ඔන්න එහෙනම් යාලුවනේ. මේ තමයි මගේ පලවෙනි සබ් එක. ඉතින්, මම පලවෙනි සබ් එක විදිහට මගේ Favourite ම Anime ලිස්ට් එකේ උඩින්ම තියෙන, ❤️ Attack on Titan එකේ හතරවෙනි සීසන් එකේ දෙවෙනි episode එකට උපසිරැසි ගෙනාවා. මං මේක අවස්ථාවක් කර ගන්නවා කලින් සීසන් වලට සබ් කරපු අපේ බයිස්කෝප් අඩවියේ සහෝදර සහෝදරියන්ට ස්තූති…

ඔන්න එහෙනම් යාලුවනේ. මේ තමයි මගේ පලවෙනි සබ් එක. ඉතින්, මම පලවෙනි සබ් එක විදිහට මගේ Favourite ම Anime ලිස්ට් එකේ උඩින්ම තියෙන, ❤️ Attack on Titan එකේ හතරවෙනි සීසන් එකේ දෙවෙනි episode එකට උපසිරැසි ගෙනාවා.
මං මේක අවස්ථාවක් කර ගන්නවා කලින් සීසන් වලට සබ් කරපු අපේ බයිස්කෝප් අඩවියේ සහෝදර සහෝදරියන්ට ස්තූති කරන්න. එයාලා හින්දා තමයි මට වගේම ඔයාලටත් මේ ඇනිමේ එක හොඳට රසවිඳින්න පුලුවන් වුනේ. හැබැයි හතරවෙනි සීසන් එකට සබ් කරන්න බැරි තරම් එයාලා Busy උන හින්දා තමයි මට මේකට සබ් එක හදන්න අවස්ථාවක් උදා වුනේ. හොදයි, පොඩ්ඩක් පරක්කු උනා තමයි. ඒකට ඉතින් සමාවෙන්න ඕනේ…
හරි එහෙනම් මං පොඩි විස්තරයක් කරලා ඉන්නම්. ඔයාලා ගොඩක් අය දැනටමත් දන්න විදිහට, Hajime Isayama අතින් නිර්මාණය වුනු Attack on Titan, එහෙමත් නැත්තම් Shingeki no Kyojin කියන්නෙ පට්ටම ප්‍රසිද්ධ Anime Series එකක්. ඒක නිසාම මේකට IMDB 9 ⭐ වගේ ඉහල අගයක් හම්බෙලා තියෙනවා. තව කිව්වොත් Shingeki no Kyojin යන කතාමාලාවේ S04 වල එකකට හැර අනෙක් සියළුම episode එකකටම IMDB 9+ ⭐තියෙනවා. ඉතින් හිතාගන්නකෝ මේකේ තරම ❤️ මේ ඇනිමේ එක මුලින්ම Release වෙලා තියෙන්නෙ 2013 දී. එදා ඉඳන් අවුරුදු අටක් තිස්සෙ අපි මේක රසවිඳිනවා. ගොඩක් අය කතා වෙනවා ඇයි මේක මෙච්චරටම ප්‍රසිද්ධ කියලා. මන් ඒ ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේක Mystery, Dark Fantasy, Action Fictional කියන Genre වලට අයත් ඇනිමේ එකක්. AOT Anime එක සාර්ථක වෙන්න ගොඩක් හේතු තියෙනව. ඒවායින් වැදගත්ම එක තමයි Story Line එක. මේ ඇනිමේ එකට පාදක වෙලා තියෙන්නෙ Norse Mythology කියන Concept එක. ඒ වගේම මේ ඇනිමේ එක World Wide Famous වෙන්න තවත් හේතුවක් තමා සුපිරි Character Buildup එක. උදාහරණයක් ගත්තොත්, මම නම් දකින විදිහට සුපිරිම Badass චරිත තමා Levi and Mikasa කියන්නෙ. ඇනිමේ එක බලපු අය දන්නවා, WITT Studio එකයි MAPPA Studio එකයි මේගොල්ලොන්ගෙ Character Buildup කරන්න දරපු වෙහෙස. ඒ වගේම සීරිස් එකට මුල් වුන Manga එකේ ප්‍රසිද්ධිය. තව විශේෂ දෙයක් තමා, මේකෙ තියෙන Soundtracks. ආයෙ ඉතින් කතාකරලා වැඩක් නෑ මන් බලපු හැම ඇනිමේ එකකින්ම සුපිරිම OST තියෙන්නේ මේකේ. මේකේ Main Music Compose කරලා තියෙන්නෙ ලෝකප්‍රකට සංගීතවේදියෙක් වෙන “Hiroyuki Sawano.” තව Main Opening, Character Theme, Background Songs වලට “Mika Kobayashi, MPI, Cyua” කියන අයත් දායක වෙනවා ඔයාලා සමහරවිට දන්නවත් ඇති ගොඩක් අනිමේ වල OST ප්‍රසිද්ධ නැති නිසා එලියට දාන්නෑ. ඒත් මේ වගේ පට්ටෙටම Hit වෙච්ච ඇනිමේ එකක OST එලියට දාන්න මිලියන් ගනන් වියදම් කරලා Live Event හිටන් ගහනවා තව කිව්වොත් Mainstream Media, Animetion and Longevity කියන එවත් ප්‍රසිද්ධියට බලපානවා.
Season 04 ගැන කතා කරොත්, කලින් episodes වල සඳහන් කලා වගේ MAPPA Studio අමාරුවෙන් වැඩ දාහක් අස්සෙ තමයි මේ සීසන් එක එලියට දාන්නෙ. කොලිටි එක WITT Studio එක තරම්ම නැති උනත් එගොල්ලොත් මාර විදිහට මහන්සි වෙලා Characters වල Emotional Feelings සුපිරියට හැදුවා. Eren ගේ චරිතෙ අරන් බලන්නකෝ.
හරි එහෙනම්…අද කතාව දිහාට හැරුනොත්, මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ, ජීක් Paradaise Island එකට විරුද්ධ ව කුමන්ත්‍රණයක් ගැන මාර්ලි ප්‍රධානීන්ට කියන එකක් ගැන. ඒ වගේම ගබී, ෆැල්කො, උදෝ, සොෆියා කියන Candidatesලා රයිනර්ත් එක්ක එගොල්ලොන්ගෙ ගම වන Liberio වලට යනවා. අනිත් ඒවා කියල Spoil කරන්න ඕනේ නැනේ ඉතින්. ඔයාලම බලල රසවිඳින්නකෝ.
අන්තිමට තව දෙයක් කියන්න ඕනේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තමයි මගෙ පලවෙනි Sub එක. ඉතින් මේකෙ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. එකටත් සමාවෙන්න ඕනේ. ඔයාලගේ අදහස් වගේම මගේ අඩුපාඩු තියෙනවනම් ඒවත් comment කරන්න. මං හිතනවා ඔයගොල්ලො මේක හොදට රසවිදීවි කියලා. ❤️

