Watch Trailer

Avatar: Seven Havens [S01 : E13] Sinhala Subtitles | ඔයයි මේ ලෝකෙ හරිගස්සන යතුර [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියලුම දෙනාට. ඉතිං ඔන්න මේකට උපසිරැසි ගේනකොට ප්‍රමාද වෙලා. ඒකට සමාව භජනය කරනවා සෙට් එකෙන්ම. හිතනවා කට්ටිය තරහා නැතුව ඇති කියලා. මාසයක කාලයක් පුරාවට කතාංගයන් 13 ක අවසානය එක්කලා මා සමඟ රැඳුණ Avatar Seven Havens රසික ඔයාලට මෙතනදි ස්තූතියි කියලා කට්ටියව මතක් කරනවා. 


මුල ලිපි කිහිපයක වගේම මං සඳහන් කරා, මේ වෙද්දි මේ Series එක Season 4 ක් දක්වා එහෙමත් නැත්තම් Books හතරක් දක්වා මේ වෙනකොට දීර්ඝ කරලායි කියලා. ඔව්’ සහ මේ කතාමාලාව මුලදි පැරමවුන්ට් ආයතනය විසින් සැලැසුම් කරලා තිබුනේ කතාංගයන් 26 ක් පුරාවට කතාව ගොඩ නගන්න. නමුත් මේ වෙද්දි ඒ තීරණයන් වෙනස් වෙලා ඔවුන් තීරණය කරනවා මේ කතාංගයන් ටික දෙකකට කඩන්න’ ඒ කියන්නෙ සීසන් දෙකක වෙන් කරන්න (කොටස් 13 ගානේ වෙන්න). එලියට නිකුත්වෙලා තියෙන නවතම දත්ත වලට අනුව මේ ඉතුරු කතාංගයන් 13 ක වැඩ කටයුතු මේ වෙද්දිත් අවසන් සහ ඔවුන් ඒ නුදුරුම දිනකදි එය නිකුත් කරනවත් කියලා තොරතුරු සඳහන් වෙනවා. ඒත් අපි දන්නෙ නෑ හරියටම දවසක් පිළිබඳව. ඒ මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ මැද වෙන්නත් පුළුවන්, නැත්තම් ලබන වසරේ මැද හරියක් වෙද්දි වෙන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන්නෙ එනකං බලාගෙන එන්න විතරයි.

මේ කතාමාලාව පාදක වෙන්නෙ අවහිර වුනු තමන්ගෙ චක්‍රයන් නැවත විවෘත කරගන්න ඇවටාර් විසින් යෙදෙන ඇවටාර් චාරිකාව වටා කියලා ඔයාලට මං කලින් ලිපියකත් සඳහන් කරා වගේම මේ වෙනකං කොටස් බලපු ඔයාලත් ඒක දන්නවා. එතකොට මේ කතාංගය නම් වෙලා තියෙන්නෙ The Root Chakra එහෙමත් නැත්තම් ‘මූල චක්‍රය’ කියලා. අද මං ලිපියෙ නම වෙනස් කරා, ‘ඔයයි මේ ලෝකෙ හරිගස්සන යතුර’ විදිහට. ඒකට හේතුව සහ මොන විදිහට අද ඇවටාර් තමන්ගෙ මූල චක්‍රය විවෘත කරන්නෙ කියලා මේ කතාංගයෙන් අපූරුව බලාගන්න පුළුවන්. ඇත්තටම මං මුල ඉඳන් නොහිතපු විදිහට කතාසමයක අවසානය මේකෙ සනිටුහන් කරන්න පුළුවන් වෙලා තියෙනවා දැක්කම පෞද්ගලිකවම මාරම සතුටක් දැනුණා. ඉතිං ඒක ඔයාලත් ඒ විදිහටම විඳින්න, තවමත් බලපු නැති කෙනෙක් ඉන්නවා නං, බලන්න ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා.

පුළුවන් හැමෝම කමෙන්ට් එකකුත් හලාගෙන යන්න.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Rank: Gold
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

2 comments

  1. Ishan Kavinda

    Thans අයියේ සබ් එකට♥️ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේක❤️‍🔥Avatar the last airbender කතාව The Legend of korra කතා මලාව සහ Avatar seven havens මේ කතා මලා තුනටම සබ් දිලා තියෙන්නේ බයිස්කොප් එකේන් විතරයි .එකට බොහොම ස්තුතියි♥️The legend of korra කතාවේ Book 1 එකේ එපිසොඩ් 12 එ වගේම Book 2 එකේ පලවෙනි එපිසොඩ් දෙකේ Sub Downlod කරගන්න බැ expire වෙලා පුලුවන් නම් ඒ ටිකත් update කරන්න

    Reply
  2. HG

    බොහොම ස්තූතියි සහෝ තමන්ගෙ වටිනා කාලය වෙන් කරගෙන සම්පූර්ණ season එකටම අපි වෙනුවෙන් sub ගෙනාවට ♥️

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.