උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
පෙර කොටසින්...
මේ කොටස පටන් ගන්නේ විල් ආපහු 'වරම් ලැබූ අය' අතරට එන සිදුවීමෙන්. වනචාරීන් ළඟ හිටපු විල්ව දැන් පාට කරලා, වෙනස්ම විදියකටයි ඉන්නේ. මේ මිනිස්සු විල්ව සලකන්නේ එයාලගේ 'දේවවැකිකරු' විදියටයි. ඒ වගේම එයාලා බලාපොරොත්තු වෙනවා විල් එයාලට 'නැති වූ වචනයක්' කියයි කියලා. හැබැයි ඇත්තම කතාව තමයි, විල් එහෙම වචනයක් දන්නේ නෑ. ඇන්ඩෘ මේ බොරුව කියලා තියෙන්නේ ඒ වෙලාවේ එයාලගේ ජීවිත බේරගන්න වෙන කරන්න දෙයක් තිබුණු නැති නිසයි. මේ නිසා විල් ඉන්නේ ලොකු පීඩනයකින්.
මේ මිනිස්සු තමන්ව පාවිච්චි කරනවා කියලා තේරුම් ගන්න විල්, තමන්ගේ යාළුවෝ එක්ක තරහින් ඉන්නේ. මේ අස්සේ කඳවුරේ ඉන්න 'මේරි' කියන පොඩි ගෑණු ළමයා කැලේදී අතුරුදහන් වෙනවා. මේරිගේ අම්මා කෑගහලා කියනවා "දෑස්" නැවතත් පැමිණිලා කියලා. එයාලා මේ "දෑස්" කියලා කියන්නේ අවුරුදු 2කට කලින් කඳවුරට පහර දීපු මිනීමස් කන මෘගයෙකුටයි. කට්ටියම එකතුවෙලා මේ මෘගයාගෙන් ආරක්ෂා වෙන්න රෑට මුර කරනවා.
කඳවුරේ ඉන්න අයගෙන් විල්ට ලොකු බලපෑමක් ආවත්, කොල්ලා රෑ තනියම කැලේට යනවා. කොල්ලට වරම් ලැබූ අයගේ 'රක්ත දේවතාවිය' කතා කරනවා වගේ දැනෙනවා. කොහොමහරි විල්ට පුළුවන් වෙනවා මේරිව හොයාගන්න, මේ නිසා කඳවුරේ මිනිස්සු හිතන්නේ විල් දිවැසිවරයෙක් වගේ මායාකර්මයක් කළා කියලයි.
මේ මෘගයා (ජගුවාර් සතෙක්) තාමත් එළියේ ඉන්නවා. විල් කින්ච්කගෙන් දැනගන්නවා, මේ මෘගයා වනචාරී නායක ජැකාගේ මැරුණු පුතාගේ ආත්මයෙන් ආවේශ වෙලා ඉන්න සතෙක් කියලත්, මූ තමන්ගේ මරණය වෙනුවෙන් කරපු පුදකිරීමක් කියලත්. මේ වෙච්ච හැමදේකටම තමන් වගකියන්න ඕනේ, මේක ශාපයක් කියලයි විල් දැන් හිතන්නේ. ඒ නිසා කොල්ලා තීරණය කරනවා මේ සටන තනියම තනියම අවසන් කරන්න ඕනේ කියලා.
අන්තිමට ලොකු සටනකින් පස්සේ ජගුවාර්ව මරන්න මෙයාලට පුළුවන් වෙනවා. නමුත් අන්තිමේදී මෙයාලා දැකලා පුදුම වෙනවා මේ මරපු සතා සුදු පාට ජගුවාර් කෙනෙක් කියලා. කතාව ඉවර වෙන්නේ, "නපුර නිදහස් වූ පසු... එය තේරුම් ගැනීමට අපහසුයි" කියන හරිම අද්භූත කතාවකින්.


- Ratings
- Reviews
- 0
- Subtitles
- 240
- Downloads
- 454.7K
- Readers' rating
- No reviews yet
Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Subtitles
- #David Oyelowo
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Rashida Jones
- #Rebecca Ferguson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
