
ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවුණු තවත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියක්.
කතාවේ නම තමයි High and Low (1963) (ජපන් බසින්: Tengoku to Jigoku). ලෝක ප්‍රකට ජපන් ජාතික අධ්‍යක්ෂක Akira Kurosawa ගේ විශිෂ්ටතම නිර්මාණයක් වෙන මේක Crime / Drama / Thriller ගණයට තමයි අයිති වෙන්නේ. සුපිරි නළු Toshiro Mifune ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටයට මේ වෙද්දී IMDb දර්ශකයේ 8.4/10 ක ඉහළම අගයක් අරගෙන Top 250 ලැයිස්තුවේ ඉන්නත් පුළුවන් වෙලා තියෙනවා.
කතාව පටන් ගන්නේ ජපානයේ ඉන්න ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන 'කින්ගෝ ගොන්ඩෝ' වටා. එයා තමන්ගේ මුළු සේසතම වියදම් කරලා, එයා වැඩ කරන සපත්තු සමාගමේ අයිතිය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්න ලොකු සූදානමකින් ඉන්න වෙලාවක, එයාට හිතාගන්නවත් බැරි දුරකථන ඇමතුමක් එනවා. ඒ තමයි එයාගේ පුතාව කවුරුහරි කප්පම් කල්ලියක් පැහැරගෙන, ලොකු මුදලක් ඉල්ලන එක.
හැබැයි මේ කතාවේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ඒක නෙවෙයි. කප්පම් කල්ලියට ලොකු වැරදීමක් වෙලා තියෙනවා. එයාලා පැහැරගෙන ගිහින් තියෙන්නේ ගොන්ඩෝගේ පුතාව නෙවෙයි, එයාගේ රියදුරාගේ පුතාවයි!
තමන්ගේ කිසිම ලේ සම්බන්ධයක් නැති, තමන්ගේ සේවකයෙකුගේ දරුවෙක් වෙනුවෙන් තමන් ජීවිත කාලයම මහන්සි වෙලා හම්බකරපු හැමදේම නැති කරගන්න ගොන්ඩෝ ලෑස්ති වෙයිද? සල්ලිද, මනුස්සකමද කියන මේ ලොකු මානසික ගැටුම වගේම, මේ ළමයාව හොයාගන්න පොලීසිය දියත් කරන අතිශය තියුණු මෙහෙයුම මේ චිත්‍රපටයෙන් හරිම තාත්විකව පෙන්නුම් කරනවා.
පොලිස් පරීක්ෂණයක් කොයි තරම් සූක්ෂමව සිද්ධ වෙනවාද කියලා බලන්න ආස කෙනෙක්ට කිසිම කම්මැලිකමක් නැතුව, අන්තිම තත්පරය වෙනකල් උපරිම කුතුහලයකින් බලන්න පුළුවන් පට්ටම කතාවක් කියලා මම සහතික වෙනවා. කලින් ෆිල්ම් වලට වගේම මේකටත් ඔයාලගේ අදහස් යටින් දාගෙන යන්න. ජය වේවා!


Subtitles
- #Editor's Pick
- #High and Low (1963) Sinhala Sub
- #High and Low (1963) Sinhala Subtitles
- #High and Low Sinhala Sub
- #High and Low Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement