උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන්, ඉතිං ඔන්න පරක්කු වෙලා ඔන්න කොහොම හරි Avatar: Seven Havens සීරිස් හයවෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. කලින් එපියෙදි සඳහන් කරා වගේම වැඩත් එක්ක සෑහෙන දවසක් ප්‍රමාද වුනා උපසිරැසිය අරගෙන එන්න. ඉතිං ඒකට මුලින් සමාව ඉල්ලනවා කස්ටියගෙන්. හිතනවා කට්ටිය තරහා නැතුව ඇති කියලා.
කලින් කොටස ලාවට වගෙ පොඩියට මතක් කරන්නම්,
පස්වෙනි කොටසෙදි වෙන්නෙ සුපුරුදු පරිදි නිෂා සහ පවී කමාන්ඩර් කාර්තික්ගෙ අනුගාමිකයන්ගෙ යටතේ පුරුදු පුහුණු වෙනවා. ඒ අතර දැන් එලෝරාව පුරාම ‘ඇවටාර් භට කණ්ඩායමේ හැංගිලා ඉන්නවා’ කියන ආරංචිය දිගටම පැතිරෙනවා. මේකෙ දැඩි චෝදනාව එල්ල වෙන්නෙ කෙලින්ම චෑන්ස්ලර් වෙත. ඉතිං මීට කලින් ඇවටාර්ව තමන්ගෙ ඇස් දෙකෙන්ම දැකපු භට කණ්ඩායමේ සාමාජික මොලීන්, චෑන්ස්ලර් ව අල්ලාගෙන තර්ජනය කරනවා එලෝරා ජනතාව ඉදිරියේම ඇවටාර් ගැන ඇත්ත පහදන්න කියලා. වහාම ක්‍රියාත්මක වන කාර්තික් ඔහුව වළක්වා අත්අඩංගුවට ගන්නවා. මේ අතරේ පවී සහ නිෂා හොර රහසේම කාර්තික්ගෙ කුටිය රිංගන්නෙ තමන්ගෙ දෙමාපියන් ගැන මොනවහරිම දෙයක් කාර්තික්ගෙ වාර්තා අතර ඇති යැයි හිතමින්. නමුත් ඔවුන්ට නොහිතන අන්දමින් කාර්තික්ගෙ කුටියෙ තුළ තිබිලා රහස් දොරටුවක් විවෘත කරගන්න ලැබෙනවා. පසුව කාර්තිකුත් පැමිණිමෙන් පසුව දෙමාපියන්ගෙ යම් තරමේ විස්තරයක් කාර්තික්ගෙන් නිෂාට සහ පවීට දැනගන්න ලැබෙනවා.
එහෙනම් ඔය ටික තමා සරලව කලින් කොටසෙදි වුනේ. එහෙනම් ඕකත් මතක් කරගෙනම අද කොටස බලන්න.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 132
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
9 comments
Tharusha

රුක්ෂාන් ඛාන්Subtitle author
ස්තූතියි මල්ලි ඔයාගෙ කමෙන්ට් එකට 🙌🔥 BZ Clayface event එක පහු වුනාම තමයි ආයෙත් උපසිරැසි ගේන්න වෙන්නෙ
Ravindhu Dhamketh
මචන් අපි දන්නවා උබට වැඩ ගොඩක් තියේ එ අස්සේ මෙකට සබ් ගෙන්නේ කියලා.මචන් එ උනාට මෙක සිකුරාද එන්නේ. මාර ආසවෙන් ඉන්නේ මෙක බලන්න පුලුවන් නම් මුල් එපිසොඩ් තුන වගේ සිකුරාද සෙනසුරාද ඉරිදා ඇතුලත දෙන්න බලපන්🥹මොකද පහු වෙන්න් පහු වෙන්න එපා වෙනවා🫠
![Avatar: Seven Havens [S01 : E06] Sinhala Subtitles | පීඩිතයන්ගෙ රාත්‍රිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
Thanx ayye sub ekata .... next episode tikatath puluwan ikmain ooni