උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියලුම දෙනාට. ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ පලවෙනි ග්‍රන්ථයේ අවසානය සනිටුහන් කරන කොටසට කලින් කොටස. අවසන් කොටස් දෙක බලන්න පවා මට ප්‍රමාද වීමක් සිද්ධ වුනා, ඒ කාරණාව නිසාමයි උපසිරැසි අරගෙන එන්නත් තරමක ප්‍රමාද වීමක් සිද්ධ වුනේ. ඉතිං කතාංගයන් දෙක බලපු හැටියෙම උපසිරැසි අරගෙන එන්න හිතුවා වගේම ගෙනාවා.
කලින් ලිපියෙදි මං චක්‍රය හත ගැන සඳහන් කිරීමක් හා විස්තර කිරීමක් සිද්ධ කරා. ඒ කියන්නෙ අපිට දැන් මේ වෙද්දි පැහැදිලි වෙලා තියෙනවා, මෙදාපාර මේ ඇවටාර් කතාමාලාව ගලාගෙන යන්නෙ තමන්ගෙ චක්‍රයන් අවධි කරගන්නා මෙහෙයුම වටා කියලා. එහෙනම් දැන් වැඩි කතාවක් නැතුව කලින් කොටස මතක් කරගෙනම අද කතාව බලන්න ගමු.
“ මුහුණු නැත්තන්ගෙ රැජින වන අගම්, පවීව සහ නිෂාව හොයාගෙන ඔවුන් දැනට වාසය කරන තැනට ඒ කියන්නෙ නටඹුන් අතරට එක්කගෙන එනවා. එහිදී එලෝරා වලදි ඇවටාර්ට නොලැබුණු පිළි ගැනීම මෙහෙදි නොඅඩුව නිෂාට ලැබෙනවා. තමන් තනිවම හාෂ්ලෑන්ඩ්ස් වල ඉඳන් විෂමතා පළිඟුවක් අල්ලලා දැකපු මතකය නිෂා දිගින් දිගටම පවීගෙන් වසන් කරනවා. ඒ අතරේ චෑන්ස්ලර් විසින් ඇවටාර් නටඹුන් අතර ඉන්නා බව ඔත්තු කාරයන් ඔස්සෙ දැනගෙන බලශක්තිය ජලාශය ඔස්සෙ නටඹුන් අතරට එවන්න සැලසුම් කරනවා. ඉතිං මේ අතරේ පවී, නිෂාට තමන්ගෙ ධාතු පාලන බලය ලබාගන්න විවිධාකාරයෙන් උත්සහ කළත් අවසානයේ නිෂා විසින් පිළිගන්නවා තමන්ට ධාතු පාලනය නැතිවුනේ නැති බවත්, තමන් යම් දෙයකට බියට පත්වී ඉන්න බවත්. ඒ අතර අවසානයේ ජේ විසින් පවී සහ නිෂා සිටින තැනට පැමිණෙනවා. නටඹුන් අතර ඉන්නා මුහුණු නැත්තන්ට අභියෝගයක් වන්නෙ ජලාශය දිගේ චෑන්ස්ලර් විසින් එවනා ලද බලශක්ති ද්‍රාවණයයි. ඒත් එක්කම එම ස්ථානය කඩා වැටෙද්දි අගම් විශාල උත්සහයක් දරනවා එය වැළකීමට. එයට පවී, නිෂා සහ ජේ පවා උදව් කරනවා. අනිත් මුහුණු නැත්තන්ට එලියට පැනගන්න මොවුන් ඉඩසසර සලසනවා. නමුත් චෑන්ස්ලර් සැලසුම් කර පරිදිම මුහුණු නැත්තන් එලියට එන මොහොතේම රැකලා සිට පහර දීලා ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා.”
ඔන්න ඔය විදිහට තමයි එකොළොස් වන කතාංගය අවසන් වුනේ. එහෙනම් අවසන් කොටසින් ඉක්මනින්ම මුණ ගැහෙමු. කමෙන්ට් දාගෙන යන්න අමතක කරන්න එපා!
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 133
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
3 comments
Sandaru
![Avatar: Seven Havens [S01 : E12] Sinhala Subtitles | ගෝලාකාර ශක්ති ව්‍යුහය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
Thanks