උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් නැවත වරක් බයිස්කෝප් වාසී, බයිස්කෝප් ලෝලි හැමෝටම. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, Avatar: Seven Havens කතාමාලවෙ එකොලොස් වන කතාංගය. කතාමාලාවෙ මුල ඉඳලම සෑහෙන හොඳ මට්ටමකට ගලාගෙන යන මේ කතාව කට්ටිය තවමත් සෑහෙන උනන්දුවකින් යුතුව බලන්න ඉන්නෙ කියලා දන්න නිසාම, ටග්ගාලා මේකත් ගේන්න හිතුවා. දැන් මං මේ එකොලොස්වන කතාංගය ගේන අතරේ පලවෙනි සීසන් එක අහවරයි කියලා ඔයාලා මේ වෙද්දි දන්නවනෙ, ඔන්න ඉතිං මේ වෙනකොට මේ සීරිස් එක IMDb අගය 8/10 වගේම Rotten Tomatoes දර්ශකයේ අගය 100% ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. ඉතිං ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙ මේ සීරිස් එකෙ මුල් ආගමනය කොච්චර නං දුරට අති සාර්ථකද කියලා.
Avatar: Seven Havens තුළ අපිට දකින්න ලැබෙන සිතියම / ක්ෂේමභූමි ටික

සප්ත ක්ෂේමභූමි වලට සාපේක්ෂව අදාල වන චක්‍ර හත මේ විදිහට පහලින්, ලිඛිතව සහ රූපරාමුවක් තුළින් පැහැදිලිව බලාගන්න පුළුවන්.

Crown Chakra (මුදුන් චක්‍රය - සහස්‍රාර)
● අර්ථය/ගුණාංග: දැනුම, විඥානය, පූර්ණත්වය සහ අධ්‍යාත්මිකත්වය.
● ආදර්ශ පාඨය: "I Understand" (මම තේරුම් ගන්නවා).
Third Eye Chakra (තෙවන නෙත් චක්‍රය - ආඥා)
● අර්ථය/ගුණාංග: ස්වභාවික ඥානය, පැහැදිලි බව, භාවනාව සහ විශ්වාසය.
● ආදර්ශ පාඨය: "I See" (මම දකිනවා).
Throat Chakra (ග්‍රීවා චක්‍රය - විශුද්ධි)
● අර්ථය/ගුණාංග: සන්නිවේදනය, ප්‍රකාශනය, නිර්මාණශීලිත්වය (ආස්වාදය/ප්‍රාණවත් බව).
● ආදර්ශ පාඨය: "I Talk" (මම කතා කරනවා / ප්‍රකාශ කරනවා).
Heart Chakra (හෘද චක්‍රය - අනාහත)
● අර්ථය/ගුණාංග: පිළිගැනීම, ආදරය, කරුණාව සහ අවංකභාවය.
● ආදර්ශ පාඨය: "I Love" (මම ආදරය කරනවා).
Solar Plexus Chakra (නාභි මණ්ඩල චක්‍රය - මනිපුර)
● අර්ථය/ගුණාංග: ශක්තිය, පෞරුෂය, බලය සහ අධිෂ්ඨානය.
● ආදර්ශ පාඨය: "I Do" (මම ක්‍රියාත්මක කරනවා).
Sacral Chakra (ශ්‍රෝණි චක්‍රය - ස්වාධිෂ්ඨණ)
● අර්ථය/ගුණාංග: සංවේදීතාව, ලිංගිකත්වය, සතුට සහ සමාජශීලීභාවය.
● ආදර්ශ පාඨය: "I Feel" (මට දැනෙනවා).
Root Chakra (මූලාධාර චක්‍රය - මූලධර)
● අර්ථය/ගුණාංග: ශක්තිය, ස්ථාවරත්වය, සැනසීම සහ ආරක්ෂාව.
● ආදර්ශ පාඨය: "I Am" (මම ඉන්නවා/පවතිනවා).
