උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඉතිං ඔන්න අදම දෙවනි කතාංගයටත් උපසිරැසි උණු උණුවෙම අරගෙන එන්න හිතුවා. පලවෙනි කොටස මේ වෙද්දිත් බැලුවා නං ඔයාලට සීරිස් එක යම් තාක් දුරකට සෙට් වෙන්න ඇති කියල හිතනවා. මොකද මට මේ සීරිස් එකෙ ලොකුවට හයිප් එකක් නොතිබුණත් පලවෙනි කොටසෙ අවසානය මං කොහෙත්ම expect කරපු දෙයක් නං නෙවෙයි සිද්ධ වුනේ. ඉතිං ඒ නිසාම පුද්ගලිකව දැනට මට කතාව අල්ලලා ගියා.
ඉතිං Paramount+ එක විශාල අවධානමක් අරගෙන තමයි මේ වගේ Avatar: The Last Airbender යුනිවර්ස් එකෙ මොඩර්න් ටයිප් ඇවටාර් කතාමාලාවක් මේ විදිහට අරගෙන එන්නෙ. එතකොට මේ වෙද්දී Avatar: Seven Havens කතාමාලාවෙ සීසන් කීපයකට දීර්ඝ කරලා තියෙනවා කියලා මේ වෙද්දිත් තහවුරු කරලා තියෙනවා. ඉතිං කතාංගයන් 13 කින් සමන්විත මේ පලවෙනි කතාසමය කතාංගයන් තුන ගානේ සහ හතර ගානේ Paramount+ ඔස්සෙ විකාශය කරන්න තමයි දැන් නියමිතව තියෙන්නෙ.
ඒ අනුව කතාංගයන් නිකුත් වන දිනයන්,
October 9, 2026: Episodes 1–3 (Series Premiere)
October 16, 2026: Episodes 4–6
October 23, 2026: Episodes 7–9
October 30, 2026: Episodes 10–13 (Book 1 Finale) …මේ විදිහට තමයි සඳහන් වෙන්නෙ.
දැන් කතාව පැත්තට හැරුනොත් මුලින්ම The Legend of Korra කතාමාලාව සිදුවී වසර 225 කට පසුව අපිට මේ සීරිස් එක බලාගන්න ලැබෙන්නෙ. ඒ වෙද්දි සෑහෙන දේවල් මොඩර්න් ටයිප් එකකට කොච්චර දියුණුවෙලාද කියලා සීරිස් එක බලද්දී දැක ගන්න පුළුවන් වෙනවා. ඇවටාර් චක්‍රයට අනුව මෙදාපාර ඇවටාර් බිහි වෙන්නෙ භූමිපාලකයෙක් විදිහට. මේකෙ Interesting ම පාට් එක වෙන්නෙ මෙදාපාර අපිට ඇවටාර් ලා දෙන්නෙක්වම බලාගන්න ලැබෙනවා. පලවෙනි කොටස බලපු කෙනෙක් නං ඔයා දැනටමත් මේ කොටස දන්නවා. ඉතිං වැඩිය යමක් සඳහන් කරන්න යන්නෙ නෑ.
එහෙනම් මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ!
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!


Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
1 comment
Pasindu Kalhara
![Avatar: Seven Havens [S01 : E02] Sinhala Subtitles | කුණාටුව තුළට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)



Thanks bro....