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,765 downloadsDownload Attack.on_.Titan_.S04E02-1.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
29 comments
Samitha
dinul
maru anith tikath ikmanata denna
Geeth
Sasageyo ✊✊
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
දිගටම සබ් අරගෙන එන්නeran
patta sago godak thams me karana wadeta sub nathuwa asarana wela hitiye
Krishan Nishalya
ආදරෙයි යකෝව් ❤❤❤❤❤❤❤❤
Anonymous
අඩෝ උබ මගෙ වීරය යකෝ
Anonymous
අනේ තැන්කිවු .❤️
Anonymous
සබ් එකට ස්තුතියි.දිගටම සබ් එක දෙන්න.
Dasun
මචන් වැඩේ ගින්දර.එකක් කියන්නම් ෆ්බී එකේ ගෲප් වල මේක ශෙයාර් වෙද්දි හෙන දාර්ශනිකයෝ සෙට් එකක් කමෙන්ට් කරයි.අඩෝ මේක ඉංග්‍රීසි සබ් එක එක්ක බලපන් බන් නැතිනම් වැඩක් නෑ අරවා මේවා කියලා සබ් එක හදන එකාටත් බැනලා තමයි උන් ඒක ඉවර කරන්නේ. ඒ නිසා උඹ ඒවට සැලෙන්නෙ නැතුව මේ වැඩේ දිගටම කරන් ගියොත් අපි ඉන්නවා උඹ එක්ක.
Anonymous
Anika bn ♥️
Suraj Chandupa
ආදරෙයි යකෝව් සබ් එක දුන්නට,හෙට ඉදන් ඉතුරු ටික සබ් නැතුව වත් බලනවා කියලා හිතන් ඉද්දි තමා අහම්බෙන් මේක දැක්කෙ ❤️
Anonymous
මන් උබට මල් තියල වදිනව හම්බුනොත් , thanks mchn ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Anonymous
Iwasala iwasala barima thana English sub walin baluwata passe sub daala... Thanks...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් දෙන්න
priyashan gimantha
nidimaragena hari ikkmanata iwara karam
xd
ammooo, patta thanx aa...
kotakethanage
AOT s04-e02 වෙනකන් සබ් දුන්නට ගොඩක් ස්තූතුවන්ත වෙනව... හැබැයි එතනින් පස්සෙ sub නැති එකට නම් කේන්තී ඉතුරු ටිකට sub කෝ...?
xSithum SX
මේ සයිට් එකේ වැඩිපුරම බැනුම් අහපු සීරීස් එක.සබ් හොද නැති කම නිසා නෙවෙයි අතරමගින් නැවතුනු නිසා.ආයෙ මේ සීරීස් එකට සබ් කරපු එකටනම් ගොඩක් පින් අයියෙ.අඩුපාඩු වලින් පාඩම් ඉගනගෙන ඉදිරි ගමන යන්න පුභ පතනවා
Thanks for the sub again ^__^
Kaneki Ken
SHINZOU WO SASAGEYO✊❤️
nipun
adarei yakowww
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dexter
Careful he is a hero <3
මධුසංඛ සංජය බණ්ඩාර
බොහොම ස්තූතියි මිත්‍රයා ❤️
ණසරානි
අඩෝ කියලා වැඩක් නෑ බං පට්ටම වැඩක් සහෝදරයා
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E02] Sinhala Subtitles | ජීක්ගේ වෑයම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



Thanks සහෝ උපසිරැසයට