සප්ත ක්ෂේමභූමි වලට පාදක වන චක්‍ර ගැන සරලව මෙහෙම හැඳින්වීමක් කළේ කතාව ඇතුලේ චක්‍ර ගැන මේ කතාංගයේදි පොඩියට වගෙ හැඳින්වීමක් කෙරෙනවා. කතාංගයේදි ඒ ගැන ගැඹුරින් තවම කතා නොකෙරුන නිසා ඒ ගැන පොඩියට සරලව අදහසක් දෙන්නයි මං චක්‍ර ගැන හැඳින්වීමක් ගෙනාවෙ.
දැන් ඉතිං මීට කලින් කොටස, ටිකක් මතක් කරගෙනම අද කොටස බලමු,
නිෂා ඇවටාර් බව එලෝරා වැසියන්ට අණාවරණය වුනායි පස්සෙ, මේ වෙද්දි සති දෙකක් පමණ ගතවෙලා. කාර්තික් ඇතුළු ධවල නෙළුමේ අනෙක් සාමාජිකයන්ව හිරගත කරලා. නිෂා මේ වෙද්දි ඉන්නෙ එලෝරා වලින් පිටත සැඟවී ජීවත් වෙද්දි. පවී තවමත් එලෝරා වල හැංගිලා ජීවත් වෙනවා. මේ වෙද්දි පවී කුරුමිණි හොරකම් කරපු කොලු ගැටයා එක්ක මිතුරු වෙලයි ඉන්නෙ. ඒත් නිෂාගෙ එහෙමත් නැත්තම් ඇවටාර්ගෙ නිවුන් සහෝදරියව අල්ලා දෙන කෙනෙකුට විශාල තෑග්ගක් දෙනවයි කියලා පැතිරෙන ආරංචිය හමුවේ ඒ කොලු ගැටයාත් පවීව පාවා දෙනවා. නමුත් ඇය එතනින් ගැලවී පැනගන්නවා. පවී කෙලින්ම යන අතරමඟ ඇයට බ්‍රිස්ල්තෝන් ගහ හමුවනවා. ඒ අතර නිෂාට ඇයට ආත්ම ලෝකෙ එක් ආත්මයක් හමුවනවා. ඒ ආත්මය විසින් නිෂාව යම් නිෂ්චිත තැනකට එක්කරගෙන එනවා. මේ අතරේ පවීට තමන්ගෙ දෙමාපියන් හා ගත කරපු කාලය මතක් වෙන්නෙ ඔවුන් ජීවත්වුනු නිවස හොයාගත්තයි පසුවයි. නිෂාට ඇතිවන කම්පන තත්වය ඔස්සෙ පවීද ඉතාමත් වේගෙන් ඇය සිටිනා දිහාවට ඇයව හොයාගෙන එනවා. නැවතත් සහෝදරියන් දෙදෙනා එක්කාසු වෙනවා. ඒත් හැරෙන මත්තෙන් විශාල වැළි කුණාටුවකින් ඔවුන් දෙන්නව වැසී යනවා. බලද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි, මුහුණු නැත්තන්ගෙ රැජින වන අගම් තමා ඔවුන්ව මේ විදිහට බේරගන්නෙ. ඊගාවට ඇය පවීව සහ නිෂාව මුහුණු නැත්තන් හා ජීවත් වන තැනට එක්කරගෙන යනවා.
ඔන්න ඔය විදිහට තමා කලින් කොටස අවසන් වෙන්නෙ. එහෙනම් අද කොටස ඔයාලම බලලා රස විඳින්නකො. එහෙනම් අදට මං මෙතනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 132
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
5 comments
Ishan Kavinda
![Avatar: Seven Havens [S01 : E11] Sinhala Subtitles | නටඹුන් අතර සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
Thans Aiya ,අයියගේ වැඩ අස්සේ Sub එක් ඉක්මනින්ම දුන්නට♥️