෝගයක් ලබා දුන් වරුණි චතුරිකා සොහොයුරියටත් ස්තූතිය පිරිනමන ගමන් දහයත් අරන් එනකම් හදවතේ තෙරපෙන ආදරේ වචන වලින් කියන්න හයාත්ගෙයි, මුරාත්ගෙයි ලෝකෙට වෙලා ඉවසිල්ලෙන් බලා ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,248 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E09.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,248 downloadsDownload Subtitles63 KB

37 comments

  1. madusha

    thnq sub ekata ishan

  2. prcsb

    මෙන්න බෝ ඔයා අවුරුද්දට තෑගිත් අරන් අැවිත් වගේ...බොහොම ස්තුතියි සබ් 1ට...ගොඩක් සතුටුයි ඉක්මනට සබ් දෙනවා කියලා දැනගත්තම......ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතිය.... ....එ් වගේම සුබ අලුත් අවුරුද්දක් වෙිවා.....

  3. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිට්යේ

  4. Kushan Charuka

    Thanks ishan bro සබ් එකට 9වෙනි එපියටත් සබ් දුන්නට දැන් නං අපිටත් ඊලග සබ් එක ලැබෙන්නේ කවදද කියලා කලින් ම තේරෙනවා වගෙ ඒ නිසා අද උදේම 9වෙනි එපියත් Download කර ගත්තා.. 10 වෙනි එපිය එනකල්දැන් බලන් ඉන්නවා.... (ඉෂූ බ්‍රෝ පුළුවන්නම් අවුරුදු තෑග්ග විදියට... 10 වෙනි එපියට වෙනදට වඩා ඉක්මන්ට සබ් දෙන්න .... තෑම්ක්ස්...)

  5. frozen

    godaaaaaaaaaaak thannz sub ekata elaga sub eka enakam api agili gena gena inna

  6. MAALnath

    Thanks ...............good luck .....................................................

  7. bimbi

    හම්මේ ...මන් ලිපියෙ වැඩියෙන්ම කැමති අන්තිම ජේදයට
    ඇයි ඉතින් කලින්ම සබ ලැබෙනව කියල දැනගත්තම සතුටු නොවී කොහොමෙයි
    බොහොම ස්තූතියි ඉෂාන් සහෝ !

  8. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  9. buddhikabaru

    ela ela broo oyalage baiscopedownload site ekt mokada une

  10. manju4300

    අබින් කැවා වගේ එකක් වුනේ....... ගොඩක් තුති...... දිගටම ඔහොම යන්........... ඔබ සැමට සුබ අවුරුද්දක් වේවා.....

  11. Hasanka1

    සා වෑව්.ඒ කියන්නේ 10 වෙනි කොටසේ ඉදලා සබ් එක තවත් ඉක්මනට එනවා නෙහ්..anyway තෑන්ක්ස් බොක්ක සුබ් එකට දිගටම කරගෙන යමු ජයවේවා

  12. Hasanka1

    සා වෑව්.ඒ කියන්නේ 10 වෙනි කොටසේ ඉදලා සබ් එක තවත් ඉක්මනට එනවා නෙහ්..anyway තෑන්ක්ස් බොක්ක සබ් එකට දිගටම කරගෙන යමු ජයවේවා

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. shanM

    Download karanda bene sahooo

  15. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  16. hansaka gihan

    බෝම ස්තුතියි බන්
    දිගටම කරන් යමන්

  17. Pradeep Rathnayake

    නියමයි මචන් සබ් එකට තුති ඊලග සබ් එක ඉක්මනට එනවානම් එච්චරයි ඔබට ජය..

  18. nivantha

    thak you bro

  19. TharakaWAS

    Thanks Ishu brooo.....!!!
    digatama sub karan ynna twa twa shaktiya labewa...!!!

  20. Udithakavinda123

    Ela bokka elaaaa

  21. LASHEN

    Sub eka download wene nane සොයා ගත නොහැක කියලා වැටෙනවානේ...
    මොකද කරන්නේ දැන්

    1. shanM

      Eka thamai ban

    2. Ishan007

      ai apuruwata dwnld wenawane.. browser eka wens karala blnna.

  22. Isurudomain

    download karanna link ekaka denna saho......

    1. Ishan007

      youtube eken ganna saho.. ask laftan official page eken

  23. Upul Sampath

    Thanks.....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. sachi95

    Download kranna link ekak nadda?

  26. Amal_indika

    මචන් බොහොම ස්තුත්යි.
    ‍මම හැමදාම බයිස්කෝප් එක්ක ඉන්නවා .

  27. roxx

    බොහෝම ස්තූතියි!

  28. subodha

    Thanks

  29. uvi

    බොහොම ස්තූතියි.

  30. johnnysand

    බොහොම ස්තූතියි...ජය වේවා..

  31. Achi

    තැන්ක්ස් බන්

  32. dasunnimantha

    තෑන්ක්ස් බන්

  33. SanjulaJeter

    thanks

  34. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.