Watch Trailer

Sumo Didi (2023) Sinhala Subtitles | තමන්ගේ දුර්වලකමම ශක්තියක් කරගත් හේතල්ගේ කතාව [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

සුබ දවසක් හැමෝටම අද මං අරන් ආවෙ 2023දී තිරගත වුණු Sumo Didi කියන්නේ ඉන්දියාවේ පළමු වෘත්තීය කාන්තා සුමෝ මල්ලවපොර ක්‍රීඩිකාව ලෙස සැලකෙන හේතල් ඩේව්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු හින්දි චිත්‍රපටයක්. ජයන්ත් රෝහත්ගි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ හේතල්ගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රියම් භග්නානි. චෛතන්‍ය ශර්මා, අනුභා ෆතේපුරියා, නිටේෂ් පාණ්ඩේ සහ රාඝව් ධීර් ඇතුළු නළු නිළියන් පිරිසකුත් මෙයට එක්වෙනවා. ක්‍රීඩාවට අමතරව ජීවිතයේ අභියෝග, සමාජයේ ආකල්ප සහ තමන්ගේ හීන වෙනුවෙන් සටන් කිරීම වැනි තේමාත් මේ චිත්‍රපටයෙන් කතාබහට ලක් වෙනවා. 8.7ක ලොකු IMDb අගයක් ලැබිලා තියන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේ චිත්‍රපටිය කොච්චර විශිෂ්ටද කියලා.. සාමාන්‍ය ක්‍රීඩා චිත්‍රපටයකට වඩා වෙනස් කතාවක් බලන්න කැමති අයට Sumo Didi කියන්නෙ හොඳ තේරීමක්.

කතාව පැත්තට හැරුනොත්, හේතල් කියන්නේ තමන්ගේ ශරීරය ගැන අනිත් අය දරන අදහස් නිසා ජීවිතේ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන තරුණියක්. සමාජයේ ගොඩක් අය ලස්සන ගැන, ශරීරයේ හැඩය ගැන සහ ගැහැනු කෙනෙක් වෙන්න ඕනෙ කොහොමද කියන එක ගැන හිතන විදිහ නිසා ඇයටත් ලේසි ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඇගේ ජීවිතයට සුමෝ මල්ලවපොර ක්‍රීඩාව එකතු වුණාට පස්සේ, ඇය තමන් ගැන හිතන විදිහ ටිකෙන් ටික වෙනස් වෙනවා. හැබැයි ඒ ගමන හිතන තරම් ලේසි නැහැ. අලුත් ක්‍රීඩාවක් ඉගෙන ගන්න එක වගේම, තමන්ව පහත් කරලා දකින අයගේ අදහස්වලට මුහුණ දෙන්නත් ඇයට සිද්ධ වෙනවා. ජපානයේ පුහුණුවීම්, ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපකිරීම් සහ තමන්ගේ හීනය සැබෑ කරගන්න ඇය දරන උත්සාහයත් එක්ක කතාව ඉස්සරහට යනවා. ඒ නිසා මේක සුමෝ තරග ගැන විතරක් කියන චිත්‍රපටයක් නෙවෙයි. අනිත් අය තමන් ගැන මොනවා කිව්වත්, තමන්ගේ වටිනාකම තමන්ම තේරුම් අරගෙන හීන වෙනුවෙන් ඉස්සරහට යන කෙනෙක්ගේ කතාවක්. හේතල්ගේ ගමන අවසානයේ කොතැනින් නවතියිද කියලා නොදැන, ඇය මුහුණ දෙන අභියෝගත් එක්ක මේ කතාව රසවිඳින්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපි අපේ දුර්වලකමක් කියලා හිතන දේම, අපේ ලොකුම ශක්තිය වෙන්නත් පුළුවන්.

තවත් මේ වගේ ලස්සන නිර්මාණයකින් හම්බුවෙනකං ජය වේවා ඔයාලා හැමෝටම.

Rank: Bronze
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.