උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
මේකේ කතාව මෙහෙමයි. ආනන්ද් එහෙමත් නැත්නම් මිස්ටර් බච්චන් කියන්නේ ඉන්දියානු ආදායම් බදු නිලධාරියෙක්. මෙයා නිතිය තිතට කරන කෙනෙක් හින්දා මාරුවීම් වැඩ තහනම් ඒවත් එනවා. ඔන්න ඔහොම අවස්ථාවක තමයි ආයෙමත් සුපුරුදු විදිහට එයාට ආයේ රස්සාව හම්බවෙන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි උසස්විමකුත් එක්ක. ඒ වෙන මොකටවත් නෙවෙයි, පළාතේ ඉන්න ලොකුම වැටලීමක් කරන්න.
ඒකත් කරන්නේ පළාතේ ඉන්න ලොකුම මැරයගේ ගෙදර.. ඒ වෙන කවුරුවත් නෙවෙයි, මුත්‍යම් ජග්ගයියා.. එයාගේ ගෙදරට අනවසරයෙන් කාටවත් ඇතුළු වෙන්න බෑ.. එහෙම ගියපු ආදායම් බදු නිලධාරීන්ට යන්න වුනේ හමස් පෙට්ටියේ. මේ සැරේ ඒ වැඩේට අහුවෙන්නේ මිස්ටර් බච්චන්.. ඒ එයාගේ ගෙදර වැටලීමක් කරන්න කියලා නියෝගයක් ආපු නිසා..
වැඩේ ගොඩ ගියාද නැද්ද කියන එක ඔයාලට භාරයි.
සුපුරුදු විදිහට ඔන්න තවන් තෙලිගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මං ආවේ. මේ තමයි කලින් කරපු සෙට් එකේ අන්තිම උපසිරැසිය. ආයේ කොයිවෙලේ මාව දකින්න ලැබෙයිද දන්නේ නෑනේ. ඒ හින්දම ඔන්න මේකත් ගෙනාවා.
එහෙනම් යමුකෝ විස්තරේට.
2024 අගෝස්තු 15 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Mr. Bachchan. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ උස්තාද් භගත් සිං, ගබ්බර් සිං, ගඩ්ඩාලකොන්ඬා ගනේෂ් චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු හරිෂ් ශංකර්ගෙන්. රචනයත් එයාමයි කරන්නේ. තිර රචනය Satish Vegesna, Ramesh Reddy, Praveen Varma, Dattatreya, Tanvi Kesari කියන අයගෙන් වෙනකොට කතාව දෙන්නේ Ritesh Shah ගේ අතින්. මේකේ නිෂ්පාදනය T. G. Vishwa Prasad, Vivek Kuchibotla, Bhushan Kumar, Krishan Kumar, Abhishek Pathak Kumar, Mangat Pathak යන අයගෙන් වෙනවා. සංගීත අධ්‍යක්ෂණය Mickey J. Meyer ගෙන්.
රංගනයෙන් මාස් මහරාජ් රවී තේජා, භාග්‍යා ශ්‍රී බෝස්, ජගපති බාබු, බාබු මෝහන්, සත්‍යම් රාජේශ්, අඩුකාලම් නරේන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙද්දී ස්ටාර් බෝයි සිද්ධු ජෝන්නලගඩ්ඩා විශේෂ රංගනයෙන්ද, සංගීත අධ්‍යක්ෂක රොක්ස්ටාර් දේව් ශ්‍රී ප්‍රසාද් එක ගීතයක විශේෂ පෙනී සිටිමක්ද කරනවා.
මේ චිත්‍රපටයේ ආදායම සහ පිරිවැය ගැන කිව්වොත්, කෝටි 70ක පිරිවැයකින් හදපු මේ ෆිල්ම් එකට ලබාගන්න පුළුවන් වුනේ කෝටි 10ක් වගේ ගානක්. ඒ වගේම මේ චිත්‍රපටය 2018 දි නිකුත් කරපු Raid කියනහින්දි චිත්‍රපටයේ අනුවාදයක්ද වෙනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 3.6/10 කුත්, Letterboxd අගය 2.1/5කුත් ලබා දීලා තියෙනවා.
OTT ගැන කිව්වොත් Netflix හරහා 2024 අවුරුද්දේ සැප්තැම්බර් 12 වෙනිදා මේ චිත්‍රපටයේ පිටපත් නිකුත් වුණා..
පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.
එහෙනම් ඉතින් ආයේ මං කවද එයිද නැද්ද දන්නේ නෑ.. ඒත් කොහොමහරි එකක් ගෙන එන්න උත්සහ කරන්නම්. ඉස්සරහට හොද ෆිල්ම්ස් එන්න තියෙනවා. ඒවත් රසවිදින්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම මං එහෙනම් යන්නම් ඈ.. සුබ දවසක් !

- Ratings
- Reviews
- 0
- Subtitles
- 15
- Downloads
- 25.9K
- Readers' rating
- No reviews yet
Aspiring Full Stack Developer | Youtuber | Subtitle Contributer in Baiscope Sinhalen

Subtitles
- #Mr. Bachchan (2024) Sinhala Sub
- #Mr. Bachchan (2024) Sinhala Subtitles
- #Mr. Bachchan Sinhala Sub
- #Mr. Bachchan Sinhala Subtitles
1 comment
Salinda

මේකේ කොහොමද film එකක් download කරන්නේ,කලින් එක වගේ නෙවෙයිනේ ගොඩක් වෙනස්,පුලුවන්නම් කියල දෙන්න download කරන විදිය