උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ බෙන් 10 සීසන් 2 එපිසෝඩ් 11-12-13ට සින්හල සබ් එක. එකොළොස්වැනි කොටස ආරම්භ වෙන්නේ ඩීඑන්ඒලියන්ලා විසින් කරන රහසිගත කැණීමක් අතරතුර පොළොව යට වැළලී තිබුණු අද්භූත පිටසක්වල යානයක් හමුවීමත් සමඟයි. මේ යානයෙන් එළියට එන අමුතු ජීවියෙක් නගරය පුරා සැරිසරමින් දේවල් විනාශ කරනවා කියලා ලැබෙන ආරංචියක් මත බෙන්, ගුවේන් සහ කෙවින් ඒ ගැන හොයන්න යනවා. මුලදී මේ සතාව භයානක හතුරෙක් විදිහට පෙනුණත්, ඇත්තටම මේ ජීවියා කවුද සහ එයා මේ කරන දේවල් පිටිපස්සේ තියෙන සංවේදී කතාව මොකක්ද කියලා ගුවේන් තේරුම් ගන්නවා. හැබැයි ඩීඑන්ඒලියන්ලා මේ ජීවියා පස්සෙන් පන්නන්නේ උන්ගේ ලොකු සැලසුමකට ඕන කරන බල සම්බන්ධකයක් (power coupling) මේ සතා ළඟ තියෙන නිසයි.
දොළොස්වැනි සහ දහතුන්වැනි කොටස් දෙකෙන් දිගහැරෙන්නේ දෙවැනි කතා සමයේ අවසාන මහා සංග්‍රාමයයි. හයිබ්‍රිඩ්ලාගේ ප්‍රහාරක යානා බලඇණිය විසින් මුළු මන්දාකිණියේම උසස්ම තාක්ෂණය තියෙන ගැල්වින් (Galvan) ග්‍රහලෝකය පවා විනාශ කරලා, ඊළඟට කෙලින්ම පෘථිවිය විනාශ කරන්න සූදානම් වෙනවා. මේ අතරේ මහාචාර්ය පැරඩොක්ස් සහ ඇස්මිත් පෘථිවියට ඇවිත් බෙන්ට බල ඔරලෝසුව (Omnitrix) නිර්මාණය කිරීමේ සැබෑම අරමුණ සහ ඒකේ සැඟවුණු දැවැන්ත රහස හෙළි කරනවා.
පෘථිවිය බේරගන්න නම් හයිබ්‍රිඩ්ලා ලොස් සොලෙඩාඩ් (Los Soledad) වල හදන අධි-අවකාශ දොරටුව (Hyperspace Jump Gate) ක්‍රියාත්මක වෙන්න කලින් නවත්තන්නම සිද්ධ වෙනවා. මේ තීරණාත්මක සටන තනියම කරන්න බැරි නිසා, බෙන් ඇතුළු කණ්ඩායමට එයාලා කලින් මුණගැහුණු පැරණි මිතුරන් වගේම හිතාගන්නවත් බැරි හතුරන්ගේ පවා උදව් ලබාගෙන එකම කණ්ඩායමක් විදිහට පෙරමුණට යන්න සිද්ධ වෙනවා.
කතාවේ අවසානය Spoiler නොකර කිව්වොත්, මේ කොටස් තුනෙන්ම බල ඔරලෝසුවේ සම්පූර්ණ බලය අවදි වෙන හැටිත්, හයිබ්‍රිඩ්ලා මෙච්චර කාලයක් විශ්වය විනාශ කරන්න හදපු එක පිටිපස්සේ තියෙන අදහාගත නොහැකි රහසත්, බෙන් තමන්ගේ නායකත්වයෙන් මුළු විශ්වයේම ඉරණම වෙනස් කරන උද්වේගකරම සටනත් හරිම අපූරුවට බලාගන්න පුළුවන් එහෙනන් ඊලඟ සීසන් එකෙන් අපි ඉක්මනටම හමුවෙමු එතකන් ජය වේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 36
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Ben 10 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2
- #Ben 10: Alien Force Season 2 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2 Sinhala Subtitles
- #Ben 10: Alien Force Sinhala Sub
2 comments
Sandaru


Thanks